රොරයිමා කන්ද - Mount Roraima

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රොරයිමා කන්ද - Mount Roraima

    '' පේමොන් '' වරුන්ගේ පොළවට හෙලනු ලැබූ මහා වෘක්ෂය හෙවත් '' රොරයිමා '' කන්ද.

    RKLHPLE.jpg


    එළකිරියේ අපේ සහෝදරයෙක් දවසක් මයෙන් ඇහුවා එවරස්ට් නගින්න ආසාවක් නැතිද කියල.ඇත්තටම මම එවරස්ට් නගිනවට වඩා දවසක මෙන්න මේ කන්දට නගින්න නම් ආසයි.:love:

    ඈත අතීතයේ පටන් දකුණු ඇමෙරිකානු සුළු ගෝත්‍රික ජන වර්ගයක් වුනු පේමොන් වරුන්ගේ විශ්වාස සහ ඇදහිලි වල කේන්ද්‍රස්ථානයක් හා ඔවුන්ගේ ජීවිත වල කොටසක් වුනු රොරයිමා කන්ද, ගයනාව , බ්‍රසීලය සහ වෙනිසියුලාව යන රටවල් ත්‍රිත්වය යා කරමින් ගයනා උස් භුමියේ පිහිටා ඇත.
    මෙය භූගෝලීය වශයෙන් මෙම රටවල් ත්‍රිත්වයටම අයිතිව පවතී.වැඩි කොටසක් වෙනිසියුලාවට අයත් වන අතර කන්දේ උස් ස්ථානය ගයනා දේශ සීමාවේ පවතී.

    nGFqas7.jpg


    TH19XdD.jpg


    rQukQur.jpg


    vQqz6MR.jpg


    මීටර් 2,810 ( අඩි 9,220 ) උපරිම උසක් ඇති මෙය උස් තැනිතලා භූමියක් (high plateau) වේ. Pakaraima කඳු වැටියේ උස්ම කන්ද වෙයි. ප්‍රාදේශීය වශයෙන් ආවේනික පැලැටි හා මල් විශේෂ, පඳුරු විශේෂ, කෘමි , ගෙම්බන් විශේෂ, සර්ප, කුරුළු විශේෂ රැසක් ජීවත් වන උරුම භූමියකි.
    ගයනාවේ උසම කන්ද ලෙසද සැලකෙයි.

    StemnPl.jpg


    kHPAcex.jpg


    Zym8L1z.jpg


    sxDvvtK.jpg


    6FmEK1w.jpg


    UAG2GxX.jpg

    රොරයිමා කඳු මුදුන සහ අවසාදිත පාෂාණ නිසා නිර්මාණය වී ඇති ස්වභාවික කටාරම්

    ඉංග්‍රීසි ජාතික Sir Walter Raleigh විසින් 1595 දී මෙය මුලින්ම ගවේෂණය කල බව සඳහන් වුවත් මේ මුලින්ම සාර්ථක ලෙස තරණය කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික යටත්විජිත නිලධාරියෙකු වූ Everard im Thurn විසින් 1884 දීය.( මොහු 1901 දී ලංකාවට පැමිණ 1904 දක්වා මෙරට බ්‍රිතාන්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇත ). මෙහි මුදුනට අවතීර්ණය වීමට පහසුම මග වෙනිසියුලානු මුහුණතේ පිහිටා ඇති අතර කඳු නැගීමේ උපකරණ ( Rock climbing gear ) ආධාරයකින් තොරව ලඟා විය හැකි එකම මගත් එයම වෙයි.

    qb4XJHU.jpg


    Ep43KSa.jpg

    සාමාන්‍යය සංචාරකයන්ට කඳු මුදුනට ලඟා විය හැකි එකම මග

    පුරාන පේමොන් වරුන්ගේ විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ විශ්වයේ නිර්මාතෘ වන Makunaima නම් දෙවිවරයා විසින් ඇතිකරන ලද පොලවේ ඵල දරන සියලු පලතුරු, එළවලු වලින් සපිරුණු මහා වෘක්ෂයක් ජලගැල්මට හසුවී පොලවට පතිත විනි. එයින් ඉක්බිති ඒ මහා වෘක්ෂයේ ඉතිරි වුනු පහල කඳ කොටස මේ රොරයිමා කන්ද ලෙස සැලකේ.
    වර්තමාන සංචාරකයන් ගෙන් සමහර දෙනෙක් මෙය පිටසක්වල යානා ගොඩබට ස්ථානයක් ලෙසද විශ්වාස කරයි.
    වර්ෂා සමයන් හිදී මෙහි මුදුනතේ එක්රැස් වල ජලය නිසා අලංකාර දියඇලි කිහිපයක් ද නිර්මාණය වෙයි.මෙය තරණය කිරීමට වඩාත් සුදුසුම කාල සීමාව වනුයේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි. වසරේ ඕනෑම කාලයක යාමට අවසර තිබුනද, වර්ෂාව සහ මීදුම අවම ලෙස පවතින්නේ මේ සමයේදීය. එමෙන්ම කිසිඳු සංචාරකයෙකුට මෙහි මග පෙන්වන්නන් ගෙන් තොරව සංචාරයට අවසර නැත. එයට හේතුව මෙහි මුදුනත වර්ග සැතපුම් 12 වැඩි ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර මෙහි ඛාදනය ට ලක්වූ අවසාදිත පාෂාණ නිසා නිර්මාණය වූ ස්වභාවික වංකගිරියක් වන නිසායි.
    වර්තමානයේ බ්‍රසීලය සහ වෙනිසියුලානු රජයන් විසින් විශේෂ සංචාරක නීති සහ පාරිසරික අණපනත් යටතේ මේ ලෝක උරුම භුමිය ආරක්ෂා කරයි.

    nyb4LdR.jpg


    LEeU0XT.jpg


    F4bJhpb.jpg


    iEx7fKc.jpg


    N8aybX8.jpg


    cP1TtTQ.jpg


    obP9QjG.jpg


    b8hKOcU.jpg


    1D9uFOd.jpg


    LqMNQLZ.jpg


    CMVjEbS.jpg

    කඳු මුදුනේ හා ඒ ආශ්‍රිත ජීවත් වන ශාක හා සත්ත්ව ප්‍රජාව.

    ඇත්තමයි ජීවිතේ දවසක මෙතනට යන එක මගේ හීනයක්....:love::love:

    tvQWIwc.jpg


    විස්තර සහ ඡායාරුප අන්තර්ජාලයෙන්.
    සටහන මා විසිනි.
    එහෙනම් කට්ටියටම ජය වේවා....:cool:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කන්ද පාදකකරගෙන විද්යාත්මක නවකතා එහෙමත් ලියවිලා තියෙනව.. සර් ආතර් කොනල් ඩොයිල් ලියපු එකක් මම කියෙවුව.. :yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක කන්ද පාදකකරගෙන විද්යාත්මක නවකතා එහෙමත් ලියවිලා තියෙනව.. සර් ආතර් කොනල් ඩොයිල් ලියපු එකක් මම කියෙවුව.. :yes::yes:

    :confused: the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?
    ඒකේ තියෙන ප්‍රදේශය මනක්කල්පිත් එකක්නේ.
    සමහරවිටමෙකෙන් වෙන්න ඇති අදහස එන්න ඇත්හේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :confused: the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?
    ඒකේ තියෙන ප්‍රදේශය මනක්කල්පිත් එකක්නේ.
    සමහරවිටමෙකෙන් වෙන්න ඇති අදහස එන්න ඇත්හේ

    :shocked:
    මං හිතුවෙ ඒ වගේ තව කතාවක් ලියල කියල. ඒ කන්ද තිබ්බෙ ඇමේසන් වනාන්තරේනෙ :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :confused: the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?
    ඒකේ තියෙන ප්‍රදේශය මනක්කල්පිත් එකක්නේ.
    සමහරවිටමෙකෙන් වෙන්න ඇති අදහස එන්න ඇත්හේ

    :yes::yes::yes: ඔව් ඒ පොතේ පදනම ඔය කන්ද, ඔය කන්ද දැකල හෝ අහල ඒක පදනම් කරගෙන තමයි පොත ලියුවෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked:
    මං හිතුවෙ ඒ වගේ තව කතාවක් ලියල කියල. ඒ කන්ද තිබ්බෙ ඇමේසන් වනාන්තරේනෙ :eek:
    ඇමේසන්වල තමයි :yes::yes:

    නවකතාවකදි ස්තාන වෙනස් වෙනව, ඒත් ඒ පොතේ පදනම ඔය කන්ද..ඒ පොතේ තියෙන්නෙ භූමියෙන් ඉහලට පැන නැගිල ප්‍රාග්යුගයේ පරිසරය ඉතුරු උන අරුම පුදුම කන්දක් ගැන...:D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල මචන්. මාරම ලස්සන තැනක් ඔය. මම ගොඩක් වැඩසටහන් බලල තියනවා ඔය place එක ගැන.
    thanks for sharing.




    4horsemen.gif
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක කන්ද පාදකකරගෙන විද්යාත්මක නවකතා එහෙමත් ලියවිලා තියෙනව.. සර් ආතර් කොනල් ඩොයිල් ලියපු එකක් මම කියෙවුව.. :yes::yes:

    ඔව් මචන්, lost world කතාව මේ place එක පදනම් කරගෙන ලියපු එකක් කියල සමහර අය කියනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් මචන්, lost world කතාව මේ place එක පදනම් කරගෙන ලියපු එකක් කියල සමහර අය කියනවා.

    :yes::yes:ඔය කන්ද තමයි පදනම, කලෙකට කලින් ඩිස්කවරි චැනල් එකේ වැඩසටහනක් ගියා ඔය කන්ද ගැන ඒකෙදි තමයි මමත් දැන ගත්තෙ, ඒක ගැන පොත කලින් කියෝල තිබ්බ..:)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :yes::yes:ඔය කන්ද තමයි පදනම, කලෙකට කලින් ඩිස්කවරි චැනල් එකේ වැඩසටහනක් ගියා ඔය කන්ද ගැන ඒකෙදි තමයි මමත් දැන ගත්තෙ, ඒක ගැන පොත කලින් කියෝල තිබ්බ..:)

    ඔව් ඔව් මචන්. මම ඔය documentary එකකින් තමයි දැන ගත්තේ මේ කන්ද පදනම් කරගෙන පොත ලියල තියෙන්නේ කියල.
    අනිවරෙන් මේ place එකට ගියාම හිතෙනවා ඇත්තේ වෙන ලෝකෙකට ගිය වගේ. පට්ට අමුතු ලස්සනක් තියෙන්නේ.
     
    • Like
    Reactions: erozan