රෙද්දේ_යහපාලානේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒක උගෙ රස්සාවනේ බන් එ.ජා.ප. වැටුප් ලබමින් මෙහෙයවන සයිබර් මැතිවරන කාර්යාලවල වැඩකරන උන් ඔහොමතමයි ඒක උන්ගෙ රස්සාව, හම්බකරන් කන දෙවල් වලට හිතට එකඟ නැති උනත් කඩේ යන්න වෙනව උන්ට උන් ඔහොම දැම්මට රෑට ගෙදර ගිහින් කම්පා වෙනව ඒක තමයි ඇත්ත. ඒක පොරශිද්ද රහසක්. අපි තෙරුම් ගන්න ඕන පඩියට දාන කොමෙන්ට් මොනවද බොක්කෙන් දාන කොමෙන්ට් මොනවද කියල.

    ow ow unp sutto tikak dan methana awith baila ghnwa.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow ow unp sutto tikak dan methana awith baila ghnwa.
    කඩේ යමු. Thread දමමු. දිනකට thread 1 ක් වත් අවම වශයෙන් දැමිය යුතුය. views 100 කට වඩා තිබිය යුතුය.
    අරමුණු - යහපාලනය හොඳ බව කෙසේ හෝ පාඨකයාට ඒත්තු ගැන්වීම,මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම . ඒ සදහා ඕනෑම දෙයක් කල හැක

    දිනකට රු.150 ක් වටිනා පෝෂදායි බත් පැකට් එකක් දෙනු ලැබේ .
    සතිඅන්තයේ දී පශ්චත් භාගය සදහා මාංශපේෂි වර්ධනයට නව අත්දැකීම් ලබාදෙනු ලැබේ :lol:


    FartGuyFarting.png

    අමතන්න - ටොයි සහ ලොලු සංසර්ග කටයුතු Puක්චාර්ය Loriyak
    නියෝජ්‍ය අමාත්‍ය : P-uk(pavithra_uk)



    :lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ කියන්නෙ සිංහලයට තියෙන හැම දේම නැතිකරල ජාතිවාදි ටීඑන් ඒ එකයි. මුස්ලිම් කොන්ග්‍රසයයි ඉල්ලන හැම දේමත් දීල, ඉන්දියාව කියනවනම් තව ඒ දේත් කරල සිංහලයට අමුඩෙත් නැතිකරන කලාවක් ලෙසයි මම දකින්නෙ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනේ කියන්නෙ සිංහලයට තියෙන හැම දේම නැතිකරල ජාතිවාදි ටීඑන් ඒ එකයි. මුස්ලිම් කොන්ග්‍රසයයි ඉල්ලන හැම දේමත් දීල, ඉන්දියාව කියනවනම් තව ඒ දේත් කරල සිංහලයට අමුඩෙත් නැතිකරන කලාවක් ලෙසයි මම දකින්නෙ.
    :yes::yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික ගීයට අමුතු තාලයක්‌ : ජෙයකුමාරිට අලුත් කාලයක්‌
    jaya77.jpg


    අපේ ඉතිහාසයට අනුව එළාර යනු මේ බිම ආක්‍රමණය කළා වූ ආක්‍රමණිකයෙකි. හේ අනුරාධපුරය සිය රාජධානිය කරගෙන පාලනය ගෙන ගියේය. එකල්හි දකුණේ පාලකයා වූයේ කාවන්තිස්‌ස රජතුමන්ය. එතුමන් දකුණ පාලනය කළේය.

    නමුත් අනුරාධපුරයේ රජ වී සිටි ආක්‍රමණිකයා වූ එළාර පලවා හැර රට එක්‌සේසත් කිරීමේ වුවමනාවක්‌ එකල කාවන්තිස්‌ස රජුට නොවිනි. හේ සටන ප්‍රතික්‍ෂේප කෙරුවෙකු ලෙස "ඇල්වතුර" මානසිකත්වයක සිර වී සිටීම ඊට හේතු විය. ඉතිහාසයට අනුව ඒ කතාව ලියෑවී ඇත්තේ එලෙසය.

    එහෙත් පොතේ ඇති ඉතිහාසය එසේ වුවද මේ මොහොතේ අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ එකී ඉතිහාස කතාව නොව, අප ජීවත්වන වර්තමානයේ ඒ ඉතිහාසය යළි ලියෑවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබීමය. එහිදීත් දක්‌නට ලැබෙන විශ්මිත දෙයක්‌ද ඇත.

    ඒ එළාර, කාවන්තිස්‌ස ඉතිහාස කතාව කියෑවෙන්නේ කාවන්තිස්‌සගේ පුත් දුටුගැමුණු රජතුමන් එළාර පරදා රට එක්‌සේසත් කිරීමට පෙර වුවද වත්මන් කතාව සටහන් වෙමින් තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂයන් ප්‍රභාකරන් වනසා මේ බිම එක්‌සේසත් කිරීමෙන් පසුව වීමය. එය සිදුවෙමින් තිබෙන්නේ කෙසේද?

    මේ අලුත් කතාවට අනුව අද එළාර කෙනෙක්‌ නැත. ඊළාම් සිහිනය තුළ සිරවී මේ රට වැනසූ මිනීමරු ප්‍රභාකරන්ද නැත. නමුත් විග්නේෂ්වරන්ලා, සම්බන්ධන්ලා පමණක්‌ නොව දෙමළ බෙදුම්වාදය දිවිහිමියෙන් අදහන ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ඊනියා ටීඑන්ඒ දේශපාලනය මේ මොහොතේ ඒ තැන ගෙන සිටිති. පැහැදිලිවම පෙනෙන පරිදි ඔවුන් නැවතත් මේ රට තල්ලු කරමින් සිටින්නේ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ඊළම දෙසටය.

    අප එසේ කියන්නේද නිකම්ම නොව, පෙනෙන්නට ඇති යථාර්ථය එයම වන බැවිනි. අද දවසේa මේ සියල්ලන්ට අවැසිව ඇත්තේ ස්‌වයං පාලනය නොහොත් ඊළම ය. මීට සති කිහිපයකට ඉහතදී උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මෙන්ම සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ දේශපාලනය උතුරු පළාත් සභාවේදී බෙදුම්වාදී යෝජනාවක්‌ සම්මත කරගනු ලැබුවේද එනිසාය.

    මේ රටට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බව කියමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් කළ ඔවුන් පසුගියදා මෙරට සංචාරයකට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය නොව ඉන් එහා ගොස්‌ ස්‌වයංපාලනය නොහොත් ඊළම ලබා දෙන්නයෑයි කීවේද ඒ දුෂ්ට වුවමනාව හමුවේ ය.

    රට යන අත එසේ වෙද්දී "යකා හදන්නේ විමානය තනන්නට" බව තවදුරටත් පැහැදිලි කරමින් එදා ප්‍රභාකරන්ට කඩේ ගිය එන්ජීඕ නඩ සහ විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවද අද ක්‍රියාත්මකව සිටිනුයේ සිය ඉලක්‌කය සපුරා ගැනීමේ වේගය දෙගුණ තෙගුණ කරමිනි. ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික බලවේග සියල්ලද සුපුරුදු ලෙස එතැනටම රොක්‌වී සිටිති.

    නමුත් අද දවසේ මෙසේ ජාතිය හමුවේ තිබූ පැරණි අභියෝගය අප ඉදිරියට අලුත් මුහුණකින් පැමිණ තිබියදී වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාකාරිත්වය කෙසේ වී තිබේද? අපි වගකීමෙන් රටට කියන්නෙමු. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් බැට කෑ මිනිසුනේ වටහාගනිල්ලා "යහපාලනය" මේ මොහොතේ සිරවී තිබෙන්නේ ඉතිහාසයේ එන කාවන්තිස්‌ස රජුට අදාළ "ඇල්වතුර" න්‍යායයේමය. (මෙකී "ඇල්වතුර" යන්නට ඔබට කැමති වදනක්‌ යොදා ගැනිමේ අයිතිය ඇත)

    ඒ බව සනාථ කරන්නට අලුත් ආණ්‌ඩුව රටට පෙන්වූ "ඇලඩින්ගේ දින 100" න් දැනට ගෙවී ගොස්‌ ඇති දින හැත්තෑවකට පමණ ආසන්න කාලය තුළ යහපාලකයන් අපට ඕනෑතරම් සාධක සපයා දී ඇත. ඉතින් අපි ඒවා හෙළි කරන්නෙමු.

    පවතින අභියෝගය ඉදිරියේ මේ රට ගැන උපන් වේදනාවෙන් කරන ඒ හෙළිදරව්වේදී යළිත් වරක්‌ ඇතැමුන් ඇමැරිකාව ප්‍රධාන බටහිර කඳවුර දෙස දෙස බලා අප ජාතිවාදී "සක්‌කිළියන්" යෑයි ප්‍රසිද්ධියේ බැණ වදිමින් (....) මුට්‌ටි බිඳින්නටද බැරි නැත.

    එහෙත් ඒ බැණ වැදීම් අපට නම් "සරල සමීකරණ" බවද කිවයුතුය. මන්ද අප මේ කරන්නේ මේ රටේ වෙසෙන දෙමළ ජනතාවට එරෙහිව ජාතිවාදී වීම නොව දෙමළ බෙදුම්වාදයට එරෙහිව නැගී සිටීම වන නිසාය. අද දවසේ ප්‍රභාකරන්ගේ ඊළම වෙතට රට ඇදගෙන යමින් සිටින දෙමළ බෙදුම්වාදය ඉදිරියේ වත්මන් යහපාලනය "ඇල්වතුර" බවට පත්ව තිබෙන්නේ කෙසේද?

    මේ මොහොත වන විට මුළු රටේම ආන්දොaලනයට තුඩුදී ඇති එකී "ඇල්වතුර" වීමේ එක්‌ ප්‍රබලම කතාවක්‌ වන්නේ අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සඳහා ඉඩ ලබා දෙමින් දෙමළ බෙදුම්වාදී ඉල්ලීමකට හිස නැමීමට තරම් වත්මන් යහපාලන අණ්‌ඩුව කශේරුවක්‌ නැති බෙලහීන තත්ත්වයකට ඇද වැටීමය.

    මෙය සිදුවිය යුත්තක්‌ද? පැහැදිලිව කිවහොත් ඊට දිය හැකි එකම පිළිතුර වන්නේ නැත යන්නය. එසේ තර්ක කරන්නට හේතු සාධක ඕනෑ තරම් අපට ඇත. ජාතික ගීයේ අනන්‍යතාව යනු ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ම තහවුරු කර තිබෙන්නකි. එය ප්‍රබලම සාධකය වේ.

    එසේම ශ්‍රී ලංකාවට වඩා හැට ගුණයකින් පමණ විශාල අපේ අසල්වැසි ලොකු අයියා වන ඉන්දියාව තුළ අද දවසේ භාවිත වන භාෂාවන් ගණන දෙසීයකටද අධිකය. එහෙත් ඉන්දියාවේ ජාතික ගීය යනු එකම භාෂාවකින් ගායනා කරන්නකි. එක්‌ එක්‌ ප්‍රාන්තයට සහ එක්‌ එක්‌ ජනවර්ගයන්හි භාෂාවන්ට අනුව ඉන්දීය ජාතික ගීය ගායනා කරන්නට භාරත මධ්‍යම රජයෙන් කිසිදු අවසරයක්‌ නොලැබේ.

    ඒ ඉන්දියාව යනු ඒකීය මහා භාරතය ලෙසම තිබිය යුතු බැවිනි. ඉන්දීය රජය භාරතයේ ඒකීයත්වයට මුල් තැන දෙමින් ඉන්දියාව තුළ වෙසෙන සියලු ජන කොටස්‌ එක්‌ තැනකට ගෙන රටේ ජාතික ගීය තුළින් පවා භාරත මාතාව වන්දනීයත්වයට පත් කර ඇත්තේ එසේය.

    ඒ හමුවේ වත්මන් යහපාලනයෙන් අපට අසන්නට ඇත්තේ එක්‌ ඉන්දීය ප්‍රාන්තයකටත් වඩා කුඩා වූ රාජයයක්‌ වන ශ්‍රී ලංකාව තුළ ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නට අවසර දෙනුයේ කුමකටද යන්නය. එමගින් සිදු වන්නේ මේ බිමේ ඒකීයත්වයට පහර වැදෙමින් විග්නේෂ්වරන්ලා සහ සම්බන්ධන්ලාගේ සිහිනය වී තිබෙන බෙදුම්වාදය ඉස්‌මතු වීම නොවේද?

    කෙසේ වෙතත් යහපාලනයේ අවසරය මත දැන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැසට්‌ පත්‍රයක්‌ මගින් නීතිගත කරද අවසන්ව ඇත. එහෙයින් අපට කතා කරන්නට දෙයක්‌ද ඉතුරුව නැත. එහෙත් මේ දිනවල අන්තර් ජාලය ඔසේසේ "ෙµaස්‌ බුක්‌" හෙවත් මුහුණු පොත පෙරළා බැලුවහොත් ජාතික ගීයේ සිද්ධිය අරබයා ආණ්‌ඩුවට බඩකට පුරා ලැබෙන අයුරු ඕනෑම අයකුට දැක ගත හැකිය. එසේ මුහුණු පොත හරහා දිග හැරෙන්නේ දින සියය ගෙවීමටත් පෙර යහපාලනය පිළිබඳ ජනතාව තුළින් මතුවන විරෝධය බව ආණ්‌ඩුව වටහා ගතයුතුය.

    ජාතික ගීයේ කතාව එසේ වෙද්දී වත්මන් දෙමළ බෙදුම්වාදය හමුවේ යහපාලනය "ඇල්වතුර" වූ තවත් අවස්‌ථාවක්‌ වූයේ එල්ටීටීඊ හිතවාදී ක්‍රියාකාරිනියක ලෙස ත්‍රස්‌තවාදී පනත යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ජෙයකුමාරි බාලේන්ද්‍රන් නමැත්තිය රටට එරෙහි එන්ජීඕ නඩයක බලකිරීම් ද සමඟ ඇප මත නිදහස්‌ වී යැමය.

    මෙකී ජෙයකුමාරි නමැති කොටි හිතවාදිනියට අධිකරණය මගින් ඇප ලබා දීම සහ ඒ සඳහා නීතිපතිවරයා උපදෙස්‌ දීම පිළිබඳ අපි කිසිත් කතා නොකරමු. මන්ද එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වී තිබෙන නිසාය. එහෙත් ජෙයකුමාරි යනු කවුදැයි මේ මොහොතේ අපි රටට කියන්නෙමු. ඒ ජනතාවට යථාර්ථය අවබෝධ කරගනු පිණිසය.

    යක්‍ෂයා පරාජය කළ මානුෂීය මෙහෙයුම අවසන් කාලයේ සිදුවූ එක්‌ සුවිශේෂි දෙයක්‌ තිබිණි. ඒ ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්ට එරෙහි අවි අතට ගෙන සිටි ත්‍රස්‌තයන් පොකුරු පිටින් පැමිණ යටත්වී හමුදාවන්ට භාර වෙද්දී ඇතැම් ත්‍රස්‌තවාදීන් රහසේම සටන හැරදා පලා යැමය.

    එසේ පැන ගිය ත්‍රස්‌තවාදීන් අතර එල්ටීටීඊයේ බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම මරාගෙන මැරෙන කලු කොටින් සහ රාධා, ඉම්රාන් පාණ්‌ඩියන් වැනි විශේෂ බලකායන්ට අයත්ව සිටි ප්‍රබල ත්‍රස්‌තයෝද වූහ.

    කෙසේ වෙතත් යුද්ධය අවසානයේ හමුදාවන්ට භාර වූ ත්‍රස්‌තවාදීන් සියලු දෙනා පුනරුත්ථාපනයකට ලක්‌ කර පසුව මුදා හරින්නට එවකට පැවති රජය කටයුතු කළද පැන ගිය ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරීමට රජයට නොහැකි විය. එකී ත්‍රස්‌තවාදීන් අදටත් පුනරුත්ථාපනය නොවූවන් ලෙස සමාජගතව සිටින බවද මෙහිදී කිවයුතුය.

    මෙලෙස පැන ගිය ත්‍රස්‌තයන් බොහෝ දෙනකු අවසානයට නතර වූයේ විවිධ උපක්‍රම මගින් විදේශගත වී ස්‌විට්‌සර්ලන්තය, ස්‌වීඩනය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ආදී වශයෙන් වූ බටහිර සහ ස්‌කැන්ඩිනේවියානු රටවල් සිය නවාතැන් කර ගනිමිනි. ඒ දේශපාලන රැකවරණමත විය.

    එතැන් පටන් එම ත්‍රස්‌තවාදීන් කරනු ලැබුවේ පුනරුත්ථාපනය ලැබූ සහ නොලැබ උතුරේ ජනතාව අතර සිටි සිය සාමාජිකයන් දිරිගන්වමින් එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ප්‍රයත්න දැරීමය. ඒ විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේද සහාය ලබමිනි. එසේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නැවත මතු කිරීමේ උත්සාහය "අලුයට ගිනි" සේ දැනුදු ක්‍රියාත්මකව ඇති බව ආරක්‍ෂක බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබෙන්නකි.

    ජෙයකුමාරි නමැති කොටි හිතවාදිනිය රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානද සමඟ තමන් මානව හිමිකම් ක්‍රියාකාරිනියක යෑයි හඳුන්වා ගනිමින් මුලින්ම මතු වන්නේ මෙකී කාලසීමාවේදීය. එය ඉකුත් 2011 වසරේ මාද භාගය පමණ විය.

    ඒ මුලින් කී පරිදි යුද්ධය අවසානයේදී හමුදාවන්ගෙන් බේරී විදේශ රටවලට පැන ගිය ත්‍රස්‌තවාදීන්ගේ ඡායාරූප සහිත පුවරු ගෙන ප්‍රදර්ශනය කරමින් ආරක්‍ෂක හමුදා ඔවුන්ව අතුරුදන් කළේ යෑයි පවසා රජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌ව කිලිනොච්චිය ප්‍රදේශයේ උද්ඝෝෂණ පවත්වමිනි.

    එතැන් පටන් ඇය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට පහර දීම හමුවේ ශ්‍රී ලංකා රජය සහ හමුදාවන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩ කළේ යෑයි පවසමින් ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනී සිටිමින් රාජ්‍ය විරෝධීව හඬ නැගූ අවස්‌ථා බොහෝ තිබිණි. එය වසර දෙක තුනක්‌ම සිදු වූවක්‌ විය. එහෙත් ඒ දිනවල ඇගේ රංගනය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයක්‌ ආරක්‍ෂ අංශවලට නොවීය.

    මන්ද ඒ වන විටත් උතුරේ සිටින පුනරුත්ථාපනය නොවූ සහ පුනරුත්ථාපනය කෙරුණු කොටි සාමාජිකයන් එකතු කරගෙන විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාව මගින් ත්‍රස්‌තවාදය යළි මතුකිරීමට හෙවත් ප්‍රතිසංවිධානය වීමට සුදානම් වන බවට ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබූ බැවිනි.

    මෙසේ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වීම හේතුවෙන් ඉකුත් 2014 වසර වන විට ආරක්‍ෂක අංශ සිටියේ එල්ටීටීඊ යේ නැවත මතුවීම ආරම්භයේදී අවසන් කිරීම සඳහා සූක්‍ෂම බුද්ධි මෙහෙයුමක නිරතවය. ඒ අතරේ 2014 මාර්තු මාසයේ දිනක පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරින්ට එල්ටීටීඊයේ මතු වීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් තොරතුරක්‌ ලැබිණි.

    එකී තොරතුර වූයේ කොටි ත්‍රස්‌තවාදය නැවත ඇති කිරීම සඳහා සූදානම් වූ තරුණයන් කණ්‌ඩායමක්‌ කිලිනොච්චියේ නිවසක සැඟවී සිටින්නේ යෑයි යන්න විය. එම තොරතුරත් සමඟ කිලිනොච්චිය බලා ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ නිවස වටලනු ලැබුවේ ත්‍රස්‌තවාදී තරුණයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙමිනි.

    නමුත් එහිදී සිදු වූයේ පොලිසිය කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි. එම නිවසේ සිටි ත්‍රස්‌තයන් පොලිසියට වෙඩි තබා පලා ගියේය. එහිදී එක්‌ පොලිස්‌ නිලධාරියකුට බරපතළ ලෙස තුවාලද සිදු විය. මෙසේ පොලිසියට වෙඩි තබා පැන ගිය ත්‍රස්‌තවාදීන් සැඟවී සිටි කිලිනොච්චියේ වූ එම නිවස කුමක්‌ද?

    එය මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනී සිටි ජෙයකුමාරි සිය දියණිය සමඟ පදිංචිව සිටි නිවස විය. එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීමට පැමිණි ත්‍රස්‌තයන්ට රැකවරණ ලබා දී තිබුණේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ලේබලය අලවා ගනිමින් රට ඉදිරියට පැමිණි ජෙය කුමාරි බව එහිදී පොලිසිය අනාවරණය කර ගත්තේය.

    ජෙයකුමාරිව ඉකුත් 2014 වර්ෂයේ ත්‍රස්‌තවාදී පනතට යටතේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ එසේ ත්‍රස්‌තවාදීන්ට රැකවරණ සැපයීම හේතුව මතය. මේ සිද්ධියත් සමඟ ජෙයකුමාරිගේ නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි තබා පලා ගිය ත්‍රස්‌තයන් සොයා යුද හමුදා බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබිණි.

    අවසානයේ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ කැලයක්‌ තුළ සැඟව සිටියදී ඉකුත් 2014 වසරේ අප්‍රේල් මස 11 වැනිදා එම ත්‍රස්‌තවාදීන් කොටු කර මරා දැමීමට යුද හමුදාව සමත් විය. එසේ මරා දැමුණු ත්‍රස්‌තවාදීන් වූයේ කවුරුන්ද? ඒ එල්ටිටීයේ නව නායකයා යෑයි කියාගත් ගෝපි සහ අප්පන්, තේවියන් නමැති බිහිසුණු ත්‍රස්‌තයන් තිදෙනා විය. මොවුන් තිදෙනාම යුද්ධයේ අවසන් කාලයේ විදෙAශ රටකට පලා ගොස්‌ සිටි බවද පසුව අනාවරණය වූවේය.

    එල්ටීටීඊ යේ නව නායකයා ලෙස නැවත ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට ගෝපි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ස්‌විට්‌සර්ලන්තයේ සිට බවද හෙළි වී තිබිණ. ජෙයකුමාරි එදා රැකවරණ දී තිබුණේ එම බිහිසුණු ත්‍රස්‌වාදීන් තිදෙනාටය. යම් හෙයකින් එසේ සැඟව සිට උතුරේ යළි ත්‍රස්‌තවාදය මතු කිරීමට ගෝපි, අප්පන්, සහ තේවියන් නමැති ත්‍රස්‌තයන්ට එදා හැකි වූයේ නම් අදටත් එයින් විඳවනුයේ ජෙයකුමාරිද?

    නැත. එසේ වූයේ නම් විඳවීමට සිදු වන්නේ ජෙයකුමාරිද නියෝජනය කරන උතුරේ දෙමළ ජනතාවට සහ මේ රටේ වෙසෙන සිංහල, මුස්‌ලිම් සහ බර්ගර් ආදී ලෙසින් වූ සමස්‌ත ජනතාවටම නොවේද?

    එසේ ත්‍රස්‌තවාදයට උඩගෙඩි දී හිරේ ගිය ජෙයකුමාරි වෙනුවෙන් යහපාලනය මතුවීමත් සමඟ හඬ නගන්නට වූ එන්ජීඕ නඩ මීට සති කිහිපයකට ඉහතදී හඬා වැටෙමින් කියන්නට වූයේ ජෙයකුමාරිට වැඩිවියට පත් සිය දියණියගේ කටයුතු සඳහාවත් යැමට ආණ්‌ඩුව අවස්‌ථාවක්‌ නොදුන් බවකි.

    නමුත් මෙහිදී වැඩිවියට පත්වීමට ආසන්න දියණියක්‌ සිටින අම්මා කෙනකු ත්‍රස්‌වාදීන් පිරිසක්‌ රෙද්ද අස්‌සේ සඟවාගෙන සිටියේ කුමණ මව් ගුණයටදැයි එකී එන්ජීඕකාරයන්ගෙන් පෙරලා විමසන්නට ආණ්‌ඩුවට හයියක්‌ නොතිබිණි. ඒ අනුව අවසානයට සිදු වූයේ එන්ජීඕ නඩවල හඬනැගීම අතරේ ජෙයකුමාරි නමැති කොටි දෙන ඇපමත නිදහස්‌වී යැමය.

    කෙසේ වෙතත් ජෙයකුමාරිට ඇප ලැබුණේ නීතිපති උපදෙස්‌ මත රටේ නීතියට අනුවය. නමුත් පැහැදිලි සිද්ධියකට අනුව ත්‍රස්‌තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ජෙයකුමාරිට එක්‌වරම ඇප ලබා දෙන්නට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවේ කුමන පදනමක්‌ මතද? ඒ පසු පස යහපාලනයේ යම් දේශපාලන වුවමනාවක්‌ නොතිබුණේද?

