රුසියාවෙන් සිරියාවට
සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් ධූරයෙන් පහකිරීම උදෙසා ඇරඹි සටන 2015 වසර වන විට උච්චතම ස්ථානයට ලගා වී තිබුණේ රුසියාවට මධ්‍යධරණී මුහුදේ තිබෙන එකම නාවික තොටුපොල වන Tartus වරාය පවා අනාරක්ෂිත කරමින්ය.එහි ප්‍රථිපලය ලෙස ජනපති අෂාඩ්ගේ සහායට සිය හමුදා යවන්නට රුසියාව තීරණය කලේය.නමුත් ඔවුන් පාබල හමුදා එවනවා වෙනුවට ගුවන් ප්‍රහාරක සහාය සපයන්නට තීරණය කර තිබිණි.2015 සැප්තැම්බර් මාසයේ 30 පටන් රුසියානු ගුවන් හමුදාව සිරියාවේ කැරලිකරුවන් සහ ත්රස්තවාදීන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.මෙම ගුවන් මෙහෙයුම් අවසන් කරන බව පසුගිය 15දා රුසියානු ජනපතිවරයා විසින් නිවේදනය කර තිබිණි.ඒ රුසියා-සිරියා-ඉරාන මෙහෙයුම් හමුවේ අෂාඩ් විරෝධී හමුදාව බරපතල පසුබෑමකට ලක් කල පසුවයි.සිරියාව ලැබූ ජයග්‍රහණය සටන් විරාමයකට එලඹෙන්නට හැකි තරම් සාර්ථක එකක් විය.පහත දැක්වෙන්නේ සීරියාවේ සිදුකල මෙහෙයුම් වෙනුවෙන් රුසියාව විසින් එහි යවන ලද යුද ගුවන් යානා,යුද ටැංකි සහ අනෙකුත් අවි කිහිපයකි..
Su-34 යනු 2014 වසරේදී රුසියානු ගුවන් හමුදාවට හඳුන්වා දුන් ප්‍රහාරක යානයකි.මෙය සිරියාවේදී යොදාගත්තේ සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළීමටයි.ෆුල්බැක් යන නේටෝ නාමයෙන් හඳුන්වන මෙම යානය ඇමෙරිකානු F-15E යානයට සමාන හැකියාවන්ගෙන් යුක්ත බව පැවසේ.
Moskva නෞකාව නියාමක මිසයිල සහිත Cruiser වර්ගයේ නෞකාවකි.මෙය රුසියානු කළු මුහුදු නෞකා බලඇණියේ නෞකාවකි.එය සිරියාව අසල මුහුදට ගෙන ආවේ 2015 නොවැම්බර් මස 24දා තුර්කි-සිරියා දේශ සීමාව ආසන්නයේදී තුර්කි ගුවන් හමුදාවේ F-16 යානයක් විසින් එල්ල කල මිසයිල ප්‍රහාරයකින් රුසියානු Su-24M යානයක් විනාශ වීමත් සමගයි.ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල වලින් සන්නද්ධ මෙම නෞකාව තුර්කි ප්‍රහාරක යානාවලට මාරාන්තික තර්ජනයක් විය.
සෝවියට් දේශය බිඳ වැටීමට පෙරදී මෙය නිර්මාණය කිරීම අරඹා තිබේ.1993 වසරේ පටන් සේවයේ යොදවා ඇති T-90 යුද ටැංකියේ සංස්කරණ කිහිපයකි.මෙහි අවසන් සංස්කරණය වන්නේ T-90MSය.පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී රුසියාව විසින් සිරියාව T-90 යුද ටැංකි 9ක් යවා තිබේ.ඒ Latakia ගුවන් හමුදා කඳවුරේ සිටින රුසියානු හමුදාවේ ආරක්ෂාව උදෙසාය.රුසියානු T-90 යුද ටැංකිය ඇමෙරිකානු Abrams M1 යුද ටැංකියට අභියෝගයක් දිය හැකි ලෙස නිර්මාණය කර තිබේ.
පසුගිය වසරේදී සිරියාවට යවන ලද යුද ගුවන් යානා ගණන දුසිම් දෙකකටත් වැඩි බව කියවේ.ඉන් 4ක් Sukhoi Su-30 වර්ගයට අයත් යැයි සඳහන්ය.රුසියානු ගුවන් හමුදාව සතු දියුණුතම යුද ගුවන් යානයක් ලෙසද මෙය සැලකේ.Su-30 යානය ඇමෙරිකානු F-18 යානය සමග සංසන්දනය කල හැකිය.මෙම යානා බෝම්බ හෙළීමට සහ පාබල හමුදාවන්ට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීමට යොදාගන්නා ලදි.
මෙහි ඉතිහාසය 1970 දශකය තෙක් ඈතට දිවයයි.ඇමෙරිකානු A-10 Thunderbolt II යානයේ හැකියාවන් සමාන යානයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.“Frogfoot” යන නේටෝ නාමයෙන් හඳුන්වන Sukhoi Su-25 යානය පාබල හමුදාවලට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීමට යොදා ගැනේ.සිරියානු මෙහෙයුම් සඳහා රුසියාව Su-25 යානා දුසිමක් පමණ යොදාගෙන තිබිණි.
මෙය Fencer යන නේටෝ නාමයෙන් හඳුන්වන සුපර්සොනික් බෝම්බ හෙළන යානයකි.පසුගිය වසරේදී තුර්කි ගුවන් ප්‍රහාරයකින් විනාශ වූයේද මෙවැනි යානයකි.Sukhoi Su-24 යානය සේවයේ යොදවා තිබෙන්නේ 1970 දශකයේ පටන්ය.මෙය විශ්‍රාම යැවූ ඇමෙරිකානු F-111 Aardvark යානය හා සංසන්දනය කල හැකිය.
රුසියාව අවම වශයෙන් හෙලිකොප්ටර් 14ක් වත් සිරියානු මෙහෙයුම් සඳහා පිටත් කර යවා ඇති.එහි “Hind නේටෝ නාමයෙන් හඳුන්වන Mi-24 හෙලිකොප්ටරත් ඇතුලත්ය.මෙම සුවිශේෂී හෙලිකොප්ටරය වසර 40 ක් පමණ තිස්සේ ලෝකය පුරා යුද ගැටුම් ගණනාවකට යොදාගෙන තිබේ.
රුසියාව විසින් සිරියාවට SA-22 නමින් හඳුන්වන ගුවන් ආරක්ෂක පද්ධති ගෙන ගොස් තිබෙන බව පසුගිය වසරේදී Latakia හි බෂල් අල්-අෂාඩ් ගුවන් කඳවුර ආසන්නයේ ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය විය.මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය දියුණු රේඩාර් පද්ධතියකින් සමන්විත ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල සහිතය.මෙහි නේටෝ නාමය “Greyhound ” ය.
ජෙට් ප්‍රහාරක යානාවලට අමතරව රුසියානු හමුදාව ඔත්තු බැලීමේ කටයුතු වෙනුවෙන් නියමුවන් රහිත යානා සිරියාවේදී යොදාගත්හ.නමුත් ඔවුන් භාවිතා කල ඩ්‍රෝන් යානා නිල වශයෙන් ප්‍රකාශ කර නැත.නමුත් එක්සත් ජනපද නිලධාරීන්ට අනුව ඒවා ඇමෙරිකානු Predator වර්ගයේ ඩ්‍රෝන් යානාවලට ප්‍රමාණයෙන් සමාන බවයි.එක්තරා රුසියානු බ්ලොග්කරුවෙක් අනුමාන කර සිටියේ රුසියානු හමුදා Yakovlev Pchela-1T වර්ගයේ ඩ්‍රෝන් යානා පාවිච්චි කරන බවයි.
සන්නද්ධ ප්‍රවාහන රථයක් වන මෙය සිරියානු සෙබලුන් ප්‍රවාහනය සඳහා රුසියාව විසින් සපයා දී තිබේ.BTR-82A රුසියාව සතු නවතම සන්නද්ධ සෙබල ප්‍රවාහන රථයයි.මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුණේ 2013 වසරේදීය.කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සහ සෙබලුන් 7 ගෙන යෑමේ හැකියාව මෙය සතුය.
රුසියානු අවි මෙතරම් ප්‍රමාණයක් ඉතා ඉක්මණින් සිරියාවට ලගා වූයේ ඔවුන් සතු An-124 යානා නිසාය.චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව යානා 4 සිරියාවේ Latakiaහි ගුවන් කඳවුරේ නවතා තිබී ඇත.රුසියාව සිය ගුවන් යානාවලට සිරියාවට පිවිසීම සඳහා ඉරානය සහ ඉරාකය යන රටවල් අතරින් ගුවන් කොරිඩෝරයක් වෙන් කරගෙන තිබිණි.ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය වන්නේද රුසියානු An-124 යානයයි.
රුසියාව ගුවනින් පමණක් නොව මධ්‍යධරණී මුහුද ඔස්සේද සිරියාවට යුදෝපකරණ රැගෙන විත් තිබේ.මෙම නෞකාවට සෙබලුන් 300කට වැඩි ප්‍රමාණයක් මෙන්ම,යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ,ට්‍රක් රථ ආදී දෑද ප්‍රවාහනය කල හැකිය.ඊට ටොන් 500 බර ද්‍රව්‍ය රැගෙන යා හැකිය.Caesar Kunikov නෞකාව සිරියාවට යුදෝපකරණ ප්‍රවාහනය කල බවට සාක්ෂි තිබේ.
Source:Thefiscaltimes.com
-HarshaLulzSec-

Su-34 යානය

Moskva නෞකාව

T-90 යුද ටැංකිය

Sukhoi Su-30 යානය
පසුගිය වසරේදී සිරියාවට යවන ලද යුද ගුවන් යානා ගණන දුසිම් දෙකකටත් වැඩි බව කියවේ.ඉන් 4ක් Sukhoi Su-30 වර්ගයට අයත් යැයි සඳහන්ය.රුසියානු ගුවන් හමුදාව සතු දියුණුතම යුද ගුවන් යානයක් ලෙසද මෙය සැලකේ.Su-30 යානය ඇමෙරිකානු F-18 යානය සමග සංසන්දනය කල හැකිය.මෙම යානා බෝම්බ හෙළීමට සහ පාබල හමුදාවන්ට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීමට යොදාගන්නා ලදි.
Sukhoi Su-25 යානය
මෙහි ඉතිහාසය 1970 දශකය තෙක් ඈතට දිවයයි.ඇමෙරිකානු A-10 Thunderbolt II යානයේ හැකියාවන් සමාන යානයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.“Frogfoot” යන නේටෝ නාමයෙන් හඳුන්වන Sukhoi Su-25 යානය පාබල හමුදාවලට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීමට යොදා ගැනේ.සිරියානු මෙහෙයුම් සඳහා රුසියාව Su-25 යානා දුසිමක් පමණ යොදාගෙන තිබිණි.
Sukhoi Su-24 යානය
මෙය Fencer යන නේටෝ නාමයෙන් හඳුන්වන සුපර්සොනික් බෝම්බ හෙළන යානයකි.පසුගිය වසරේදී තුර්කි ගුවන් ප්‍රහාරයකින් විනාශ වූයේද මෙවැනි යානයකි.Sukhoi Su-24 යානය සේවයේ යොදවා තිබෙන්නේ 1970 දශකයේ පටන්ය.මෙය විශ්‍රාම යැවූ ඇමෙරිකානු F-111 Aardvark යානය හා සංසන්දනය කල හැකිය.
Mi-24 හෙලිකොප්ටරය
රුසියාව අවම වශයෙන් හෙලිකොප්ටර් 14ක් වත් සිරියානු මෙහෙයුම් සඳහා පිටත් කර යවා ඇති.එහි “Hind නේටෝ නාමයෙන් හඳුන්වන Mi-24 හෙලිකොප්ටරත් ඇතුලත්ය.මෙම සුවිශේෂී හෙලිකොප්ටරය වසර 40 ක් පමණ තිස්සේ ලෝකය පුරා යුද ගැටුම් ගණනාවකට යොදාගෙන තිබේ.
Mi-17 හෙලිකොප්ටරය
"Hip" යන නේටෝ නාමයෙන් හඳුන්වන රුසියානු Mi-17 හෙලිකොප්ටර් සිරියාවේදී ඉටුකරන්නේ ප්‍රවාහන පහසුකම් සපයා දීමයි.මෙහි සන්නද්ධ සංස්කරණයක් තිබේ.
SA-22 ගුවන් ආරක්ෂක පද්ධතිය
රුසියාව විසින් සිරියාවට SA-22 නමින් හඳුන්වන ගුවන් ආරක්ෂක පද්ධති ගෙන ගොස් තිබෙන බව පසුගිය වසරේදී Latakia හි බෂල් අල්-අෂාඩ් ගුවන් කඳවුර ආසන්නයේ ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය විය.මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය දියුණු රේඩාර් පද්ධතියකින් සමන්විත ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල සහිතය.මෙහි නේටෝ නාමය “Greyhound ” ය.
නියමුවන් රහිත යානා
ජෙට් ප්‍රහාරක යානාවලට අමතරව රුසියානු හමුදාව ඔත්තු බැලීමේ කටයුතු වෙනුවෙන් නියමුවන් රහිත යානා සිරියාවේදී යොදාගත්හ.නමුත් ඔවුන් භාවිතා කල ඩ්‍රෝන් යානා නිල වශයෙන් ප්‍රකාශ කර නැත.නමුත් එක්සත් ජනපද නිලධාරීන්ට අනුව ඒවා ඇමෙරිකානු Predator වර්ගයේ ඩ්‍රෝන් යානාවලට ප්‍රමාණයෙන් සමාන බවයි.එක්තරා රුසියානු බ්ලොග්කරුවෙක් අනුමාන කර සිටියේ රුසියානු හමුදා Yakovlev Pchela-1T වර්ගයේ ඩ්‍රෝන් යානා පාවිච්චි කරන බවයි.
BTR-82A සන්නද්ධ ප්‍රවාහන රථය
සන්නද්ධ ප්‍රවාහන රථයක් වන මෙය සිරියානු සෙබලුන් ප්‍රවාහනය සඳහා රුසියාව විසින් සපයා දී තිබේ.BTR-82A රුසියාව සතු නවතම සන්නද්ධ සෙබල ප්‍රවාහන රථයයි.මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුණේ 2013 වසරේදීය.කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සහ සෙබලුන් 7 ගෙන යෑමේ හැකියාව මෙය සතුය.
GAZ Tigr ජිප් රථය
2001 වසරේදී නිර්මාණය කල මෙම ජිප් රථය 2006 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.සිරියානු සහ රුසියානු සෙබලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙම ජිප් රථ සිරියාවට යවා තිබේ.
An-124 යානය
රුසියානු අවි මෙතරම් ප්‍රමාණයක් ඉතා ඉක්මණින් සිරියාවට ලගා වූයේ ඔවුන් සතු An-124 යානා නිසාය.චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව යානා 4 සිරියාවේ Latakiaහි ගුවන් කඳවුරේ නවතා තිබී ඇත.රුසියාව සිය ගුවන් යානාවලට සිරියාවට පිවිසීම සඳහා ඉරානය සහ ඉරාකය යන රටවල් අතරින් ගුවන් කොරිඩෝරයක් වෙන් කරගෙන තිබිණි.ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය වන්නේද රුසියානු An-124 යානයයි.
Caesar Kunikov නෞකාව
රුසියාව ගුවනින් පමණක් නොව මධ්‍යධරණී මුහුද ඔස්සේද සිරියාවට යුදෝපකරණ රැගෙන විත් තිබේ.මෙම නෞකාවට සෙබලුන් 300කට වැඩි ප්‍රමාණයක් මෙන්ම,යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ,ට්‍රක් රථ ආදී දෑද ප්‍රවාහනය කල හැකිය.ඊට ටොන් 500 බර ද්‍රව්‍ය රැගෙන යා හැකිය.Caesar Kunikov නෞකාව සිරියාවට යුදෝපකරණ ප්‍රවාහනය කල බවට සාක්ෂි තිබේ.
Source:Thefiscaltimes.com
-HarshaLulzSec-
Last edited:
+++