රෙද්ද....

supunran

Member
Jul 24, 2007
51
7
0
Marawila
මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

මේකයි කතන්දරේ..

දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු. ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට,

ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ. පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.
ඉතින් කොල්ල කියල, "අම්මගෙ රෙද්ද"කියල.
කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි..
:yes::yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත කතාවක් වුනත් බොරු කතාවක් වුනත්...
    කතාවට නම් අපිට හිනා ගියා.. :D
    රෙප් +

    (අකුරු පොඩි කරලා දැම්මා ම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    කොහොමත් කට්ටිය කියවයි මේක.. )
     

    supunran

    Member
    Jul 24, 2007
    51
    7
    0
    Marawila
    <font size=5>ආහ්.... මම නිදිමතේ ලිව්ව හින්ද, අකුරු ලොකුවට කියවෙන්න ඇති..... ඊලඟ පාර පොඩියට ලියන්න ඕනි.. තැන්කූ...</font>
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    "අම්මගෙ රෙද්ද
    8.gif
    8.gif

    :lol::lol::lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
    7.gif
    rep +++
    rep +++