රොහාන් දළුවත්ත දිවි ගමනට සමුදෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 77 වැනි වියෙහි පසුවුනු ඒ මහතා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්වී 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස පත්වීම් ලබනවා.
රිවිරැස මෙහෙයුමටද නායකත්වය ලබාදුන් ඔහු වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කමින් රැසක් හිමි කරගෙන තිබෙනවා.
1998 වසරේදී හමුදා දිවියෙන් විශ්‍රාම ගත් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර තිබෙනවා.