
අදුරන්න පුළුවන්......
පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප්
ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා.....
ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්....
ආසන්නම එක ඇමසින්....
ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න....
හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර් කීපර් කෙනෙක්...
කළු-කැත-කොට-රැවුලෙක්..........![]()
මම ඉස්සරවෙලා කියපු කතාව බොරුවක් කියල කියනවනම් හොයල බලන්න පුලුවන්
කේ සී සක්සේනා පඬිතුමා බොම්බායේ සිට දිල්ලියට බසයේ ගමන් කරන අතරතුර අසල සිටි මගියා සමග ආගිය තොරතුරු කතා කරමින් කුලුපග උනා. මෙතුමා ගැන නොදත් එම මගියා පැවසුවේ තමා ජෝතිශ්‍යය විශ්වාස නොකරන බවත් ඔවුන්ට අනාගතය ගැන නිවැරදිව පැවසිය නොහැකි බවත්ය. එවිට මෙතුමා පැවසූයේ තමා ජෝතිශ්‍යය දන්නා බවත් ඔබගේ කේන්දරය තිබේනම් අනාවැකියක් පැවසිය හැකි බවත්ය. එවිට මගියා තම උපන් වේලාව පැවසූ පසු ඊට අදාල කේන්ද්‍රය සැකසූ මෙතුමා පැවසූයේ මේ මොහොතේ ඔබගේ බිරිඳ තබ්ලාව ඉගෙනගනිමින් සිටින බවයි.ඇය එය ඉගෙනගනිමින් සිටින්නේ තනිවම නොව ගුරුවරයෙකුගෙන් බවද පැවසීය. එය නිවැරදි බව මගියා පිලිගත්තේය. මෙය අහම්බෙන් කියවුනු දෙයක් වියහැකි යැයි සිතූ මගියා කියා සිටියේ අනාගතයට අදාල යමක් පවසන ලෙසටය. එවිට සක්සේනා පඬිතුමා කේන්ද්‍රය දෙස මනාව බලා පැවසූයේ මෙතැන් පටන් හරියටම මාස දෙකකින් ඔබගේ බිරිඳ මේ තබ්ලා ගුරුවරයා සමග පැනයන බවය. එය නිවැරදිව තහවුරු කරගන්නේ කොහොමද කියා මගියා ඇසූ කල්හි මෙතුමා තමාගේ කාඩ් පතක් මගියාට දී මෙන්න මගේ කාරයාලයේ ලිපිනය ඔබට ඕනෑම වේලාවාවක පැමින මා හමුවිය හැකි යැයි පැවසීය. ඔහු දෙමසකට පමන පසුව පැමින එතුමා හමුවී එම අනාවැකිය සත්‍ය වූ බව පැවසීය.

පිස්සු බං උඹලට නං..![]()


තබ්ලා ගගහා ඉඳලා තියෙන්නේ ඒ වෙලෙත් ගෑණිට අරූගේ සංගීත ගුරුවරයා..![]()


හා කළු-කොට -කැත රැවුල් කරවලයෝ!අප්පච්චි මලා බන්.ආය මලාට ඕකා බලේට නම් එන්නේ නෑ.තොපි කීවේ රාජපක්කලා අවුරුදු 40ක් රට පාලනය කරනවා කියලා නේද? දැන් හිතේ අමාරුවට උපරිම වේදනාවෙන් එලියට ඇවිල්ලා කියෝපන්.වේදනාව වැඩිනම් දෙකට නැවිලා ඇට දෙක හපාගෙන ඉඳපන්.



කොහෙන් හොයාගන්නවද මන්ද බං මේ කතා සිරාවට මුන්..
මිනිහගේ හදහන බලල ගෑණි තබ්ලා ගහනවා කිව්වලු...
පට්ට ඔයි සිරාවට..![]()


හා කළු-කොට -කැත රැවුල් කරවලයෝ!![]()


වී කුරුල්ලා. මූ වීකුරුල්ලා නෙමෙයි ගේ කුරුල්ලා.. 

![]()
උඹට කියන්න බං මම ගියා හඳහන බලන්න ගොඩක් අය යන තැනකට. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 30 ක් විතර දුර ගිහින් තව හෙන ඇතුලටත් යන්න ඕනේ කිලෝමීටර් 5 ක් විතර. හෙනට සෙනග. ගියේ වෙන මගුලකට නෙමෙයි කෙල්ලගේ ගෙදරින් ඇහුවම කිව්වා හඳහන් බලලාපොරොන්දම් ගලපන්න ඉමු පස්සේ කරදර වෙනවට වඩා ඒක හොඳයිනේ කියලා. ඒ නිසා ගියා ඔය බුවා ගාවට මොකද ඔය මනුස්සයා කෙලින්ම හොඳ නැත්නම් මූණටම කියනවලු හරි නෑ කියලා. ඒ නිසා ගියේ හරි නෑ කිව්වොත් හොර එකක් හරි හදන්න බලාගෙන. කොහොම හරි මූ කිව්වා අවුලක් නෑ කියලා. ඉතින් නිකමට මට මගේ හඳහනත් ඒ වෙලේ බලාගන්න හිතුනා.
මූ ගත්තු ගමන් මට කියපු තරමක් කිව්වේ නරකමයි බං. ජොබ් එකක්වත් හරියන්නේ නෑ කිව්වා. මම ඇහුවා රට යන්න අදහසක් තියෙනවා ජොබ් එකට කොහොමද ඒක කියලා. මූ ගත් කටටම කිව්වා ඔයා රට යනවනම් ගෙදරට ආයේ එන්න ටිකට් එකට ඉක්මනින් සල්ලි හොයා ගන්න කියන්න කියලා. පස්සේ ඔය ඔක්කොම කියලා මූ මගෙන් ඇහුවා ඔයාගේ රස්සාව මොකක්ද කියලා. මම කිව්වා මම මෙහෙම කෙනෙක් කියලා. ඊට පස්සේ මූ කියනවා ඔයාගේ පුදුම පින්වත් කමක් තියෙන පින්වත් දරුවෙක්ලු. ඔයා මැරෙන්න පණ අදින කෙනෙක්ට වතුර ඩිංගක් දුන්නත් ඒ මනුස්සයට පණ එනවලු. පස්සේ මම ආයේ රට සීන් එක ඇහුවම මූ කියනවා ඔයාගේ හඳහනේ තියෙන්නේ ලංකාවේ ඉන්නවා කියලා නෙමෙයිලු. අහවල් දවසෙන් පස්සෙ යන්නලු ඉතාම සුභයි ලු. මම ඉතින් හා කියලා ආවා බං. ඔන්න බලපන් ඔය බුවාලගේ හැටි. කොහොම හරි ගිය වැඩේ හරි ගිය නිසා සද්ද නැතිව ආවා.
මම නං ජීවිතේට කේන්දරේ බලවගෙන නෑ..
එකම එක පාරක් අවුරුදු ගානකට කලින් මගේ ඔෆිස් එක ඕපන් කරපු වෙලාවේ නං එකට නැකතක් බැලුව එච්චර තමා..
එකත් කරේ අම්ම බලන්නම කියපු හින්ද..
නැත්තන් මං ඒ බලන්නෙත් නෑ අම්මගේ හිත නරක කරන්න හොද නැති හින්ද බැලෙව්වා..
ඒ ඇරුණම අද වෙනකං විහිළුවටවත් මම හදහනක් බලවගෙන නෑ..
මමත් ගියේ කෙල්ලගේ ගෙදරින් බලමු කිව්ව නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි බං. ගෙදරින් අහපු වෙලේම බැලුවේ පස්සේ ඔව්වා කේස් වෙනවට වඩා බලන එක හොඳ නිස.
ඔව් සමහර අය ඕව හෙනට එලවනවා..
අපේ අම්මත් එහෙමයි බං..
තාත්ත නං මං වගේම තමා...
අපිට ඒ මිනිස්සුන්ගේ ආසාවන්ට ඉඩ දෙන්න වෙනවා බං ඔය වගේ කේස් වලදි.
ado mehana mokadda ban wenne. tika dawasakin elakiri anna bari una..

