රොරයිමා කන්ද - Mount Roraima
'' පේමොන් '' වරුන්ගේ පොළවට හෙලනු ලැබූ මහා වෘක්ෂය හෙවත් '' රොරයිමා '' කන්ද.
එළකිරියේ අපේ සහෝදරයෙක් දවසක් මයෙන් ඇහුවා එවරස්ට් නගින්න ආසාවක් නැතිද කියල.ඇත්තටම මම එවරස්ට් නගිනවට වඩා දවසක මෙන්න මේ කන්දට නගින්න නම් ආසයි.
ඈත අතීතයේ පටන් දකුණු ඇමෙරිකානු සුළු ගෝත්‍රික ජන වර්ගයක් වුනු පේමොන් වරුන්ගේ විශ්වාස සහ ඇදහිලි වල කේන්ද්‍රස්ථානයක් හා ඔවුන්ගේ ජීවිත වල කොටසක් වුනු රොරයිමා කන්ද, ගයනාව , බ්‍රසීලය සහ වෙනිසියුලාව යන රටවල් ත්‍රිත්වය යා කරමින් ගයනා උස් භුමියේ පිහිටා ඇත.
මෙය භූගෝලීය වශයෙන් මෙම රටවල් ත්‍රිත්වයටම අයිතිව පවතී.වැඩි කොටසක් වෙනිසියුලාවට අයත් වන අතර කන්දේ උස් ස්ථානය ගයනා දේශ සීමාවේ පවතී.
මීටර් 2,810 ( අඩි 9,220 ) උපරිම උසක් ඇති මෙය උස් තැනිතලා භූමියක් (high plateau) වේ. Pakaraima කඳු වැටියේ උස්ම කන්ද වෙයි. ප්‍රාදේශීය වශයෙන් ආවේනික පැලැටි හා මල් විශේෂ, පඳුරු විශේෂ, කෘමි , ගෙම්බන් විශේෂ, සර්ප, කුරුළු විශේෂ රැසක් ජීවත් වන උරුම භූමියකි.
ගයනාවේ උසම කන්ද ලෙසද සැලකෙයි.
රොරයිමා කඳු මුදුන සහ අවසාදිත පාෂාණ නිසා නිර්මාණය වී ඇති ස්වභාවික කටාරම්
ඉංග්‍රීසි ජාතික Sir Walter Raleigh විසින් 1595 දී මෙය මුලින්ම ගවේෂණය කල බව සඳහන් වුවත් මේ මුලින්ම සාර්ථක ලෙස තරණය කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික යටත්විජිත නිලධාරියෙකු වූ Everard im Thurn විසින් 1884 දීය.( මොහු 1901 දී ලංකාවට පැමිණ 1904 දක්වා මෙරට බ්‍රිතාන්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇත ). මෙහි මුදුනට අවතීර්ණය වීමට පහසුම මග වෙනිසියුලානු මුහුණතේ පිහිටා ඇති අතර කඳු නැගීමේ උපකරණ ( Rock climbing gear ) ආධාරයකින් තොරව ලඟා විය හැකි එකම මගත් එයම වෙයි.
සාමාන්‍යය සංචාරකයන්ට කඳු මුදුනට ලඟා විය හැකි එකම මග
පුරාන පේමොන් වරුන්ගේ විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ විශ්වයේ නිර්මාතෘ වන Makunaima නම් දෙවිවරයා විසින් ඇතිකරන ලද පොලවේ ඵල දරන සියලු පලතුරු, එළවලු වලින් සපිරුණු මහා වෘක්ෂයක් ජලගැල්මට හසුවී පොලවට පතිත විනි. එයින් ඉක්බිති ඒ මහා වෘක්ෂයේ ඉතිරි වුනු පහල කඳ කොටස මේ රොරයිමා කන්ද ලෙස සැලකේ.
වර්තමාන සංචාරකයන් ගෙන් සමහර දෙනෙක් මෙය පිටසක්වල යානා ගොඩබට ස්ථානයක් ලෙසද විශ්වාස කරයි.
වර්ෂා සමයන් හිදී මෙහි මුදුනතේ එක්රැස් වල ජලය නිසා අලංකාර දියඇලි කිහිපයක් ද නිර්මාණය වෙයි.මෙය තරණය කිරීමට වඩාත් සුදුසුම කාල සීමාව වනුයේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි. වසරේ ඕනෑම කාලයක යාමට අවසර තිබුනද, වර්ෂාව සහ මීදුම අවම ලෙස පවතින්නේ මේ සමයේදීය. එමෙන්ම කිසිඳු සංචාරකයෙකුට මෙහි මග පෙන්වන්නන් ගෙන් තොරව සංචාරයට අවසර නැත. එයට හේතුව මෙහි මුදුනත වර්ග සැතපුම් 12 වැඩි ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර මෙහි ඛාදනය ට ලක්වූ අවසාදිත පාෂාණ නිසා නිර්මාණය වූ ස්වභාවික වංකගිරියක් වන නිසායි.
වර්තමානයේ බ්‍රසීලය සහ වෙනිසියුලානු රජයන් විසින් විශේෂ සංචාරක නීති සහ පාරිසරික අණපනත් යටතේ මේ ලෝක උරුම භුමිය ආරක්ෂා කරයි.
කඳු මුදුනේ හා ඒ ආශ්රිත ජීවත් වන ශාක හා සත්ත්ව ප්‍රජාව.
ඇත්තමයි ජීවිතේ දවසක මෙතනට යන එක මගේ හීනයක්....

විස්තර සහ ඡායාරුප අන්තර්ජාලයෙන්.
සටහන මා විසිනි.
එහෙනම් කට්ටියටම ජය වේවා....

the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?