කුමාර456..... මේ ඔබේ අවධානය පිණිසයි......

බලමුකෝ නෙහ් මොකෝ කියන්නේ කියලා
photography කියන්නෙ කළාවක්..ඒක සාපේක්ෂයි...
ගෙදර ඉන්න ගෑනු කෙනෙක්ටත් උයන්න පුලුවන් රසට... හන්දියේ කෑම කඩේ කෝකියටත් රසට උයන්න පුලුවන්... තරු පහේ හෝටල් වල කෝකියන්ටත් රසට උයන්න පුලුවන්... ඉතින් රස අනුව කෑම ගන්න තැන තීරණය කරන්නෙ කෑම කන කෙනා...
පට්ට කැමරාවක් තිබ්බට.. ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක් අරගෙන ෂුට් කරාට.. ජනප්‍රිය වෙන්න (ජනයාට ප්‍රිය වෙන්න - විශේෂයෙන්ම ලිංගිකත්වය මූලික කරගෙන තරුණ පරපුරේ අවධානය ගන්න බාගෙට හෙලුවෙන් පින්තූර ගත්තට.. ඒක වෘත්තීය මට්ටමේ ජායාරෑපකරණය වෙන්නෙ නැහැ. එත් එහෙම අයට එපා කියන්නත් අපිට බැහැ. එයා ඒ හෙලුවෙන් ගන්න පොටෝ ගන්නෙ එයාගෙ කැමරාවෙන්.. එයා මොඩ්ල්ට සල්ලි දීල අරගෙන.. එයාගෙ පේජ් එකක පබ්ලිෂ් කරනවා. හැබැයි ඒකෙ මොඩ්ල් photography වල තියෙන්න ඕනි තියරි-ලක්ෂන මුකුත් නැහැ. නිකන් බාගෙට හෙලු කෙල්ල විතරයි. ඉති්න් එහෙම කරන අය නිසා සාපේක්ෂව හැමෝටම නරක නාමෙ එන එක අසාධාරණයි. උදාහරණයක් විදිහට යුනිටි එකෙත් ලැප් තියෙනවා.. ජෝන් කීල්ස් එකෙත් ලැප් තියෙනවා. මෙට්රොපොලිටන් එකෙත් ලැප් තියෙනවා. අපේ බස් ලබ්බ ගාවත් ලැප් තියෙනවා. ඉතින් තෝරාගැනීම තම තම නැණ පමණින් තමයි..
තව දෙයක්..ඉස්සර කාලෙ ඉදලම තිබ්බ දෙයක් තමයි නියුඩ් photography කියන්නෙ. ඒක බොහෝ දුරට ලයිටින් සහ කර්ව්ස් හයිලයිට් වෙන්න කරන කළාත්මක වැඩක්.. ඒක කලාවක්. ඉස්සර ඉදලම කරල තියෙනවා ලංකාවෙ සුපුසිද්ධ අය. ඒත් තාම සමහරු ඒ වචනෙට බයයි. ඒත් ඒක කලාවක්. හැබැයි දැන් ඉන්න සමහරු ඒක අවස්ථාවක් කරගෙන උඹ කිව්ව වගේ මොඩ්ල් තිබ්බ ගැහුව.. ඊට පස්සෙ වෙන ඒවා... ඉතින් අර කළාව බල්ලට ගිහින්.. බල්ල මොඩ්ල් එක්ක ගිහින්... ඉතින් දැන් කාගෙන් හරි මොඩ්ල් ෂුට් එකකට එන්න කියල අහන්නත් බයයි.. ඒත් දැන් සල්ලි කීයක් හරි දෙනවනන් මොන විදිහට හරි ෂූට් එකකට ඉන්න මොඩ්ල්ස්ල ඉන්නව අනන්ත... උඹ කියන එක හරි. ලොකු ගානකට කැමරාවක් අරගෙන සල්ලි දීල මොඩ්ල් කෙනෙක් අරගෙන නිර්වස්ත්‍ර කරල පොටෝ ගහල photography පේජ් එකක් දාන එක අද කාලෙ පැෂන් එකක් වෙලා. කොලිටි එක ගැන වොරි වෙන අය දන්නව රස මොකක්ද කියල. ඒ අය ඔය පැෂන් එකට, ඔය රැල්ලට අහුවෙන්නෙ නැහැ. මම දන්න කියන මොඩ්ල්ස්ල ඉන්නවා පට්ට ඩීසන්ට් කැරැක්ටර්ස් තියෙන. සමහරු සල්ලි වලට පොටෝ වලර අමතරව තවත් දේවල් ගහන්න අවස්ථාව දෙනවා. ලෝකෙ හොද නරක දෙකම තියෙනවා. සුදු කළු දෙකම තියෙනවා. හරි වැරැද්ද දෙකම තියෙනවා. තමන් කරන වැඩේ හරියට කරානන් එච්චරයි. අපිට සමහර දේවල් වලක්වන්න අමාරුයි. හැබැයි අපි කරන දේ පාලනය කරන්න පුලුවන් අපි හැමෝටම
හැබැයි තව සීන් එකක්. අනේ දෙයියනේ මල්ලිලා.. ලක්ෂ ගණන් කැමරා අරගෙන පහසුව බලල ඔටෝ දාගෙන පොටෝ ගහන්න එපා.කැමරාවටත් අපහාසයක්. ඉගෙන ගනිල්ලා... ගොඩක් දේවල් තියෙනවා photography වල.. ඉන්ටර්නෙට් එකේ බලන්න යූටියුබ් බලන්න. ටියුටෝරියල් ෆලෝ කරන්න. කොපි කරන්නෙ නැතුව අලුත් දේවල් කරන්න.. නියුඩ් හරි කරපන් කලාවට. තිබ්බ ගැහුව පබ්ලිෂ් කරා නැතුව