රුසියානු යුද යාන්ත්‍රණයේ උපායන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    බයියන්ගේ දැනුම පොතට රුසියාවෙන් බිදක්


    රුසියානු යුද යාන්ත්‍රණයේ උපාය සෝවියට් යුගයේ සිට වෙනස් වෙලා නැති බව පේනවා.....

    සුප්‍රකට "කුර්ස්ක්" මහා සංග්‍රාමය කියන්නෙ දෙවනි ලෝක සංග්‍රාමයේ නැගෙනහිර බළ වලයේ සිදුවූ විශාලම සංග්‍රාම වලින් එකක්....ඒ වගේ ලෝක ඉතිහාසයේ යුද්ධ ටැංකි අති විශාල ප්‍රමාණයක් මුහුණට මුහුන ලා කරපු ලොකුම යුද්දය කියන්නත් පුළුවන්....

    ඒකෙදි ජර්මන් පෙරමුණේ අණ දීපු නිළධාරීන්ගෙන් කෙනෙක් තමයි ෆීල්ඩ් මාෂල් ගුන්තර් ෆොන් ක්ලූග කියන්නෙ.....එයා දිනපොතක් පාවිච්චි කරලා, ඒ දිනපොතේ තමා දකින සෝවියට් යුද යාන්ත්‍රණය ගැන විස්තර දිනපතා ලිව්වා... එහෙම එක දවසක ලියපු සුප්‍රකට ලියමනක් ආරම්භ වෙන්නෙ "ඩීස ටයිෆ්ලීෂ් මැෂීනා" හෙවත් ඉන්ග්‍රීසියෙන් කිව්වොත් "දිස් බීස්ට්ලි මැෂීන් " ( මේ මෘග යන්ත්‍රය ) කියලා....
    ඔහු ඒකෙ ලියනවා "දිගින් දිගටම සෝවියට් සෙබළුන්ගේ හිස් ගෙඩි කඳු ගැටයට පහළින් පෙණිනි....අපි මැෂීන් තුවක්කු ඇටවුම් ස්ථාන ( මැෂීන් ගන් නෙස්ට්ස් ) වල සිට වෙඩි තබමින් ඔවුන් කපා හෙළමින් සිටියෙමු....එහෙත් අප කොතෙක් වෙඩි තැබුවත්, කෙතරම් මළ කඳන් වලින් අපේ නෙත් මානය පිරී ගියත්, මේ බිහිසුණු යුද යන්ත්‍රයේ දැති රෝද බඳුවූ සෝවියට් සෙබළුන් දිගින් දිගටම නොකඩවා අප දෙසට එමින් සිටියහ.....මිනිසුන් සහ යන්ත්‍ර මුහුදක් ගිණියම් වී, ඒ ගින්නෙන් අපද දවාලමින් සිටියා....."...
    මේක තමයි කෙටියෙන්ම කියතොත් දෙවනි ලෝක සංග්‍රාමය පුරාවටම නැගෙනහිර පෙරමුණේ සෝවියට් යුද යාන්ත්‍රණයේ ප්‍රධාන උපක්‍රමය.....සේනා සහ වාහන අති විශාල ප්‍රමාණයක් සංග්‍රාමය භූමියට එවා, ඔවුන්ට කෙතරම් බිහිසුණු ඵල විපාක අත් වුනත්, කොහොම හෝ සතුරාගේ පොසිෂන්ස් ඕවර්-රන් කරන එක.....කැෂුවලිටීස් කොච්චර ආවත් ඒක ඔවුන්ට කවදාවත් ගාණක් තිබුනේ නෑ....
    මේ මිහිපිට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් මියගිහින් තියෙන්නෙ චීනය හැරුණාම, රුසියාව සම්බන්ධ වූ බාහිර සහ අභ්‍යන්තර යුද්ද වලින්....දෙවනි ලෝක සන්ග්‍රාමයේ මියගිය සෝවියට් රතු හමුදා සෙබළුන් ගණන කෝටියකට වැඩියි.....

    රාජ්‍යයක් හැටියට රුසියාව වැඩිපුරම විශ්වාසය තබන්නෙ යුද ටැංකිය, ආමඩ් රථය, කාළතුවක්කුව සහ රොකට් ප්‍රහාරක යන්ත්‍ර ගැන .... ඇමරිකාව ගුවන් බලය ගැනම විශ්වාසය තබන්නා වාගේම.....ඒ වගේම ඔවුන්ගේ යුද උපක්‍රමය තවමත් "ඕල්ඩ් ගාඩ්, ඕල්ඩ් ස්කූල්" .... පුළුවාන් තරම් ගින්න දෙසටම ගහගෙන ගහගෙන යන එක.....
    1997 වසරෙදි නිර්-රහස්‍ය ( ඩීක්ලැසිෆයි ) කරන ලද නේටෝ වාර්ථාවකට අනුව ශීතල යුද්දයේ උච්ඡතම අවස්ථාවෙදි යුරෝපියන් තියටරයේ, බටහිර යුරෝපයට එරෙහිව ඒකරාශී කරන ලද සෝවියට් රතු හමුදා සහ වෝර්සෝ සාමාජික ඛාණ්ඩයේ හමුදා භටයන් ගණන ලක්ෂ අසූවක්... ඒ කියන්නෙ මිලියන 8 ක්.... යුදටැංකි 40,000 - 60,000 ත් අතර, සහ සෙසු සන්නද්ධ වාහන ලක්ෂයකට වඩා ඒ සමඟ පෙළ ගස්වා තිබුණා......එය ඇමරිකාව නැතුව යුරෝපීය සාමාජිකයන් පමණක් ගත්තොත්, නේටෝ සන්විධානය සතු සමස්ථ ශක්තිය මෙන් හය ගුණයකට ආසන්නයි....
    ඔවුන්ගෙ එතනත් උපාය උනේ සමස්ථ යුරෝපයම එකතු උනත් ජයගන්න බැරි තරම් අතිදැවැන්ත මිලිටරි යාන්ත්‍රණයක් සූදානම් කරලා තියාගන්න එක.... ඒ කියන්නෙ අර පරණ උපායමයි... කොච්චර කැෂුවලිටීස් ආවත් කඩා බිඳගෙන, ගහගෙන ගහගෙන යන එක....
    අද මේ වෙද්දි කිලෝමීටර් 90 කටත් වඩා දිග සන්නද්ධ රථ පෙළක් යුක්‍රේනයේ කියෙව් අගනුවර දෙසට එන බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු කර තිබෙනව...ඔබ දන්නවා 1991 වසරෙදි කුවේටය සහ ඉරාකය අතර "හයිවේ 80 " නම් මහා මාර්ගයේ කුවේටය අතහැර පසුබසිමි සිටි වාහන 4000 කින් සමන්විත ඉරාක හමුදා සේනාවට ඇමරිකානු ගුවන් හමුදාව සහ යුද හමුදා හෙලිකොප්ටර් එල්ල කළ ප්‍රහාරය.... විවෘත කාන්තාරයේ එල්ල කළ එම ප්‍රහාරයෙන් ඉරාක සෙබළු 3000 ක් පමණ මියගොස්, වාහන 4,000 ක් ( යුද ටැංකි, සන්නද්ධ රථ ඇතුළුව ) පමණ ඒ පාර දිගටම අලු දූවිලි බවට පත්වුනා.... වාහන ඇතුළේ සෙබළුන් අඟුරු වෙලා ගිහින් තිබුණු විදිය අනුව ඒ පාරට කිව්වෙ "හයිවේ ඔෆ් ඩෙත්" කියලා, ඒ සිද්ධියෙන් පස්සෙ...
    එදා ඉඳන් ඕපන් ෆීල්ඩ් හෙවත් විවෘත ක්ෂේත්‍ර වල දීර්ඝ කොන්වෝයි යන්නෙ නෑ ලෝකයේ හමුදා, ඒ ඉරාක හමුදාවට වෙච්ච දෙයින් පාඩම් ඉගෙන ගෙන.....
    ඉතින් මෙහෙම උදාහරණ තදාසන්න අතීතයේ තියෙද්දිත්, මේ වගේ ඕපන් ෆීල්ඩ් එකක කොන්වෝයි යන එකෙන් තේරෙන්නෙ එක්කො රුසියාව තම ගුවන් ආරක්ෂණ හෝ රොකට් ආරක්ෂණ පද්ධති ගැන උපරිම විශ්වාසයෙන් ඉන්නා බවයි, නැත්නම් යුක්‍රේන අහසේ බලය තහවුරු කරගෙන ඇති බවයි, එහෙමත් නැත්නම් ඔය මුළු කොන්වෝයි එකටම සමතලා වෙන්න ගුවනින් හෝ මිසයිල මඟින් ගැහුවත්, ඔවුන්ගේ භටයන් කී දෙනෙක් මළත්, ඔවුන්ට කිසි ගාණක් නෑ, ඔවුන්ට ඕන ඉක්මණින් කියේව් වලට ගහන්න විතරයි කියන "පරණ සෝවියට් යුද උපායේම" තාමත් ඉන්නා බවයි....

    දමිත් කේතක
    https://www.facebook.com/LordDK82


    තර්මොබැරික් අවි

    ===========
    නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ කම්හල් වල තරම් ඔය කාළයේ විශාල අවි නිෂ්පාදනයක් මානව ඉතිහාසයේ වෙන කොහේවත් සිදුවුනේ නෑ....කොටින්ම ඔය අද ශ්‍රී ලංකාව සතු ආර්.එම්- 70 වර්ගයේ චෙකෝස්ලාවකියාවේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් ලෝන්චරයේම ලොකු මස්සිනා වර්ෂන් එකක් වන බී.එම් - 21 "ග්‍රාද්" කියන මල්ටි බැරල් රොකට් ලෝන්චරය අවිය 1963 - 1980 ත් අතරෙ 60,000 කට වඩා නිෂ්පාදනය කෙරුණා....එයින් දහස් ගණනක් තවමත් රුසියාවත්, රුසියාවට යාබද රටවලත් සක්‍රීය සේවයේ තියෙනවා...ලොව පුරාමත් තියෙනවා......"අයර්න් කර්ටන් " කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුව නැගෙනහිර යුරෝපය වසා දැමූ අයෝමය මිලිටරි දැළ....ඒත් බල්ටික් සිට කළු මුහුද තෙක් විහිදුණු මේ අවි කම්හල් කළාපයට කිව්වෙ "අයර්න් සෝන්ග්" ( යකඩ ගීතය ) කියලා....ඒ තරම් අවි කම්හල් ප්‍රමාණයක් සෝවියට් සංගමයේ ජනරජ එකතුවෙහි තිබුණා.....සෝවියට් සමූහාණ්ඩුව විසිරී ගියාට පස්සෙ ඒවයින් ඒවා හිමිවුණු රටවල් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා.....
    අද මේ වෙද්දි යුක්‍රේනය රුසියාවට චෝදනාවක් කළා තමන්ට එරෙහි සටනෙදි "තර්මොබැරික" අවි යොදාගන්නවාය කියලා....
    රුසියානු රොකට් විදින අවි අතරින්, අවි තුනක් තියෙනවා, බොහෝවිට සංග්‍රාම භූමියේදී "ත්‍රිත්වයක්" ලෙස ( "ට්‍රිනිටි ඩිප්ලෝයිමන්ට්" ) එකට යොදන....ඒ තුනට පැවරෙන්නෙ විශේෂිත රාජකාරී ....
    පළමුවැන්න තමයි "ග්‍රාද්".... අර කළින් කිව්ව බී.එම් - 21....පැවරෙන කාර්ය තමයි, සතුරු බළවලයේ ( එනිමි ලයින් ) සිදුරු සෑදීම......
    දෙවැන්න තමයි බී.එම් - 27 "යූරගන්".....මේකට පැවරෙන කාර්ය තමයි සතුරු බළවලයේ කිලෝමීටර් 70 - 100 ක් තරම් පිටුපස තියෙන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර, සතුරු ඉදිරි ආරක්ෂක වළල්ල වෙත එන සැපයුම්, සේවා සහ අතිරේක බළ ඇණි, පෙරමුණට එන්න පෙරම විනාශ කර දමන එක.... ඒ වගේම සතුරාගේ කමාන්ඩ් සෙන්ටර්ස් විනාශ කරන එක....කමාන්ඩ් සෙන්ටර්ස් ගොඩක් වෙලාවට තියෙන්නෙ ලොකු තියටර් එකක නම් සටන් පෙරමුණට කිලෝමීටර් 50, 60 ක් පිටුපස්සෙනෙ.....( මේ යූරගන් අවියේ ලෝඩර් එක තමයි රුසියානු න්‍යෂ්ඨික නොවන රොකට් බළකාය සතු ප්‍රබලම ට්‍රක් ලෝඩර් රථය .... )
    නමුත් රුසියාව සතු බිහිසුණුම රොකට් ප්‍රහාරකය මේ දෙකම නෙමෙයි....ඒකෙ නම තමයි "ටී.ඕ.එස් - 1 " හෙවත් "බුරතීනෝ " සහ එහි වැඩි දියුණු කරන ලද අවිය වන "සෝල්සපැක්" ....බුරතීනෝ කියන්නෙ රුසියන් ජනකථා වල "පිනෝකියෝට" කියන නම උනත්, මේ කථාවෙදි නම් මාරයාට නමක් තමයි කියන්න පුළුවන්.....ඇත්තටම යුක්‍රේනයට අද "තර්මොබැරික" අවි ප්‍රහාරයක් එල්ලවුනා නම්, ඒක එන්න සෑහෙන්න ඉඩක් තියෙන්නෙ මෙන්න මේ අවියෙන්.......
    තර්මොබැරික් උණ්ඩයක සහ සාමාන්‍ය රොකට් උණ්ඩයක වෙනස මොකක්ද?
    රොකට් වෙඩිල්ලක් ඉලක්කයට වැදුණාම පුපුරන්නේ එහි කුටීරයේ තිබෙන දහන ඉන්ධනය ගිනි දැල්වී, ඒත් සමඟම ගබඩා කර තිබෙන "ඔක්සිඩයිසර්" හෙවත් ඔක්සිකාරකයෙන් දහන පෝෂක ඔක්සිජන් ලබාගෙන.....රොකට් ප්‍රහාරයකදී ඔබ දකින ගිනි ජාලාව එන්නෙ මෙන්න මේ දහන ඉන්ධනය ගිනි දැල්වීම නිසා....එතකොට පිපිරීමේ ස්වභාවය, විශාලත්වය, ජ්වලනයේ උපරිම ඌෂ්ණත්වය වගේ දේවල් තීරණය වෙන්නෙ කොච්චර දාහක ඉන්ධන ඒකෙ ගබඩා කරලා තියෙනවද කියන එක මත....
    සාමාන්‍ය රොකට් උණ්ඩයක දාහක ඉන්ධනය තියෙන්නෙ 30% ක් වගේ... 65%ක්ම තියෙන්නෙ ඔක්සිකාරකය.....5% ක් වගේ තියෙන්නෙ ඒක තියෙන කුටීරයේ පීඩන කාරකය....
    නමුත්, මේ "තර්මොබැරික" උණ්ඩය කියන්නෙ එහෙම එකක් නෙමෙයි.....ඒකෙ 95% - 100% ක්ම තියෙන්නෙ දහන ඉන්ධනය....!....
    මෙවැනි උණ්ඩයකට කියන්නෙ "ද්විත්ව අදියර අවියක්" කියලා.... අදියර දෙක තමයි



    දමිත් කේතක
    https://www.facebook.com/LordDK82
    ------ Post added on Mar 1, 2022 at 11:14 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    1. රොකට් උණ්ඩය පුපුරා යා යුතු නිශ්චිත දුරකදී, ප්‍රවේගයකදී හෝ උසකදී එහි පළමු පිපිරුම සිදුවී, උණ්ඩයේ ආවරණය කැඩී විවෘත වෙනවා
    2. එසේ විවෘත වෙන ආවරණයෙන් අර දාහක ඉන්ධනය "එරොසෝල් " එහෙමත් නැත්නම් ද්‍රව බිඳිති වලාවක් ලෙස අවට පරිසරයට මුදාහැරෙනවා.....ඒත් සමඟම සිදුවන දෙවන පිපුරුම අන්න එසේ මුදාහැරුණු ඉන්ධන වළා පටලයට ගිනි දල්වනවා......ඒ ගින්න ක්ෂණිකව පෝෂණය වෙන්නෙ වෙන මොකකින් වත් නෙමෙයි.... ඒ අවට වාතයෙන්....!
    සෙල්සියස් අංශක 1000 - 1800 ත් තරම් ඌෂ්ණත්වයක තාපයක් පිටකරන විශාල ගිනි බෝලයක් අහසේ දැල්වීම තමයි මේකෙන් කෙරෙන්නෙ.....ඒත් සමඟ ඒ දහනයට පෝෂණය සපයන්න පිපිරුම සිදුවූ තැන ඔක්සිජන් වැයවීම නිසා විශාල රික්තකයක් නිර්මාණය වෙනවා.....ඒ රික්තකය පුරවන්න ඒ අවට කළාප වලින් වාතය ඇදී යනවා.... මේ අවිය පුපුරා නිමැවෙන ගිනි බෝලයෙන් කෙනෙක් බේරුණත්, ඒ තැනැත්තා ඉන්නෙ අර රික්තකය පුරවන්න වායුව වේගයෙන් ගලන ප්‍රදේශයක නම්, එයාගේ පෙනහළු දෙකේ තියෙන වාතයත් රික්තය දෙසට ඇදී ගොස්, එයාගෙ පෙනහළු ඇලී යාම ( ලන්ග් කලැප්ස් වගේ වචනයක් ඒක මතක නෑ ) සිදුවෙලා මිය යන්න පුළුවන් කියනවා.....මේ ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයන් කියන්නෙ මෙන්න මේ අන්තිමට කිව්ව එක සිදුවෙන්නෙ අර අවස්ථා සම්බන්ධයෙන්මයි කියලා පෙන්වන ක්ලැසිකල් රීසර්ච් නෑ කියලයි... කොහොම උනත් ඒක තමයි පොදු පිළිගැනීම....
    අන්න ඒක නිසයි මේ බෝම්බ වලට "වැකියුම් බොම්බ්ස් හෙවත් රික්තක බෝම්බ" කියන්නෙ
    බුරතීනෝ නංවා තිබෙන්නෙ ටී - 72 යුද්ධ ටැංකියක ධාවකය මත.....තප්පර 15 කින් රොකට් 30 ක් පමණ විදින්න මෙයට පුළුවන්....
    ඉතින් මේ යුද්දය ආරම්භ වූ මොහොතේ, හෙවත් පෙබරවාරි මස 24 වැනිදා උදෑසන, බෙලරූස් රාජ්‍යයේ සිට යුක්‍රේනයට පිවිසෙන දේශ සීමාවේ තියෙන "සේක වෙලොව්කා" කියන චෙක්පොයින්ට් එකේ අටවා තිබුණු කැමරාවක, යුක්‍රේනයට පිවිසෙන රුසියානු හමුදා වාහන අතරේ තිබී මෙන්න මේ "සොනොපියෝක් සෝල්සපැක්"" හෙවත් නවීකරණය කරන ලද බුරතීනෝ අවියක් සටහන් වෙලා තියෙනවා....ඒ කියන්නෙ ඊසාන දිගින් එයින් එක් අවියක් යුක්‍රේනයට ඇතුළු වී තිබෙනවා....
    ඊට අමතරව ගිණිකොන දිග යුක්‍රේනයේ "මරියපෝල්" කියන ප්‍රදේශයේදී තවත් කැමරාවක මෙයින් තවත් අවියක් රැකවල් මැද යන ආකාරය සටහන් වෙලා තියෙනවා....ඒක බොහෝවිට රුසියාවේ බෙල්ගොරෝද් කළාපයෙන් එන්න ඇති කියලා සැක කරනවා.....
    රුසියාව සතුව මෙයින් අවි 90 ක් පමණයි තියෙන්නෙ....දැන් මේ වෙලාවෙ දෙකක්ම යුක්‍රේනයේදී දැක තිබෙනවා.....මෙයින් එකකට පුළුවන් කුඩා නගරයක් එක පහරින් සම්පූර්ණයෙන්ම සමතලා කර දමන්න.....ඉතින් අද ආපු සමහර සේයාරූ සහ විඩියෝ වල දැක්කා යුක්‍රේන හමුදා වාහන වල සියල්ල දියවෙලා උණුවෙලා ගිහින්, චැසි පවා ඇඹරිලා මැදින් වෙන්වෙලා තියෙන හැටි....ඒ නම් ඉතින් බුරතීනෝ වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනවා....
    මේ අවිය තියෙන රුසියානු රසායනික සහ න්‍යෂ්ඨික බළකාය භාරයේ....කාළතුවක්කු හෝ රොකට් සේනාංක සතුව වත් නෙමෙයි තියෙන්නෙ....ඒකෙන් මේකෙ තරම හිතාගන්න පුළුවන්....
    යුද ඉතිහාසයේ ත්‍රස්තවාදීන්ට සහ නාසීන්ට අමතරව තර්මොබැරික අවි පාවිච්චි කරා කියල චෝදනා තියෙන්නෙ රටවල් දෙකකටයි. එකක් ඇමරිකා එක්සත් ජනපදය වියට්නාම් යුද්දයේදී සහ 2000 වසරේ ඇෆ්ගනිස්ථානයේ "තෝරා බෝරා" කඳුකරයේ සිටි අල් කයිඩා නායකයන් කිහිප දෙනෙක් මරා දමන්න එල්ල කළ ප්‍රහාරයකදී......අනිත් චෝදනාව රුසියාවට තියෙන්නෙ....ඒ 2003 වසරේදී චෙච්නියාවේ ග්‍රොස්නි අගනුවරට ප්‍රහාර එල්ල කරන්න මේ තර්මොබැරික අවි භාවිතා කරා කියලා.....
    මේ බුරතීනෝ වගේ අවියක් සිය "අර්ජුන් යුද්ධ ටැංකියේ" චැසිය සහ ධාවකය භාවිතා කරල හදන්න ඉන්දියාව 2005 දි උත්සාහ කළා.... ඒ ප්‍රොජෙක්ට් එකට නම දාලා තිබුණේ "මහා කාලී" කියලා....නමුත් සාර්ථක උනේ නෑ....
    ඉතින් මේ අවි තුනම ගැන තියෙන විඩියෝ පටයක් මම පහත පළවෙනි කමෙන්ටුවට අමුණනවා... ඒකත් බලන්න.... බුරතීනෝ කියන්නෙ යුද්ධ ටැංකි චැසියක් මත නංවා තියෙන චේන් ආධාරයෙන් දුවන කෙනා....
    ඉතින් මේ කියපු අවි තුනම ගැන තියෙන විඩියෝ දෙකක් මම පහත පළමු කමෙන්ටුවට අමුණනවා....ඒකත් බලන්න.....
    පළමු විඩියෝවේ තියෙන්නෙ බුරතීනෝ ගැන....
    දෙවනි විඩියෝවේ මුලින් ඉන්නෙ බුරතීනෝ....විනාඩි 5:20 සිට සුලු වෙලාවක් "ග්‍රාද්" තියෙනවා.... ඊටපස්සෙ තියෙන්නෙ "යුරගන්"...



