රොහාන් දළුවත්ත දිවි ගමනට සමුදෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රොහාන් දළුවත්ත දිවි ගමනට සමුදෙයි

    ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 77 වැනි වියෙහි පසුවුනු ඒ මහතා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්වී 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස පත්වීම් ලබනවා.

    රිවිරැස මෙහෙයුමටද නායකත්වය ලබාදුන් ඔහු වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කමින් රැසක් හිමි කරගෙන තිබෙනවා.

    1998 වසරේදී හමුදා දිවියෙන් විශ්‍රාම ගත් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබෙනවා.


    rohan-daluwatte-a9324d9d-2fad-4724-abf8-e67e2824169-resize-750.jpeg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    Rest in peace.
    රිවිරැස මෙහෙයුම යන කාලෙ එතුමාගෙ නමයි ජානක පෙරේර මැතිතුමාගෙ නමයි නිතරම කියවුන. පස්සෙ යුධහමුදාපති වුනා. ඉන් පස්සේ ඩිෆෙන්ස් චීෆ් ඔෆ් ස්ටාෆ් වුනා. එතකොට හමුදාපති විදියට පත්වෙච්ච ජෙනරාල් ශ්‍රීලාල් වීරසුරිය මහතාගෙ කාලය තමයි යුධ හමුදාවේ අවාසනාවන්තම කාල පරිච්ඡේදය:(