
මේ මගේ මල්ලි accident වුන video එක. මගේ මල්ලි accident වෙලා විනාඩි 15 ක් යනකන් මහ පාරේ පණ අදිනවා. ඔතනට එන කිසිම කෙනෙක් මගේ මල්ලිව අල්ලන්නෙවත් නැහැ. විනාඩි 15 කට විතර පස්සේ මල්ලිව hospital අරන් යනවා police නිලධාරින් දෙදෙනෙක් ඇවිත්. මේ accident එක වෙන්නේ නිට්ටබුව කලගෙඩිහේන. මල්ලිව hospital එකට අරන් යද්දිත් එයාගේ මොලේ මැරිලා ඉවරයි.
මගේ මල්ලියි මමයි පෞද්ගලිකව පාරේ පූස් පැටියෙක් හැප්පිලා හිටියත් අපි. ඒ සතාව බේර ගන්න කාරැණික වෙනවා . ඒත් කෝ මේ මිනිසුන්ගේ මනුස්සකම. මගේ මල්ලි පාරේ පන අදිද්දි කොහොමද දෙයියනේ මෙහෙම මිනිස්සු අහක බලන් යන්නේ . අද ඔතන ඉන්න එක්කෙනෙක් හරි මගේ රත්තරං මල්ලිට උදව් කලා නම් . අද මාස 5 ක පුතෙකුට තාත්තා කෙනක් නැති වෙන්නේ නෑ . බිරිදකට සැමියා නැති වෙන්නෙ නෑ. දෙමා පියන්ට ,සහෝරදරියට එයාව නැති වෙන්නෙ නෑ . විශේෂයෙන් මගේ මල්ලි මගේ රට ආරක්ෂා කරපු පොලිස් නිලදාරියෙක් , රටට නැති වෙන්නෙ නැහැ. රටේ ජනාධිපති ආරක්ෂා කරපු ජනාධිපති ආරක්ෂකයෙක් රටට නැති වෙන්නේ නැහැ.
අපිට ලැබුන මිනිසත් බාවය අපිට පින්කමකට යොදවන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවයෙන් ඇති වැඩක් නැහැ. මේ video එක බලන කවුරැ හරි ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
https://www.facebook.com/PiumiSrinayaka/