රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි
ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව අපි ඔබට පසුගිය දා තොරතුරු වාර්තා කලා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්.
මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි.
තිවන්ක ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා කිරීමත් තුළ තිවන්ක නිහඬව සිදු කරගෙන ගිය වැඩකටයුතුවලට බාධා එල්ල වේ යැයි ඇතැමුන් අදහස් පළ කළා.
කෙසේවෙතත් මේ පිළිබඳව වාර්තාවෙන අලුත්ම තත්ත්වය නම් සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ තිවන්කගේ තොරතුරු දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිලධාරීන් කණ්ඩායමක් තිවන්කගේ නිවසට යවා තිබීමයි.
ඒ ඔහු පිළිබඳව සොයා බලා ඔහුගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යකරන ආධාර සහ උපදෙස් ලබා දීම වෙනුවෙනි.
මෙම සිදුවීමත් සමග තිවන්කගේ අනාගත බලාපොරොත්තු තව දුරටත් ශක්තිමත් වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂි හැකියාවක් පෙන්නුම් කරන තිවන්ක මාවතගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක දරුවෙකි.
මේ වන විට තිවන්ක මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා.
ජනාධිපති නිලධාරීන්ගෙන් තිවන්ක ඉල්ලා ඇත්තේ සිය පරීක්ෂණ කටයුතු සඳහා තව දුරටත් සහය වන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා තාක්ෂණික හා ඉංජිනේරු ඒකකයේ සහය තිවන්කට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තිවන්කගේ රෝකට් ගුවන් ගත කිරීමට අවසර ලබා දෙන ලෙසද රෝකට් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගිකව ඉගෙනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආයතනයක් නොමැති හෙයින් අවශ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් අදාළ නිලධාරීන් ජනපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මූ කවදාහරි ලංකාවෙන් රොකට්ටුවක් යැව්වොත් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ යවල කාටද සතුටු?
ඌටනේ...අපිට නෙමෙයි...අපි සිඞ්හළනේ... 