මම හිතුවෙ, ඔබතුමා ශද්දානුසාරි කෙන සොවාන්වෙන්න සතිපට්ටානය වඩන්න ඕනෙ නැ කිව්ව කියල..
එහෙම එකක් නෙමෙයි. සතිපට්ඨානය කියන්නෙ සෝවාන් වෙන්න මගම නෙමෙයි. නිර්වානයට මග.
චක්ඛු සූත්‍රය බලන්න. මෙහෙම තියෙනවා.
“මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස් වන ස්වභාවය. ශරීරය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සිත අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ
අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි.
එතකොට මෙතැන කතා කරන්නෙ ත්රිලක්ෂණය. ත්රිලක්ෂණය දකින්නම අවශ්‍ය නැහැ සද්ධානුසාරී පුද්ගලයා ඔහු ඒ බව තරයේ විශ්වාස කරනවා. ආනන්ද, අනාථ පිණ්ඩික, ඛුජ්ජුත්තරා උපාලි ගෘහපති වැනි අයට ඒ විශ්වාසයයි තිබුනෙ. ඒ විශ්වාසය එන්නෙ බුද්ධ ධම්ම සංඝ කියන අයිතම තුන ගැන තියෙන ශ්රද්ධාවත් මුල් කර ගෙන. හැබැයි මේ අය අර්හත් භාවයට පත් වෙන්න නම් සතිපට්ඨානය ගැන දැන ගන්න ඕනා. ආනන්ද හාමුදුරුවො ගැන බැලුවොත් රහත්භාවයට පත් වෙද්දි සතිපට්ඨානය වැඩීමක් සිදු වෙන්නෙ නැහැ. වෙනස්ම සිදුවීමක් වෙන්නෙ.
ප්රශ්නය වෙන්නෙ මේ එකක්වත් නෙමෙයි. එක එක ධර්ම ගුරුවරු ඒ ඒ අය හරි යැයි හිතන එක දෙයක් පොදු මහජනතාවට මේක තමයි ක්‍රමය කියලා දෙන්න යන එකේ. මිනිස්සුත් ඒ ඒ ගුරුවරයා සරණ යන නිසා ඒක තමයි ක්‍රමය කියලා හිතන් විමසුමක් නැතිව පිළිපදින්න යනවා. මිනිස්සු දන්නෙ නැහැ හෝ මිනිස්සුන්ට අමතක වෙලා සැරියුත් මහරහතන්වහන්සේ ඇතුළු මහරහතන්වහන්සේලාට නිවන් දක්කවන්න බැරි වුන භික්ෂූන්වහන්සේලාව පවා බුදුරජාණන්වහන්සේ මැදිහත් වෙලා නිවන් දක්වන්න සැලැස්සුවා කියන එක.
මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට දක්වන්න හේතුව මගෙ හිතේ, මෙතන සතිපට්ඨාන දෙකක් තියෙනව නෙමයි, පුද්ගලයන් දෙකොට්ටාශය ගන්න අදහස් දෙක තමයි වෙනස් වෙන්නෙ.
ඔබතුමාට තේරෙන වචන වලින් කිව්වොත්, එක කොට්ටාශක් මේක ප්‍රඥා චෛතසිකයෙන් දකින කොට අනික් කොට්ටාශය මේක වේදනා චෛතසිකයෙන් දකිනව.
නමුත් එකම ධර්මතාවය...
ඔව්. යන්නෙ කතරගමට. හයිවේ එකේ යන්නත් පුළුවන්, ගෙළු පාරේ යන්නත් පුළුවන්, වැල්ලවාය පැත්තෙන් යන්නත් පුළුවන්. යන්නෙ එකම තැනට. මිනිස්සු විවිධ හේතු මත හෝ කැමැත්ත මත කැමැති මාර්ගයක් තෝර ගන්නවා. ඒ මාර්ගයෙ යන කෙනා වර්ණනා කරන්නෙ තමන් ගිය මාර්ගය. ඔහු අනෙක් අයටත් කියනවා මේක තමයි පාර කතරගමට කියලා. ඕකම තමයි වෙන්නෙ.
------
Post added on Dec 23, 2024 at 8:43 AM