රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

    ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව අපි ඔබට පසුගිය දා තොරතුරු වාර්තා කලා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්.

    මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි.

    තිවන්ක ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා කිරීමත් තුළ තිවන්ක නිහඬව සිදු කරගෙන ගිය වැඩකටයුතුවලට බාධා එල්ල වේ යැයි ඇතැමුන් අදහස් පළ කළා.

    කෙසේවෙතත් මේ පිළිබඳව වාර්තාවෙන අලුත්ම තත්ත්වය නම් සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ තිවන්කගේ තොරතුරු දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිලධාරීන් කණ්ඩායමක් තිවන්කගේ නිවසට යවා තිබීමයි.

    ඒ ඔහු පිළිබඳව සොයා බලා ඔහුගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යකරන ආධාර සහ උපදෙස් ලබා දීම වෙනුවෙනි.

    මෙම සිදුවීමත් සමග තිවන්කගේ අනාගත බලාපොරොත්තු තව දුරටත් ශක්තිමත් වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂි හැකියාවක් පෙන්නුම් කරන තිවන්ක මාවතගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක දරුවෙකි.

    මේ වන විට තිවන්ක මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

    ජනාධිපති නිලධාරීන්ගෙන් තිවන්ක ඉල්ලා ඇත්තේ සිය පරීක්ෂණ කටයුතු සඳහා තව දුරටත් සහය වන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා තාක්ෂණික හා ඉංජිනේරු ඒකකයේ සහය තිවන්කට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තිවන්කගේ රෝකට් ගුවන් ගත කිරීමට අවසර ලබා දෙන ලෙසද රෝකට් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගිකව ඉගෙනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආයතනයක් නොමැති හෙයින් අවශ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් අදාළ නිලධාරීන් ජනපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.

    073.jpg

    11666146_1040648672615069_3944949957974796541_n1.jpg

    HathoR-Aerospace-AiR-Touch-03-Rocket-01.jpg

    HathoR-Aerospace-AiR-Touch-03-Rocket-02.jpg

    HathoR-Aerospace-AiR-Touch-03-Rocket-03.jpg

    HathoR-Aerospace-Sky-Touch-01-Rocket-02.jpg

    12776847_1362709053754897_418831765_o.jpg
     
    • Like
    Reactions: Sachira123

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(

    :lol::lol:

    සිඞ්හළීස් ගතිය...එහෙම තමා යකෝ...ඇමෙරිකාව බෝම්බ අත්හදා බලනවා වගේ..උන් ගිහින් බල්ලෙක්වත් නැති පැතිවලට බෝම්බ ගහන්නේ? :dull:

    උබල හිනා වෙනවද මුන් කවුරුත් නැති පැති වලට බෝම්බ ගහන්නේ මැස්සෝ මරන්නද කියල අහල? :lol:

    මේකත් පරීක්ෂණයක්...:baffled: මූ කවදාහරි ලංකාවෙන් රොකට්ටුවක් යැව්වොත් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ යවල කාටද සතුටු? :P ඌටනේ...අපිට නෙමෙයි...අපි සිඞ්හළනේ... :baffled::rofl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Uba Lakshman Kiriellage le nayoda ban? :lol:

    :lol::lol:

    සිඞ්හළීස් ගතිය...එහෙම තමා යකෝ...ඇමෙරිකාව බෝම්බ අත්හදා බලනවා වගේ..උන් ගිහින් බල්ලෙක්වත් නැති පැතිවලට බෝම්බ ගහන්නේ? :dull:

    උබල හිනා වෙනවද මුන් කවුරුත් නැති පැති වලට බෝම්බ ගහන්නේ මැස්සෝ මරන්නද කියල අහල? :lol:

    මේකත් පරීක්ෂණයක්...:baffled: මූ කවදාහරි ලංකාවෙන් රොකට්ටුවක් යැව්වොත් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ යවල කාටද සතුටු? :P ඌටනේ...අපිට නෙමෙයි...අපි සිඞ්හළනේ... :baffled::rofl:

    kammali ban reply kerenna.:baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(

    මචං ළමයි ඉපදුන ගමන් ඇවිදින්නේ නෑනේද?:)
    ඒ වගේ තමා මේකත් ටිකෙන් ටික දියුනූ වෙයි
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    "ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන..."

    අභ්‍යාවකාශයට yanne kohoma owayin. oka hobby ekakne. FB page kaarayo thamai boruwata owa pumbanne. anthimata ara kolla horek borukaarayek wenawa. අභ්‍යාවකාශයට aduma 100km wath yanna ona, escape velocity eka 11km per second thaniyama gedara indan karanna puluwan wadak nam newei :rofl:
     
    Similar threads