දැනට බදු ගෙවන මිනිස්සු ටිකත් ඔය එක එක කතා කිය කිය බදු නොගෙව හිටියනම් ආණ්ඩුවෙ ඉස්කෝලවලින් අවුරුදු 13ක් ලමයින්ට දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලින් දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් නොමිලේ දෙන වෛයිද්‍ය පහසුකම් කොහෙන්ද, ප්‍රවාහනය සදහා පාරවල්, දුම්රිය රේල්පාරවල් ඒවායෙ නඩත්තු කටයුතු මේව කොහෙන්ද, ආපදා අවස්තාවල්දී දෙන සේවාවන් කොහෙන්ද. බදු නොගෙව ඉන්න නිදහසට කාරනා කිය කිය ඉන්න ගොඩ දෙනෙක්, මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රජයෙන් දෙන මොනම හෝ සේවාවක් හෝ පහසුකමක් ජීවිතේ එක්වතාවක් හරි බුක්ති විදපු මිනිස්සු. ඒ විදල තියෙන්නත් අර බදු ගෙවපු මිනිස්සු ටික ගෙව්ව ඒ බදු සල්ලි වලින් තමයි.
දේශපාලකයොන්ට හොරු හොරු කිව්වට, ඉන්න මිනිස්සුත් වැඩිපිරිසක් හොරුනෙ. බලන්නෙම පුලුවන් හැමවෙලාවෙම වන්ගුවක් ගහන්න. වන්ගු ගහන්න ඕන කෙනා ඒ වන්ගුව ගහන එක සාධාරණීකරනය කරන්න හදාගත්තු කතා ගොඩයි. දේශපාලකයො හැදෙන්න කලින් රටේ මිනිස්සු හරියට හැදෙන්න එපැයි. මිනිස්සු හැම දාමත් වැරදි පාරෙ යද්දි රටක හරි දේශපාලකයො හැදෙයිද, රටක් හැදෙයිද. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න එපැයි.
මචං බදු ගෙවන්න අපි කැමතියි, රටට අපේ මිනිස්සුන්ට මොකක් හරි වෙනව නම්. අපි ගෙවන්නෙ හොරු හොරකම් කරපු ඒවට.
ළමයින්ට ඉස්කෝල වල හරියට උගන්නනවනම් ටියුශන් යන්න ඕන නැහැ, ගොඩක් ඩොක්ටස්ල රට ගියා පඩි මදි කියල, ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ පිටින් ගේන්න කියනවා, පාරවල් හරියට හදන්නේ නැහැ, බස් එකක් ට්‍රේන් එකක් වෙලාවට නහැ. කෑම වලට, පොත් වලට, බෙහෙත් වලට එහෙමත් බදු ගහල අන්තිමට වැඩක් වෙලා නැහැ නේද?
අපි ඉන්න රටේ, අපෙනුත් ටැක්ස් ගන්නවා. ඒත් අපි පිට රටක ඉදන් වැඩ කරනවනම් අපි ඉන්න රටට විතරයි ටැක්ස් ගෙවන්න ඕන.
අපි මෙ දවසට පැය 20ක් වගේ වැඩ කරල මේ රටවල් වල සල්ලි හම්බ කරන්නෙ. අපේ ලංකවෙ ඉන්න මිනිස්සුන්ට සල්ලි යවන්න බැහ. ටැක්ස් ගන්නවා.
මාත් ලංකාවෙ ඉන්න කාලේ හොද IT කම්පැනි එකක වැඩ කලේ, ඒත් මෙහේ කම්පැනි වලට ගැහුව ටැක්ස් + පවර් කට් එක්ක අපේ කම්පැනි ලංකාවේන් වෙන රට වලට අරගෙන ගියා, ඒවත් එක්ක අපිටත් ලංකාවෙන් යන්න උනා. ටැක්ස් ගත්තට කමක් නැහැ මොකක් හරි බෙනිෆිට් එකක් තියනවනම්, මිනිස්සුන්ට නිකන් කන්න අස්වැසුම දෙන්න, ආන්ඩුවට චන්ද හදාගන්න අපි ටැක්ස් ගෙවන්න ඕනද?
අපි හදන්න ඉස්සෙර පාලකයො හැදෙන්න ඕන. කෝ දැන් ආපු අය හොරු ඇල්ලුවද? පාලිමන්ට් එකේ වියදම් අඩු කරාද? ඒව හැදුන දවසට මමත් ටැක්ස් ගෙවන්නම්. මමත් ඔක්කොම පේමන්ට්ස් ගන්නෙ ක්‍රිප්ටෝ වලින් නැත්නම් අහු වෙන නිසා.