රුසියානු ෂටල වැඩසටහනේ නොදුටු සේයාරූ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු ෂටල වැඩසටහනේ නොදුටු සේයාරූ

    5rDCQSP.jpg

    අභ්‍යාවකාශ ෂටල කිව්වාම බොහෝදෙනෙකුට මතක්වන්නේ එක්සත් ජනපදයේ ෂටල ව්‍යාපෘතියනේ.ඒත් සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර ඔවුන්ද අභ්‍යාවකාශ ෂටල වැඩසටහනක් අත්හදා බලමින් සිටිබව දන්නවාද.නමුත් සෝවියට් දේශය බිද වැටිම සහ වැඩසටහනට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට රුසියාවට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් 1993 වසරේදී මෙම ෂටල ව්‍යාපෘතිය අතහැර දමන ලදි.සෝවියට් දේශයේ බුරාන් ෂටලය එවකට ඇමෙරිකානුවන් භාවිතා කල ෂටල යානාවලට සමාන විය.බුරාන් ෂටලය මිනිසෙක් නොමැතිව 1988 වසරේදී පර්යේෂණ ගමනක් සිදුකර තිබේ.ඊට ටොන් 200ක් පෘතුවි කක්ෂයට ගෙන යාමට හැකියාව තිබිණි.


    පහත දක්වා තිබෙන්නේ සෝවියට් ෂටල වැඩසටහනේ දුර්ලභ ඡායාරූප කිහිපයකි.


    zCDK3wY.jpg


    GHGyiqa.jpg


    96nbJpA.jpg


    XTEScSF.jpg



    එක්සත් ජනපදයේ කොලොම්බියා ෂටලය සහ සෝවියට් දේශයේ බුරාන් ෂටලය බාහිර ස්වරූපයෙන් සමානකම් පෙන්වයි.සෝවියට් ඔත්තුකරුවන් එක්සත් ජනපදයේ ෂටල සැලසුම්වල මුල් කාලීන පිටපත් පමණක් අනාවරණය කරගෙන තිබෙන බවට මෙය සාක්ෂියකි.බුරාන් ෂටලය සතුව ස්වයංක්‍රීයව ගොඩබැසීමේ හැකියාවක් තිබී ඇත.1988 වසරේ පර්යේෂණ ගමනේදී එය මිනිසෙක් නොමැතිව සාර්ථකව පෘතුවියට ගොඩ බැස තිබේ.


    බුරාන් ෂටලය ඇන්ටනොව් 225 යානයක් මත ගෙන යන අයුරු

    5Y9VK0P.jpg


    qIlTx7D.jpg


    OwDzDcc.jpg


    WKauDpC.jpg


    Oo0rZSs.jpg


    G3JmvSD.jpg


    poGNnJa.jpg


    nsscvYw.jpg


    k9dmyZ9.jpg


    uSINURk.jpg



    ගුවන් යානයේ නියමුවන් ඇතුලු කාර්‍ය මණ්ඩලය

    6vMA3pi.jpg




    ෂටලයේ සමීප දර්ශන කිහිපයක්

    YrF6uRZ.jpg


    VLeTx1A.jpg


    E8DjfEl.jpg


    BClUGyU.jpg


    cGRZGyX.jpg




    බුරාන් ෂටලයේ නියමු කුටිය

    AeGP4at.jpg


    ek92xeF.jpg


    MX0Xnnr.jpg




    මුල් කාලීන සෝවියට් අභ්‍යාවකාශ ෂටල සැලසුම්

    jqqMe8k.jpg


    F8wnp3c.jpg



    බුරාන් ෂටලයට සමාන මුල් කාලීන ආකෘතියක්

    FuMNkZ4.jpg




    රුසියානු සඟරාවක තිබූ විවිධාකාරයේ ෂටල ආකෘති,සමහරක් ඒ සමයේ ඇමෙරිකානු අදහස්වලට සමානය.


    eTJppZe.jpg




    ෂටලය ගුවන් ගත කිරීමේ පද්ධතිය සකසන අයුරු

    pR9udVV.jpg


    cMGsiBd.jpg


    4x4LSKa.jpg


    1ztc24I.jpg


    9TsNZir.jpg



    බුරාන් ෂටලය සහ අනෙකුත් රොකට් දුම්රිය මාර්ග ඔස්සේ රැගෙන එන අයුරු

    TDCSR94.jpg


    mmYuqo7.jpg


    S40NWP1.jpg


    eG8v3Hf.jpg


    L9cNh2t.jpg


    TcsofSD.jpg





    ඇමෙරිකානු ෂටලයන් දියත් කරන පද්ධතිය සහ ක්‍රමවේදයන්ට වඩා සෝවියට් ක්‍රමය ඉක්මන් බව කියවේ.

    suwRWUj.jpg


    zkMeVWz.jpg




    බයිකල් ෂටලය - සත්‍යයක්ද?

