රොබට්‌ නොක්‌ස්‌ - එදා හෙළදිව

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    රොබට්‌ නොක්‌ස්‌ - එදා හෙළදිව

    10708699_10152886405398482_8184060383159252145_o.jpg
    an historical.jpg
    රොබට්‌ නොක්‌ස්‌ නම් "මුතු බෙල්ලාගේ" කතාව
    nox.jpg

    රොබට්‌ නොක්‌ස්‌ අප රටට පැමිණියේ චීන ජාතික ෆාහියන් හිමියන් ගේ දේශගවේෂණයකට නොව තමන් හා සිය පියාණන් ඇතුළු පිරිසක්‌ වෙළඳාම් කටයුතු සඳහා රටින් රටට යාත්‍රා කළ රුවල් නැව කුණාටුවකට හසුව, අබලන් වූ නැවට කුඹ ගසක්‌ කපා ගැනීම සඳහා ය. නමුත් සිදුවූයේ වඳින්නට ගිය දේවාලය හිසේ කඩාගෙන වැටුණා සේ සිය පියාණන්ට සහ රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු සගයන් කිහිපදෙනකුට ලංකාවේ සිරගත වෙන්නටය. මේ සිරගත වීම නිසා ඔහුගේ පියා ලක්‌දිව අවසන් හුස්‌ම හෙළු අතර රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු සගයන්ට සිදුවූයේ වසර 20 ක්‌ සිරකරුවන් ලෙස මෙරටේ ගෙවා දමන්නටය.

    රටින් පැන යන තුරු විසි වසරක්‌ පුරා ශ්‍රී ලංකාව පිළිබඳවත් ඔහුගේ සිරකාර ජීවිතය පිළිබඳවත් ලියූ ග්‍රන්ථය පසුව "එදා හෙළදිව" නමින් ඉතා වැදගත් පොතක්‌ ලෙස සිංහලයට පරිවර්තනය විය. අප රටේ බොහෝ දෙනා විසින් සලකන මෙම ග්‍රන්ථයේ එන කරුණු ගෙනහැර පාමින් සෑම දෙනකුට ඉස්‌මතු කර පෙන්වන්නේ අප රටේ එදා පැවැති උසස්‌ කුල සිරිත්, සමාජ ධර්මතා, ජාතික ආගමික වශයෙන් අප ලබා තිබූ අති මහත් දියුණුවයි. නමුත් මෙම ග්‍රන්ථය තුළින් අපට පෙනී යන්නේ උදාර මානව ගතිගුණවලින් පිරි රොබට්‌ නොක්‌ස්‌ නම් සුදු ජාතිකයාගේ ශ්‍රේෂ්ඨත්වයයි. ඒ මන්ද යන්න විග්‍රහ කර බැලීම ඉතා වටින්නේය. එමෙන්ම එය කළ යුත්තක්‌ ද වන්නේය. ඒ සඳහා සුදුසු අවස්‌ථාවක්‌ ලෙස මා මේ මොහොත හඟිමි.

    රොබට්‌ නොක්‌ස්‌ ස්‌ථිර සිරකරුවකු ලෙස සිය පියාණන් සමඟ බණ්‌ඩාර කොස්‌වත්ත නම් ග්‍රාමයට පිවිසෙන්නේ අදින් වසර 350 කට පෙර 1660 සැප්තැම්බර් මස 16 වැනිදා ය. ඔහු ඒ දුක්‌මුසු පුවත එදා හෙළදිවෙහි දෙවැනි පරිච්ඡේදයේ ප්‍රථම කොටසෙන් මෙසේ පවසා සිටියි.

    "වර්ෂ 1660 සැප්තැම්බර් මස 16 වැනි දින කන්ද උඩරට රජතුමා මාත් මපියාත් බණ්‌ඩාර කොස්‌වත්ත නම් ග්‍රාමයට යෑවුයේය. ආනන්දජනක විවේකශීලී ස්‌ථානයක්‌ වූ මෙය මහනුවරින් සැතපුම් තිහක්‌ පමණ උතුරින් සත් කෝරළය නම් ප්‍රදේශයෙහි පිහිටියේය. අපේ සෙසු අය ජීවත් වූ ස්‌ථානයේ සිට මෙතැනට ඇත්තේ පුරා දවසක ගමනකි.

    සිය ජීවිත ගමනේ 19 වැනි වියේදී හිරිමල් තරුණයකු ලෙස සිරගත වීමකට ලක්‌වෙන රොබට්‌ නොක්‌ස්‌ තරුණයාට තම ජීවිතයේදී අත්විඳින්නට සිදුවන ඉතාම ශෝචනීය සිදුවීම වන්නේ ඔහුගේ පියාගේ මළගමය. ඒ පිළිබඳව එදා හෙළදිවෙහි සඳහන් වන විස්‌තරය කියවන හදවතක්‌ ඇති ඕනෑම අයෙකුට ඇතිවන්නේ දරාගත නොහැකි වේදනාවකි. අප රොබට්‌ නොක්‌ස්‌ගේ පියාගේ අවසානය ගැන ඔහු ලියන තොරතුරු කියවා බලමු.

    "පොටෝ නොවෝ" නැව් තොටින් ගෙන එන ලද සේවකයෙක්‌ මපියාට සිටියේය. එහෙත් ස්‌වකීය ස්‌වාමියා දැනට සිරකරුවකු බවට පත් වී සිටිනා බැවින් මේ සේවකයා ස්‌වාමියාගේ අණ නොපිළිපැද්දේය. ඔහුට වැඩක්‌ කරන්නට අණ කළ විට ඔහු එය කළේ ඔහුට කැමති නම් පමණකි.

    මපියාණන් නිදහස්‌වීමේ බලාපොරොත්තු පමණක්‌ නොව රෝගයෙන් සුවවීමේ බලාපොරොත්තු ද සුන් වූවා සේ පෙනිණි. බලාපොරොත්තු සුන්වීමෙන් අධික සංවේගයට පත් වූ ම පියාණන් පුරා දින නවයක්‌ ම කිසිදු අහරක්‌ මුව නොතබා සිටි සැටි මට හොඳහැටි මතකය. ඒ දිනවල ඔහු පානය කළේ ඇල් දිය බිඳක්‌ පමණකි.

    වර්ෂ 1661 පෙබරවාරි මාසයේ නව වැනිදා වන තුරු ම පියා මෙපරිද්දෙන් යහන මත කාලය ගත කළේය. මේ වකවානුව වන විට ඔහුගේ සර්වාංගය සමින් වැසූ ඇටකටු ගොඩක්‌ බවට පත් වී තිබුණි. එසේ වුවද "නිදහස" යන වචන මාත්‍රයෙන් ඔහුගේ ශරීරයට නව ජීවන හුස්‌ම පිඹෙතැයි ද හෙතෙම නිරතුරුවම පළ කළේය. එහෙත් සිර ජීවිතයෙන් නිදහස නොව ඔහුගේ මෙලොව ජීවිතයෙන් නිදහස දෙන්නට ලෝක පාලකයන් ඉටා ගත්තා වැන්න"

    මෙලෙස සිය පියාගේ අවසන් කාලය පිළිබඳ එදා හෙළදිවින් කරුණු කියන රොබට්‌ නොක්‌ස්‌ තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    "ම පියාගේ අභාවයට පෙර සැන්දෑවේ ඔහු මට කතා කොට ඔහුගේ යහන ළඟින් ඉඳ ගන්නට කීවේය. මේ අවස්‌ථාවේදී මට ද තදින් උණ ගැනී තිබුණ නමුත් මම ඇඳ ළඟින් හිඳ ගතිමි. ඔහුගේ ප්‍රාණය අනුක්‍රමයෙන් නිරුද්ධ වී ගෙන යන බව දෙවියන් වහන්සේ සිර බන්ධනයෙන් ඔහු මුදාලන්නට යන බව මට වැටහිනි. හෙතෙම මට කතා කළේය. අවසන් වචන කිහිපය කතා කෙළේය. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් මට නැවතත් එංගලන්තයට යන්නට වාසනාව උදා වුවහොත් තමා අවසන් මොහොතේදී මගේ මව සහ නැගණිය සිහි කළ සැටි ඔවුන්ට දන්වන්නට ම පියා මට නියම කළේය. කොට්‌ටියාරමේ සිට මවට යවන ලද ලියුම් මගින් තමාගේ බූදලය නිසි පරිදි බෙදී ඇති බව ගොත ගැසූ ම පියා මගේ කොටස හැටියට එහි නියම වී ඇති දේපළ භාරගෙන ලද දෙයින් සැනසී සිටින ලෙස අනුශාසනාවක්‌ ද කළේය."

    "මා දෙවියන් වහන්සේ කෙරෙහි සත්‍යවාදී උන්වහන්සේගේ පියවර ඔස්‌සේ ගමන් කළ යුතු බවත්, එසේ කළහොත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරවශේෂයෙන්ම මා සතුවන බවත් පැවසූ ම පියා මව්බිමට යැමෙන් පසු මගේ මව හා නැඟණිය හොඳින් රැක බලා ගත යුතු බව ද කීවේය. ස්‌වකීය ජීවිතයේ අගනා අත්දැකීම් අනුව තමා ඉගෙන ගෙන ඇති පරිදි මද්‍යපානයෙන් හා පාපමිත්‍ර සේවනයෙන් සදහටම වියෝ වී යහමඟ ගමන් කරන්නට ඉටා ගන්නා ලෙස මපියා අවසාන වශයෙන් මගෙන් ඉල්ලා සිටියේය."

    "මම දැඩි සොවින් සුසුම් හෙළුවෙමි. අවසන් සයනයේ වැදහොත් මපියා මට වැඩියෙන් සුසුම් හෙළීය. මගේ ජීවිතය පිළිබඳව තාරුණ්‍යයේ සුපුෂ්පිත පුෂ්පය සිර ජීවිතය පිළිබඳ අඳුරු මූකලානක පරවෙන්නට ඉඩ හරින්නට සිදුවීම සම්බන්ධයෙන් හෙතෙම දුක්‌වීය. ජීවිතය බේරා ගෙන සෙසු නැවියන් සමඟ සිය රට යන්නට හොඳ හැටි ඉඩ තිබුණු අවධියක ම පියාගේ බසට අවනතව මපියා වෙනුවෙන් මා කළ ආත්ම පරිත්‍යාගය ගැන සිත සිතා හෙතෙම ළත වූවේය.. දුක්‌ වූයේය. ලත වෙමින්, දුක්‌වෙමින් එම ආත්ම පරිත්‍යාගය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කෙදිනක හෝ මා වෙත වඩා අගනා ත්‍යාගයක්‌ ලබා දෙනු නිසැක බව හෙතෙම සහතික කළේය. මේ හැම අසත් - අසත් මපියාගේ අවසන් මොහොතේ මපියාගේ අවසන් වචනය අසන්නට මපියා අසල සිටින්නට අවස්‌ථාව සලසා දීම සම්බන්ධයෙන් මම දෙවියන් වහන්සේට ස්‌ත්‍රොත පැවැත්වීමි.

    "තමාගේ වචනය නිසා මා සිරකරුවෙකු වීම මපියාගේ පරම ශෝකයට හේතු වුවද සිය පුතුගේ අතින් මෘත කලේබරය භූමදානය වන පරිද්දෙන් සිය පුතුගේ අබියසෙහි අවසන් හුස්‌ම හෙළන්නට ලැබීම තමාගේ පරම ප්‍රීතිය බව පළ කළ හෙතෙම මා ඔහු ළඟ නොසිටින්නට ඔහුගේ මෘත දේහය බලු කැණහිලුන් හට ගොදුරු වන්නට ඉඩ තිබුණ බව ද අවසන් වරට ගොත ගසමින් කියමින් සදහටම දෙනෙත් පියා ගත්තේය. මේ වන විට රාත්‍රි අට නවය වෙන්නට ඇත. හේ එසේමය. වර්ෂ 1661 පෙබරවාරි නවවැනි දින මපියාණෝ මා සිරකරුවකු කොට තනිකර දමා අවසන් හුස්‌ම හෙළා මෙලොවින් තුරන් වූහ.

    මවිසින්ම හාරන ලද වළෙක මපියාණන්ගේ දේහය මවිසින්ම භූමදාන කරන ලදී.

    මෙම දුක්‌මුසු විස්‌තරය තුළ ශෝක වෙන්නට පමණක්‌ නොව දැන ගන්නට ද ඉගෙන ගන්නට දේවල් ගැබ්ව ඇත. එදා හෙළදිව තුළින් අප මෙතෙක්‌ කළේ කලින් සඳහන් කළ පරිදි අප රටට, ජාතියට, ආගමට, භාෂාවට හා සිරිත් විරිත් වලට වුවමනා දේවල් උලුප්පා පෙන්වමින් අපගේ දේවල් වර්ණනා කිරීම පමණි. නමුත් මීට වසර තුන්සිය පනහකට පෙර එංගලන්ත සමාජය තුළ ද මත්පැන් පානය පිළිකෙව් කළ පාප මිත්‍ර සේවනය අත්හළ පිරිසක්‌ සිටි බව පෙනී යයි. එම සිරිත් ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන ලෙස තම පුතුට අවවාද කරන මරණාසන්න මොහොතේ සිටින පියාණන්ගෙන් අපට හැඟෙන්නේ අපේ ලාංකික සිංහල බෞද්ධ යහපත් පියකු තම පුතුට දෙන අන්තිම ඔවදන් නොවේ දැයි ඔබට ද සිතන්නට ඉඩකඩ ඇත. එමෙන්ම ඉඩ ලැබුණ විටෙක යළි තම මව් රටට යන්නට හැකි වුවහොත් තම බිරිඳ සහ දියණිය අවසන් මොහොතේ තමා සිහිපත් කරන ලෙස ඉල්ලන රොබට්‌ නොක්‌ස්‌ගේ පියා යළිත් පවසා සිටින්නේ තම මවත් නැගණියත් හොඳින් බලාගන්නා ලෙසය.

    මෙම ඉල්ලීම් තුළ ද අප සිංහල බොදුනු සමාජයේ යහපත් ගැමි ලක්‍ෂණ එදා එංගලන්ත නාගරික සමාජය තුළ ද මනාව පැවතුන බව සඳහන් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. රොබට්‌ නොක්‌ස්‌ මේවා බොරුවට නොලියූ බව අපට හැඟී යන්නේ ඔහු ඔහුට සහ පියාට අසාධාරණයක්‌ කළ සිංහල සමාජයට අසාධාරණ බොරු චෝදනා හෝ අසත්‍ය පුවත් ගොතා පළ කර නැති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු නිසා ය. රොබට්‌ නොක්‌ස්‌ගේ පියාගේ පිය ගුණය එසේ මතු වී එද්දී රොබට්‌ නොක්‌ස්‌ තුළ තිබුණ පිය සෙනෙහස

    කොපමණද? මට ඔහු පෙනෙන්නේ මුහුදේ නැව ගිලුන කලට බෝසත් තම අම්මා දෑතෙන් කර පිට හිඳුවා පිහිනා ගොඩ දැම්මා

    එම කවියේ එන උදාර බෝසත් චරිතයයි. තම පියා නොදන්නා රටක අතරමංකර තමාගේ ජීවිතය බේරාගෙන තම මව් රටට අනෙක්‌ නාවුකයන් සමඟ යන්නට හොඳට ඉඩකඩ තිබියදී ඔහු තම පියා වෙනුවෙන් නවතින්නේ ඕනෑම දෙයකට මුහුණ දෙන්නටය. බුදු බණ පදයක්‌වත් අසා නොතිබුණ එදා එංගලන්ත තරුණයකුගේ පිය සෙනෙහස අද එරටේ තරුණයන් තුළ තිබේද යන්න සොයා බැලීම ඉතා වටින්නේය. එමෙන්ම රොබට්‌ නොක්‌ස්‌ චරිතයේ එන සදාදරණීය පීතෘ සෙනෙහස කොතරම් උසස්‌ වන්දනීය එකක්‌ දැයි අපට සිතා ගත හැක. 19 වියේ සිට රටින් පිටව ගොස්‌ විසි වසරක්‌ ඉක්‌ම ගිය කාලය තුළ තම මවුබිමේ ජීවත් වූ කාලයට වැඩිතරම් කාලයක්‌ සිරකරුවකු ලෙස නොහඳුනන රටක ජීවත් වන්නට ඔහුට සිදුවිය. එය ඔහු කළ වරදකට නොව දෛවයේ සරදමකටය.

    1660 අප්‍රේල් මස 04 වැනි දින සිංහල රජුගේ පාලනයට නතුව අත්අඩංගුවේ පසුවන රොබට්‌ නොක්‌ස්‌ වසර දහනවයකුත් මාස හයකුත් දින 14 ක්‌ ලංකාවේ ගත කළ සිරගත ජීවිතය ඔහු නිදහස්‌ව එතෙක්‌ ගත කළ වයසට වඩා මාස 4 කුත් දින 17 කින් වැඩි බව රොබට්‌ නොක්‌ස්‌ම පවසන අතර, ඔහු 1679 ඔක්‌තෝම්බර් මස 18 වැනි දින දෙවියන් වහන්සේ විසින් ම නිදහස්‌ කරන ලද බව පවසයි.

    රොබට්‌ නොක්‌ස්‌ගේ එංගලන්ත ජීවිතයේ ගෙවුන වසර දහනවයක ඉතිහාසය දෙස යොමු වී බලන විට ඔහු උපත ලබා ඇත්තේ 1641 පෙබරවාරි මස අටවැනිදාය. රොබට්‌ නොක්‌ස්‌ගේ පියා මියගියේ ඔහු උපත ලබා (රොබට්‌ නොක්‌ස්‌) වසර 20 ක්‌ පිරුණු දිනට පසු දින වූ 1661 පෙබරවාරි 9 වැනිදාය. රොබට්‌ නොක්‌ස්‌ගේ පියාණන්ට ද හිමි වූයේ රොබට්‌ නොක්‌ස්‌ යන නාමයමය. කුඩා රොබට්‌ නොක්‌ස්‌ අධ්‍යාපනය ලබා ඇත්තේ නේවාසික පාසලකය. ඔහුට ඔහුගේ මවගෙන් ලැබී ඇති අධ්‍යාපනයට මුල්ව ඇත්තේ ක්‍රිස්‌තියානි බයිබලයේ එන කතා සහ පාඩම් ය. සිය මව තමා හික්‌මුණු යහපත් අයකු කරන්නට බොහෝ උත්සාහ ගෙන ඇත. එය අපතේ නොගිය වෑයමක්‌ බව රොබට්‌ නොක්‌ස්‌ගේ චරිතයෙන් වටහා ගත හැක. රොබට්‌ නොක්‌ස්‌ ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ ඔහු සිය රටට ගිය 39 වැනි විය දක්‌වා පමණි. ඔහුගේ දිවිමගේ නවය යෙදෙන වයස සීමාව ඉතා ශෝකජනක සිදුවීම්වලට තුඩු දී ඇති බව පෙනී යයි. ඔහුට වයස නවයේදී සිදු වූ ප්‍රථම ශෝකජනක සිද්ධිය ඔහු විසින් සටහන් කරන්නේ මෙසේය.

    "එය නත්තලට කලින් දා විය. මගේ වයස අවුරුදු නවයක්‌ වන්නට ඇත. මපියාණන්ගේ සේවකයන්ගෙන් කෙනෙක්‌ කුරුල්ලන් වෙඩි තැබුමට වෙල් එළියේ ගොස්‌ වෙඩි බෙහෙත් නිමා වූ තුවක්‌කුව ගෙනැවිත් ගෙදර බිත්තියේ හේත්තුකර තිබුණේය. නත්තල් ප්‍රීතිය සඳහා තවද කුරුල්ලකු දෙන්නෙකු දඩයම් කර ගැනීම සේවකයාගේ ප්‍රීතිය වූ නිසාදෝ හෙතෙම තවත් වෙඩි බෙහෙත් බිඳක්‌ ගෙන එන්නට ඇතුළු ගබඩාවට ගියේය. මේ අතර තුවක්‌කුව අතපත ගෑමේ ස්‌වභාවික අභිලාෂයක්‌ මා සිත තුළ නලියන්නට පටන් ගත. කොකා ගස්‌සන සැටි මා බලා සිට පුරුදුය. එහෙයින් මැද මිදුලේ අසුලා කමින් සිටි පරෙයියකුට වෙඩි තැබීමේ අදහසින් මම තුවක්‌කුව එසවීමි. එහෙත් එහි කඳ කලින් සිතා සිටි තරමට වඩා බර වැඩි වූයෙන් එය අතෙහි

    නොරැඳී බිම වැටුණේය. අවාසනාවක මහත. එය වැටුණේ බිමට නොව බිම සිටි මගේ තුන් හැවිරිදි මලණුවන්ගේ හිස උඩටය. තුවක්‌කුවේ මහත කොන මෙම නොදරුවාගේ නෙතෙහි වැඳීම හේතු කොට ගෙන මුළු ගෙයම ගිනි වැදුනේය. සිදු වූ ඇබැද්දිය පිළිබඳ පුවත ලන්ඩනයේ සිටි මපියාණන්ට වහාම සැල කරන ලදින් හෙතෙම ශල්‍ය වෛද්‍යවරයකු රැගෙන ලහි ලහියේම පැමිණියේය. මළණුවන්ගේ තුවාලය සුවකර ගන්නට පුළුවන් විය. එහෙත් නෙතේ පෙනුම නම් ලබා ගන්නට නොහැකි වුණේය. මා ලක්‌දිව විසි අවුරුදු සිර ජීවිතයක්‌ ගත කර පෙරළා ගම රටට පැමිණි විටත් ඉතිරි වූ එක ඇසින් දඟකාර අයියා දැක ගැනීමට මගේ සහෝදරයා ජීවත් වුණේය.

    රොබට්‌ නොක්‌ස්‌ට වයස නවය යෙදෙන වසරවල් ශෝකජනක ලෙස ගෙවී ගොස්‌ ඇත්තේ ඔහු සිරගත වී ඇත්තේ වයස දහනවය ගෙවෙන විට නිසාය. තම මල්ලිගේ ඇස තමාගේ අත් වැරැද්දෙන් ආබාධ වී වසර දහයක්‌ පිරෙන විට ඔහු සිරකරුවකු වීම ද සිදු වී ඇති බව පෙනේ. ඔහුගේ විසිනව වන විය ද ගෙවෙන්නේ සිරකරුවකු වශයෙනි. නමුත් තිස්‌නව වන විය ගෙවෙන විට නවයේ ශාපය අවසන් වූ බව පෙනී යන්නේ ඔහුට ජීවිතයේ ගෙවුණු අඳුරු දශක දෙකක අවසානය දකින්නට ඉඩකඩ ලැබුණු නිසාය.

    රොබට්‌ නොක්‌ස්‌ගේ පියා නැව් හිමි මහා ධනවතකු වූ අතර හොඳ නාවිකයෙක්‌ ද විය. එමෙන්ම වෙළෙන්දෙක්‌ ද විය. රට රටවල්වලට ගමන් කරමින් ජාත්‍යන්තර වෙළෙ¹මක යෙදුණු ඔහුට ද වුවමනා වූයේ නොක්‌ස්‌ වෙළෙන්දෙකු කරන්නටය. නමුත් කුඩා රොබට්‌ නොක්‌ස්‌ගේ කැමැත්ත වූයේ මුහුදු ගමනටය. ඔහු වයස අවුරුදු 14 දී 1655 දෙසැම්බර් 07 වැනි දින සිය පියාගේ නෞකාවෙන් පළමු මුහුදු ගමන සිදුකර ඇත. ඒ බෙංගාලයටය. එම ගමන නිමවා ඔවුන් සිය රටට පැමිණ ඇත්තේ එයින් වසර දෙකක්‌ ගෙවී ගිය පසු 1657 ජුලි මාසයේදී ය. නමුත් සිය පොතෙන් ඒ බව කියන රොබට්‌ නොක්‌ස්‌ 1659 ජනවාරි 21 වැනි දින තමාත් සිය පියාත් සිරකරුවකු බවට පත් වූ ගමන ආරම්භ කළා යෑයි පවසන අතර, එය 1657 මුල් ගමන ගෙවා ජුලි මාසයේ ලන්ඩන් නුවරට පැමිණියා යෑයි පවසන කාල වකවානුව නිෂේධ කරන්නක්‌ බව පෙනී යයි. මේ අනුව බලන විට ඔහු සිය ග්‍රන්ථයෙන් පවසන ඇතැම් කාල වකවානු එකිනෙකට පරස්‌පර බව පෙනී යයි.

    ඔවුන් ගමන් කළ නැව "ඈන්" ලෙස හඳුන්වා ඇති අතර එම නෞකාවේ රොබට්‌ නොක්‌ස්‌ සහ ඔහුගේ පියාණන් හැර ගමන් කළ අනෙක්‌ අයගේ නම් මෙසේ හඳුන්වා ඇත. ජෝන් ලව්ලන්ඩ්, ජෝන් ග්‍රැගරි, චාල්ස්‌ බියර්ඩ්, රොගර් ගෝල්ඩ්. ස්‌ටීවන් රම්ලන්ඩ්. නිකලස්‌ ටුලින්ස්‌, ප්‍රැන්සිස්‌ ක්‍රච්, ජෝන් බෙරී. රැල්ෆ් නයිටි. පීටර් වින්, විලියම් හබැඩ්, ආතර් හැමරි, රිචඩ් වාන්හැම් හා ජෝර්ඡ් සචිත් ආදී වශයෙනි. මේ අයගෙන් ලංකාවේ සිර ජීවිතයට පත්ව ඇත්තේ රොබට්‌ නොක්‌ස්‌ හා ඔහුගේ පියාත් ජෝන් ලම්ලන්ඩ් සමඟ ජෝන් ග්‍රැගරි යන දෙදෙනා ය.

    එංගලන්තයෙන් පිටත්ව මුහුදු යාත්‍රාවේ යෙදුන මොවුන් ඉන්දියාවට පැමිණ නැව් තොටින් නැව් තොටට ගමන් කරමින් විවිධ භාණ්‌ඩ නිෂ්පාදන එකතු කරමින් වසරක්‌ පමණ එහි ගෙවා ආපසු එංගලන්තය බලා යන ගමනේදී "ඈන්" නමැති එම නෞකාව ඇතුළු වෙළෙඳ නැව් රාශියක්‌ මුහුද මැදදී සුළි සුළඟට හසුවී ඇත. එහිදී වෙනත් නැව් රැසක්‌ නාවිකයන් සමඟ මුහුදුබත් වී ඇති අතර රොබට්‌ නොක්‌ස්‌ලා ගමන් කළ නැව මුහුදුබත් නොවුණත් මහ කුඹගස කඩාගෙන ගොස්‌ විපතට පත් වූ නිසා පිහිට පතා නැවගෙන අවුත් ඇත්තේ ලංකාවේ කොට්‌ටියාරව වරායටය.

    ලංකාවට ගොඩබැසීමෙන් පසු කුඹ ගසකට සුදුසු ගසක්‌ ද කපාගෙන ඇති ඔවුන් ලංකාව තුළ දවස්‌ 21 ක්‌ හෙවත් සති තුනක්‌ නැවතී සිටිමින් වෙළෙ¹මේ යෙදී ඇත. මේ අතරතුරදී උඩරට රජතුමා විසින් බල සේනාවක්‌ සහිතව පිරිසක්‌ එවා මෙම පිරිස පිළිබඳව විපරම් කර ඇති අතර ඔවුන්ට මේ අය හමුව ඇත්තේ වරායේ සිට සැතපුම් 12 ක්‌ රට ඇතුළතදීය. එසේ හමුවීමට එම පිරිස එම ස්‌ථානයට යවා ඇත්තේ ද රොබට්‌ නොක්‌ස්‌ගේ පියා විසින් නැවේ කපිතාන්වරයා ලෙස සිදුකරන ලද නියමය පරිදිය. එසේ හමුවන පිරිසට කණ්‌ඩායමේ නායකයා වූ සිංහල නිලධාරියා පවසා ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් රටට ඇතුළුවීම පිළිබඳව රජු සතුටට පත්වන බවත් පැමිණි පිරිසට අවශ්‍ය වන ඇප උපකාර තමා ඇතුළු පිරිසට සිදු කිරීමට රජු නියම කර ඇති බවත් ය. එමෙන්ම නැවේ කපිතාන් තැනට බාර දෙන්නට හසුන් පතක්‌ රජු විසින් දුන් බවත් එය කපිතාන්වරයාට මිස වෙනත් අයෙකුට භාර දෙන්නට නොහැකි බවත් පවසා ඇත. මෙලෙස බොරු පවසා නැවේ සියලු දෙනාම ගොඩට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත් සිංහල රජුගේ පිරිස ඔවුන්ගේ දෑත් කඹවලින් බැඳගෙන රට ඇතුළට ගෙනවුත් ඔවුන් එම තත්ත්වයෙන් මුදා ඉතා ගරුසරුව සැලකූ බවත් සිංහල අයගේ එකම අභිලාෂය වූයේ නැව ද අත්අඩංගුවට ගැනීම සඳහා එය බොරුවෙන් රට ඇතුළට ගං මෝයක්‌ දිගේ ගෙන්වා ගැනීම බවත් රොබට්‌ නොක්‌ස්‌ සිය ග්‍රන්ථයෙන් ප්‍රකාශ කර ඇත. මෙලෙස බොරු කියමින් මාස දෙකක්‌ ම මෙලෙස රඳවාගෙන සිටි අතර රොබට්‌ නොක්‌ස්‌ගේ පියාගේ බුද්ධිමත් භාවය නිසා නැව අත්අඩංගුවට ගන්නට නොහැකි වී ඇති බව ද ගෙනහැර දක්‌වයි.

    අවසානයේ ඔවුන් සියලු දෙනා සිරකරුවන් බවට පත් කොට රට තුළට ගෙන ගිය අයුරුත්, රජු පැවසූ නියමයන් හා දැක්‌වූ කාරුණිකත්වයත් ඔවුන් ගිය ගමන් මඟේ චමත්කාරත්වයත් සිංහල පිරිස ඔවුන්ට කළ ආගන්තුක සත්කාරයත් රොබට්‌ නොක්‌ස්‌ ප්‍රකාශ කරන්නේ ඉමහත් ගෞරවයෙනි. ඔවුන් අත්අඩංගුවේ සිටි තැන සිට මහනුවර බලා ගිය දීර්ඝ පා ගමන සඳහන් කරන රොබට්‌ නොක්‌ස්‌ පවසන්නේ

    "මහ වන මැදින් තැනිතලා ඔස්‌සේ ගිය මෙම ගමන උද්‍යානයක යන විනෝදදායක ගමනක්‌ තරම් ප්‍රීති සහගතව යන්නට අපට පුළුවන් විය." යනුවෙන් මෙවැනි කියමනක්‌ වර්තමානයේ රටේ සිරකරුවකුට තියා ඇමැතිවරයකුට වුව කියන්නට සුදුසු වටපිටාවක්‌ පරිසරයක්‌ අප රට තුළ කුමන ප්‍රදේශයකවත් තියෙනවාද යන්න ප්‍රශ්නයකි.


     

    Attachments

    • b1b.jpg
      b1b.jpg
      79 KB · Views: 144

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    [FONT=&quot]මෙම ලිපියේදී මා කලින් පැවසූ පරිදි කාල වකවානු[/FONT][FONT=&quot]සම්බන්ධයෙන් ඇති[/FONT][FONT=&quot]වී තිබෙන ප්‍රශ්නය පරිවර්තනයේදී ඇති[/FONT][FONT=&quot]වී ඇති දෝෂයක්‌ ලෙස[/FONT][FONT=&quot]ඉදිරිපත් කිරීමට හැකියාව ද උදා[/FONT][FONT=&quot]වේ. මන්ද යත් ඔවුන් පිරිස[/FONT][FONT=&quot]ලංකාවට පැමිණ ඇත්තේ [/FONT][FONT=&quot]1660 [/FONT][FONT=&quot]වසරේදීය. ඔවුන් ඉන්දියාවේ සිට ඇත්තේ[/FONT][FONT=&quot]වර්ෂයක්‌ පමණි. ඒ[/FONT][FONT=&quot]අනුව සියල්ලටම ගෙවී ගොස්‌ ඇති කාලය වර්ෂ[/FONT][FONT=&quot]දෙකකට[/FONT][FONT=&quot]ආසන්නය. ඒ අනුව ඔවුන් [/FONT][FONT=&quot]1657 [/FONT][FONT=&quot]වර්ෂයේ ජනවාරි [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වැනි දිනට[/FONT][FONT=&quot]ගොස්‌ තිබුණේ නම් කාලය වර්ෂ තුනකි. මේ අනුව ඔවුන්ගේ ගමන ආරම්භ[/FONT][FONT=&quot]වන්නට ඇත්තේ [/FONT][FONT=&quot]1658 [/FONT][FONT=&quot]ජනවාරි [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වැනිදා විය යුතුය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙතැන් සිට ලක්‌දිව පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ ඉදිරිපත්[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]කතාන්තරය විවිධ පැති පිළිබඳව කියාපාන[/FONT][FONT=&quot]විස්‌තරවලින් සමන්විතය.[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]විධිමත්[/FONT][FONT=&quot]අධ්‍යාපනයක්‌ උසස්‌ ලෙස ලබා ගන්නට නොහැකි වූ රොබට්‌[/FONT][FONT=&quot]නොක්‌ස්‌ ගෙනහැර දක්‌වන බොහෝ කරුණු ඔහුගේ දැනුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ධිය[/FONT][FONT=&quot]විචක්‍ෂණභාවය පෙන්නුම් කරයි."[/FONT][FONT=&quot]ඔහුගේ නිර්ව්‍යාජ භාවයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවංක[/FONT][FONT=&quot]භාවයත් ලියූ පොත තුළ විද්‍යමාන වේ. නමුත් අප රොබට්‌[/FONT][FONT=&quot]නොක්‌ස්‌[/FONT][FONT=&quot]ලියූ දේවල් වර්තමානයේදී කණපිට හරවා ගෙන අපට[/FONT][FONT=&quot]වුවමනා පරිදි හුවා[/FONT][FONT=&quot]දක්‌වමු. මා එයින් ප්‍රධානම දෙය[/FONT][FONT=&quot]පමණක්‌ ගෙනහැර දක්‌වමි. එය නම්[/FONT][FONT=&quot]රොබට්‌ නොක්‌ස්‌[/FONT][FONT=&quot]පැවසුවා යෑයි අප ලියන කියන ලොකුම බොරුවයි. එය[/FONT][FONT=&quot]කුමක්‌ද[/FONT][FONT=&quot]?

    "[/FONT][FONT=&quot]කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙඹවීමට[/FONT][FONT=&quot]සුදුස්‌සේය" යන්නයි. මෙය අමූලික බොරුවකි. රොබට්‌[/FONT][FONT=&quot]නොක්‌ස්‌ ලියා[/FONT][FONT=&quot]ඇත්තේ මෙසේය.[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]තවද එම උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශවල සෙසු[/FONT][FONT=&quot]පළාත්වලට වඩා[/FONT][FONT=&quot]උසස්‌ ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ.[/FONT][FONT=&quot]ජනගහනයෙන් වැඩි වූ[/FONT][FONT=&quot]භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු[/FONT][FONT=&quot]ප්‍රදේශ පරදවා ලූ මෙම[/FONT][FONT=&quot]ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය[/FONT][FONT=&quot]කෙරෙති. මෙම දෙනුවරින් කවර[/FONT][FONT=&quot]ප්‍රදේශයක වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඹුරේ[/FONT][FONT=&quot]හාමින් සිටින ගොවියා වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඹුරෙන්[/FONT][FONT=&quot]ගොඩට ගෙන මඩ[/FONT][FONT=&quot]සෝදාගත් කල්හි ඔහු ගති ගුණයෙන් හා පරපුරෙන්[/FONT][FONT=&quot]සිංහාසනයට[/FONT][FONT=&quot]සර්වප්‍රකාරයෙන් ම සුදුසු වන්නේය යනු මෙහි වැසියන්ගේ[/FONT][FONT=&quot]තුඩ තුඩෙහි පවත්නා කතාවකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම උඩුනුවර හා යටිනුවර ජනයාගේ තම ප්‍රදේශයේ අය[/FONT][FONT=&quot]පිළිබඳව මවාගෙන[/FONT][FONT=&quot]තිබුණු අධි තක්‌සේරුව රටේ සමස්‌ත ගොවි[/FONT][FONT=&quot]ජනතාවම අන්දවන කියමනක්‌[/FONT][FONT=&quot]බවට පත්කර රොබට්‌ නොක්‌ස්‌[/FONT][FONT=&quot]කියා තිබෙනවා යෑයි පැවසුවේ[/FONT][FONT=&quot]කවුරුන්දැයි සොයා ගත යුතුව[/FONT][FONT=&quot]ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රොබට්‌ නොක්‌ස්‌ගේ සිරිලක විසි වසරක සිර දඬුවම ඔහු[/FONT][FONT=&quot]විලාපයක්‌[/FONT][FONT=&quot]නොකර ප්‍රලාප නොගොතා රසබර විමර්ශන ගවේෂණ[/FONT][FONT=&quot]කලාපයක්‌ කරගෙන ජීවත්[/FONT][FONT=&quot]වූ අයුරු එම ග්‍රන්ථයෙන් අපිට[/FONT][FONT=&quot]වටහා ගත හැක. ඔහු සිය[/FONT][FONT=&quot]ග්‍රන්ථයෙන් තම සිරකළ රටට[/FONT][FONT=&quot]ජාතියට සිදුකළ සාධාරණය නූතන ලෝකයේ[/FONT][FONT=&quot]කිසිවෙකුගෙන්[/FONT][FONT=&quot]බලාපොරොත්තු විය නොහැක. සැබැවින්ම ඔහු විශිෂ්ට[/FONT][FONT=&quot]ගණයේ[/FONT][FONT=&quot]දුර්ලභ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. අවසාන වශයෙන් හා ඔහු මුතු[/FONT][FONT=&quot]බෙල්ලෙකුට සමාන කරමි. ඒ මන්ද යත් සිය ශරීරය තුළට වැලි කැටයක්‌[/FONT][FONT=&quot]ගිය පසු එය මුතු ඇටයක්‌ බවට පත්වන තුරු අසීමිත වේදනාවක්‌[/FONT][FONT=&quot]විඳිමින් පසුවෙන මුතු බෙල්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය ජීවිතාවසානයේ ඉතා වටිනා[/FONT][FONT=&quot]මුතු[/FONT][FONT=&quot]කැටයක්‌ මවා දී ජීවිතයෙන් සමුගැනීම සිදුකරයි.[/FONT][FONT=&quot]රොබට්‌ නොක්‌ස්‌[/FONT][FONT=&quot]ද සිය ජීවිතයේ ඉතා අනුවේදනීය කාල[/FONT][FONT=&quot]පරිච්ඡේදයක්‌ අප රටේ[/FONT][FONT=&quot]සිරකරුවකු ලෙස ගත කර අප රට ගැන[/FONT][FONT=&quot]සිය රචිත ග්‍රන්ථයෙන් ලොවට දුන්[/FONT][FONT=&quot]පණිවිඩය ඉතා වටිනා[/FONT][FONT=&quot]මුතු ඇටයක්‌ බඳුය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රොබට්‌ නොක්‌ස්‌ පිළිබඳව මෙම ලිපිය සකස්‌ කිරීමට කරුණු[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රැස්‌ කිරීමේදී එදා හෙළදිව ග්‍රන්ථයේ නොමැති[/FONT][FONT=&quot]විස්‌තරයක්‌ සොයා[/FONT][FONT=&quot]ගැනීමට හැකි විය. එම විස්‌තර[/FONT][FONT=&quot]ලැබෙන්නේ මීට වසර එකසිය නවයකට පෙර[/FONT][FONT=&quot]මුද්‍රණයෙන් පළවූ[/FONT][FONT=&quot]ඒ. මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමන්ගේ ඥානාදර්ශය[/FONT][FONT=&quot]සඟරාවෙන් ය. ගාල්ලේ ඩී. දසනායක නමැති මහත්මයකු "රොබට්‌[/FONT][FONT=&quot]නොක්‌ස්‌ මහතා" යනුවෙන් ලියන ලද එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත.[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]ක්‍රි. ව. [/FONT][FONT=&quot]1658[/FONT][FONT=&quot] දී පර්සියා නමැති නැවේ නාවුක සමූහයා ද[/FONT][FONT=&quot] 1659 "[/FONT][FONT=&quot]ඈන්" නමැති නැවේ නාවුක සමූහයා ද සිංහලේ රජු[/FONT][FONT=&quot]විසින් සිර බාරයට[/FONT][FONT=&quot]ගන්නා ලද්දේය. මේ නැව් දෙකේ සමූහයා[/FONT][FONT=&quot] 29[/FONT][FONT=&quot] දෙනෙකි. මෙයින් කොටසක්‌[/FONT][FONT=&quot]මාතලේට ද අයිති ලග්ගල ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටසක්‌ උඩුනුවර ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටසක්‌ බුලත්ගම[/FONT][FONT=&quot]හත්කෝරළයට අයිති[/FONT][FONT=&quot]බණ්‌ඩාර කොස්‌වත්ත මහනුවර ආදී ස්‌ථානවල නවත්වා[/FONT][FONT=&quot]සිටියේය. එයින් බණ්‌ඩාර කොස්‌වත්තේ නවත්වා සිටි රොබට්‌[/FONT][FONT=&quot]නොක්‌ස්‌ගේ පියා වන ජෝන් නොක්‌ස්‌ [/FONT][FONT=&quot]1661[/FONT][FONT=&quot] දී මිය පරලොව ගියේය.[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]වාර්න්හැම්" අය දෙවැනි රාජසිංහ රජුගේ සේනාධිපති ධුරයකට පත්[/FONT][FONT=&quot]කරනු ලැබ සිට [/FONT][FONT=&quot]1680 [/FONT][FONT=&quot]දී මිය පරලොව ගියේය. ඔහුගේ හේවා හමුදාව[/FONT][FONT=&quot] 970 [/FONT][FONT=&quot]ක්‌ විය. "ක්‌මාර්ට්‌" නම් අයගේ හිස පිට සිංහලයකු[/FONT][FONT=&quot]විසින් කොස්‌[/FONT][FONT=&quot]ගෙඩියක්‌ කඩා හෙළුණු ලැබ එයින්[/FONT][FONT=&quot]මියගියේය. කොස්‌ ගෙඩිය කඩා[/FONT][FONT=&quot]හෙළු[/FONT][FONT=&quot]E [/FONT][FONT=&quot]සිංහලයා ඒ කළ වරදට[/FONT][FONT=&quot]රජු විසින් මරවන ලදී.[/FONT][FONT=&quot]

    "1679[/FONT][FONT=&quot] දී රොබට්‌ නොක්‌ස්‌ හා රට්‌ලෑන්ඩ කියන[/FONT][FONT=&quot]තැනැත්තාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහලේ රාජධානියෙන් පැනගිය කල[/FONT][FONT=&quot]ඉංග්‍රීසිකාරයන් [/FONT][FONT=&quot]16[/FONT][FONT=&quot] දෙනෙක්‌ ද[/FONT][FONT=&quot]ඔවුන් හට ජාතක දරුවන්[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot] දෙනෙක්‌ ද ඉතිරිව සිටියේය. [/FONT][FONT=&quot]1696[/FONT][FONT=&quot] දී[/FONT][FONT=&quot]මෙම ඉංග්‍රීසි[/FONT][FONT=&quot]සිරකාර සමූහයාගෙන් එක්‌ අයකු ඉතිරිව අනෙක්‌[/FONT][FONT=&quot]හිරකාරයන්[/FONT][FONT=&quot]මුදාලන සේ සිංහලේ රජුගෙන් අයෑද සිටිත්මය කියා. එවකට[/FONT][FONT=&quot]කොළඹ සිටි ලංසි උතුමාණන් වහන්සේ වෙත අයදුම් පත්‍රයක්‌ යවන ලදී.[/FONT][FONT=&quot]ඒ අයදුම් පත්‍රයේ හැටියට මුලදී හිරකාරයන් [/FONT][FONT=&quot]34[/FONT][FONT=&quot] දෙනෙක්‌ සිටි[/FONT][FONT=&quot]බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයින් [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot] දෙනෙක්‌ මියගිය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයදුම් පත්‍රය දෙන[/FONT][FONT=&quot]කාලයේ[/FONT][FONT=&quot] 7[/FONT][FONT=&quot] ක්‌ පමණ ඉතිරිව සිටි බැව් ද පෙනේ. නමුත්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]වසල්" නම් තැනැත්තා[/FONT][FONT=&quot]සිරෙන් කිසි කලෙකත් නුමුදන ලදී.[/FONT][FONT=&quot]මේ ඉංග්‍රීසීන්ගෙන් අනිත්මට[/FONT][FONT=&quot]ජීවත්ව සිටි විලියම්[/FONT][FONT=&quot]හාබර්ට්‌ නම් තැනැත්තාත් ඔහුගේ පුත් පීටර්[/FONT][FONT=&quot]හා බර්ට්‌[/FONT][FONT=&quot]නම් තැනැත්තාත් [/FONT][FONT=&quot]1706[/FONT][FONT=&quot] දී මසකට පතාග තුනක්‌ බැගින්[/FONT][FONT=&quot]පැන්ෂන් පඩි ලබමින් සිටි බැව් පෙනේ." රොබට්‌ නොක්‌ස්‌ සිංහලෙන්[/FONT][FONT=&quot]පැන ගියාට පසු නැවතත් "ටොන්[/FONT][FONT=&quot]F[/FONT][FONT=&quot]වින්" නමැති නැවේ නියමුවා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]කප්පිත්තා) තනතුරට පත්ව සිට [/FONT][FONT=&quot]1699 [/FONT][FONT=&quot]දී එම නැවෙන් දෙමළකරේට[/FONT][FONT=&quot]පැමිණි ප්‍රස්‌ථාවකදී ලියුමක්‌ ලියා ඊට ඔහුගේ සිතියම්[/FONT][FONT=&quot]රූපයක්‌[/FONT][FONT=&quot]යා කර ඒ ලියුම හා සිතියමත් සිංහලේ සිටි[/FONT][FONT=&quot]ඉංග්‍රීසිකාරයන් වෙත[/FONT][FONT=&quot]යවන ලෙස ලන්සි උතුමාණන්ගෙන් අයෑද[/FONT][FONT=&quot]සිටියේය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එම ලිපියද මෙම සඟරාවේ පළ වී ඇති අතර ලිපියේ දීර්ඝභාවය[/FONT][FONT=&quot]වැඩි වන[/FONT][FONT=&quot]හෙයින් ඇතුළත් නොකරමි. රොබට්‌ නොක්‌ස්‌ගේ[/FONT][FONT=&quot]ග්‍රන්ථයේ එන සිරගත[/FONT][FONT=&quot]පිරිස හා මෙම ලිපියේ සිරගත පිරිස[/FONT][FONT=&quot]එක සමාන නොවීම විශේෂ[/FONT][FONT=&quot]සිද්ධියකි. මේ අනුව සිය[/FONT][FONT=&quot]ග්‍රන්ථයෙන් රොබට්‌ නොක්‌ස්‌ සඟවන ලද[/FONT][FONT=&quot]ඔවුන්ගේ තොරතුරු[/FONT][FONT=&quot]ද ඇති බව පෙනේ. එමෙන්ම ඔහුගේ පොත තුළ තිබෙන[/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot]තොරතුරු පිළිගත නොහැකි කරුණුවලින් ද සමන්විතය. සමහර[/FONT][FONT=&quot]ජනප්‍රවාද කතා ද ඔහු මහනුවර රාජධානිය තුළ සිදු වූ විස්‌තර කතා[/FONT][FONT=&quot]ලෙස ඇතුළත් කර ඇත. එයට කදිම නිදසුනකි රාජසිංහ රජු බොරුවට දියේ[/FONT][FONT=&quot]ගිලෙන බවක්‌ පෙන්වා දඟලන විට රජු ළඟට ගොස්‌ ඔහු බේරා ගෙන[/FONT][FONT=&quot]පැමිණි තරුණයන් දෙදෙනා පසුව රජ මැඳුරට ගෙන්වා රජුගේ[/FONT][FONT=&quot]ශරීරයට අත[/FONT][FONT=&quot]තැබූ වරදට හිස ගසා මරණයට පත් කිරීම. මෙය[/FONT][FONT=&quot]පිළිගන්නට අපහසු[/FONT][FONT=&quot]ප්‍රවාද කතාවක්‌ සජීවී කිරීමකි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]http://www.divaina.com/2010/09/22/badada01.html

    [/FONT][FONT=&quot]එදා සුද්දා අපිව දැක්ක හැටි සහ අපේ මිනිස්සුන්ගේ ගතිගුණ...[/FONT]
    b1b.jpg
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]" [/FONT][FONT=&quot]රොබට්‌ නොක්‌ස්‌ [/FONT][FONT=&quot]සිරකරුවකු බවට නිත්‍යව පත් වී වසර[/FONT][FONT=&quot] 350[/FONT][FONT=&quot]කි... ඔහු[/FONT][FONT=&quot] සිහිපත්[/FONT][FONT=&quot] කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමකි.." :)
    [/FONT]
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ඔහු සිහිපත් කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමක් :yes:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    rep

    machna oya book eka hoya ganna widiyak nadda

    මාත් සිංහල පරිවර්තනය හොයාගන්න ඉන්නේ බන්... :yes:
    PDF 1ක් එහෙම දන්නවනම් හෙල්ප් 1ක් දියල්ලා... ;)
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    ඔහු සිහිපත් කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමක්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දඹදිව කියන්නේ ලංකාවට.. එක ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි තියෙනවා...