    ජෙයකුමාරිට හිටිහැටියේම මෙසේ ඇප ලැබීම අද රටේ ජනතාව අතරේ ප්‍රශන්ගතව තිබෙන කරුණකි. එසේම ජෙයකුමාරිගේ නිදහස හමුවේ රටට අහිතකර වූ වැරදි පූර්වාදර්ශයක්‌ සමාජගත නොවූයේද? "දෙමළ බෙදුම්වාදයේ සිරවී සිටින්නවුනි, රට වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යළි මතු කිරීම සඳහා වෙහෙසෙන්නට බිය නොවෙල්ලා නුඹලාට නිදහස ලැබෙන්නේ" යෑයි ලෙසින් වූ පණිවුඩය ජෙයකුමාරිගේ සිද්ධිය තුළින් සමාජගත නොවන්නේද?

    ඒවාද තවත් පසෙකින් මෙකී සිද්ධිය හමුවේ මතුවන රටේ පැත්තෙන් ගත් කල වැදගත් වන ප්‍රශ්න නොවේද? කුමකින් කුමක්‌ හෝ වේවා ජෙයකුමාරි දැන් නිදහස්‌ වී ගොස්‌ අවසන්ය. වත්මන් දෙමළ බෙදුම්වාදය ඉදිරියේ යහපාලනය දැන් ඉතිහාසගත කාවන්තිස්‌ස රජ න්‍යායේ "ඇල්වතුර" එකක්‌ බවට පත්ව තිබෙන බව අප කියන්නේ මෙවන් සිදුවීම් හමුවේය.

    එකී "ඇල්වතුර" යහපාලනය ඉදිරියේ අවසන් වශයෙන් ආණ්‌ඩුවෙන් අසන්නටද අපට ප්‍රශ්නයක්‌ ඇත. ඒ මෙසේය. ඓතිහාසික කාවන්තිස්‌ස කතාවේදී කාවන්තිස්‌ස රජතුමන් අභියෝගය මඟහැර සිටිනවිට එතුමන්ට ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ කට්‌ටලයක්‌ පිළිගන්වා රට වෙනුවෙන් සටන අරඹන්නට කාවන්තිස්‌ස පුත් දුටුගැමුණු කුමරුන් එදා කටයුතු කළේය. ඒ අයුරින් මෙදා ද මතුවී තිබෙන අභියෝගය හමුවේ දුටුගැමුණු කුමරුන් යළි ආවොත් ගවුම් ඇන්දවා මාල වළලු සමඟ නළලත තිලකයක්‌ද තැබිය යුත්තේ යහපාලනයේ කාට කාටද?

    සමන් ගමගේ

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රට එරෙහි උනේ නැත්තේ එක නෙවේ බන් මහින්දට තියෙන බයේ .. අර කොල්ලෝ පාරට බැහැලා අකුරු ඉගෙන ගන්න අයිති ඉල්ලනකොට පොලිය දාලා වටේම කෙලිනකොට කෙල්ලොන්ටත් එක්ක කිහිපවතාවක්ම බල්ලොන්ට වගේ ගහපු අන්ඩුව.. අකුරු ඉල්ලලා එහෙම කළා නම් .. සරත්ෆොන්සේකා වෙනුවෙන් එලියට බැස්සා නම් පුක පලලා ඇටේ දෙකෙන් එල්ලා ටොකු අනිනවා අනිවාර්යෙන්ම ... සරත්ෆොන්සේකා වෙනුවෙන් කතා නොකරපු ජාතික අබිමානය ජාතිවාදය රට පිළිබද කැක්කුම මතුවෙන්නේ අර හමුදාවෙන් පැනලා ගිහිං ඇමරිකාවේ කොම්පියුටර්වල දුවිලි පිහිදපු නිහින ජාතය පිළිබද උබලගේත් තියෙන්නේ අරපාට වාදය බන් සරත්ෆොන්සේකා UNP එකට හවුල් උනොත් මිනිහා කොටියා ,ජඩයා ,පාවාදෙන්න ,කුහකයා , එත් මහින්දට කේපී හවුල් වෙනකොට කේපී හොදයි කේපී කොටියා නෙවේ කේපී රට රකින විරුවෙක් .. අනේ බන් උබලාගේ රටගැන තියෙන කැක්කුම ඔබාගනිල්ලා පුකේ .. පාට වාදියෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: