රුසියානු ලුහුබදින්නා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු ලුහුබදින්නා

    fYSaqej.png

    රුසියාවේ මිකොයාන් ගුවන් යානා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඔවුන්ගේ නවතම ප්‍රහාරක ගුවන් යානය ගැන පසුගියදා අදහස් දක්වන ලදි.මිග්-41 නමින් හඳුන්වන මෙම යානය මීග්-31 ප්‍රහාරක යානයේ අනුප්‍රාප්තිකයා වනු ඇත.මීග්-41 යානය අභ්‍යාවකාශයේ පියාසර කිරීම,පැයට සැතපුම් 2,800 දක්වා වේගයක්,ලේසර් අවි ආදී හැකියාවන්ගේ සහ අවිවලින් සමන්විත වේවි.මෙම අනාවැකි කෙසේ වෙතත් මිග්-41 යානය 2035-2040 යන කාලය තෙක් සූදානම් නොවනු ඇත.ඒ අනුව 2030 දශකය තෙක් රුසියානු ගුවන් හමුදාවේ ප්‍රධාන අතුරුවාරකයා වන්නේ මිග්-31 යානයයි.

    මිග්-31යානයේ හැකියාවන් මොනවාදැයි සොයා බලමු.



    මිග්-31 යානය නේටෝ සංවිධානය හඳුන්වන්නේ ෆොක්ස් හවුන්ඩ් යන නමින්ය.එය 1975 වර්ෂයේදී පළමුවරට ගුවනට නැඟුණු අතර මිග්-25 යානය වෙනුවෙන් සේවයේ යෙදවිණි.

    z4jlJnu.jpg





    මිග්-31, interceptor ගණයට වැටෙන යුද ගුවන් යානයකි.එම නිසා එය ගුවන් සටන් හෙවත් සඳහා සුදුසු නොවේ.ඊට පැවරී තිබෙන කාර්යය වන්නේ රුසියානු දේශසීමා සතුරු බෝම්බ හෙළන යානාවලින් රැක ගැනීමත් එම යානා පසු පස හඹා ගොස් විනාශ කිරීමත්ය.

    sfr875K.jpg





    මිග්-25 මෙන් නොව මිග්-31 යානයේ පසුපස අසුනක් තිබේ.සස්ලන් නම් රේඩාර් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය නිලධාරියාට එම අසුන වෙන් කර තිබේ.Zaslon S-800 යනු Passive Electronically Scanned Array වර්ගයේ රේඩාර් පද්ධතියකි.එමගින් සැතපුම් 125ක උපරිම පරාසයක් තුල පහළින් පියාසර කරන බෝම්බ හෙළන යානා අනාවරණය කර ගත හැකිය.

    2ug8FV4.jpg






    මිග්-31 යානය ගුවන් ගත කිරීමට අඩි 3,900ක් දුරක් ධාවනය කිරීමට අවශ්‍ය වේ.

    Hb0rIVd.jpg






    යානය සතුව Tumanski R-15BD-300 ටර්බෝජෙට් දෙකක් තිබේ.ඒවා යොදාගෙන මිනිත්තු 8ක් තුල අඩි 34,000ක් දුර ගමන් කල හැකිය.

    gfRhJ8k.jpg





    මෙහි නවතම සංස්කරණය වන්නේ MiG-31BM යානයයි.සැතපුම් 200ක පරාසයක් සහිත Zaslon-M රේඩාර් පද්ධතියක් සහ R-33 වැනි දිගු දුර ගුවන්-ගුවන් මිසයිල සහ තවත් අවි එම යානය සතුවේ.​

    aFyrJxS.jpg





    මිනිත්තු නමයක කාලයක් තුල මිග්-31 යානයට අඩි 65,000ක් උසට නැගීමට හැකිය.වායුගෝලයේ දෙවන ස්ථරය වන අපරිවර්තී ගෝලය ආරම්භ වන්නේ 59,000 උසකිනි.​

    Y8mcs8A.jpg






    යානයේ උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් 3 ගුණයකි.පහළ උසකදී එයට ශබ්දයේ වේගය මෙන් 1.23 වේගයකින් පියාසර කල හැකිය.

    QymrT0w.jpg






    මෙම යානය "Mach 3 monster"නමින් හඳුන්වන්නේ මේ නිසාය.

    m74M71E.jpg





    සුප්‍රසිද්ධ ඇමෙරිකානු උච්ච-උන්නතාංශ ඔත්තු බැලීමේ යානයක් වන SR-71 යානා,අවස්ථා ගණනාවකදී හඹා යන්නට මිග්-31 යානා ක්‍රියා කර තිබේ.වරක් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට යානයක් අඟුලු දැමීමට තමන්ට හැකිවූයේ යැ‍යි රුසියානු නියමුවෙක් පවසා තිබේ.​

    PJtuRo3.jpg





    ෆොක්ස් හවුන්ඩ් යානයේ ප්‍රධාන අවිය R-33 නම් දිගු දුර මිසයිලයයි.එකවර ඉලක්ක 4ක් අගුලු දැමිමේ හැකියාවක් එය සතුය.යානයට R-40TD-1 දිගු දුර මිසයිල 4ක්,R-60MK මැදි දුර මිසයිල 2ක් සහ කෙටි දුර මිසයිල 4ක් ගෙන යා හැකිය.ඊට අමතරව මි.මී.23 9-A-768 තුවක්කුවක්ද තිබේ.

    JOZ8Qfw.jpg






    1989 වර්ෂයේදී හඳුන්වා දුන් Mig-31DZ යානය උඩුගුවනේදී ඉන්ධන ලබාගත හැකි පළමු මිග්-31 සංස්කරණයයි.

    Fv1nrut.jpg






    මිග්-31 යානයක් ගොඩබැස්සවීමට අඩි 2,600 දිග ධාවන පථයක් අවශ්‍ය වේ.

    nVbid1a.jpg





    රුසියාව සතුව මිග්-31 යානා 252ක් තිබේ.2020 වන විට මිග්-31එම් සහ මිග්-31බීඑස් එම් යානා100 නිපදවන්නට සැලසුම් කර තිබේ.​

    Bx32ESW.jpg






    මිග්-31 හි අනුප්‍රාප්තිකයා වන මිග්-41 යානය 2030 දශකයේදී පමණ සේවයට එක්වීමට නියමිතය.

    ACfC3Sv.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පට්ට :cool: +12

    මේ ටිකේම හොඳ ත්‍රෙඩ් සෑහෙන වැටිලා තියෙනවා දැක්කා උඹෙන් :love: සෑහෙන මහන්සිවෙනවා වගේ

    :angry::angry::angry:

    මදැයි මම පළවෙනි කමෙන්ට් එක දාන්න හැදුවා
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හැමදාමත් වගේ සුපිරි නූලක් මචෝ...:cool:
    එක හුස්මටම කියවගෙන ගියා.
    11.gif


    සලකන්න නම් බෑලු මචන්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්. දන්න තරමින් මුලින්ම මිකනිකලි ස්කෑන් නොවෙන රේඩාර් එකක් ප්ලේන් එකක පාවිච්චි කලේ ඕකෙ (ඕකෙ කිව්වට MIG25) එකේ. ඒ කාලෙ ඇමරිකන් කාරයො ගාවවත් එකක් තිබ්බෙ නෑ දන්න තරමින්. :yes: