අපේ උන් හැමදාම කලේ ප්ලාස්ටර් විසඳුම් දමපු එක, අතේ රෝල් ගවමන්ට් ගෙනියපු එක. මේ දේ වෙන්න නියමිතයි කියල කවුරුත් දැනගෙන හිටිය, තද පාලනයක් මූල්‍ය විනයක් ඇතිව ආණ්ඩු කරන්න ගියහම විපක්ෂයෙන් ඒ ආණ්ඩු පෙරලුව, පොරොන්දු දේශපාලනය වෙනුවට ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න ඕන කියල තේරුනේ නෑ, මොකද බොහොම ස්ටේබල් ඉන්කම් එකක් තිබුන රෙමිටන්ස් වලින්, මේකට ගියපු වියදම එක්ක බලනකොට 100% ප්‍රොෆිට්, තව ටුවරිසම් වලින් විශාල රක්ෂා ප්‍රමාණයක් ලැබුන, හොඳ ආදායමක් ලැබුන, ඉතින් ආණ්ඩුවට ණය ගෙවන්න ලොකු අර්බුදයක් තිබ්බේ නෑ. ඉතින් හැමෝම ආතල් එකේ හිටියා. නමුත් අර්බුදය තියෙනවා කියල පෙනෙන්නේ වාහන ටැක්ස් එකෙන් 300% විතර තඩි ටැක්ස් එකක් දැම්මේ සල්ලි පිටට ඇදෙන එක අඩු කරන්න, පස්සේ කොවිඩ් සීන් එක ආවම ප්රෙමිටන්ස් නතර වුනා, මෝඩකම නිසා ඩොලර් එක කොන්ට්‍රෝල් කරන්න ගිහින් තියෙන රෙමිටන්ස් උන්ඩියල් වලින් එන්න ගත්ත, ආණ්ඩුවේ ඩොලර් ඉන්කම් එක පිරිහුණා, වාහන ඉම්පෝට් කිරිල්ලක් නැති නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර ටැක්ස් ආදායම නතර වුනා, ආණ්ඩුව ආපු ගමන් දීපු බජට් එකෙන් ලොකු බිස්නස් වලට ටැක්ස් රිලීෆ් එක දුන්නා, එකෙනුත් ලොකු ආදායමක් නැති වුනා, කොවිඩ් සීන් එක නිසාත් ආණ්ඩුවට ලොකු වියදමක් දරන්න වුනා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ! කළින් ආණ්ඩු මේ ප්‍රශ්නෙට වග කිව යුතුයි, නමුත් මේ ආණ්ඩුව තමයි කොහොම හරි කල් දමල මග අරින්න තිබුණු ප්රශ්නය මේ අමාරුම කාලේ ඇඟට දාගත්තේ. මෙච්චර අමාරු වෙලත් උන්ඩියල් ප්‍රොමෝට් කරන්නේ ඇයි? කබ්රාල් ට උන්ඩියල් කම්පැනි එකක් තියෙනවද?
