රෙස්ලින්..ඉතිහාසය

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රෙස්ලින්..ඉතිහාසය

    [ප්‍රෝෆෙෂනල් රෙස්ලින්ග් (Pro Wrestling) කියන්නෙ ලෝකප්‍රසිද්ධ විනෝදාත්මක-ක්‍රීඩාවක් (Sports Entertainment). මොකද මේකට Sports Entertainment කියන්නෙ? හේතුව තමයි මෙහි ප්‍රධාන අරමුණ ජය-පැරදුමට වඩා නරඹන්නන්ට විනෝදය සැපයීම. ඔලිම්පික් වල තියෙන රෙස්ලින් වලත් (සාමාන්‍ය ව්‍යවහාරයේ මල්ලවපොර) මේ රෙස්ලින් වලත් වෙනස අන්න එකයි. මේ විනෝදාත්මක, චිත්‍රපට-බඳු ගති ලක්ෂණ නිසා අද වෙද්දී ප්‍රෝ රෙස්ලින් ලෝකයේ වැඩියෙන්ම කතාවෙන, ඒ වගේම වැඩිම ආදායමක් උපයන ක්‍රීඩාවක් බවට‍ පත්වෙලා තියෙනවා.


    The Undertaker & Triple H

    මෙහි ආරම්භය ගැන කතා කලොත්, අපිට දැකගන්න පුළුවන් 19වන සියවසේ ඇමෙරිකාවේ තැනින් තැන ගිය සර්කස් වල අංගයක් විදිහට තමයි මේක ආරම්භ වෙලා තියෙන්නෙ. ඒ කාලේ ඇත්තටම සාමාන්‍ය මල්ලවපොර තරඟ විදිහට, එළිමහන් පීට වල පවත්වලා තියෙනවා. ඉන් පස්සේ 1920-1940 වගේ වෙනකොට මෙහි විනොදාත්මක අගයත්, ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් නිසා, සර්කස් වලින් බැහැර වෙලා තනි තනි ප්‍රවර්ධක ආයතන (Promoters) විදියට ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වෙනවා. 1948දී පිහිටවපු NWA එහෙමත් නැත්නම් National Wrestling Association කියන්නෙ අන්න ඒ වගේ පිහිටවපු, නමුත් මුළු ඇමෙරිකාව පුරාම පැතිරුණු ප්‍රවර්ධන ආයතනයක්.


    Gorgeous George

    ඊටත් පස්සේ 1950 දශකයේදී රූපවාහිනිය ජනප්‍රිය වීමත් සමගම මේ රෙස්ලින් තරඟ තව තවත් ජනතාව අතරට ගමන් කලා. මේ යුගය "රත්ත්‍රන් යුගය" කියල තමයි අද හඳුන්වන්නේ. ඒත් එක්කම ඇතිවුනු දෙයක් තමයි එතෙක් පැවති සම්ප්‍රදායික මල්ලවපොර තරු වෙනුවට වර්ණවත්, උපක්‍රමශීලී, විනෝදාත්මක චරිත (Gimmick Characters) පිටියට අවතීර්ණය උනා. Gorgeous George කියන්නෙ එහි ආරම්භකයා. ඔහු ඇත්තටම කලේ මල්ලවපොර ශුරයාව චිත්‍රපටියක චරිතයක් වගේ කිරීම. ඒක නිසා සටනට අමතරව සටන් කරුවන් වටාත් කතාවක් ගොඩනැගුනා. ඔහුගෙන් පස්සෙ මෙය ප්‍රගුණ කල අය විදියට අපිට හඳුන්වන්න පුළුවන් Hulk Hogan (ඔහුගේ Real American Hero චරිතය, පිටියට ඇතුල්වීමේදී ඇඳ සිටින කමීසය ඉරා දැමීම, තරගයක් ජයගැනීමෙන් පසුව දක්වන ඉරියව්), The Undertaker (සොහොන්පල්ලාගේ චරිතය, මොටර්සයිකල්කරු චරිතය, තේමා ගීතය) හා Stone Cold Steve Austin (බීර පානය, නීති කඩකිරීම, පාලනතන්ත්‍රය සමග ගැටුම්).



    Hulk Hogan
    1979දී World Wide Wrestling Federation/WWWF (පසුව WWF, අද වනවිට WWE) ආරම්භවීම, මම දකින විදිහට, රෙස්ලින් ගමන්මග වෙනස් කළා. රෙස්ලින් ලෝකප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා 1980 දශකයේදී. ප්‍රධානම හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන් Hulk Hogan. වැඩි වැඩියෙන් තරුණ හා ළමා පිරිස අතරේ මේක ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ වගේම හොලිවුඩය රෙස්ලින් සමග එක්වුණා. රෙස්ලින් තරු චිත්‍රපටි වලට දායක උනා වගේම නළු නිලියෝ රෙස්ලින් ඉසව් වලට සහභාගී උනා. මේ දශකයේදීම WWF විසින් Wrestlemania, Survivor Series හා Royal Rumble කියන විශේෂ රෙස්ලින් ඉසව් හඳුන්වා දුන්නා. එය රෙස්ලින්වල ජනප්‍රියත්වය තවතවත් වැඩි කරන්නට සමත්වුණා. 1980s Wrestling Boom එහෙමත් නැතිනම් Hulk Hogan Era ලෙස අද මෙම කාලවකවානුව හඳුන්වනවා.


    Stone Cold Steve Austin
    1990 මැද වෙද්දී WCW/World Championship Wrestling කියන ආයතනය, WWF පරදවා ජනප්‍රිය වුණා. හේතුවක් ලෙස බොහොමයක් WWF තරු WCW වෙත යාම වගේම අලුත් තරු හඳුන්වාදීම දක්වන්න පුළුවන්. Rey Mysterio, Eddie Guerrero, Chris Jericho, Goldberg, Booker T කියන්නෙ WCW හඳුන්වාදුන්නු අලුත් තරු. නමුත් 1998දී Stone Cold, Mr. Mcmahon වැනි චරිත නිසා ආරම්භවුන Attitude Era මගින්, නැවතත් WWF තමන්ගේ සිටි ස්ථානය කරා පැමිණියා වගේම 2000 ආරම්භයේදී WCW තමන් යටතට මිලදී ගන්න සමත්වුණා. 2001දී WWF, WWE/World Wrestling Entertainments ලෙස නම වෙනස් කළා. Attitude Eraහිදී සිදුවුණු Monday Night Wars කියන සිදුවීම රෙස්ලින් නව මානයකට යොමු කළා කියල කියන්න පුළුවන්. එවකට WWF වල RAW වැඩසටහනත්, WCW වල NITRO වැඩසටහනත් රූපවාහිනියේ ප්‍රචාරය වුනේ සඳුදා රාත්‍රියේ එකම වෙලාවේ. මේ නිසා තම තමන්ගේ වැඩසටහන් වෙත වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් ඇද ගැනීමට ආයතන දෙක අතර ඇතිවුන තරගය තමයි Monday Night Wars කියන්නෙ.

    Triple H

    අද වෙද්දී WWE ප්‍රෝ රෙස්ලින් වලින් අංක එක ස්ථානයේ සිටිනවා. Triple H, Chris Jericho, The Undertaker, Kane, Big Show, John Cena, Randy Orton වගේ ප්‍රවීණ තරු වගේම, The Miz, Cody Rhodes, CM Punk, Wade Barrett, Daniel Bryan, Dolph Ziggler, Zack Ryder වගේ නවක තරු වලිනුත් WWE පරිපුර්ණයි. අනෙකුත් ආයතන ගැන කතා කලොත් TNA එහෙමත් නැත්නම් IMPACT Wrestling, Ring Of Honor කියන ආයතනත් ඇමෙරිකාවේ වගේම ලෝකය පුරා අනුගාමිකයන් සහිත ආයතන.

    ලංකාවේ රෙස්ලින්ග් වලට තියෙන පිළිගැනීම කොහොමද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ රෙස්ලින්ග් වලට තියෙන පිළිගැනීම කොහොමද?

    2011 / 2012 පස්සේ බලන්නේ නැතුව ගියා

    in your house vcd 2 එන කාලේ ඉදන් බැලුවා

    දැන් ඕවයේ බොරුව ලංකාවේ ගොඩක් උන් දන්නවා
    :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    දැන් නම් රෙස්ලින් මෙලෝ වැඩක් නැහැ.ගොඩක් උන් බලන්නේ නැහැ.මාත් ඉස්සර නම් හැමදාම බැලුවා..දැන් බලන්නේ UFC:D
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පොඩි කාලේ බැලුවා ඩෙක් වලින්. 93-95 වගේ කාලේ. :D
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දැන් රෙස්ලින් පොරවල් ඇඩ් දානවා වැඩියි..
    ලඟදි බැලුව මචෝමෑන්ස්ගේ පරණ ෂෝ එකක්..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    maamth eh dawas wala aaasama gold berg ta bng
    habai dan nam oke inna hodama eka brokaa thamai :yes:


    12-awesome-facts-about-wwe-superstar-brock-lesnar.jpg


    Muge workout ehema dakahama baya hithenawa yakow :sorry::shocked:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සොහොන;19816356 said:
    ලංකාවේ රෙස්ලින්ග් වලට තියෙන පිළිගැනීම කොහොමද?

    2011 / 2012 පස්සේ බලන්නේ නැතුව ගියා

    in your house vcd 2 එන කාලේ ඉදන් බැලුවා

    දැන් ඕවයේ බොරුව ලංකාවේ ගොඩක් උන් දන්නවා
    :P

    sira kathawa.mamath 2006 idan baluwa 2009 withara wenakan eka digata.passe boruwa wadi wenna gaththa.