රුසියාවේ නවතම නිෂ්පාදනය

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    රුසියාවේ නවතම නිෂ්පාදනය

    ලෝක ආරක්ෂාවට සහ සාමයට බලපෑමක් එල්ල කරනු ලබන රුසියාවේ නවතම නිෂ්පාදනය!

    කිසිවිටක පසු නොබසින දැඩි ආත්ම විශ්වාසයක් ඇති ජාතියක් හැටියට රුසියාව හඳුන්වන්න පුළුවන්. කොතරම් භාදක මද්‍යයේ වුවත් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් ඔවුන් නවතින්නේ නැහැ. අද මෙම ලිපිය මගින් ඔබ දැනුවත් කරන්නේ යුධමය අතින් රුසියාව තැබූ යෝධ පියවරක් ගැනයි. එනම් තමන්ගේ යුධමය බලය වැඩිදියුණු කරගැනීම සඳහා නිර්මාණය කරනු ලැබූ සබ්මැරීනයක් පිළිබඳවයි. 2013 වසර ඉවර වෙනවාත් සමග මෙම සුපිරි සබ්මැරීනය සම්පූර්ණයෙන්ම ඉදිකර හමාර කර තිබෙනවා.


    න්‍යෂ්ටික අවි බලයෙන් සමන්විත වූ මෙම සබ්මැරීනය ඇමරිකාවද ඇතුලත්ව මුළු ලෝකයේම අවධානයට සහ දැඩි කතාබහට ලක් වී තිබෙනවා. රුසියාව මෙලෙස යුධමය අතින් ශක්තිමත් වීම ලෝකයේ ආරක්ෂාවට සහ සාමයට බලපෑමක් බවයි වැඩි දෙනෙක්ගේ මතය වෙන්නේ. මොකද ඔවුන් දන්නවා රුසියාව තරමක් දඩබ්බර චරිතයක් බව.




    නවීනතම තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කරනු ලැබූ මෙම සබ්මැරීනයේ තිබෙන අතිධ්වනි මිසයිල (supersonic missile) ඉලක්කය ඉතාමත්ම නිවැරදිවම අරගනීමට සමත් වෙනවා. මෙහි තිබෙන තවත් මිසයිල වර්ගයක් තමයි (caliber missile) යනුවෙන් හඳුන්වන්නේ , කිලෝමීටර් 2,500ක් පමණ අහසින් ගමන්කොට ඉලක්කය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එම මිසයිල වලට හැකියාව තිබෙනවා. අපි කිව්වනේ මෙම සබ්මැරීනය නිර්මාණය කර තිබෙන්නේ විශේෂය්නෙම යුධමය බලය වැඩි කරගැනීමට කියා. එම නිසා ඉහත මිසයිල වර්ග දෙකකිනුත් නොනැවතෙන රුසියාව කිලෝමීටර් 5,000කට වඩා එහා තිබෙන ඉලක්කයක් වුනත් විනාශ කිරීමට හැකි මිසයිල වර්ගයක්ද මෙම සබ්මැරීනයට ඇතුලත් කර තිබෙනවා.

    රුසියානු රජයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන අඩු වීම නිසා තාවකාලිකව මෙම සබ්මැරීනය සංවර්ධනය කිරීම 1970 වසරේදී නවතා දමනු ලැබුවා. එවැනි භාදක කම්කටොලු තත්වයන් වලදී වත් අධිෂ්ඨානය අත් නොහරිනු ලැබූ රුසියාව කෙසේ හෝ තමන්ගේ එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගනිමින් 2010 වර්ෂය වෙන විට එම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරනු ලැබුවා. ඉවසිලිවන්තව නොපසුබසිනා වීරයෙන් තමන්ගේ සිතැඟි ඉටු කරගනු ලැබූ රුසියාව 2013 වර්ෂයේදී මෙම සුපිරි සබ්මැරීනය මුහුදට බස්වනු ලැබුවා. සිතු පරිදිම ඉතාමාත් සාර්ථක ලෙස මේ වන විට එම සබ්මැරීනය මධ්‍යධරණී මුහුදේ කිමිදෙනවා.








     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ 1970 මුන් මේක නවත්තල තියෙන්න සල්ලි මදි නිසා. බලහන් 2010 අපහු හදන්න පටන් අරන් තියෙන්නේ..දැන් ඔක්කොම රටවල් බය වෙලා ටිකක්.
    1970 කොචර වැඩ්ඩොද ඉන්න ඇත්තේ..
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යකෝ 1970 මුන් මේක නවත්තල තියෙන්න සල්ලි මදි නිසා. බලහන් 2010 අපහු හදන්න පටන් අරන් තියෙන්නේ..දැන් ඔක්කොම රටවල් බය වෙලා ටිකක්.
    1970 කොචර වැඩ්ඩොද ඉන්න ඇත්තේ..

    :yes::yes::yes: Oya Kaale thama pattama kaale