    බුරාන් ෂටලයට අමතරව බයිකල් නමින් තවත් ෂටලයක් සෝවියට් දේශය විසින් නිර්මාණය කල බව කියවේ.මෙය 1992 වසර වන තෙක් රහසක්ව තිබුණි.බයිකල් ෂටලයේ මුල් ගමන සැලසුම් කර තිබුණේ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යෑමටයි.නමුත් තාක්ෂණික ගැටලු නිසා කි.මී. 100 දුරට ගොස් එය යළි සාර්ථකව පොළොවට පැමිණියේ මිනිත්තු 22ක ගමන නිමා කරමින්ය.

    g09Q1Xw.jpg


    MzvqQfa.jpg


    lfvVIfp.jpg


    weX2Bps.jpg


    pzVgZhK.jpg




    ෂටල වැඩසටහනේ අවසානය

    1993 වසරේදී මෙම ෂටල වැඩසටහන අතහැර දමන ලදි.මූල්‍ය ආධාර කපා හැරීම ඊට හේතුවන්නට ඇති.සමහරෙක් කියන්නේ ව්‍යාපෘතිය සාර්ථක නොවූ නිසා එය අතහැර දැමූබවයි.2003 වසරේදී ෂටල ව්‍යාපෘතිය පුනරුත්ථාපනය කරන්නට යන බවක් වාර්තා විය.නමුත් 2011 වසරේදි එක්සත් ජනපදයද ඔවුන්ගේ ෂටල ව්‍යාපෘතිය අවසන් කරන ලද්දේ වැයවන අධික වියදම නිසාය.සෝවියට් ෂටලවල කොටස් පසු කාලයේදී විනාශ කරන්නට හෝ විකුණා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සෝවියට් ෂටල ව්‍යාපෘතියට ඇ.ඩො. බිලියන 16-17 අතර මුදලක් වැයවන්නට ඇතැයි කියවේ.

    IXy7BiB.jpg


    LdwfiTd.jpg


    GTVEQXN.jpg


    WK3UojH.jpg


    XB4SehL.jpg





    Source:Darkroastedblend.com

    -HrashaLulzSec-
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොනව වුනත් රුසියන් කාරයො පට්ට වැඩ්ඩො බන්...:shocked:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    හොද ලිපියක් , ඇමෙරිකන් කාරයොත් Atlantis එකෙන් පස්සේ shuttle ව්‍යාපෘතිය විශ්‍රාම යැව්වා ...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බූරාන් එක liquid fuel boosters වලින් වැඩ කරන්නෙ.. හදන්න පට්ට අමාරුයි ඒත් මොනව හරි උනොත් මගදි boosters shutdown කරන්න පුලුවන්..
    අනික ඕක 100% automated system එකක්. මිනිස්සු නැතුව ගිහින් ආයෙ ඇවිත් සාමාන්‍ය ප්ලේන් එකක් වගේ ලෑන්ඩ් කරන්න පුලුවන්. මේ ඔක්කොම කිසිම මිනිහෙක් නැතුව.
    ඇමරිකන් shuttle program එකට වඩා 10 ගුණයක් advanced.

    ඕක නවත්තන්න හේතුව තමයි සෝවියට් දේශය බිඳ වැටෙනකොට ඔය program එකේ ලොක්ක සෝවියට් දේශය බිඳවැටෙනවට විරුද්ධව යෙල්සින් කියන කැරියට විරුද්ධව වැඩ කරපු එක.

    සෝවියට් දේශය විනාශ උනාට පස්සෙ රුසියාවෙ ජනාධිපති උනේ යෙල්සින්.
    ඌ අර පොර එක්ක තිබ්බ තරහට බූරාන් program එක නැවැත්තුව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එල මචන්,, මේ වගේ සුපිරි ත්‍රෙඩ් දැක්කේ කාලෙකින්,,,දිගටම දාපන්, අපි අසාවෙන් බලන්නේ උඹේ ත්‍රෙඩ්.

    තාමත් rep දෙන්න බැලු...