ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයක්.. ඉන්දියාව කŢ
ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් මෙරට තුල න්‍යෂ්ඨික බලාගාරයක් පිහිටුවීම සඳහා පකිස්තාන රජය සහය වන බවත් දැනටමත් එහි උපදේශන කටයුතු ආරම්භ වී ඇති බවත් නවතම India Today සඟරාව පෙන්වා දෙයි. අනාගතයේදී පකිස්තානයේ මූලික දායකත්වයෙන් නව බලාගාරය ත්‍රීකුණාමලයේ සාම්පූර් හිදී ඉදි වනු ඇති බව ඔවුන් හෙළිකරයි.
කෙසේ වෙතත් මෙම තත්වය පිලිබඳ මෙරට ඉන්දීය තානාපති අශෝක් කාන්ත විසින් එරට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඇතැයි IndiaToday පවසයි. පසුගිය දා ඉන්දියාවට ගිය තානාපතිවරයා අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත මෙම දැනුවත් කිරීම කර තිබේ. මෙය චීනයේ සහයෝගයද ඇතිව මෙරට තුල තම බලය ව්‍යාප්ත කිරීමට පකිස්තානය විසින් සැල්සුම් සහගතව කරන වැඩපිළිවෙලක් බව ඔවුහු පවසති.
පාකිස්තානයට කොලඹ සමග සමග ආරක්ෂක සබඳතා පුළුල් කරගැනීමට අවශ්‍ය බවත් තමිල්නාඩුවෙන් එල්ලවන බලපෑම මත ඉන්දීය සභාග ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු වලට සහාය දීමෙන් කටයුතු වලින් වත්ව සිටීම පකිස්තානයට උත්ප්‍රේරකයක් වී ඇති බවත් සඟාරාව පෙන්වා දෙයි. ට්-55 යුධ ටැංකි පද්ධතිය නවීකරණය කිරීම සඳහාද පකිස්තානයේ සහය ලැබී තිබෙන අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ යුධ යාන්ත්‍රණය ශක්තිමත් වීමට කිසිඳු සහයක් නොදැක්වීම මත පකිස්තානය පහසුවෙන් එම ඉඩ තමන්ගේ අභිප්රායන් වෙනුවෙන් යොදා ගන්න බවද ඔවුහු පවසති.
චීනය සහ පකිස්තානය වෙත ශ්‍රී ලංකාව යොමු වීම පිලිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසු වන අතර,තම සතුරු රාජ්‍යක් ලෙස සලකන පකිස්තානයට ශ්‍රී ලංකාව තුල වැඩි ඉඩක් ලැබීම තමන්ට එරෙහි තර්ජනයක් ලෙස ඉන්දියාව සළකයි. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිත පළුදු විය.
http://indiatoday.intoday.in/story/pak-help-to-lanka-for-n--plant-alarms-india/1/209895.html
lanka c news