පාන්දර 3.30ට ගෙදරින් පිටත් උනා. යාලුවෙක් ගන්න ඕනෙ නිසා නුවර පැත්තෙන් ගියේ. Riverston පාර කාපට් කරගෙන යන ගමන් තියෙන්නේ. තැනින් තැන තාම කාපට් නැ.
උදේ 6.40 වෙද්දී මාතලේ ටවුන් එකට ඇවිත් කාලා බඹරකිරි ඇල්ලට ගියා. 7.15 වෙද්දී ඇල්ල ගාව. ටිකට් counter වහලා. ගිහින් දිය ඇල්ල බලලා ආවා. එක කඩයක් ඒ වෙලේ තමා ඇරියේ.
දිය ඇල්ල එහා පැත්තට යන්න තියන පාලමට මිට්ටො ටික වැඩේ දීලා, එකේ පැද්දීලා. එක අබලන් දැන්. පැත්තකට ඇල වෙලා තියෙන්නේ. ඕකට යන්න ටිකට් ගත්තට හදන පාටක් නැ වගේ.
ඊට පස්සේ Riverston බලා පිටත් උනා. 8.15 වෙද්දී entrance එකට ආවා. helmet එතන තිබ්බ කඩෙන් තියලා ගියේ.
ඒ වේලාවෙම තමා ticket counter එකෙ එක්කෙනත් ආවේ. එක කඩයක් ඇරලා තිබ්බා. එක්කෙනෙක්ට ටිකට් එකක් රු.75 යි. hike එක උඩටම ගිහින් ආවා.
ඒ ටික ඇවිදලා 10.30 වෙද්දී පහළට ආවා. ඊට පස්සේ පිටවල පතනට යන්න ගියේ. යන මග view point තියනවා.
11.00 වෙද්දී පිටවල පතනට ආවා. ටිකට් prices photo එකේ තියනවා. බෑග් හෙල්මට් තියලා යන්න තැනක් තියනවා. අන්කල් කෙනෙක් ඉන්නවා බලා ගන්න. රු. 50ක් ගන්නේ.
මෙතන wash room quality එකට maintain කරනවා.
viewpoint එකට ගියා. view එක පට්ට.
12 වෙද්දී පහළට ඇවිත් වැද්දා පැනි ඇල්ලට ගියා. 12.30 වෙද්දී ඇල්ල ගාවට ආවා. පාර සමහර තැන් අවුල්. දිය ඇල්ල පහළට යන හරි තැනක් හොයාගන්න හම්බුනේ නැ. පරක්කු වෙන නිසා ආවා.
පිටවලපතන පැත්තේ ඉදන් එනවනන් මේ පාරේ එන්නත් පුලුවන්. අනිත් පාර මීට වඩා හොඳයි. තව ඉස්සරට ගිහින් හරවන් එන්න වෙනවා. ඒ නිසා මුල් පාරෙන් ගියා. සේර ඇල්ලට අනිත් පාරෙන් යන්න බලන්.
මානිගල කන්ද ලස්සනට පේනවා මේ පැත්තට.
1.00ට සේර ඇල්ලට යන්න පිටත් උනා. පාර කාපට් කරලා තියෙන්නේ. තව කරගෙන යනවා. ඉවර නැ. පාර සුපිරි කියන්නේ මැටල් එකක් තියෙන්නෙ කොයි වෙලේ ලිස්සයිද කියලා බයෙන් ගියේ.
සමහර තැන් තලලා නැ. ඒ ටික යන්න පට්ට වෙලාවක් ගියා. 1.45ට සේර ඇල්ල entrance එකට ආවා. දිය ඇල්ල ගාවට 10min වගේ යන්න ඔනේ. ටිකට් prices දැම්මා photo එකේ.
2.30ට සේර ඇල්ලෙන් යන්න පිටත් උනා. වෙලා තිබ්බ නිසා මොරගහකන්දත් බලලම එනවා කියලා හිතුවා. යන ගමන් කලු ගඟ view point එකත් හම්බෙනවා මේ පාරෙන්. 3.20 උනා එතෙන්ට එද්දී. ඉලුක්කුඹුර පහු කරලා එද්දී පාර දෙපැත්තේ අලි බෙටි දිගටම
අලියෙක් කොයි වෙලේ පාත් වෙයිද කියලා බල බල ආවේ. සුපිරි adventure පාර. ගියපු අය දන්නවා ඇති. වාහන 10ක් හම්බුන් නැ කලු ගඟ ඩෑම් එක පහුකරලා ගමකට එනකන්.
4.00 වෙද්දී මොරගහකන්ද ඩෑම් එකේ entrance එකට එන්න පුලුවන් උනා. එතෙන්ට ගියාම දන්නේ 4.30න් පස්සේ බලන්න බැ කියලා. වෙලාව හොඳයි. අපිට ඉක්මනට යන්න කිව්වා.
entrance දෙකක් තියනවා. හමුදාවෙන් ඉන්නේ. දෙවෙනි entrance එකෙන් තමා විස්තර ලියාගන්නේ. ටිකට් ඔනේ නැ. ඇවිදලා එන්න තියෙන්නේ.
ඒ ටික බලලා 4.30ට පිටත් උනා. නාඋල මාතලේ හරහා නැවත කොළඹ බලා. රැ 11.00ට ගෙදර. මොරගහකන්ද පහු වෙනවා එක්කම සුපිරි වැසි තැනින් තැන.
ගමනේ මුලු දුර (one day) - 455 KM
දුර හොඳටම වැඩි. හැබැයි පාඩුවක් උනේ නැ. ඔක්කොම තැන් ටික වෙලාවට සෙට් උනා. වැස්සේ නැ එක තැනකවත්. සෙනඟත් නැ. ආහ් මේක සතියේ දවසක ගියේ. ඔච්චරයි ඉතින්.
පළවෙනි trip හෑල්ල හොඳයිනන් like එකක් දාන්න.

Yamaha Saluto 125