    දමිත් කේතක
    https://www.facebook.com/LordDK82

    Buratino: https://www.youtube.com/watch?v=q91yFP9E9Yg
    All three Multiple Rocket Systems, Grad, Uragan and Buratino : https://www.youtube.com/watch?v=xGYLgQk5xDo&t=326s
    ------ Post added on Mar 1, 2022 at 11:15 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අයිවන් ද ටෙරිබල්ගේ සැබෑ අරමුන කුමක්ද
    උක් රයිනයෙන් නවතීද
    බයිඩන් යුරොපා සන්ගමය ලවා කොස් ඇට බාවයිද
    ජෝකරට කුමක් වෙයිද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අයිවන් ද ටෙරිබල්ගේ සැබෑ අරමුන කුමක්ද
    උක් රයිනයෙන් නවතීද
    බයිඩන් යුරොපා සන්ගමය ලවා කොස් ඇට බාවයිද
    ජෝකරට කුමක් වෙයිද
    ජෝකරයට නන් දැන් මලත් වීරයෙක් වෙලා මැරෙන්නෙ. බයිඩන් කාරය මොනවගේ නූල් සූත්තරයක් ඇදගෙනද මුන්ව අවුස්සල තියෙන්නෙ. කොහොමත් මුලින්ම කෙල වෙන්නෙ යුරෝපෙට තමා. දෙපැත්තට කෙල ගන්න ඇරල දෙවනිලෝකෙ යුද්දෙ වගේ ඇමරිකන්කාරය බහී අන්තිමටම ඕනි උනොත්.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියන් උන් යුද්ද කරන්නෙ කොහොමද කියල ඇහුවම උබලගෙන් @erozan @N A K A M U R A උඩබිම බලන්නෙ නැතුව මේව කියවල මතක තියාගෙන හිටපන්.
    අපෝ දිග වැඩි කියෙවුවෙ නැ, උබවත් ඕක කියෙවුවද පොන්නයො??🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෝ දිග වැඩි කියෙවුවෙ නැ, උබවත් ඕක කියෙවුවද පොන්නයො??🤣🤣🤣🤣


    pons meka diga wedi unata, ara ubage undiyal comment eka harima ketiyen thiyenne, awilla pahadili karapan.
     
    • Love
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අපෝ දිග වැඩි කියෙවුවෙ නැ, උබවත් ඕක කියෙවුවද පොන්නයො??🤣🤣🤣🤣
    කියවල තමා දැම්මෙ. හෑල්ලක් නෙවෙයි පොන්ස් කියවල බලපන්. ෆැක්ට්ස් තියෙන්නෙ උන්ගෙ යුධ යාන්ත්‍රණය ගැන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියවල තමා දැම්මෙ. හෑල්ලක් නෙවෙයි පොන්ස් කියවල බලපන්. ෆැක්ට්ස් තියෙන්නෙ උන්ගෙ යුධ යාන්ත්‍රණය ගැන.
    ඕන නැ ගහන ව්දිහකට පුටින් ගහ ගනි අපෙන් උපදෙස් ඉල්ලල නැනෙ 🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕන නැ ගහන ව්දිහකට පුටින් ගහ ගනි අපෙන් උපදෙස් ඉල්ලල නැනෙ 🤣🤣

    undiyal karahama salli walata wenne monada nodanna thogen mona advise da ponnyo
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඕන නැ ගහන ව්දිහකට පුටින් ගහ ගනි අපෙන් උපදෙස් ඉල්ලල නැනෙ 🤣🤣

