රෝහලේ

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
:lol::lol:හරක් වෙනුවෙන් උපවාසකළ හිමි රෝහලේ:lol::lol:

ශ‍්‍රී ලංකාව පුරා සිදුවන ගව ඝාතනයට එරෙහිව උපවාසයක නිරතව සිටි සේරුවිල මංගල රජමහ විහාරාධිපති හා උතුර නැගෙනහිර ප‍්‍රධාන සංඝ නායක සේරුවිල සරණකිත්ති හිමියෝ දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඊයේ (19) රාති‍්‍රයේ ති‍්‍රකුණාමල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

උන්වහන්සේ මේ වන විට ති‍්‍රකුණාමල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර, එහිමියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.


සරණකිත්ති හිමියන් මෙම උපවාසය ආරම්භ කරනු ලැබුවේ පසුගියදා 18 වැනිදාය.


මේ අතර, ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් නීති ස්ථාපිත කිරීම කඩිනමින් සිදු කළ නොහැක්කක් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.
ඒ මහතා මේ බව පැවසූවේ, සේරුවිල සරණකිත්ති හිමියන්ගේ සුවදුක් විමසීමට ති‍්‍රකුණාමලයට පැමිණි අවස්ථාවේදීය.

ගව ඝාතනය වැළැක්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග සඳහා අනුපිළිවෙලින් අවතීරණ විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited: