රූප දැකලා දුකත් හිතිලා.

hpalpola

Well-known member
  • ඔය කියන කතාව හරි..හැබයි ඒකෙන් සොවාන් වීමට සතිපාට්ටානය අවශ්ය වන්නෙ නැ කියන අදහසට එන එකයි පැහදිලින් නැත්තේ..

    මම දන්න විදිහට, පාරමිතා කියන්නෙ, ඔය කිව්ව චයිතසික දර්මවල වර්දනය...දාරුචීරිය වගේ උතුමෙක්, එපදෙනකොටම, ඔය කියන චයිතසික දර්ම උපරිම වර්දනය කරගෙන එන්නෙ...සාරිපුත්ත හාමුදුරුව්ත්, ප්‍රජ්නාව අතින් උපරිම තැනක ඉදල එන්නෙ බුදු හාමුදුරුවො ලගට...ඒ ආවට ත්‍රිලක්ශනය දකින්න, චයිතසික එකම මාර්ගයට වැටෙන්න බුදුහාමුදුරුවොන් ගෙ බන පදයක් අහල..අහල, එ යෝනිසොමනසකාරයෙ පිහිටල..

    ඔත්න, අනෙපිඩු සිටුතුමා,, ත්‍රිලක්ශනයෙ විශාවස්යෙන් ආව හරි...හැබයි සොවාන්වෙන අවදියෙ යෝනිසොමනසිකාරයෙන්, තිර්ලක්ශනය දැක්කෙ නැ කියන්න පුලුවන්ද? එහෙම උනොත් එහෙම, බුදුන් කිව්ව සෝතාපත්ත අන්ග 4න් යෝනිසොමනසිකාරය අයින් කරන්න වෙනව..

    ඒ උතුමන්ට, සතිපට්ටානය මේකයි කියල, අයෙත් දේශනා කරන්න අවශ්යතාවයක් නැ මට තේරෙන විදිහට නම්..බුදුන් රුපය අනිච්චයි කිව්ව ගමන්, යෝනිසොමනසිකාරයෙන්, රුපයේ අනිච්ච දැක්ක..සොවන් උනා...ඉතින් ඕකනෙ සතිපට්ටානය...
    ඉතින් එහෙනම් හරිනෙ වැඩේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඉතින් එහෙනම් හරිනෙ වැඩේ.

    :confused:

    මම හිතුවෙ, ඔබතුමා ශද්දානුසාරි කෙන සොවාන්වෙන්න සතිපට්ටානය වඩන්න ඕනෙ නැ කිව්ව කියල..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දෘස්ටි වෙනස් වෙන්නැහැ සෝවන් වුනාම, හැබැයි දෘස්ටි වැරදියි කියලා දන්නවා, ඒක අර සෝවන් මාර්ග චිත්තයෙදි දැක්ක ත්‍රිලක්සනයෙන් එවෙලෙ අවබෝධ වුන දෙයක්..ඵ්කට පස්සේ ආයේ "දෘස්ටි වැරදියි" කියන්නෙත් අවිදයාව නිසා ඇති වෙන දැනීමක් විතරයි..සතිපට්ටානේ වඩන්නේ දෙන්නම අවිද්යාව ඇතුලේ රහත් වෙනකන්, ඒ නිසා වෙනසක් නැහැ මන් දකින විදිහට ඕක ලෝකොත්තරද ලෞකිකද කියන් එක.. ඇති වන සිත් වල චයිතසික අනුන වෙනසක් තියෙනවද දන්නැහැ දෙන්නගෙ...ඒවා දන්නේ @ek_rosh

    ඕක intentionally වඩන්නම ඕන්නැහැ සෝවාන් කෙනා, වැඩෙනවා intentionally වැඩුවා හෝ නැතා, එච්චරයි වෙනස (මගේ මතය)
    දෘෂ්ටි වෙනස් වෙනව කිව්වෙ මහත්තය, ඔය සම්මා දිට්ටියට පත්වුණා කියන එකනෙ. ඔතන පුද්ගලයන් දෙන්නෙක් ගැන සඳහන් වෙනවා... මද ප්‍රඥාවක් ඇති සහ අධි ප්‍රඥාවක් ඇති යනුවෙන්.

    භවාංග චලන > භවාංග උපච්චේද > අරමුණට අදාළ මනොද්වරික හිත > මෙතනින් පස්සෙ තමයි ඥානසම්ප්‍ර‍යුක්ත (ප්‍රඥා චෛතසිකය) කාමාවචර කුසල සිත්, පරිකර්මය, උපචාරය අනුලෝමය යන ආකාරයට ඇතිවෙල නිරුද්ධ වීමත් සමග ඔය රෝෂ් මහත්තය කියන ගෝත්‍ර‍භූ හිත ඇති වෙන්නෙ, මේක එක්තරා ආකාරයක නිවන අරමුණු කරගත් කාමාවචර ජවන් සිතක්. මෙන්න මේකෙන් පස්සේ තමයි ඔය නිවන ප්‍රත්‍යක්ෂ කරගත් සෝවාන් මාර්ග සිත එක් වරක් ද සෝවාන් සිතදෙවරක් ද ඇතිවෙල භාවාංග ගත වෙන්නෙ... දැන් මේ පුද්ගලයගෙ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය කියනව... මින් පසු පටන්ගන්න හැම සිතක්ම ඥානසම්ප්‍ර‍යුක්තයි කියනව. (ඉස්සෙල්ල/පස්සෙ කිව්වෙ අවබෝධ කරගැනීමේ පහසුවට)

    අධි ප්‍රඥාවක් ඇති පුද්ගලයගෙ එකම වෙනස තමයි ඔහුට ඔය පරිකල්පන කියන අවස්ථාව නැහැ, ඒ වෙනුවට මාර්ග සිතෙන් පස්සෙ ඵල සිත් 2ක් වෙනුවට ඵල සිත් 3ක් ඇතිවෙනව.

    මේ තියෙන්නෙ මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය වීම හෙවත් දෘෂ්ටි විපර්යාසය මිසක් දෘෂ්ටිය නැතිවීම නෙමෙයි. ඔබතුමා ඔය කිසිවක් දෙයක් කියල ගන්න බැහැ/දෘෂ්ටි වැරදියි කියල එල්බගෙන ඉන්නෙත් එක්තරා දෘෂ්ටියක තමයි... ඒක සම්මා දෘෂ්ටිය ද නැද්ද කියල කියන්න පුළුවන් බුදු කෙනෙකුටයි, ඔබතුමාටයි විතරයි. දැන් ඔබතුමාට පැහැදිලි ඇති ශේකයන් වඩන/වැඩෙන සතිපට්ඨානය එකක්, අශේකයන් වඩන සතිපට්ඨානය වෙනම එකක් කියල. දෘෂ්ටි අතින් සම්පූර්ණයෙන්ම වෙනස්.
     
    • Like
    Reactions: Fiona Dabare

    ශේකයෙක් කියල අදහස් කරන්නෙ, සොතාපන්න වු කෙනෙක් නම්..පෘතක්ජනයෙක් වඩන සතිපට්ටානයෙන් සොතාපන්නයා වඩන සතිපට්ටනය වෙනම එකක් වෙන විදිහ පොඩ්ඩක් පහදල දෙන්න?
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ශේකයෙක් කියල අදහස් කරන්නෙ, සොතාපන්න වු කෙනෙක් නම්..පෘතක්ජනයෙක් වඩන සතිපට්ටානයෙන් සොතාපන්නයා වඩන සතිපට්ටනය වෙනම එකක් වෙන විදිහ පොඩ්ඩක් පහදල දෙන්න?
    මේ අර ආර්‍ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට දක්වන්න හේතුව මගෙ හිතේ, මෙතන සතිපට්ඨාන දෙකක් තියෙනව නෙමයි, පුද්ගලයන් දෙකොට්ටාශය ගන්න අදහස් දෙක තමයි වෙනස් වෙන්නෙ.

    ඔබතුමාට තේරෙන වචන වලින් කිව්වොත්, එක කොට්ටාශක් මේක ප්‍රඥා චෛතසිකයෙන් දකින කොට අනික් කොට්ටාශය මේක වේදනා චෛතසිකයෙන් දකිනව.
    නමුත් එකම ධර්මතාවය...
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    hpalpola

    Well-known member
  • :confused:

    මම හිතුවෙ, ඔබතුමා ශද්දානුසාරි කෙන සොවාන්වෙන්න සතිපට්ටානය වඩන්න ඕනෙ නැ කිව්ව කියල..
    එහෙම එකක් නෙමෙයි. සතිපට්ඨානය කියන්නෙ සෝවාන් වෙන්න මගම නෙමෙයි. නිර්වානයට මග.

    චක්ඛු සූත්‍රය බලන්න. මෙහෙම තියෙනවා.

    “මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස් වන ස්වභාවය. ශරීරය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සිත අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.

    “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි.

    එතකොට මෙතැන කතා කරන්නෙ ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය දකින්නම අවශ්‍ය නැහැ සද්ධානුසාරී පුද්ගලයා ඔහු ඒ බව තරයේ විශ්වාස කරනවා. ආනන්ද, අනාථ පිණ්ඩික, ඛුජ්ජුත්තරා උපාලි ගෘහපති වැනි අයට ඒ විශ්වාසයයි තිබුනෙ. ඒ විශ්වාසය එන්නෙ බුද්ධ ධම්ම සංඝ කියන අයිතම තුන ගැන තියෙන ශ්‍රද්ධාවත් මුල් කර ගෙන. හැබැයි මේ අය අර්හත් භාවයට පත් වෙන්න නම් සතිපට්ඨානය ගැන දැන ගන්න ඕනා. ආනන්ද හාමුදුරුවො ගැන බැලුවොත් රහත්භාවයට පත් වෙද්දි සතිපට්ඨානය වැඩීමක් සිදු වෙන්නෙ නැහැ. වෙනස්ම සිදුවීමක් වෙන්නෙ.

    ප්‍රශ්නය වෙන්නෙ මේ එකක්වත් නෙමෙයි. එක එක ධර්ම ගුරුවරු ඒ ඒ අය හරි යැයි හිතන එක දෙයක් පොදු මහජනතාවට මේක තමයි ක්‍රමය කියලා දෙන්න යන එකේ. මිනිස්සුත් ඒ ඒ ගුරුවරයා සරණ යන නිසා ඒක තමයි ක්‍රමය කියලා හිතන් විමසුමක් නැතිව පිළිපදින්න යනවා. මිනිස්සු දන්නෙ නැහැ හෝ මිනිස්සුන්ට අමතක වෙලා සැරියුත් මහරහතන්වහන්සේ ඇතුළු මහරහතන්වහන්සේලාට නිවන් දක්කවන්න බැරි වුන භික්ෂූන්වහන්සේලාව පවා බුදුරජාණන්වහන්සේ මැදිහත් වෙලා නිවන් දක්වන්න සැලැස්සුවා කියන එක.

    මේ අර ආර්‍ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට දක්වන්න හේතුව මගෙ හිතේ, මෙතන සතිපට්ඨාන දෙකක් තියෙනව නෙමයි, පුද්ගලයන් දෙකොට්ටාශය ගන්න අදහස් දෙක තමයි වෙනස් වෙන්නෙ.

    ඔබතුමාට තේරෙන වචන වලින් කිව්වොත්, එක කොට්ටාශක් මේක ප්‍රඥා චෛතසිකයෙන් දකින කොට අනික් කොට්ටාශය මේක වේදනා චෛතසිකයෙන් දකිනව.
    නමුත් එකම ධර්මතාවය...
    ඔව්. යන්නෙ කතරගමට. හයිවේ එකේ යන්නත් පුළුවන්, ගෙළු පාරේ යන්නත් පුළුවන්, වැල්ලවාය පැත්තෙන් යන්නත් පුළුවන්. යන්නෙ එකම තැනට. මිනිස්සු විවිධ හේතු මත හෝ කැමැත්ත මත කැමැති මාර්ගයක් තෝර ගන්නවා. ඒ මාර්ගයෙ යන කෙනා වර්ණනා කරන්නෙ තමන් ගිය මාර්ගය. ඔහු අනෙක් අයටත් කියනවා මේක තමයි පාර කතරගමට කියලා. ඕකම තමයි වෙන්නෙ.
    ------ Post added on Dec 23, 2024 at 8:43 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එහෙම එකක් නෙමෙයි. සතිපට්ඨානය කියන්නෙ සෝවාන් වෙන්න මගම නෙමෙයි. නිර්වානයට මග.

    චක්ඛු සූත්‍රය බලන්න. මෙහෙම තියෙනවා.

    “මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස් වන ස්වභාවය. ශරීරය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සිත අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.

    “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි.

    1. ඔබතුමා පොඩ්ඩක් මට පැහදිලි කරල දෙන්න, "ආර්ය මාර්ගයට බැසගත්තා වු" කියන එකෙන් අදහස් වෙන්නෙ මොකක් ද කියල?

    2. තව මට කියන්න, ඔබතුමා බුදුන් පෙන්නන සොතාපත්ති අන්ග 4 ට එකගද? එහෙම නම්, යෝනිසෝ මනසිකාරය කියන්නෙ කුමක් ද කියල?

    ප්‍රශ්නය වෙන්නෙ මේ එකක්වත් නෙමෙයි. එක එක ධර්ම ගුරුවරු ඒ ඒ අය හරි යැයි හිතන එක දෙයක් පොදු මහජනතාවට මේක තමයි ක්‍රමය කියලා දෙන්න යන එකේ. මිනිස්සුත් ඒ ඒ ගුරුවරයා සරණ යන නිසා ඒක තමයි ක්‍රමය කියලා හිතන් විමසුමක් නැතිව පිළිපදින්න යනවා. මිනිස්සු දන්නෙ නැහැ හෝ මිනිස්සුන්ට අමතක වෙලා සැරියුත් මහරහතන්වහන්සේ ඇතුළු මහරහතන්වහන්සේලාට නිවන් දක්කවන්න බැරි වුන භික්ෂූන්වහන්සේලාව පවා බුදුරජාණන්වහන්සේ මැදිහත් වෙලා නිවන් දක්වන්න සැලැස්සුවා කියන එක.

    වැඩේ කියන්නෙ මහහ්ත්තය්, විමසනව කියල, අපි දන්න දේවල් එක්ක අරයට මෙහම උනා, සෝපාකට මෙහම උන නිසා මේක මෙහෙම වෙන්න ඕනෙ වගේ, අති උත්තමයන්ගේ ක්‍රියාකලාපෙන් අපිට තේරෙන දර්මයක් විමසන්න ගියොත් අදර්මෙම තමයි ඉන්න වෙන්නෙ...

    අපි දර්මය විමසන්න ඕනෙ ත්‍රිපිටකයත් එක්ක..එක සුත්‍රයක අදහස තවත් සුත්යයක් සමග ගැලපෙනවද බලන්න ඕනෙ...අපි හරියටම සුත්‍රයේ අදහසස් ගත්තද කියල බලන්න ඕනෙ...වචනකින් දෙකකින් තේරුම අල්ලන ගියොත්, වලේම තමයි.

    ඔව්. යන්නෙ කතරගමට. හයිවේ එකේ යන්නත් පුළුවන්, ගෙළු පාරේ යන්නත් පුළුවන්, වැල්ලවාය පැත්තෙන් යන්නත් පුළුවන්. යන්නෙ එකම තැනට. මිනිස්සු විවිධ හේතු මත හෝ කැමැත්ත මත කැමැති මාර්ගයක් තෝර ගන්නවා. ඒ මාර්ගයෙ යන කෙනා වර්ණනා කරන්නෙ තමන් ගිය මාර්ගය. ඔහු අනෙක් අයටත් කියනවා මේක තමයි පාර කතරගමට කියලා. ඕකම තමයි වෙන්නෙ.
    ------ Post added on Dec 23, 2024 at 8:43 AM

    බුදුන් නම් කියන්නෙ මහත්තයො, එක මාර්ගයයි කියල තියෙන්නෙ...හැබයි ඉතින් කෙනෙකුට මාර්ගයට එන්න නම්, එක එක විදි තියෙනව..
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • 1. ඔබතුමා පොඩ්ඩක් මට පැහදිලි කරල දෙන්න, "ආර්ය මාර්ගයට බැසගත්තා වු" කියන එකෙන් අදහස් වෙන්නෙ මොකක් ද කියල?

    2. තව මට කියන්න, ඔබතුමා බුදුන් පෙන්නන සොතාපත්ති අන්ග 4 ට එකගද? එහෙම නම්, යෝනිසෝ මනසිකාරය කියන්නෙ කුමක් ද කියල?

    වැඩේ කියන්නෙ මහහ්ත්තය්, විමසනව කියල, අපි දන්න දේවල් එක්ක අරයට මෙහම උනා, සෝපාකට මෙහම උන නිසා මේක මෙහෙම වෙන්න ඕනෙ වගේ, අති උත්තමයන්ගේ ක්‍රියාකලාපෙන් අපිට තේරෙන දර්මයක් විමසන්න ගියොත් අදර්මෙම තමයි ඉන්න වෙන්නෙ...

    අපි දර්මය විමසන්න ඕනෙ ත්‍රිපිටකයත් එක්ක..එක සුත්‍රයක අදහස තවත් සුත්යයක් සමග ගැලපෙනවද බලන්න ඕනෙ...අපි හරියටම සුත්‍රයේ අදහසස් ගත්තද කියල බලන්න ඕනෙ...වචනකින් දෙකකින් තේරුම අල්ලන ගියොත්, වලේම තමයි.

    බුදුන් නම් කියන්නෙ මහත්තයො, එක මාර්ගයයි කියල තියෙන්නෙ...හැබයි ඉතින් කෙනෙකුට මාර්ගයට එන්න නම්, එක එක විදි තියෙනව..
    ඔව්. එක මාර්ගය කියන එකට කිසිම සැකයක් විරුද්ධතාවයක් නැහැ. සෝතාපත්ති මාර්ග අංග හතර මාත් පිළිගන්නවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දෘෂ්ටි වෙනස් වෙනව කිව්වෙ මහත්තය, ඔය සම්මා දිට්ටියට පත්වුණා කියන එකනෙ. ඔතන පුද්ගලයන් දෙන්නෙක් ගැන සඳහන් වෙනවා... මද ප්‍රඥාවක් ඇති සහ අධි ප්‍රඥාවක් ඇති යනුවෙන්.

    භවාංග චලන > භවාංග උපච්චේද > අරමුණට අදාළ මනොද්වරික හිත > මෙතනින් පස්සෙ තමයි ඥානසම්ප්‍ර‍යුක්ත (ප්‍රඥා චෛතසිකය) කාමාවචර කුසල සිත්, පරිකර්මය, උපචාරය අනුලෝමය යන ආකාරයට ඇතිවෙල නිරුද්ධ වීමත් සමග ඔය රෝෂ් මහත්තය කියන ගෝත්‍ර‍භූ හිත ඇති වෙන්නෙ, මේක එක්තරා ආකාරයක නිවන අරමුණු කරගත් කාමාවචර ජවන් සිතක්. මෙන්න මේකෙන් පස්සේ තමයි ඔය නිවන ප්‍රත්‍යක්ෂ කරගත් සෝවාන් මාර්ග සිත එක් වරක් ද සෝවාන් සිතදෙවරක් ද ඇතිවෙල භාවාංග ගත වෙන්නෙ... දැන් මේ පුද්ගලයගෙ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය කියනව... මින් පසු පටන්ගන්න හැම සිතක්ම ඥානසම්ප්‍ර‍යුක්තයි කියනව. (ඉස්සෙල්ල/පස්සෙ කිව්වෙ අවබෝධ කරගැනීමේ පහසුවට)

    අධි ප්‍රඥාවක් ඇති පුද්ගලයගෙ එකම වෙනස තමයි ඔහුට ඔය පරිකල්පන කියන අවස්ථාව නැහැ, ඒ වෙනුවට මාර්ග සිතෙන් පස්සෙ ඵල සිත් 2ක් වෙනුවට ඵල සිත් 3ක් ඇතිවෙනව.

    මේ තියෙන්නෙ මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය වීම හෙවත් දෘෂ්ටි විපර්යාසය මිසක් දෘෂ්ටිය නැතිවීම නෙමෙයි. ඔබතුමා ඔය කිසිවක් දෙයක් කියල ගන්න බැහැ/දෘෂ්ටි වැරදියි කියල එල්බගෙන ඉන්නෙත් එක්තරා දෘෂ්ටියක තමයි... ඒක සම්මා දෘෂ්ටිය ද නැද්ද කියල කියන්න පුළුවන් බුදු කෙනෙකුටයි, ඔබතුමාටයි විතරයි. දැන් ඔබතුමාට පැහැදිලි ඇති ශේකයන් වඩන/වැඩෙන සතිපට්ඨානය එකක්, අශේකයන් වඩන සතිපට්ඨානය වෙනම එකක් කියල. දෘෂ්ටි අතින් සම්පූර්ණයෙන්ම වෙනස්.

    සම්මා දිට්ටිය නිසා තමයි ආර්ය පුද්ගලයන්ට සතර සතිපට්ටානය නිකම්ම වැඩටනවෙ කියලා මන් කිව්වේ

    ඔව්. යන්නෙ කතරගමට. හයිවේ එකේ යන්නත් පුළුවන්, ගෙළු පාරේ යන්නත් පුළුවන්, වැල්ලවාය පැත්තෙන් යන්නත් පුළුවන්. යන්නෙ එකම තැනට. මිනිස්සු විවිධ හේතු මත හෝ කැමැත්ත මත කැමැති මාර්ගයක් තෝර ගන්නවා. ඒ මාර්ගයෙ යන කෙනා වර්ණනා කරන්නෙ තමන් ගිය මාර්ගය. ඔහු අනෙක් අයටත් කියනවා මේක තමයි පාර කතරගමට කියලා. ඕකම තමයි වෙන්නෙ.

    සෝවාන් වෙනවා කියන්නේ ඔහොම යන්න ඕනේ තැනට ගිහින් නවත්තන බස් එහෙකට නගිනවා වගේ තමයි..සැපේ ඉදගෙන යන්න තියෙන්නේ..
    ------ Post added on Dec 23, 2024 at 9:48 AM
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔව්. එක මාර්ගය කියන එකට කිසිම සැකයක් විරුද්ධතාවයක් නැහැ. සෝතාපත්ති මාර්ග අංග හතර මාත් පිළිගන්නවා.

    1. 2. ට ඔබතුමාගෙන් පැහදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනව..

    සෝවාන් වෙනවා කියන්නේ ඔහොම යන්න ඕනේ තැනට ගිහින් නවත්තන බස් එහෙකට නගිනවා වගේ තමයි..සැපේ ඉදගෙන යන්න තියෙන්නේ..
    ------ Post added on Dec 23, 2024 at 9:48 AM

    ඔන්න ඔය බස් එකට නැග ගන්ට නෙ බැරි..
    ------ Post added on Dec 23, 2024 at 10:01 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔන්න ඔය බස් එකට නැග ගන්ට නෙ බැරි..

    ඒකතමයි මන් කියන්නේ..තියෙන හැම දේම කරලා බලන්න
    හැබැයි "මේක තමයි හරිම විදිහ විදිහ" කියලා තද දෘස්ටි වල ඉන්නත් එපා..ඒ හරිම විදිහ සමහරවිට බුදුන් දෙසපු විදිහම නොවෙන්නත් පුලුවන්..වෙන්නත් පුලුවන්

    ඔයාටනම් බස් එකේ නැග ගන්න අමාරු වෙන්නැහැ
    (දැනටම නැගලා වෙන්නත් පුලුවන් 😏)
     
    ඔබතුමන්ල දෙන්නම බස් එකට නැගල ඉන්නෙ

    @ek_rosh - pre සතිපට්ඨාන සෝවාන්
    @Fiona Dabare - post සතිපට්ඨාන සෝවාන්

    just kidding :lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සම්මා දිට්ටිය නිසා තමයි ආර්ය පුද්ගලයන්ට සතර සතිපට්ටානය නිකම්ම වැඩටනවෙ කියලා මන් කිව්වේ
    නිකන්ම වැඩෙන්නෙත් නැහැ නේද? අර පෘතක්ජන්යෝ වගෙ full try කරලා සරම එහම කැහැපොට ගහගෙන වඩන්නෙත් නැහැ
    . එන නිමිත්ත/සිතුවිල්ල සම්මා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන්, මිච්චා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන් ඔය දෙකෙන් එකක් කරන්න ඕනි ඒ නිසා මොකුත් නොකර ඉන්නව කියන්න බැහැ. හැබැයි අර පෘතක්ජනයන්ට වගෙ try කරල කරන්න දෙයක් නැහැ. ඕකනෙ අර ඔබතුමාට වඳුරු scene එක ඇදිල ආවෙ :lol:, පෘතක්ජනයන්ට තේරෙන්නෙ නැහැ ඔබතුමාට option එකක් තියෙනව කියල.
    ඇත්තටම සැප ජීවිත තමයි ... ඒකනේ දේශනා කරලා තියෙන්නෙ දුක් විඳිනා සත්වයින් අතර සැපයෙන් වාසය කරයි කියල...

    ඔබතුමත් නගින්න
    foot board එකේ වත් එල්ලෙන්න try එකක් දෙනව ;-)
    ------ Post added on Dec 23, 2024 at 10:40 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පෘතක්ජනයන්ට තේරෙන්නෙ නැහැ ඔබතුමාට option එකක් තියෙනව කියල.

    ඒවනම් විහිලුවට කිව්වේ 🤣
    එන නිමිත්ත/සිතුවිල්ල සම්මා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන්, මිච්චා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන් ඔය දෙකෙන් එකක් කරන්න ඕනි ඒ නිසා මොකුත් නොකර ඉන්නව කියන්න බැහැ.

    එන නිමිත්ත කොහොම දැක්කත් එතන තියෙන්නේ අවිද්යාව.. ඕක මන් කොහොම කිව්වත් එකයි
    ඉතින් ඕක මාර්ග සිතේදි දැක්කට පස්සේ, ඊට පස්සේ ඕකට මන් මොකක් කිව්වත්..මුකුත් නොකිය හිටියත් එකයි
    ඕක තමයි සම්මා දිට්ටිය (ඕක වචන අර්ථය ගත්තට වැඩක් නැහැ එක පාරක් හරි අවබෝඩ නොකර)

    , පෘතක්ජනයන්ට තේරෙන්නෙ නැහැ ඔබතුමාට option එකක් තියෙනව කියල.
    ඇත්තටම සැප ජීවිත තමයි ... ඒකනේ දේශනා කරලා තියෙන්නෙ දුක් විඳිනා සත්වයින් අතර සැපයෙන් වාසය කරයි කියල...

    ඒත් අවිද්යාව නිසා තමයි
    ඔය වගේ ස්ටේට්මන්ට් මොකක් කිව්වත්..සෝවාන් කෙනෙක් අර පෘටක්ජන මිත්යා දිට්ටි වලින් නෙමෙයි කියන්නේ..
    ඔතන තියෙන වචන එකින් එක අරන්..ඒවාගේ තේරුම්..මාර්ග සිතේදි ලබපු අත්දැකීමත් එක්ක සන්සන්දනය කරහම එතන ගන්න දෙයක් නැහැ කියලා සෝවාන් කෙනා දකිනවා ( ඒත් අවිද්යාව නිසා)
    ඒ නිසා මොනවා කොහොම කිව්වත් එකයි..කොහොම මොකක් කිව්වත් අවිද්යාවම තමයා මේ එක එක විදිහට එන්නේ

    ඕක සොවාන් කෙනා දන්නවා (අත්දැකීමෙන්)
    පෘටක්ජන කෙනා දන්නැහැ

    ඉතින් ඇත්තටම ඒකත් සැපක් තමයි ජීවිතේ, මොන පස්නයක්/ මොකක් ආවත් කැරකි කැරකි මේ එන්නේ අවිද්යාව කියලා දන්න එක
    ------ Post added on Dec 23, 2024 at 11:01 AM
     
    • Like
    Reactions: MalSeven

    hpalpola

    Well-known member
  • 1. 2. ට ඔබතුමාගෙන් පැහදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනව..

    ඔන්න ඔය බස් එකට නැග ගන්ට නෙ බැරි..
    ------ Post added on Dec 23, 2024 at 10:01 AM
    ආර්ය මාර්ගයට බැස ගැනීම ගැන ඔබතුමා විසින් සඳහන් කර තිබුනා. සමහරු ආර්ය මාර්ගයට බැස ගත් තැනැත්තා ලෙසින් හඳුන්වන්නෙ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් ඒක වැරදියි. සෝවාන් මාර්ගය සහ ඵලය ලෙසින් අවස්ථා දෙකක් තියෙනවා. මාර්ග චිත්තය (මග්ග චිත්ත) සහ ඵල චිත්තය (ඵල චිත්ත). මේ අවස්ථාවෙන් මාර්ග චිත්තයේ සිට ආර්ය මාර්ගයට බැස ගත් පුද්ගලයා ලෙස හැඳින්වෙනවා. එයාට ඉක්මනට ඵලයත් ලැබෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ආර්ය මාර්ගයට බැස ගැනීම ගැන ඔබතුමා විසින් සඳහන් කර තිබුනා. සමහරු ආර්ය මාර්ගයට බැස ගත් තැනැත්තා ලෙසින් හඳුන්වන්නෙ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් ඒක වැරදියි. සෝවාන් මාර්ගය සහ ඵලය ලෙසින් අවස්ථා දෙකක් තියෙනවා. මාර්ග චිත්තය (මග්ග චිත්ත) සහ ඵල චිත්තය (ඵල චිත්ත). මේ අවස්ථාවෙන් මාර්ග චිත්තයේ සිට ආර්ය මාර්ගයට බැස ගත් පුද්ගලයා ලෙස හැඳින්වෙනවා. එයාට ඉක්මනට ඵලයත් ලැබෙනවා.

    මාර්ග චිත්තයේ සිට, අරි අට මගට බැසගත්ත කියන්නෙ මොකක්ද?

    ඔබතුමාගේ තේරුම් ගැනීම අනුව අරි අට මග කියන්නෙ මොකක්ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නිකන්ම වැඩෙන්නෙත් නැහැ නේද? අර පෘතක්ජන්යෝ වගෙ full try කරලා සරම එහම කැහැපොට ගහගෙන වඩන්නෙත් නැහැ
    . එන නිමිත්ත/සිතුවිල්ල සම්මා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන්, මිච්චා දිට්ඨියෙන්ද කින්නත් පුළුවන් ඔය දෙකෙන් එකක් කරන්න ඕනි ඒ නිසා මොකුත් නොකර ඉන්නව කියන්න බැහැ. හැබැයි අර පෘතක්ජනයන්ට වගෙ try කරල කරන්න දෙයක් නැහැ. ඕකනෙ අර ඔබතුමාට වඳුරු scene එක ඇදිල ආවෙ :lol:, පෘතක්ජනයන්ට තේරෙන්නෙ නැහැ ඔබතුමාට option එකක් තියෙනව කියල.
    ඇත්තටම සැප ජීවිත තමයි ... ඒකනේ දේශනා කරලා තියෙන්නෙ දුක් විඳිනා සත්වයින් අතර සැපයෙන් වාසය කරයි කියල...
    සැපක් කියන්නේ විස්තර කල නොහැකි තරම් පුදුම සැපක්.එහෙම කෙනෙක් ඉන්න තැනක පිරිසත් ඒ සැපය අත් විඳිනවා.