ලංකාදීපේ ගිය මගේ ලිපිය.

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තම කේන්ද්‍රය බලවාගත්තේ එවකට ලන්කාවේ සිටි දක්ශ එහෙත් අප්‍රසිද්ද ජෝතීර්වේදියෙකුගෙන්ය ( අදකාලේ මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන අය එකල සිටියේ නැත ). එතුමා ප්‍රෙමදාස මහතාගේ ජීවිතය තව ටික කලකින් අවසන් වන බවත් එය සිදුවන්නේ ගින්නෙන් බවත් දැනගෙන සිටියේය . එහෙත් ඒ බව ප්‍රේමදාස මැතිතුමාට කෙලින්ම නොපැවසීමට ඔහු වග බලා ගත්තේ එතුමා ප්‍රේමදාස මැතිතුමාගේ තරම හොඳින් දැනගෙන සිටි නිසාය. ජනාදිපතිතුමාට මහත් වූ අපල කාලයක් පවතින බව පැවසූ ඔහු ඒ සඳහා කලයුතු වත් පිලිවෙත් ගැනත් දැනුවත් කරනු ලැබීය. එහෙත් ජනාදිපතිතුමා අසවල් දිනයේ ගින්දරෙන් මිය යන බව ඔහු රහසිගතව පොතක ලියා තැබීය. පසුකාලයේ තමට හිතවත් අයෙකුට ඔහු එම ලියා තැබූ දෙය පෙන්වීය.එහි ලියාතිබුනේ ප්‍රේමදාස මහතා බෝම්බයට හසුවී මියගිය දිනයයි. :yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අදුරන්න පුළුවන්......
    පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප්
    ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා.....
    ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්....
    ආසන්නම එක ඇමසින්....
    ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න....
    හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර් කීපර් කෙනෙක්...
    කළු-කැත-කොට-රැවුලෙක්..........:rofl:

    අප්පච්චි මලා බන්.ආය මලාට ඕකා බලේට නම් එන්නේ නෑ.තොපි කීවේ රාජපක්කලා අවුරුදු 40ක් රට පාලනය කරනවා කියලා නේද? දැන් හිතේ අමාරුවට උපරිම වේදනාවෙන් එලියට ඇවිල්ලා කියෝපන්.වේදනාව වැඩිනම් දෙකට නැවිලා ඇට දෙක හපාගෙන ඉඳපන්.
     
    thanujaka

    Well-known member
  • මම ඉස්සරවෙලා කියපු කතාව බොරුවක් කියල කියනවනම් හොයල බලන්න පුලුවන්

    කේ සී සක්සේනා පඬිතුමා බොම්බායේ සිට දිල්ලියට බසයේ ගමන් කරන අතරතුර අසල සිටි මගියා සමග ආගිය තොරතුරු කතා කරමින් කුලුපග උනා. මෙතුමා ගැන නොදත් එම මගියා පැවසුවේ තමා ජෝතිශ්යය විශ්වාස නොකරන බවත් ඔවුන්ට අනාගතය ගැන නිවැරදිව පැවසිය නොහැකි බවත්ය. එවිට මෙතුමා පැවසූයේ තමා ජෝතිශ්යය දන්නා බවත් ඔබගේ කේන්දරය තිබේනම් අනාවැකියක් පැවසිය හැකි බවත්ය. එවිට මගියා තම උපන් වේලාව පැවසූ පසු ඊට අදාල කේන්ද්‍රය සැකසූ මෙතුමා පැවසූයේ මේ මොහොතේ ඔබගේ බිරිඳ තබ්ලාව ඉගෙනගනිමින් සිටින බවයි.ඇය එය ඉගෙනගනිමින් සිටින්නේ තනිවම නොව ගුරුවරයෙකුගෙන් බවද පැවසීය. එය නිවැරදි බව මගියා පිලිගත්තේය. මෙය අහම්බෙන් කියවුනු දෙයක් වියහැකි යැයි සිතූ මගියා කියා සිටියේ අනාගතයට අදාල යමක් පවසන ලෙසටය. එවිට සක්සේනා පඬිතුමා කේන්ද්‍රය දෙස මනාව බලා පැවසූයේ මෙතැන් පටන් හරියටම මාස දෙකකින් ඔබගේ බිරිඳ මේ තබ්ලා ගුරුවරයා සමග පැනයන බවය. එය නිවැරදිව තහවුරු කරගන්නේ කොහොමද කියා මගියා ඇසූ කල්හි මෙතුමා තමාගේ කාඩ් පතක් මගියාට දී මෙන්න මගේ කාරයාලයේ ලිපිනය ඔබට ඕනෑම වේලාවාවක පැමින මා හමුවිය හැකි යැයි පැවසීය. ඔහු දෙමසකට පමන පසුව පැමින එතුමා හමුවී එම අනාවැකිය සත්‍ය වූ බව පැවසීය.

    පිස්සු බං උඹලට නං..:rofl:
     
    thanujaka

    Well-known member
  • තබ්ලා ගගහා ඉඳලා තියෙන්නේ ඒ වෙලෙත් ගෑණිට අරූගේ සංගීත ගුරුවරයා.. :rofl::rofl:

    කොහෙන් හොයාගන්නවද මන්ද බං මේ කතා සිරාවට මුන්..:rofl:
    මිනිහගේ හදහන බලල ගෑණි තබ්ලා ගහනවා කිව්වලු...
    පට්ට ඔයි සිරාවට..:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පච්චි මලා බන්.ආය මලාට ඕකා බලේට නම් එන්නේ නෑ.තොපි කීවේ රාජපක්කලා අවුරුදු 40ක් රට පාලනය කරනවා කියලා නේද? දැන් හිතේ අමාරුවට උපරිම වේදනාවෙන් එලියට ඇවිල්ලා කියෝපන්.වේදනාව වැඩිනම් දෙකට නැවිලා ඇට දෙක හපාගෙන ඉඳපන්.
    හා කළු-කොට -කැත රැවුල් කරවලයෝ!:rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙන් හොයාගන්නවද මන්ද බං මේ කතා සිරාවට මුන්..:rofl:
    මිනිහගේ හදහන බලල ගෑණි තබ්ලා ගහනවා කිව්වලු...
    පට්ට ඔයි සිරාවට..:rofl:

    :rofl::rofl::rofl:

    උඹට කියන්න බං මම ගියා හඳහන බලන්න ගොඩක් අය යන තැනකට. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 30 ක් විතර දුර ගිහින් තව හෙන ඇතුලටත් යන්න ඕනේ කිලෝමීටර් 5 ක් විතර. හෙනට සෙනග. ගියේ වෙන මගුලකට නෙමෙයි කෙල්ලගේ ගෙදරින් ඇහුවම කිව්වා හඳහන් බලලාපොරොන්දම් ගලපන්න ඉමු පස්සේ කරදර වෙනවට වඩා ඒක හොඳයිනේ කියලා. ඒ නිසා ගියා ඔය බුවා ගාවට මොකද ඔය මනුස්සයා කෙලින්ම හොඳ නැත්නම් මූණටම කියනවලු හරි නෑ කියලා. ඒ නිසා ගියේ හරි නෑ කිව්වොත් හොර එකක් හරි හදන්න බලාගෙන. කොහොම හරි මූ කිව්වා අවුලක් නෑ කියලා. ඉතින් නිකමට මට මගේ හඳහනත් ඒ වෙලේ බලාගන්න හිතුනා.

    මූ ගත්තු ගමන් මට කියපු තරමක් කිව්වේ නරකමයි බං. ජොබ් එකක්වත් හරියන්නේ නෑ කිව්වා. මම ඇහුවා රට යන්න අදහසක් තියෙනවා ජොබ් එකට කොහොමද ඒක කියලා. මූ ගත් කටටම කිව්වා ඔයා රට යනවනම් ගෙදරට ආයේ එන්න ටිකට් එකට ඉක්මනින් සල්ලි හොයා ගන්න කියන්න කියලා. පස්සේ ඔය ඔක්කොම කියලා මූ මගෙන් ඇහුවා ඔයාගේ රස්සාව මොකක්ද කියලා. මම කිව්වා මම මෙහෙම කෙනෙක් කියලා. ඊට පස්සේ මූ කියනවා ඔයාගේ පුදුම පින්වත් කමක් තියෙන පින්වත් දරුවෙක්ලු. ඔයා මැරෙන්න පණ අදින කෙනෙක්ට වතුර ඩිංගක් දුන්නත් ඒ මනුස්සයට පණ එනවලු. පස්සේ මම ආයේ රට සීන් එක ඇහුවම මූ කියනවා ඔයාගේ හඳහනේ තියෙන්නේ ලංකාවේ ඉන්නවා කියලා නෙමෙයිලු. අහවල් දවසෙන් පස්සෙ යන්නලු ඉතාම සුභයි ලු. මම ඉතින් හා කියලා ආවා බං. ඔන්න බලපන් ඔය බුවාලගේ හැටි. කොහොම හරි ගිය වැඩේ හරි ගිය නිසා සද්ද නැතිව ආවා.
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl::rofl:

    මම නං ජීවිතේට කේන්දරේ බලවගෙන නෑ..
    එකම එක පාරක් අවුරුදු ගානකට කලින් මගේ ඔෆිස් එක ඕපන් කරපු වෙලාවේ නං එකට නැකතක් බැලුව එච්චර තමා..
    එකත් කරේ අම්ම බලන්නම කියපු හින්ද..
    නැත්තන් මං ඒ බලන්නෙත් නෑ අම්මගේ හිත නරක කරන්න හොද නැති හින්ද බැලෙව්වා..
    ඒ ඇරුණම අද වෙනකං විහිළුවටවත් මම හදහනක් බලවගෙන නෑ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නං ජීවිතේට කේන්දරේ බලවගෙන නෑ..
    එකම එක පාරක් අවුරුදු ගානකට කලින් මගේ ඔෆිස් එක ඕපන් කරපු වෙලාවේ නං එකට නැකතක් බැලුව එච්චර තමා..
    එකත් කරේ අම්ම බලන්නම කියපු හින්ද..
    නැත්තන් මං ඒ බලන්නෙත් නෑ අම්මගේ හිත නරක කරන්න හොද නැති හින්ද බැලෙව්වා..
    ඒ ඇරුණම අද වෙනකං විහිළුවටවත් මම හදහනක් බලවගෙන නෑ..

    මමත් ගියේ කෙල්ලගේ ගෙදරින් බලමු කිව්ව නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි බං. ගෙදරින් අහපු වෙලේම බැලුවේ පස්සේ ඔව්වා කේස් වෙනවට වඩා බලන එක හොඳ නිස.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ කියන්නේ මධ්‍යස්ථවයි
    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරණ සමහර අය අඩුම තරමේ ලංකාදීප සයිට් එකේ ගිය ඔය ආටිකල් එකවත් කියවලා නෑ. ඒකේ උඩින්ම තියන එඩිටර් දාපු චේදෙ විතරක් කියවලා හෝ ත්‍රෙඩ් එක දැකලා, අනිත් අයගේ කමෙන්ට් කියවලා, ලංකාදීප පේජ් එකේ කමෙන්ට් ටික බලලා, ත්‍රෙඩ් එක දාපු කෙනාට බනින එක අසාධාරනයි.
    හැමෝම වගේ තමන් දන්න දේවල්, තමන්ගේ මතයන්, ප්‍රශ්න, හිතට එන දේවල් එලකිරියේ ත්‍රෙඩ් වලින් ඉදිරිපත් කරණවා. ඉතිං නැකැත් රාල කියන්නේ ජ්‍යොතිෂවේදය කරන කෙනෙක්. ඉතිං ඔහු ඒ අංශයෙන් ත්‍රෙඩ් ඉදිරිපත් කරනවා. ඉතිං ඔය ලිපිය හදලා තියන්නේ ජ්‍යොතිෂය අනුව හිතල. නැතුව ඔහුගේ අනුමානයක් ඉදිරිපත් කරලා නෙවයි.
    ජ්‍යොතිෂය කියන දේ විස්වාස කරන අයත් ඉන්නවා නොකරන අයත් ඉන්නවා. ජ්‍යොතිෂය විතරක් නෙවෙයි මේ ලෝකේ තියන ආගම් එකක් වත් විස්වාස නොකරන අයත් ඉන්නවා. ඒ ඉකිං එක එක පුද්ගලයන්ගේ ස්වාභාවය.
     
    thanujaka

    Well-known member
  • මමත් ගියේ කෙල්ලගේ ගෙදරින් බලමු කිව්ව නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි බං. ගෙදරින් අහපු වෙලේම බැලුවේ පස්සේ ඔව්වා කේස් වෙනවට වඩා බලන එක හොඳ නිස.

    ඔව් සමහර අය ඕව හෙනට එලවනවා..
    අපේ අම්මත් එහෙමයි බං..
    තාත්ත නං මං වගේම තමා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් සමහර අය ඕව හෙනට එලවනවා..
    අපේ අම්මත් එහෙමයි බං..
    තාත්ත නං මං වගේම තමා...

    අපිට ඒ මිනිස්සුන්ගේ ආසාවන්ට ඉඩ දෙන්න වෙනවා බං ඔය වගේ කේස් වලදි.