රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලංකාව

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලංකාව

    Russia_SriLanka_agree_on_first_deployment_of_weapons_in_outer_space_20131002_06p1.jpg

    අනාගතයේදී රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලෙස ලංකාව හඳුනාගන ඇතැයි කේජිබී ඔත්තු සේවාව විසින් රුසියානු රජයට දන්වා තිබේ.

    රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ තරණයට සැරසීමත් සමඟ මෙම තර්ජනය දෙගුණ තෙගුණ වී ඇති බවයි එම රහසිගත වාර්තාවෙන් දන්වා ඇත්තේ.

    ඒ අනුව ලංකාව සමඟ සුහද ගිවිසුමක් ගසා මෙය ගොඩින් බේරාගත යුතු බවත්, එසේ නොමැතිව යම් හෙයකින් ලංකාව විසින් පසුගියදා කක්ෂ ගත කරන ලද සුපිරීම් සැට් චන්ද්‍රිකාවේ මල්ටිබැරල් අවි රැඳවීමක් සිදු කළහොත් එය රුසියාවට පමණක් නොව මුළු ලෝකයටම තර්ජනයක් වියහැකි බව එහි ඉහල බලධාරීන් ඒකමතික සම්මුතියකට එළඹ තිබේ.

    රාවණා රජුගේ නැඟිටීමක් ලඟදීම සිදුවන බවට ලංකාවේ බොහෝ දෙනා විශ්වාස කරන නිසා එවැන්නක් සිදුවුවහොත් රාවණාගේ සහයද "රොකට් රෝහිත" මහතාට :lol: ලැබෙන නිසා එමඟින් රුසියාවේ ඔත්තු බලන චන්ද්‍රිකා වලට සිදුවිය හැකි අනතුරද රුසියාව විසින් සැලකිල්ලට ගෙන තිබේ.

    ඒ අනුව රුසියාවේ බලවත් පෙරැත්ත කිරීම මත අභ්‍යාවකාශයේදී ප්‍රහාරක අවි භාවිතා නොකරන බවට ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගිය පිරිසට අකමැත්තෙන් හෝ සිදුවිය.

    මෙම ගිවිසුමෙන් පසු ලංකාව විසින් අභ්‍යාවකශයේ ප්‍රහාරක අවි කක්ෂගත නොකිරීමටත්, අභ්‍යාවකාශයේ රඳවා ඇති අනෙකුත් රටවලට අයත් වස්තූන්ට ප්‍රහාර එල්ල නොකිරීමටත් බැඳී ඇත.

    ඒ අනුව ලංකාව ඉදිරියේදී Prevention of an Arms Race in Outer Space හෙවත් PAROS ඛණ්ඩායමට අයිති රටකි.

    "No First Deployment of Weapons in Outer Space" හෙවත් "අභ්‍යවකාශය තුළ ආයුධ භාවිතාවක් නොකෙරේ" නම්වූ මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ ලංකාවේ රජය වෙනුවෙන් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් හා රුසියාව වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය සර්ජේ ලැව්රොව් ය.

    :lol::lol::lol::lol::lol:


    Source
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    auruddata paththu karana ahas koora thama ithin wadima dura yanne :( abyawakasheta kittuwenna yanawa athi maye hithe :eek:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේක කියවන කියවන වාරයක් ගානේ ඉල ඇදෙන්න හිනා යනවා බන් :lol: