රොබෝවකුට පුරවැසිභාවය

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    රොබෝවකුට පුරවැසිභාවය

    DtVEVIA.jpg



    ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය

    ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ.
    සොෆියා නම් රොබෝ කාන්තාවට මෙම පුරවැසිභාවය ලබාදී ඇත. රියාද් හි පැවැති සම්මන්ත‍්‍රණයකදී ඇය ඒ පිළිබඳව සතුට ප‍්‍රකාශ කරමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව ඇය ආඩම්බර වනවා සේම එය ගෞරවයක් ලෙස සලකන බවය. එමෙන්ම එය ඉතිහාස ගතවන සිද්ධියක් බවද ඇය පැවැසුවාය.
    එහෙත් පුරවැසිභාවය පිළිබඳව සියලූ දෙනාම සතුටට පත්නොවූ අතර ඈ පිළිබඳව සමහරෙක් විස්මයට පත්වුවද, තවත් අයෙක් පැවැසූවේ මෙය මිනිසාගේ අවසානයේ ඇරඹුමක් බවය.
    සෞදි අරාබිය යනු කාන්තාවන්ට ලෝකයේ වඩාත් පීඩාකාරී රාජ්‍යයන්ගෙන් එකක් වන අතර පසුගිය මාසයේ කාන්තා රියැදුරන් තහනම් කිරීමද සෞදි අරාබියේ සිදුවිය. එවැනි වටපිටාවක සොෆියා කාන්තා රොබෝවාට පුරවැසිකම ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් මවිතය පළ කරති.
    හොං කොං සමාගමක් වන හැන්සන් රොබට් සමාගම විසින් මෙම රොබෝවා නිර්මාණය කෙරිණි.