රුසියානු ෂටල වැඩසටහනේ නොදුටු සේයාරූ
අභ්‍යාවකාශ ෂටල කිව්වාම බොහෝදෙනෙකුට මතක්වන්නේ එක්සත් ජනපදයේ ෂටල ව්යාපෘතියනේ.ඒත් සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර ඔවුන්ද අභ්‍යාවකාශ ෂටල වැඩසටහනක් අත්හදා බලමින් සිටිබව දන්නවාද.නමුත් සෝවියට් දේශය බිද වැටිම සහ වැඩසටහනට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට රුසියාවට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් 1993 වසරේදී මෙම ෂටල ව්‍යාපෘතිය අතහැර දමන ලදි.සෝවියට් දේශයේ බුරාන් ෂටලය එවකට ඇමෙරිකානුවන් භාවිතා කල ෂටල යානාවලට සමාන විය.බුරාන් ෂටලය මිනිසෙක් නොමැතිව 1988 වසරේදී පර්යේෂණ ගමනක් සිදුකර තිබේ.ඊට ටොන් 200ක් පෘතුවි කක්ෂයට ගෙන යාමට හැකියාව තිබිණි.
එක්සත් ජනපදයේ කොලොම්බියා ෂටලය සහ සෝවියට් දේශයේ බුරාන් ෂටලය බාහිර ස්වරූපයෙන් සමානකම් පෙන්වයි.සෝවියට් ඔත්තුකරුවන් එක්සත් ජනපදයේ ෂටල සැලසුම්වල මුල් කාලීන පිටපත් පමණක් අනාවරණය කරගෙන තිබෙන බවට මෙය සාක්ෂියකි.බුරාන් ෂටලය සතුව ස්වයංක්‍රීයව ගොඩබැසීමේ හැකියාවක් තිබී ඇත.1988 වසරේ පර්යේෂණ ගමනේදී එය මිනිසෙක් නොමැතිව සාර්ථකව පෘතුවියට ගොඩ බැස තිබේ.
ඇමෙරිකානු ෂටලයන් දියත් කරන පද්ධතිය සහ ක්‍රමවේදයන්ට වඩා සෝවියට් ක්‍රමය ඉක්මන් බව කියවේ.
බුරාන් ෂටලයට අමතරව බයිකල් නමින් තවත් ෂටලයක් සෝවියට් දේශය විසින් නිර්මාණය කල බව කියවේ.මෙය 1992 වසර වන තෙක් රහසක්ව තිබුණි.බයිකල් ෂටලයේ මුල් ගමන සැලසුම් කර තිබුණේ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යෑමටයි.නමුත් තාක්ෂණික ගැටලු නිසා කි.මී. 100 දුරට ගොස් එය යළි සාර්ථකව පොළොවට පැමිණියේ මිනිත්තු 22ක ගමන නිමා කරමින්ය.
1993 වසරේදී මෙම ෂටල වැඩසටහන අතහැර දමන ලදි.මූල්‍ය ආධාර කපා හැරීම ඊට හේතුවන්නට ඇති.සමහරෙක් කියන්නේ ව්‍යාපෘතිය සාර්ථක නොවූ නිසා එය අතහැර දැමූබවයි.2003 වසරේදී ෂටල ව්‍යාපෘතිය පුනරුත්ථාපනය කරන්නට යන බවක් වාර්තා විය.නමුත් 2011 වසරේදි එක්සත් ජනපදයද ඔවුන්ගේ ෂටල ව්‍යාපෘතිය අවසන් කරන ලද්දේ වැයවන අධික වියදම නිසාය.සෝවියට් ෂටලවල කොටස් පසු කාලයේදී විනාශ කරන්නට හෝ විකුණා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සෝවියට් ෂටල ව්‍යාපෘතියට ඇ.ඩො. බිලියන 16-17 අතර මුදලක් වැයවන්නට ඇතැයි කියවේ.
Source:Darkroastedblend.com
-HrashaLulzSec-

පහත දක්වා තිබෙන්නේ සෝවියට් ෂටල වැඩසටහනේ දුර්ලභ ඡායාරූප කිහිපයකි.
එක්සත් ජනපදයේ කොලොම්බියා ෂටලය සහ සෝවියට් දේශයේ බුරාන් ෂටලය බාහිර ස්වරූපයෙන් සමානකම් පෙන්වයි.සෝවියට් ඔත්තුකරුවන් එක්සත් ජනපදයේ ෂටල සැලසුම්වල මුල් කාලීන පිටපත් පමණක් අනාවරණය කරගෙන තිබෙන බවට මෙය සාක්ෂියකි.බුරාන් ෂටලය සතුව ස්වයංක්‍රීයව ගොඩබැසීමේ හැකියාවක් තිබී ඇත.1988 වසරේ පර්යේෂණ ගමනේදී එය මිනිසෙක් නොමැතිව සාර්ථකව පෘතුවියට ගොඩ බැස තිබේ.
බුරාන් ෂටලය ඇන්ටනොව් 225 යානයක් මත ගෙන යන අයුරු
ගුවන් යානයේ නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලය
ෂටලයේ සමීප දර්ශන කිහිපයක්
බුරාන් ෂටලයේ නියමු කුටිය
මුල් කාලීන සෝවියට් අභ්‍යාවකාශ ෂටල සැලසුම්
බුරාන් ෂටලයට සමාන මුල් කාලීන ආකෘතියක්
රුසියානු සඟරාවක තිබූ විවිධාකාරයේ ෂටල ආකෘති,සමහරක් ඒ සමයේ ඇමෙරිකානු අදහස්වලට සමානය.
ෂටලය ගුවන් ගත කිරීමේ පද්ධතිය සකසන අයුරු
බුරාන් ෂටලය සහ අනෙකුත් රොකට් දුම්රිය මාර්ග ඔස්සේ රැගෙන එන අයුරු
ඇමෙරිකානු ෂටලයන් දියත් කරන පද්ධතිය සහ ක්‍රමවේදයන්ට වඩා සෝවියට් ක්‍රමය ඉක්මන් බව කියවේ.
බයිකල් ෂටලය - සත්‍යයක්ද?
බුරාන් ෂටලයට අමතරව බයිකල් නමින් තවත් ෂටලයක් සෝවියට් දේශය විසින් නිර්මාණය කල බව කියවේ.මෙය 1992 වසර වන තෙක් රහසක්ව තිබුණි.බයිකල් ෂටලයේ මුල් ගමන සැලසුම් කර තිබුණේ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යෑමටයි.නමුත් තාක්ෂණික ගැටලු නිසා කි.මී. 100 දුරට ගොස් එය යළි සාර්ථකව පොළොවට පැමිණියේ මිනිත්තු 22ක ගමන නිමා කරමින්ය.
ෂටල වැඩසටහනේ අවසානය

Last edited: