රෝල්ස් කාලා පවුලක්ම රෝහලේ – දරුවෙක් මරුදකියි
අජීර්ණයක් හේතුවෙන් වැලිගම, වලාන දිසා රෝහලට ඇතුළත් කෙරුණු දස හැවිරිදි ළමයෙකු මියගොස් තිබෙනවා.ඔහුගේ සහෝදරයන් දෙදෙනා, මව සහ පියා ද අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් දින කිහිපයක් තිස්සේ වමනය සහ පාචනය වැනි අජීර්ණ රෝග ලක්ෂණවලින් පෙළී ඇති බව රෝහල් ආරංචි කියාසිටියා.මුලින් පෞද්ගලික සායනවලින් ප්‍රතිකාර ලබා ඇති ඔවුන් වැලිගම, වලාන දිසා රෝහලට පැමිණ ඇත්තේ අද (05) පෙරවරුවේයි.
ආපන ශාලාවකින් ලබාගත් රෝල්ස් වර්ගයක් ඔවුන්ට මෙලෙස අජීර්ණ වී ඇතැයි සැක කෙරෙනවා.
මියගිය ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහරෝහලේදී සිදුකිරීමට නියමිතයි.
නෙත් FM
Last edited:






