රෝල්ස්_කාලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    රෝල්ස් කාලා පවුලක්ම රෝහලේ – දරුවෙක් මරුදකියි

    rolls.jpg

    අජීර්ණයක් හේතුවෙන් වැලිගම, වලාන දිසා රෝහලට ඇතුළත් කෙරුණු දස හැවිරිදි ළමයෙකු මියගොස් තිබෙනවා.ඔහුගේ සහෝදරයන් දෙදෙනා, මව සහ පියා ද අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහරෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.

    ඔවුන් දින කිහිපයක් තිස්සේ වමනය සහ පාචනය වැනි අජීර්ණ රෝග ලක්‍ෂණවලින් පෙළී ඇති බව රෝහල් ආරංචි කියාසිටියා.මුලින් පෞද්ගලික සායනවලින් ප‍්‍රතිකාර ලබා ඇති ඔවුන් වැලිගම, වලාන දිසා රෝහලට පැමිණ ඇත්තේ අද (05) පෙරවරුවේයි.

    ආපන ශාලාවකින් ලබාගත් රෝල්ස් වර්ගයක් ඔවුන්ට මෙලෙස අජීර්ණ වී ඇතැයි සැක කෙරෙනවා.

    මියගිය ළමයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මාතර මහරෝහලේදී සිදුකිරීමට නියමිතයි.


    නෙත් FM
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    මැරෙන්න තරන් මොනාද බන් ඔකේ තිබ්බේ :( :oo:

    කෑම විස වෙලා මැරෙනවා බං.අනික පොඩි ළමයෙක්නේ.:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑම විස වෙලා මැරෙනවා බං.අනික පොඩි ළමයෙක්නේ.:(
    :( :(
    salmonella may be....
    in worse case, may be botulinium
    :baffled::baffled: හපොයි ඔය කියන ජාති කොහෙන්ද එන්නෙ :oo:
    පරණ වෙච්ච කෑම වල ඉබේ හැදෙනවද ? :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    salmonella walata marenne naa ne bung,and only very small children get serious with it if not treated
    ඇත්ත...නමුත් පොඩි ම දරුවන්ට සැල්මොනෙල්ලා වුනත් මාරාන්තික වෙන්න පුලුවන්....
    කල් ගත වෙලා, ෆ්‍රීස් කරල ආයෙ බැදලා එහෙම තියන කෑම වල ඇතිවන රසායනික වෙනස්කම් නිසාත් සමහර විට ප්‍රශ්න එන්න පුලුවන්.....
    ටක්කෙටම කියන්න නම් ඉතිං පෝස්ට් මෝර්ටම් එකකින් තමා පුතේ.....
    අයි ජස්ට ඇසියුම්ඩ්.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැං ITN නිව්ස් වලට කිව්වෙ,, ඔය රෝල්ස් කන්න කලින් දේවාලෙකට එක්කන් ගිහින් මොනාද කරන්න, ඊට පස්සෙ එන ගමන් තමයි රෝල්ස් කාල තියෙන්නෙ...
    දේවාලෙන් කාපු බීපු මොනවහරි එක්ක රෝල්ස් විස වෙන්න ඇති..

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං ITN නිව්ස් වලට කිව්වෙ,, ඔය රෝල්ස් කන්න කලින් දේවාලෙකට එක්කන් ගිහින් මොනාද කරන්න, ඊට පස්සෙ එන ගමන් තමයි රෝල්ස් කාල තියෙන්නෙ...
    දේවාලෙන් කාපු බීපු මොනවහරි එක්ක රෝල්ස් විස වෙන්න ඇති..

    දැන් දේවාලේ ඉන්න දෙයිය ගෙන්නන්න වෙයි පොලිසියට :baffled: