ජෝතිශ්යට කියන්නෙ ආලෝක විද්‍යාව කියලයි . ඒ කියන්නෙ ජීවිතයට ආලෝකය ලබා ගන්න තමයි මේක පාවිච්චි කරන්න ඕනෙ. මේ යන්නෙ කලි යුග කාලෙ. ඒ නිසා මිනිස්සුන්ට ඕනෙ ක්ශනික දේවල්. ජෝතිශ්යත් කාලෙට අනුව පිරිහිලා ගිහිල්ල තියෙන්නෙ. මේක කරන 99%ක්ම ශාස්ත්‍රය නියම ආකාරයෙන් ප්‍රගුන කරපු අය නෙමෙයි. ඒ නිසා මිනිස්සුන්ට බොහෝවිට ලැබෙන්න්නෙ වැරදි අනාවැකි. ඒක නිසා ගොඩක් අය මේව විශ්වාස නොකරන එක පුදුමයක් නෙමෙයි. මුදල් හම්බ කරන එක තමයි ප්‍රදාන පරමාර්තය වෙලා තියෙන්නෙ. ඉන්දියාවෙ මේ තත්වය වඩාත් නරක අතට හැරිල තියෙන්නෙ. පොරොන්දම් බලනව කියල නොගැලපෙන අයව විවාහ කරවල දෑවැද්දෙන් ලොකු කමිෂන් එකක් ගන්න තරමට පහතට වැටිල තියෙන්නෙ. මේවට බනින එකවත් මේව මත්තෙම නැහෙන එකවත් නෙමෙයි කරන්න ඕනෙ.මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න එක. තමන්ගෙ තියෙන අඩුපාඩු පැති මොනවද කියල හොයාගෙන ඒව නැති කරගන්න කටයුතු කරන අතරෙම තමන්ගෙ හැකියාවන් හඳුනගෙන ඒව වඩ වඩාත් වර්ධනය කර ගන්න එකයි මේ ශාස්ත්‍රයෙන් ලබාගන්න ඕනෙ ප්‍රයෝජනය