    සිරාවට එහෙම ඉල්ලවත් නැතුවද උබ මේ දිවා රෑ දෙකේ පුක ඉරාගෙන උට සපෝට් කරන්නෙ. ඉදකින් පොන්ස්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට එහෙම ඉල්ලවත් නැතුවද උබ මේ දිවා රෑ දෙකේ පුක ඉරාගෙන උට සපෝට් කරන්නෙ. ඉදකින් පොන්ස්.
    උබ හිතන් උන්නෙ අපෙන් උපදෙස් ඉල්ල කියලද පොන්නයො???උබට පොන්නය කියන්නෙ නිකන්ද අපි, ගස් ගොනා.🤭🤭🤭🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    උබ හිතන් උන්නෙ අපෙන් උපදෙස් ඉල්ල කියලද පොන්නයො???උබට පොන්නය කියන්නෙ නිකන්ද අපි, ගස් ගොනා.🤭🤭🤭🤣
    එහෙම ඉල්ලවත් නැතුවද උබ මේ දිවා රෑ දෙකේ පුක ඉරාගෙන උට සපෝට් කරන්නෙ. ඉදකින් පොන්ස්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හිතන් උන්නෙ අපෙන් උපදෙස් ඉල්ල කියලද පොන්නයො???උබට පොන්නය කියන්නෙ නිකන්ද අපි, ගස් ගොනා.🤭🤭🤭🤣

    ගස් ගොනා undiyal karahama salli walata wenne monada.

    ponnaya kata uththara ne, lejja nedda ponnayo. dan mulu kiriyama dannawa uba hena amu gon Harakek kiyala
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ වියරු වැටිලා ඉන්නෙ. උඹ දාන කමෙන්ට් 10ක් ගත්තොත් අටක්ම තිත්ත කුණුහරුප.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    කියවල තමා දැම්මෙ. හෑල්ලක් නෙවෙයි පොන්ස් කියවල බලපන්. ෆැක්ට්ස් තියෙන්නෙ උන්ගෙ යුධ යාන්ත්‍රණය ගැන.
    1. දවස් ගානක් කියන්න හිතුනත් කිව්වෙ නෑ. මේක මේ උබේම ත්‍රෙඩ් එකක් නිසා කියන්නම්.
    2. ඔය අපතය දෙයක් තේරුම් ගන්න නෙමේ එන්නෙ. ඒ නිසා ඌට තේරුම් කරන ඌට උගන්නන්න හදන ගොන් වැඩේ නවත්තපන්.
    3. උබ ඌට දෙයක් තේරුම් කරද්දි මට තියෙන රුදාව මොකද්ද අහනව නම් ඒකට උත්තරේ උන්ව ඉග්නෝර් ලිස්ට් දාල තියෙන්නෙ. එතකොට අලුත් එලකිරියෙ අප්ඩේට් එකෙන් පස්සෙ ඉග්නෝර් ලිස්ට් ඉන්න උන්ගෙ ත්‍රෙඩ් වත් කමෙන්ට් වත් ලිස්ට් වෙන්නෙවත් නෑ. අඩුම ගානෙ උන්ගෙ කමෙන්ට් හයිඩ් උනාද කියන්නවත් දන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අයින් වෙනව .සරලව කියනව නම් මට 9 වෙනි කමෙන්ට එකට පස්සෙ පේන්නෙ ආයිත් 12. 10,11 සම්පූර්ණයෙන්ම තිබ්බද හොයාගන්නවත් බෑ.

    ZTf8dK6.png


    4. දැන් උබ මූ කෝට් කලාම මොකද වෙන්නෙ උගේ කම්න්ට් එකක් ඉග්නෝර් උනා කියල පේනව. ඒ මදිවට උගේ නෙගටිව් වයිබ් එකට උබ දාන නෙගටිව් වයිබ් එකත් පේනව.

    riw7IbJ.png


    අපි මේකට එන්නෙ දෙයක් කියවල බලල ඉගෙන ගන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්නනෙ.

    5. දැන් මේකට තියෙන විසදුම මොකද්ද.
    a. උබෙන් ඉල්ලීමක් කරන එක. දැන් මේ එක තමා කලේ.​
    b. උබවත් ignore list දාන එක. (හැබැ‍යි වැදගත් දේවල් ශෙයා කරන උබව ignore list දාන එක පාඩුයි)​
    තවත් මෙම්බර්ස්ල වැඩි පිරිසක් දේශපාලන වහල්ලු quote කරනවා නම් උන්ගෙන් මෙහෙම ඉල්ලිම් කරන්න බෑ. හැම එකාම ignore ලිස්ට් දාල බලන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ අනික මේ කමෙන්ට් කියවෙ එක අප්පිරිය වැඩක්. දැන් අපේ වයසත් එක්ක දේශපාලන වහල්ලු අප්පිරිය මට්ටමේ උපරිමේ තියෙන්නෙ..
    c. එලකිරිය අත අරින එක​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    1. දවස් ගානක් කියන්න හිතුනත් කිව්වෙ නෑ. මේක මේ උබේම ත්‍රෙඩ් එකක් නිසා කියන්නම්.
    2. ඔය අපතය දෙයක් තේරුම් ගන්න නෙමේ එන්නෙ. ඒ නිසා ඌට තේරුම් කරන ඌට උගන්නන්න හදන ගොන් වැඩේ නවත්තපන්.
    3. උබ ඌට දෙයක් තේරුම් කරද්දි මට තියෙන රුදාව මොකද්ද අහනව නම් ඒකට උත්තරේ උන්ව ඉග්නෝර් ලිස්ට් දාල තියෙන්නෙ. එතකොට අලුත් එලකිරියෙ අප්ඩේට් එකෙන් පස්සෙ ඉග්නෝර් ලිස්ට් ඉන්න උන්ගෙ ත්‍රෙඩ් වත් කමෙන්ට් වත් ලිස්ට් වෙන්නෙවත් නෑ. අඩුම ගානෙ උන්ගෙ කමෙන්ට් හයිඩ් උනාද කියන්නවත් දන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අයින් වෙනව .සරලව කියනව නම් මට 9 වෙනි කමෙන්ට එකට පස්සෙ පේන්නෙ ආයිත් 12. 10,11 සම්පූර්ණයෙන්ම තිබ්බද හොයාගන්නවත් බෑ.

    ZTf8dK6.png


    4. දැන් උබ මූ කෝට් කලාම මොකද වෙන්නෙ උගේ කම්න්ට් එකක් ඉග්නෝර් උනා කියල පේනව. ඒ මදිවට උගේ නෙගටිව් වයිබ් එකට උබ දාන නෙගටිව් වයිබ් එකත් පේනව.

    riw7IbJ.png


    අපි මේකට එන්නෙ දෙයක් කියවල බලල ඉගෙන ගන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්නනෙ.

    5. දැන් මේකට තියෙන විසදුම මොකද්ද.
    a. උබෙන් ඉල්ලීමක් කරන එක. දැන් මේ එක තමා කලේ.​
    b. උබවත් ignore list දාන එක. (හැබැ‍යි වැදගත් දේවල් ශෙයා කරන උබව ignore list දාන එක පාඩුයි)​
    තවත් මෙම්බර්ස්ල වැඩි පිරිසක් දේශපාලන වහල්ලු quote කරනවා නම් උන්ගෙන් මෙහෙම ඉල්ලිම් කරන්න බෑ. හැම එකාම ignore ලිස්ට් දාල බලන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ අනික මේ කමෙන්ට් කියවෙ එක අප්පිරිය වැඩක්. දැන් අපේ වයසත් එක්ක දේශපාලන වහල්ලු අප්පිරිය මට්ටමේ උපරිමේ තියෙන්නෙ..
    c. එලකිරිය අත අරින එක​
    සොරි බොක්ක. ඕකගෙන් මම නන් ගන්නෙ ආතල් එකක් ඒත් ඒකෙන් වෙන කාට හරි කරදරයක් නන් මම ඕකව කෝට් කරන්න කලින් දෙපාරක් හිතල බලන්නන්. :love::love:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    undiyal karahama salli walata wenne monada nodanna thogen mona advise da ponnyo

    වැඩක් නෑ ඌ කෝට් කරන්නේ @හෙළයෙක් විතරයි. මිනිහා ඔය ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ. පවු අසරනයා. :lol: :lol::lol: