රෝලර් ගේට් හෙල්ප්..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    රෝලර් ගේට් හෙල්ප්..

    මචන්ලා, මම ගෙදරට රෝලර් ගේට් එකක් දාගන්න ඉන්නෙ ලඟදි. තවම කනු දාල නෑ. මෙතන පලල අඩි 13ක් විතර තිබ්බත් මම කල්පනා කලේ අඩි 10කට වගේ පලලට ගේට් එක දාන්න. ඉතුරු 2වගේ පොඩි ගේට් එකක් දාන්න, (අඩියකට එහා කනුවට යනව).
    අපේ ස්ලැබ් එක අඩි 12ක් උසයි, (පිහිටි පොලොව මට්ටමේ ඉඳල නෙමෙයි, අපි ඉඩම පොඩ්ඩක් ඉස්සුව අඩි 2කින් විතර. පාරෙ ඉදල වාහනේ එනකොට පොඩි ඇක්සලරේශන් එකක් දෙන්න ඕන ගැරේජ් එකට දාන්න ඒ නිසා, හරියට බැලුවොත් පොලොව මට්ටමේ ඉදල අඩි 14ක් විතර උසකින් තමයි ස්ලැබ් එක තියෙන්නෙ, ගෙදර බිම ඉඳන් වහලට,ඒ කියන්නෙ ස්ලැබ් එකට උස තමා අඩි 12.) අඩි 10ක උසට බිම් මට්ටමේ ඉඳල දැම්මොත් ගෙදර පෙනුමට අවුලක් වෙයිද? පොලොවෙ ඉදල අඩි 12ක උසට දැම්මත් රෝලර් ගේට්පේ එක ස්ලැබ් එක මට්ටමට එන්නෙ නැ, මට ස්ලැබ් එකයි මේකයි එක ලෙවෙල් එකට ගන්න ඕන නෑ.:baffled:

    මට තියෙන ප්‍රශ්න මේවයි,
    1.කොස්ට් එක අතින් ගත්තොත්, 10x10 සියිස් එකට දාන එක ලාබයිද? 10x12 දැම්මොත් කොහොමත් කොස්ට් එකෙ එහෙ මෙහෙ වෙනව ඒක ඔබ්වියස් නෙ.:eek:
    2. ත්‍රී සින්හ එක හොඳද ඔය වැඩේට, කොලිටි/ඩියුරබිලිටි අතින්, කොස්ට් අතින්, සර්විස් අතින්? නැත්තන් වෙන කවුද ඉන්නෙ ලාබෙට හොඳට වැඩේ කරගන්න?:rolleyes:
    කොස්ට් බ්‍රේක්ඩව්න් එකක් දෙන්න පූවන්ද ලඟදි දාපු කෙනෙක්ට,මෝටර් එකේ වගේ දේවල්..?:yes::yes:

    අයිඩියා එකක් ගන්න පල්ලෙහයින් ෆොටෝ එකක් දාන්නම්.:D:D

    WkGZUI9.jpg

    ඔය රතු පාටින් දාල තියෙන්නෙ කනු දෙක දාන්න හිතන් ඉන්න තැන් දෙක. ඔය කනු දෙක අතර පලල අඩි10ක් වගේ.:yes::yes:

    දන්න කෙනෙක් කියල දෙනවද? තවත් කෙනෙක්ට වැදගත් වෙයි.;)

    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබල ගෙදරට එන්නේ ඔය පාරේ කෙලින්මද, නැත්තං වංගුව පැත්තේ ඉදන්? කෙලින්ම එනවා නං ඔය ගානට දැම්මට කමක් නැහැ. නැත්තං එක්කෝ ගේට්ටුව ටිකක් පළලට දාන්න, නැත්තං හැඩ කරන්න. ටිපර් එකක් වගේ ගන්න පුළුවන් වෙන්න.

    • Like
    Reactions: dial1

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ත්‍රීසිංහ එක හොදයි, ඒත් මේ ලගදි අපේ මල්ලිගෙ ගෙදරට ගේට් එකක් දැම්මා ත්‍රීසිංහලගෙන්,
    ඒකෙ ඇරෙන වැහෙන කොට පොඩි අවුලක් තියෙනවා, දෙතුන්පාරක් හැදුවා,
    ඒත් හරියටම හරිගිහිල්ලා නැහැ, එල්කාඩො හොදයි කියලා අහලා තියෙනවා..
    කණූ 2 කෙලින් තියෙන පොලව මට්ටමේ ඉදන් ගේට් එක දාන්න, පොඩි ස්ලෝප් එකක් තියන්න නැත්නම් වාහනේ යට වදිනවා.. ඒ ස්ලෝප් එක පාරෙ ඉදන්ම එන සීග්‍ර බෑවුමක් නොවෙන විදියට දාන්න, එතකොට වාහනේ අමාරුවක් නැතුව ගොඩවෙනවා, නැත්නම් අනිවා යට වදිනවා ගොඩක් සෙඩෑන් වල..
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උබල ගෙදරට එන්නේ ඔය පාරේ කෙලින්මද, නැත්තං වංගුව පැත්තේ ඉදන්? කෙලින්ම එනවා නං ඔය ගානට දැම්මට කමක් නැහැ. නැත්තං එක්කෝ ගේට්ටුව ටිකක් පළලට දාන්න, නැත්තං හැඩ කරන්න. ටිපර් එකක් වගේ ගන්න පුළුවන් වෙන්න.

    ස්තූතියි මචං
    කනු දෙක පලල ඔය ගාන වගේ තමා දාන්න හිතන් ඉන්නෙ.උස තව ගන්න පුලුවන්, පේන්ට් එකේ ඇන්දෙ පොඩියට පේන්නෙ ඒකයි. :baffled:

    තව පලලට දැම්මොත් මචන් පොඩි ගේට් එකකට ඉඩ නැතිවෙනව,ඒකයි.

    කොහොම කලොත් ද හොඳ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oya kanu 2 kmath adi 10-12 athara usanna wenawa othana oya issaraha gedara ganata wage. penumata aulk nah hariyata kanu thappa badala kapararu karala paint karaganna hoda color ekakin. Elcardo thama hoda apith danna beluwa passe damme nah match wenne nethi nisa ape gedarata. loku piyan deka arena ekak damme
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ත්‍රී සිංහගෙන් අහපන් වොරන්ටි එකෙන් පස්සේ (අවුරුද්දයි) ගේට් එකේ ප්‍රශ්නයක් ආවොත් සයිට් විසිට් එකට කීයක් ගන්නවද කියල. රුපියල් 3000 ක් උන්ගේ බැංකුවට ඩිපොසිට් කරලා ස්ලිප් එක යවනකල් වැඩේට එන්නේ නැහැ. සර්විස් චා.

    එල්කාඩෝ නම් දාල අවුරුදු 10ක් ගියත් ඇවිත් කරන සර්විස් වලට සල්ලි ගන්නේ නැහැ පාට්ස් රිප්ලේස් කලේ නැත්නම්. පට්ටම සර්විස් එක.

    තව හොඳ ඒවා ඇති. මම මෙතැනදී කිව්වේ මම දන්න සීන් එකක් විතරයි.
     
    • Like
    Reactions: dial1 and nicjosh83

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මටත් උඹේ ප්‍රශ්නෙම ආවා.

    මම හිතන්නේ මේකයි,
    උඹ අඩි 12ම දාපන්. වැඩියෙන් වියදම් වෙන ගාන ගැන ඔනිවට වඩා හිතන්න එපා. ගානවගේ නෙවෙයි තව අවුරුද්දකින් දෙකකින් හිතෙන්න ගත්තොත් අපරාදේ අඩි 10 දැම්මේ කියලා.

    අනිත් එක ත්‍රී සිංහ කතාව.
    මචං, මම මේ අත්දැකීමෙන් කියන්නේ. ත්‍රීසිංහලා, එල්කාඩෝලා හදන මැටීරියල්වලින්ම හදලා, ඊට වඩා හොඳ සර්විස් එකක් දීලා ගානත් අඩුවට කරන රෝලර්ගේට් කට්ටිය ලංකාවේ ඉන්නවා. උන් එච්චර ප්‍රසිද්ධ නෑ මොකද උන් කරන්නේ ලොකු ලොකු සයිට්වලට කොන්ත්‍රාත් ගන්න එක විතරයි. අපි වගේ පොඩි වැඩවලට උන් එන්නේ නෑ. හැබැයි මම හොයලා හොයලා එහෙම එකෙක් හොයාගත්තා. මම අඩි 18 ගේට් එකයි, අඩි 12 ගේට් එකයි දෙකක් දාලත් මට පොඩි ගානක් ගියේ.

    ත්‍රීසිංහ, එල්කාඩෝලා පොර කියලා හිතලා කොටුවෙන්න එපා.
    හැබැයි උන්ගේ වාහන ගොඩාක්, ස්ටාෆ් ගොඩාක් ඉන්න නිසා වැඩ instant ඇති මම මේ කිව්ව අයට වඩා. ඒකට මම එකඟයි. කල්පනා කරලා බලල කරපන්. ජීවත් වෙන ගෙදරනෙහ්. කරන වැඩේ උපරිම කරපන්. පස්සේ වාහනයක් හරවද්දී කරද්දී කණුවල ගෑවිලා හදනවාට වඩා ඒක හොඳයි...

    ස්ලෝප් එක නම් පුලුවන් තරම් අඩු කරපන්. ඒ කිව්වේ අඩි දෙකක් උස්සනවා නම් අඩි 4 - 5ක්වත් දික් කරලා ඒක උස්සපන්. (අඩියට අඩි කාලක්)..
     
    • Like
    Reactions: dial1

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    elcardo nam anthimai :angry::angry::angry:
    ape roller door eka kedila masa 3yi. inform kala kipa serayak. awe ne thama.:frown::frown::frown:

    ත්‍රී සිංහගෙන් අහපන් වොරන්ටි එකෙන් පස්සේ (අවුරුද්දයි) ගේට් එකේ ප්‍රශ්නයක් ආවොත් සයිට් විසිට් එකට කීයක් ගන්නවද කියල. රුපියල් 3000 ක් උන්ගේ බැංකුවට ඩිපොසිට් කරලා ස්ලිප් එක යවනකල් වැඩේට එන්නේ නැහැ. සර්විස් චා.

    එල්කාඩෝ නම් දාල අවුරුදු 10ක් ගියත් ඇවිත් කරන සර්විස් වලට සල්ලි ගන්නේ නැහැ පාට්ස් රිප්ලේස් කලේ නැත්නම්. පට්ටම සර්විස් එක.

    තව හොඳ ඒවා ඇති. මම මෙතැනදී කිව්වේ මම දන්න සීන් එකක් විතරයි.

    :confused::confused::confused::confused:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    elacado demme. masa 2kata withara kalin. nothing to complain. everything was good.
    only the thing to mention is there should be additional 15% added to the quotation they are giving.
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මටත් උඹේ ප්‍රශ්නෙම ආවා.

    මම හිතන්නේ මේකයි,
    උඹ අඩි 12ම දාපන්. වැඩියෙන් වියදම් වෙන ගාන ගැන ඔනිවට වඩා හිතන්න එපා. ගානවගේ නෙවෙයි තව අවුරුද්දකින් දෙකකින් හිතෙන්න ගත්තොත් අපරාදේ අඩි 10 දැම්මේ කියලා.

    අනිත් එක ත්‍රී සිංහ කතාව.
    මචං, මම මේ අත්දැකීමෙන් කියන්නේ. ත්‍රීසිංහලා, එල්කාඩෝලා හදන මැටීරියල්වලින්ම හදලා, ඊට වඩා හොඳ සර්විස් එකක් දීලා ගානත් අඩුවට කරන රෝලර්ගේට් කට්ටිය ලංකාවේ ඉන්නවා. උන් එච්චර ප්‍රසිද්ධ නෑ මොකද උන් කරන්නේ ලොකු ලොකු සයිට්වලට කොන්ත්‍රාත් ගන්න එක විතරයි. අපි වගේ පොඩි වැඩවලට උන් එන්නේ නෑ. හැබැයි මම හොයලා හොයලා එහෙම එකෙක් හොයාගත්තා. මම අඩි 18 ගේට් එකයි, අඩි 12 ගේට් එකයි දෙකක් දාලත් මට පොඩි ගානක් ගියේ.

    ත්‍රීසිංහ, එල්කාඩෝලා පොර කියලා හිතලා කොටුවෙන්න එපා.
    හැබැයි උන්ගේ වාහන ගොඩාක්, ස්ටාෆ් ගොඩාක් ඉන්න නිසා වැඩ instant ඇති මම මේ කිව්ව අයට වඩා. ඒකට මම එකඟයි. කල්පනා කරලා බලල කරපන්. ජීවත් වෙන ගෙදරනෙහ්. කරන වැඩේ උපරිම කරපන්. පස්සේ වාහනයක් හරවද්දී කරද්දී කණුවල ගෑවිලා හදනවාට වඩා ඒක හොඳයි...

    ස්ලෝප් එක නම් පුලුවන් තරම් අඩු කරපන්. ඒ කිව්වේ අඩි දෙකක් උස්සනවා නම් අඩි 4 - 5ක්වත් දික් කරලා ඒක උස්සපන්. (අඩියට අඩි කාලක්)..

    උබ හරි බන්. මමත් පුද්ගලිකව දන්නව එල්කාඩෝ එකේ ක්ලැඩින් කරන සබ් පොරක්. එල්කාඩෝ එකට ඕඩර් එක කස්ටමර්ගෙන් ආවම, උන් ඒක මූට දෙනව. මූ වොරන්ටි, සර්විස් එක දෙන්නෙ එල්කාඩෝ 1ට. අග්‍රිමන්ට් තියෙනව දෙගොල්ලො අතර. අරූ හෙන අඩුවට කරන්නෙ, මම හොදටම දන්නව..එල්කාඩෝ එක ඩබල් ගන්නෙ කස්ටමර්ගෙන්

    puluwan nam mata contacts pm ekak dapan porage pls, sqft cost eka ekka.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ත්‍රී සිංහගෙන් අහපන් වොරන්ටි එකෙන් පස්සේ (අවුරුද්දයි) ගේට් එකේ ප්‍රශ්නයක් ආවොත් සයිට් විසිට් එකට කීයක් ගන්නවද කියල. රුපියල් 3000 ක් උන්ගේ බැංකුවට ඩිපොසිට් කරලා ස්ලිප් එක යවනකල් වැඩේට එන්නේ නැහැ. සර්විස් චා.

    එල්කාඩෝ නම් දාල අවුරුදු 10ක් ගියත් ඇවිත් කරන සර්විස් වලට සල්ලි ගන්නේ නැහැ පාට්ස් රිප්ලේස් කලේ නැත්නම්. පට්ටම සර්විස් එක.

    තව හොඳ ඒවා ඇති. මම මෙතැනදී කිව්වේ මම දන්න සීන් එකක් විතරයි.

    තෑන්ක්ස් බන් rep+

    ත්‍රීසිංහ එක හොදයි, ඒත් මේ ලගදි අපේ මල්ලිගෙ ගෙදරට ගේට් එකක් දැම්මා ත්‍රීසිංහලගෙන්,
    ඒකෙ ඇරෙන වැහෙන කොට පොඩි අවුලක් තියෙනවා, දෙතුන්පාරක් හැදුවා,
    ඒත් හරියටම හරිගිහිල්ලා නැහැ, එල්කාඩො හොදයි කියලා අහලා තියෙනවා..
    කණූ 2 කෙලින් තියෙන පොලව මට්ටමේ ඉදන් ගේට් එක දාන්න, පොඩි ස්ලෝප් එකක් තියන්න නැත්නම් වාහනේ යට වදිනවා.. ඒ ස්ලෝප් එක පාරෙ ඉදන්ම එන සීග්‍ර බෑවුමක් නොවෙන විදියට දාන්න, එතකොට වාහනේ අමාරුවක් නැතුව ගොඩවෙනවා, නැත්නම් අනිවා යට වදිනවා ගොඩක් සෙඩෑන් වල..

    ත්‍රී සින්හ එක දැන් චා කියල කීප දෙනෙක්ම කිව්ව, උබත් ඒක ඔප්පු කලා. ඔව් බන්. පොලොවෙ මට්ටමේ ඉදන් අඩි 2කට කිට්ටුවෙන්න ඉඩම උස්සල නිසා,පාරෙ ඉදන් අඩි 4ක වගේ ප්‍රමානයක් ගැරේජ් එකට තියෙන නිසත් ස්ලොප් එක පරිස්සමෙන් තියන්න ඕන. තෑන්ක්ස් බන්. rep+
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    oya kanu 2 kmath adi 10-12 athara usanna wenawa othana oya issaraha gedara ganata wage. penumata aulk nah hariyata kanu thappa badala kapararu karala paint karaganna hoda color ekakin. Elcardo thama hoda apith danna beluwa passe damme nah match wenne nethi nisa ape gedarata. loku piyan deka arena ekak damme

    loku piyan arena ekak kiwwe ban? auto neme ne? rep16+