ලංකාවටම කරන්ට් එක ගියේ කොහොමද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේක බොරු දැන් මුන් utility commission එකෙන් බේරෙන්නේ අමු බේගලක් ගොතල වගේ. :lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ""ලංකාවටම විදුලිය ඇන හිටිය දවසේ බලාපොරොත්තු නොවුන විදියට සැපයුම අඩුවෙලා තියෙනවා කෙටි වෙලාවක් ඇතුලත...""

    ඔන්න ඕක උනේ කොහොමද කියල දන්නේ නැද්ද...
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    හරි හමං සැලසුම් සහගත පද්දතියකනම් ඔය වගේ බ්‍රේක් ඩවුන් වෙන්න විදියක් නැහැ මම හිතන විදියට. වැඩිපුර ලැබෙන විදුලිය මේ වගේ ක්‍රමයකට නැවත ගබඩා කරන්න පුලුවන්.

    http://www.amusingplanet.com/2013/04/taum-sauk-hydroelectric-power-station.html



    එළකිරි එකේ නූල් කීපයක්ම දැක්කා මුලු ලංකාවටම කරන්ට එක ගියේ කොහොමද කියලා කතා වෙන. ඒ නිසා අලුතින් නූලක් දාන්න හිතුනා වෙච්ච සිද්ධිය පැහැදිලි කරන්න..

    ඊට කලින් අපි විදුලි බල පද්ධතියේ මූලික කරුණු කීපයක් බලලා ඉමු.

    ලංකාවෙ මුලු විදුලි බල පද්ධතියම එක පද්ධතියක් හැටියට තමා ක්‍රියාත්මක වෙන්නෙ.. ඒ කියන්නෙ සියලුම විදුලි බලාගාර සහ පාරිභෝගිකයින් එකට සම්බන්ධ වෙලා ඉන්නෙ...

    ඉතිං මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ විදුලි බල මණ්ඩලයේ System Control Center එකෙන්.

    ලංකාව ඇතුලු ගොඩක් රටවල විදුලි බල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ 50 Hz සංඛ්‍යාතයේ...පරාසයක් හැටියට සංඛ්‍යාතය 1% වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ 49.5 Hz සහ 50.5 Hz අතර අගයක මේක පවත්වා ගන්න ඕන.

    System Control Center එකට තියෙන ප්‍රධානම රාජකාරියක් තමයි සංඛ්‍යාතය මේ පරාසය තුල පවත්වා ගැනීම.

    යම් මොහොතක මුලු ලංකාවේම විදුලි ඉල්ලුම 1200 MW නම් හරියටම 1200 MW විදුලි බලාගාර වලින් ලබා දෙන්න ඕනි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සැපයුම හැම වෙලේම විචලනය වෙන එක.

    ඒත් මේක එච්චරම ගේමක් නෙවි. ගොඩක් වෙලාවට කරන්නේ විදුලි බලාගාර කීපයකට නියමිත අගයන් වලින් විදුලි බලය සපයන්න නියම කරලා තියෙනවා... අපි හිතමු මේ විදියට බලාගාර කීපයකින් 1150 MW විදුලි බලයක් පද්ධතියට සැපයෙනවා කියලා... එතකොට ඉතිරි 50 MW ලබාගන්නවා සංඛ්‍යාතය 50 Hz වල පවත්වා ගැනීමේ හැකියාවක් තියෙන විදුලි බලාගාරයකින්.. සංඛ්‍යාතය 50 Hz වල පවත්වාගැනීමේ හැකියාවක් තියෙන බලාගාරක් කියලා කිව්වෙ, මේ බලාගාරයේ පාලන පද්ධතියෙන් විදුලි බල පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz වල පවතින ආකාරයට ඉල්ලුමට අනුව සැපයුම වෙනස් කරනවා... උදාහරණයක් හැටියට ඉල්ලුම 1202 MW වුනාම ඉතිරි බලාගාරවලින් 1150 MW සැපයෙනවා.. මදිපාඩු 52 MW මේ බලාගාරය මගින් සැපයෙනවා..

    ලංකාවෙ විදුලි බලාගාර වලින් වික්ටෝරියා, කොත්මලේ, ලක්ෂපාන සහ සමනලවැව බලාගාර වලට මේ Frequency Controlling හැකියාව තියෙනවා...

    ඉතිං සරලව කිව්වම ඔය විදියට තමයි අපේ විදුලි බල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ...

    ලංකාවටම විදුලිය ඇන හිටිය දවසේ බලාපොරොත්තු නොවුන විදියට සැපයුම අඩුවෙලා තියෙනවා කෙටි වෙලාවක් ඇතුලත... මේ වගේ වෙලාවකට තාප විදුලි බලාගාර වල සැපයුම ක්ෂණිකව අඩු කරන්න අමාරුයි.. Frequency Controlling සඳහා ඒ මොහොතේ පවත්වා ගෙන ඉඳලා තියෙන්නේ කොත්මලේ විදුලි බලාගාරය.

    කොත්මලේ බලාගාරය සැපයුම අඩු කරගෙන බලාගාරයට පුලුවන් උපරිම සීමාවටම ගිහින් තියෙනවා...

    ඉතිං මේ ප්‍රශ්න අතරේ නොරෙච්චොලේ තාප විදුලි බලාගාරය Protection Trip වෙලා තියෙනවා... මේ විදියට Protection Operate වෙන්නේ පද්ධතියට හානි වෙන එක වලක්වන්න. ඒ එක්කම කොත්මලේ බලාගාරයත් පද්ධතියෙන් ඉවත් වෙලා...

    රාත්‍රී කාලයට සම්ප්‍රේෂණ රුහැන් වල Capacitance නිසා වොල්ටීයතාව ඉහල නැගීමකුත් සිදුවෙනවා... මේ හේතුව නිසාත් සමහර Transformers එහෙම පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා...

    ඉතිං මෙන්න මෙහෙම තමයි මුලු ලංකාවටම කරන්ට් නැති වෙලා තියෙන්නේ...
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔන්න ඕක උනේ කොහොමද කියල දන්නේ නැද්ද...

    සාමාන්‍යයෙන් හැමදාම ලංකාවෙ Load Curve එක එකම Pattern එකක් මචන් තියෙන්නෙ... නමුත් මේ සිද්ධිය උන දවසේ වෙනදට වඩා ගොඩක් සැපයුම අඩු වෙලා... සරලම හේතුව ගොඩක් අය එකපාරටම තමන්ගේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන උපකරණ පද්ධතියෙන් ඉවත් කර ගැනීම... සමහර වෙලාවට ලංකාවෙ පැය 24 පුරා ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කීපයක් එදා නඩත්තු කටයුතු වලට වැඩ නැවැත්තුවා වෙන්න පුලුවන්...
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මේක ගැන තව ටිකක් කියන්ඩ
    රෙප් මචං 7+

    Machan system voltage eka reactive power eka anuwa thama wenas wenne. Inductive loads (reactive power consuming) nisa voltage adu wenawa. Capacitive loads (reactive power sourcing) nisa voltage wadi wenawa.

    Dawal kalayata motor loads (inductive loads) godak wadi nisa line capacitance effect eka neutralize wenawa. But rata inductive loads adu nisa line capacitance effect eken leading reactive power system ekata inject wenawa.

    Transformers wala overfluxing kiyala protection thiyenawa. flux eka Induced voltage ekata anulomawa samanupathikai... ithin voltage wadi unama overfluxing protection operate wenawa. Saralawa kiwwoth ohomai
     

    AnuradhaRa

    Well-known member
  • Machan system voltage eka reactive power eka anuwa thama wenas wenne. Inductive loads (reactive power consuming) nisa voltage adu wenawa. Capacitive loads (reactive power sourcing) nisa voltage wadi wenawa.

    Dawal kalayata motor loads (inductive loads) godak wadi nisa line capacitance effect eka neutralize wenawa. But rata inductive loads adu nisa line capacitance effect eken leading reactive power system ekata inject wenawa.

    Transformers wala overfluxing kiyala protection thiyenawa. flux eka Induced voltage ekata anulomawa samanupathikai... ithin voltage wadi unama overfluxing protection operate wenawa. Saralawa kiwwoth ohomai

    අලුත් දෙයක් දැනගත්ත
    line capacitance කියන්නෙ පාරෙ යන කරන්ට් කම්බි අතර කැපෑසිටන්ස් එකටද ?
    ඒව අතරත් කැපෑසිටන්ස් එකක් හැදෙනවද ? සෑහෙන පරතරයක් තියෙනවනෙ...
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අලුත් දෙයක් දැනගත්ත
    line capacitance කියන්නෙ පාරෙ යන කරන්ට් කම්බි අතර කැපෑසිටන්ස් එකටද ?
    ඒව අතරත් කැපෑසිටන්ස් එකක් හැදෙනවද ? සෑහෙන පරතරයක් තියෙනවනෙ...

    400 V වලදී ලොකුවට Capacitance effect එකක් එන්නෙ නෑ මචං. නමුත් 132 kV, 220 kV වගේ වැඩි වොල්ටීයතාවලදී phase to phase සහ phase to ground capacitance ඇතිවෙනවා... 132 kV සම්ප්‍රේෂණ කුලුනුවල phase 3නේ කම්බි තියෙන්නේ පොලොවේ ඉඳන් එක එක උස වලින්.. මේ නිසා එක එක කම්බියේ Capacitance වෙනස් වෙනවා පොලොවත් එක්ක. මේ බලපෑම අවම කරන්න Transposition කියලා දෙයක් කරනවා... ඒ කියන්නේ transmission line එකේ ටික දුරක් ගියාම උඩින්ම යන කමිබිය මැද්දට, මැද්දෙන් යන කම්බිය යටට, යටින්ම යන කම්බිය උඩට ඔය වගේ කමිබි තියෙන තැන් වෙනස් කරනවා... මේ විදියට ආසන්න වශයෙන් මුලු දුර තුනට බෙදලා තැන් දෙකක මේ සිද්ධිය කලාම කම්බි 3නේම දල වශයෙන් සමාන Capacitance පවත්වා ගන්න පුලුවන්.
    මෙහෙම කරපු තැනක් පේන්න තියෙනවා SLIIT එක ලඟ ඉඳලා මහමෙව්නා අසපුව පැත්තට එනකොට පාරෙ දකුණු අත පැත්තෙ පේන්න තියෙන tower එකේ...
    https://en.wikipedia.org/wiki/Transposition_tower
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාමාන්‍යයෙන් හැමදාම ලංකාවෙ Load Curve එක එකම Pattern එකක් මචන් තියෙන්නෙ... නමුත් මේ සිද්ධිය උන දවසේ වෙනදට වඩා ගොඩක් සැපයුම අඩු වෙලා... සරලම හේතුව ගොඩක් අය එකපාරටම තමන්ගේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන උපකරණ පද්ධතියෙන් ඉවත් කර ගැනීම... සමහර වෙලාවට ලංකාවෙ පැය 24 පුරා ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කීපයක් එදා නඩත්තු කටයුතු වලට වැඩ නැවැත්තුවා වෙන්න පුලුවන්...

    අහ එහෙමද... :):) එල එල ඇයිද දාන්නේ නෑ එකපාරට තමන්ගේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන උපකරණ පද්ධතියෙන් ඉවත් කර ගත්තේ.... එක්කෝ ඕන නෑ..... :lol:
     

    AnuradhaRa

    Well-known member
  • 400 V වලදී ලොකුවට Capacitance effect එකක් එන්නෙ නෑ මචං. නමුත් 132 kV, 220 kV වගේ වැඩි වොල්ටීයතාවලදී phase to phase සහ phase to ground capacitance ඇතිවෙනවා... 132 kV සම්ප්‍රේෂණ කුලුනුවල phase 3නේ කම්බි තියෙන්නේ පොලොවේ ඉඳන් එක එක උස වලින්.. මේ නිසා එක එක කම්බියේ Capacitance වෙනස් වෙනවා පොලොවත් එක්ක. මේ බලපෑම අවම කරන්න Transposition කියලා දෙයක් කරනවා... ඒ කියන්නේ transmission line එකේ ටික දුරක් ගියාම උඩින්ම යන කමිබිය මැද්දට, මැද්දෙන් යන කම්බිය යටට, යටින්ම යන කම්බිය උඩට ඔය වගේ කමිබි තියෙන තැන් වෙනස් කරනවා... මේ විදියට ආසන්න වශයෙන් මුලු දුර තුනට බෙදලා තැන් දෙකක මේ සිද්ධිය කලාම කම්බි 3නේම දල වශයෙන් සමාන Capacitance පවත්වා ගන්න පුලුවන්.
    මෙහෙම කරපු තැනක් පේන්න තියෙනවා SLIIT එක ලඟ ඉඳලා මහමෙව්නා අසපුව පැත්තට එනකොට පාරෙ දකුණු අත පැත්තෙ පේන්න තියෙන tower එකේ...
    https://en.wikipedia.org/wiki/Transposition_tower

    තැන්කියු මචං
    රෙප් 7+
    මං හිතුවෙ කලිං රෙප් දුන්න කියල ;)