ලංකාවට GSP+ යලි දුන් තිත්තම තිත්ත කතාව

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවට GSP+ යලි දුන් තිත්තම තිත්ත කතාව

    ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි.

    ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම

    යුරෝපා සංගමය 2017 මැයි 19 වන දා සිට, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා දී ඇත. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී බදු සහන ක්‍රම තුනක් පවත්වාගෙන යනු ලබයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,025 අඩු, දුප්පත්ම රටවලට ලබා දෙන ජී.එස්.පී සහනය යටතේ එම රටවලට සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපා සංගමය තුළට භාන්ඩ අපනයනය කල හැකිය. ඒකපුද්ගල ආදායම ඩොලර් 1,025ත් 4,035ත් අතර පහල-මධ්‍යම ආදායම් ලාභී රටවලට ‘සාමාන්‍ය ජී.එස්.පී’ ක්‍රමය යටතේ සහනදායි බද්දක් ගෙවා යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කල හැකිය. මෙම ජී.එස්.පී සහන ක්‍රම දෙක නිසා බොහෝ රටවලට අපනයන කර්මාන්ත ගොඩනගා ගැනීමට හැකි වී තිබෙන බව අපි පිළිගත යුතුය. යුරෝපා සංගමයේ තුන්වන සහන ක්‍රමය වන ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ, පහල-මධ්‍යම ආදායම් ලාභී රටවලටද දුප්පත්ම රටවල් මෙන් කිසිඳු බද්දක් නොගෙවා යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමේ වරප්‍රසාදය ලැබේ. නමුත් මේ සඳහා බරපතල වන්දියක් ගෙවිය යුතුය. ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීමට නම් අදාල රට ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් සම්මත කර ඒවා පිළිපැදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ දේශපාලන අධීක්‍ෂණයට යටත් විය යුතුය. එම නිසා ලංකාවද ඇතුළුව ජි.එස්.පී ප්ලස් බදු සහනය ලබාගෙන ඇත්තේ රටවල් 9ක් පමණි.

    ජී.එස්.පී ප්ලස් ලබාගැනීම සඳහා යටත් වෙන කොන්දේසි තුළින්, අදාල රටේ දේශපාලනමය, නීතිමය හා ආයතනික රාමුවට සිදුවන හානිය අතිශයින්ම බරපතල විය හැක. 2010 දී ජී.එස්.පී ප්ලස් තවදුරටත් බුක්ති විඳීමට නම් අපේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ විමර්ශන පැවැත්වීම හා වැඩි වැඩියෙන් බලතල බෙදීම ඇතුළුව යුරෝපා සංගමයෙන් ඉදිරිපත් කරන ලද කොන්දේසි වලට එකග නොවී එම බදු සහනය අහෝසි වීමට මගේ ආණ්ඩුව ඉඩහැරියේ ඒ නිසාය. 2010 දී ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වීමෙන් පසු අපි යුරෝපා සංගමයේ ‘සාමාන්‍ය ජී.එස්.පී’ ක්‍රමය යටතට වැටුණේය. ඒ අනුව අපේ අපනයනයන් යුරෝපා සංගමය තුළට යනවිට සහනදායි බද්දක් ගෙවිය යුතු විය. පසුගියදා, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලැබීමත් සමඟ, ඒ හේතුවෙන්, ධීවර නිශ්පාදන, ඇඟලුම් හා වෙනත් කාර්මික නිශ්පාදන යුරෝපා සංගමයට අපනයනය කිරීම මහා පරිමානයෙන් වැඩි වෙනු ඇති බව ආණ්ඩුව කියයි. යුරෝපා සංගමයට බදු රහිතව අපනයන කිරීමට ආයෝජකයෝ විශාල වශයෙන් ලංකාවට ආකර්ෂණය වෙනු ඇති බවට බලාපොරොත්තුද ඇති වී තිබේ. අපේ මුලු අනාගතයම ජී.එස්.පී ප්ලස් මත ගොඩනැගිය හැකි බවට හැඟීමක් ආණ්ඩුව ජනතාව අතර වපුරමින් සිටි. නමුත්, ජී.එස්.පී ප්ලස් බදු සහන ක්‍රමයෙන් ලැබෙන්නේ තාවකාලික ආර්ථික ප්‍රතිලාභයක් පමණි.

    යුරෝපා සංගමයේ සියළු ජී.එස්.පී බදු සහන ක්‍රම පාලනය කරන නීතිය වන්නේ, යුරෝපා පාර්ලිමේන්තුවේ සහ කවුන්සිලයේ 2012 ඔක්තෝබර් 25 දින අංක 978/2012 දරණ රෙගුලාසියයි. යම් රටකට ජී.එස්.පී ප්ලස් ලබාගත හැක්කේ එය ඩොලර් 4,035ට අඩු ඒක පුද්ගල ආදායමක් ලබන පහල-මධ්‍යම ආදායම් ලාභී රටක් නම් පමණි. ඩොලර් 4,035ට වඩා වැඩියෙන් ඒක පුද්ගල ආදායම් ලබන රටවල් ඉහළ-මධ්‍යම ආදායම් ලාභී රටවල් වන අතර, එවැනි රටවලට යුරෝපා සංගමයේ කිසිදු ජී.එස්.පී බදු සහනයක් ලැබෙන්නේ නැත. එම රටවල භාණ්ඩ යුරෝපා සංගමය තුළට යන විට සම්පූර්ණ ආනයන බද්ද ගෙවිය යුතුවේ. ලංකාවේ ඒකපුද්ගල ආදායම 2015 දී ඩොලර් 3,843 ක් වූ අතර 2016 දී ඩොලර් 3,835 ක් විය. මේ අනුව, යුරෝපා සංගමයේ සියලුම ජී.එස්.පී බදු සහන අහිමි කරවන ඩොලර් 4,035 කඩඉමට අප සිටින්නේ ඩොලර් 200 ක් පමණක් මෙපිටින්ය. මගේ අවුරුදු නවයක පාලන සමය තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම වර්ෂයකට ඩොලර් 286 ක සාමාන්‍ය අගයකින් වැඩි වූවාය යන කාරණයෙන්, අපි ඩොලර් 4,035 කඩඉමට කොතරම් ආසන්න වී ඇතිදැයි සිතාගත හැක. ශ්‍රී ලංකාව ඩොලර් 4,035 කඩඉම පසු කල විට එය ස්ථිර වැඩිවීමක් දැයි තහවුරු කර ගැනීමට වසර දෙකක නිරීක්‍ෂණ කාලයකින් පසු තවත් වසරක සහන කාලයක් ලබා දී, ඉන්පසු ලංකාව මොනම ජී.එස්.පී ක්‍රමයක් යටතේවත් සහන ලැබීමට නුසුදුස්සකු හැටියට යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.

    ජී.එස්.පී ප්ලස් ලබන රටක් වූ ජෝරිජියාව මේ ඩොලර් 4,035 කඩඉම පසු කිරීම හේතුවෙන් යුරෝපා සංගමය විසින් 2017 ජනවාරි 01 වනදා සිට එම රට ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ මෙන්ම ‘සාමාන්‍ය ජී.එස්.පී’ ක්‍රමය යටතේද සහන ලැබීමට නුසුදුස්සකු හැටියට යුරෝපා කොමිසමේ 2015 අගෝස්තු 28 දින, අංක 2015/1979 දරණ නියෝජ්‍යත්ව රෙගුලාසිය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී. යුරෝපා සංගමයේ ජී.එස්.පී බදු සහන ක්‍රම මුල සිටම සැලසුම්කොට තිබුණේ දුප්පත්ම රටවල් මුලදී සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපයට භාණ්ඩ අපනයනය කොට, යම් දියුණුවක් ලැබූ පසු සහනදායී බද්දක් ගෙවීම දක්වාත්, එක්තරා කඩඉමක් පසු කිරීමෙන් අනතරුව සම්පූර්ණ බද්ද ගෙවන තත්වයට පත් වෙන ආකාරයටය. යුරෝපා සංගමයේ ජී.එස්.පී බදු සහන ක්‍රමයන් යටතේ සම්පූර්ණයෙන්ම බදු රහිතව, නැතිනම් සහනදායී බද්දක් ගෙවා අපනයනය කිරීමේ වරප්‍රසාදය සදාකාලිව යම් රටකට හිමිවන්නේ නැත. ආර්ථිකයේ වර්ධනයත් සමඟ සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී බදු සහන නැතිවෙන බව වටහා ගැනීම වැදගත්ය. ඇතැම් අවස්ථාවල වෙනත් හේතුන් නිසාද මේ සහන අහෝසි විය හැක. 2005 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට තුළට එන ඇඟලුම් අපනයනයන් සඳහා වූ කෝටා ක්‍රමය අහෝසි කරන ලදී. ලංකාව වැනි රටවල් ඇමරිකානු වෙළඳපලට ඇතුල් වීමට මේ කෝටා ක්‍රමය මත රඳා පැවතුනි. නමුත් ඒ අත්වැල නැතිවීමෙන් පසුත් ඇමරිකාව තවමත් අපේ ඇඟලුම් අපනයනයන් සඳහා විශාලම වෙලඳපල වේ. එවැනි අභියෝග එන විට ඒවාට මුහුණ දීමට අපි සූදානම් විය යුතුය. ළමා ශ්‍රමිකයන් නොසිටීම, ඉහළ පාරිසරික ප්‍රමිතීන් පවත්වාගෙන යෑම, කර්මාන්තශාලා වල පහසුකම් සාපේක්‍ෂව ඉහළ මට්ටමක තිබීම, වැනි බටහිර රටවල්වල ‘අලෙවි කළ හැකි’ ප්‍රගතිශීලී ලක්‍ෂණ අපේ අපනයන කර්මාන්තවලට තිබේ. දියුණු රටවල ගනුදෙනුකරුවන්ට, ලංකාවෙන් එන්නේ, හානිකර නිශ්පාදන රටාවන්ගෙන් දූෂණය නොවූ භාණ්ඩ යැයි විශ්වාසයක් තැබිය හැක.

    අපි දැන් ඩොලර් 4,035 ඒක පුද්ගල ආදායම් කඩඉමට ඉතා ආසන්නව සිටින නිසා, අපිට දැනටම තිබෙන ශක්තීන් ප්‍රයෝජනයට ගෙන යුරෝපා සංගමයෙන් කිසිඳු බදු සහනයක් නොලබන අනාගතයක් සඳහා සූදානම් විය යුතුය. නුදුරු අනාගතයේදී අපේ භාණ්ඩ යුරෝපා සංගමය තුළට යන විට සම්පූර්ණ ආනයන බද්දට යටත් වීමට නියමිත නිසා, අපි ජී.එස්.පී ප්ලස් ලබාගන්නේ නැතුව, සහනදායි බද්දකට යටත්ව දිගටම සාමාන්‍ය ජී.එස්.පී ක්‍රමය යටතේම සිටියනම්, ඩොලර් 4,035 ඒ කඩඉම පසුකිරීමත් සමඟ ඇතිවෙන අලුත් තත්වයට හුරුවීම වඩාත් පහසු වීමට ඉඩ තිබුණි. දැන් ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලැබී තිබෙන නිසා, ඩොලර් 4,035 කඩඉම පසු කිරීමත් සමඟ අපිට සම්පූර්ණ බදු රහිත තත්වයේ සිට, එක්වරම මුළු බද්දම ගෙවීමට සිදුවෙන තත්වයට මාරු වීමට සිදුවෙනු ඇත. ආණ්ඩුව මේ අවස්ථාවේදී කළ යුත්තේ, අපට ඊයේ පෙරේදා ලැබුණු ජී.එස්.පී ප්ලස් බදු රහිත අපනයන වරප්‍රසාදය පමණක් නොව 2010 සිට තිබුණු සහනදායි බදු යටතේ අපනයනය කිරීමේ ‘සාමාන්‍ය ජී.එස්.පී’ වරප්‍රසාදයත් යන දෙකම අහෝසි වීමට ඉතා ආසන්න බව ජනතාවට දැණුම් දී, ඒ යතාර්තයට මුහුණ දීමට සූදානම් වීමයි.

    ජී.එස්.පී ප්ලස් ගැන යාතාර්ථවාදී නොවන බලාපොරොත්තු ජනතාව තුල ඇති කිරීම කිසිසේතම නොකල යුතුය. යුරෝපා සංගමයේ කිසිදු බදු සහනයක් නැති අනාගතයකට සූදානම් වීමට වැඩපිළිවෙලක් තිබිය යුතුය. අලුත් නිශ්පාදන එළිදැක්වීම, අලුත් වෙළඳ පොලවල් සොයා ගැනීම, කර්මාන්ත ශාලා නවීකරණය සඳහා අඩු පොලියට ණය ලබාදීම, ව්‍යාපාර පුලුල් කිරීම සඳහා බදු සහන ලබා දීම, කම්කරුවන්ගේ නිපුණතා වර්ධනය කිරීම මේ සංක්‍රාන්ති සමය ජය ගැනීමට අවශ්‍ය පියවර විය හැක. ආන්ඩුව මේ කෙරෙහි නිසි අවධානය යොමු කල යුතුය.

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    දිග වැඩියි බන් මේවා අපිට ගැබුරු වැඩියි බන්. විමල්ගෙ වික්ග්‍රහයක් ඒම නෙද්ද බම්?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mahinda%20Rajapaksa%20-%20AP_0_0_0_0_0_0_0_0.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දිග වැඩියි බන් මේවා අපිට ගැබුරු වැඩියි බන්. විමල්ගෙ වික්ග්‍රහයක් ඒම නෙද්ද බම්?
    වික්ග්‍රහයක් තියෙනවා වික්කමසිංහගේ... ඕනද? :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිව්වට තරහා වෙන්න එපා. ඇත්තටම බලේ නැති උනාමද මෙව්වා මතක් වෙන්නේ.. මෙයාගේ කාලේ මම දැනුවත්ව යුරොපිය ගාමන්ට් ෆැක්ටරි 3ක් සම්පූර්නයෙන්ම ආයොජකයොන්ට කෙලවලා චීනෙකුට දුන්නා. අන්තිමට චීනා සේවකයො කප්පදුකරලා ඒකට කෙලොලා ඉන්දියන්කාරයෙකුට දුන්නා. ඉන්දියන්කාරයා දැන් කොරියන් එකෙකුට විකුනලා. දැන් ඉස්සර තරම් ප්‍රඩක්ශන් එකත් නැ සේවකයන්ට බොනසුත් නැ මුකුත් නැ. ගම්පහා පැත්තේ උන් දන්නව ඇති ගාමන්ටෙක.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දිග වැඩියි බන් මේවා අපිට ගැබුරු වැඩියි බන්. විමල්ගෙ වික්ග්‍රහයක් ඒම නෙද්ද බම්?
    තාමත් ලැජ්ජ නැතුව ගොන් කතාවක් කියල තනියම පොර වෙන්න හදනවා.. කමක් නෑ...
    මොලයක් තිබුන හරක් ටිකක් ජනවාරි 8 පොන්සිරාට දීලා දැන් දුක් වෙනවා.. උබ වගේ මොලයක් නැති හරක්, තාමත් තණකොළ කකා ගොම්බෙට්ට අතාරිනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කිව්වට තරහා වෙන්න එපා. ඇත්තටම බලේ නැති උනාමද මෙව්වා මතක් වෙන්නේ.. මෙයාගේ කාලේ මම දැනුවත්ව යුරොපිය ගාමන්ට් ෆැක්ටරි 3ක් සම්පූර්නයෙන්ම ආයොජකයොන්ට කෙලවලා චීනෙකුට දුන්නා. අන්තිමට චීනා සේවකයො කප්පදුකරලා ඒකට කෙලොලා ඉන්දියන්කාරයෙකුට දුන්නා. ඉන්දියන්කාරයා දැන් කොරියන් එකෙකුට විකුනලා. දැන් ඉස්සර තරම් ප්‍රඩක්ශන් එකත් නැ සේවකයන්ට බොනසුත් නැ මුකුත් නැ. ගම්පහා පැත්තේ උන් දන්නව ඇති ගාමන්ටෙක.
    මුළු රටේම සම්පත් ඉන්දියාවටයි, චීනේටයි සින්නක්කරේට දෙන එකද හොද එතකොට?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට ගැන මෙවන් ආඩම්බරයක් යලි කවදා ඇතිවේද.... :(:(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුළු රටේම සම්පත් ඉන්දියාවටයි, චීනේටයි සින්නක්කරේට දෙන එකද හොද එතකොට?
    නැ. ඒකයි මම කිව්වේ බලේ නැති කාලෙට තම මතක් වෙන්නේ කියලා. දැන් උන් කරන දෙත් වැරදියි. හැබැයි මෙතුමා මේ කියන දේ "කලයුතුයි" කියල ෆියුච ටෙන්ස් එකෙන් කිවට එතුමා කලෙත් නැ. එතුමාගේ මලයන්ඩි ගම්පහා සම්පූර්නම ගාමන්ට් ටික කැවා. කල හොදටම මම හොදයි කියනව හැබැයි මේ කතාව නම් සම්පූර්න එයාගේ කාලෙ එයා නොකරපු දේ ගැන කියන්නේ. GSP+ එකේ දේශපාලන කරුනු නැ. ඒකේ තියෙන්නේ සමාජ යහපැවැත්ම ගැන. ඒ ටික අන්ඩුවට කරන්න බැරි නම් අපනයනය බැ. GSP+ එකට වඩා ගොඩක් දරුනු ගිවිසුමක් එක්ටා එක. GSP+ එක ගැන චරිත සහතික දෙන මෙතුමා එක්ටා එක ගැන කියන්නේ නැ. ඒ ගිවිසුම ගැන මිනිස්සුන්ට කරුනු කියන්නේ නැතුව දැනට ෆීල්ඩ් එක දුවන GSP+ එක විවේචනය කරන එක රටේ ආර්තිකයට හොද නැ. කවුරු මොනව කිව්වත් ලන්කාව දුවන්නේ ගැනු රට ගිහින් හම්බකරන වහල් මුදලිනුයි, මේ ගාමන්ට් බිස්නස් එකෙනුයි. අද වෙනකන් අපි හොදයි කියන රශියන් උන් අපේ ගාමන්ට් ගන්නේ නැ. ලන්කාවෙ උන් මැරිගෙන බනින ඇමෙරිකන් උන් තමා මේන් එක්ස්පොටර් අපේ. එහෙම තියෙද්දි GSP+ එක ලොකු අවස්තාවක්, මොකද ඉස්සරහට‍ ඇමෙරිකන් කොටා එක ශුවර් නැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    තාමත් ලැජ්ජ නැතුව ගොන් කතාවක් කියල තනියම පොර වෙන්න හදනවා.. කමක් නෑ...
    මොලයක් තිබුන හරක් ටිකක් ජනවාරි 8 පොන්සිරාට දීලා දැන් දුක් වෙනවා.. උබ වගේ මොලයක් නැති හරක්, තාමත් තණකොළ කකා ගොම්බෙට්ට අතාරිනවා...

    අනේ ඉතින් අපිට තේරෙන බාසාවෙන් කියපන්කො. මේවා බැරවුම් වැඩී. අපිට තේරෙන අපේ බාසාවෙන් අපේ මිනිහෙක්ගෙ වික්ග්‍රහයක් අපිට සංවේදී වැඩියි. අකුරුවලින් කියන්වා වඩා, වොයිස් පික්චර් ටේප් එකක් තියෙනව නම් හොදයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැ. ඒකයි මම කිව්වේ බලේ නැති කාලෙට තම මතක් වෙන්නේ කියලා. දැන් උන් කරන දෙත් වැරදියි. හැබැයි මෙතුමා මේ කියන දේ "කලයුතුයි" කියල ෆියුච ටෙන්ස් එකෙන් කිවට එතුමා කලෙත් නැ. එතුමාගේ මලයන්ඩි ගම්පහා සම්පූර්නම ගාමන්ට් ටික කැවා. කල හොදටම මම හොදයි කියනව හැබැයි මේ කතාව නම් සම්පූර්න එයාගේ කාලෙ එයා නොකරපු දේ ගැන කියන්නේ. GSP+ එකේ දේශපාලන කරුනු නැ. ඒකේ තියෙන්නේ සමාජ යහපැවැත්ම ගැන. ඒ ටික අන්ඩුවට කරන්න බැරි නම් අපනයනය බැ. GSP+ එකට වඩා ගොඩක් දරුනු ගිවිසුමක් එක්ටා එක. GSP+ එක ගැන චරිත සහතික දෙන මෙතුමා එක්ටා එක ගැන කියන්නේ නැ. ඒ ගිවිසුම ගැන මිනිස්සුන්ට කරුනු කියන්නේ නැතුව දැනට ෆීල්ඩ් එක දුවන GSP+ එක විවේචනය කරන එක රටේ ආර්තිකයට හොද නැ. කවුරු මොනව කිව්වත් ලන්කාව දුවන්නේ ගැනු රට ගිහින් හම්බකරන වහල් මුදලිනුයි, මේ ගාමන්ට් බිස්නස් එකෙනුයි. අද වෙනකන් අපි හොදයි කියන රශියන් උන් අපේ ගාමන්ට් ගන්නේ නැ. ලන්කාවෙ උන් මැරිගෙන බනින ඇමෙරිකන් උන් තමා මේන් එක්ස්පොටර් අපේ. එහෙම තියෙද්දි GSP+ එක ලොකු අවස්තාවක්, මොකද ඉස්සරහට‍ ඇමෙරිකන් කොටා එක ශුවර් නැ.
    බලේ තියෙනකොට පස්සට බහින මොලේ, බලේ නැති උනාම ආයිත් ඔලුවට එනවා ඔය කාගේ කාගේත්.. නමුත් ප්‍රතිපත්තියක් විදිහට මහින්ද මේ රට සහ රටේ සම්පත් ආරක්ෂා කළා.. ඔය පොන්සිරාගේ ඉදලා ඉන්න එක පරයෙක්ගේ ලේ වල, මේ මවුබිම කියල කකියන ලෙයක් නෑ...
    උන් උන් තමන් කරගත්තු දේවල් වලට විදවයි.. බුද්ධාගමට අනුව එකේ ආයිත් කතා දෙකක් නෑ...
    උබ කියන කතාවට මම එකගයි.. බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ වගේම දේශහිතයිශී ජාතික ව්‍යාපාරයේ ඉන්න අය දුන්න ෆයිල් වලට මහින්ද මහත්තයා ඒ කාලේ ඇහුම්කන් දුන්නේ නෑ... නමුත් මොන දේ කලත් අද ඉන්න පාහර ආණ්ඩුව තරම් මේ රටට වින කලේ නෑ මේ සියවස් ගානක් රට කරපු කිසිම ආණ්ඩුවක්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ ඉතින් අපිට තේරෙන බාසාවෙන් කියපන්කො. මේවා බැරවුම් වැඩී. අපිට තේරෙන අපේ බාසාවෙන් අපේ මිනිහෙක්ගෙ වික්ග්‍රහයක් අපිට සංවේදී වැඩියි. අකුරුවලින් කියන්වා වඩා, වොයිස් පික්චර් ටේප් එකක් තියෙනව නම් හොදයි.

    සංවේදී වැඩිද මන්දා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ. ඒකයි මම කිව්වේ බලේ නැති කාලෙට තම මතක් වෙන්නේ කියලා. දැන් උන් කරන දෙත් වැරදියි. හැබැයි මෙතුමා මේ කියන දේ "කලයුතුයි" කියල ෆියුච ටෙන්ස් එකෙන් කිවට එතුමා කලෙත් නැ. එතුමාගේ මලයන්ඩි ගම්පහා සම්පූර්නම ගාමන්ට් ටික කැවා. කල හොදටම මම හොදයි කියනව හැබැයි මේ කතාව නම් සම්පූර්න එයාගේ කාලෙ එයා නොකරපු දේ ගැන කියන්නේ. GSP+ එකේ දේශපාලන කරුනු නැ. ඒකේ තියෙන්නේ සමාජ යහපැවැත්ම ගැන. ඒ ටික අන්ඩුවට කරන්න බැරි නම් අපනයනය බැ. GSP+ එකට වඩා ගොඩක් දරුනු ගිවිසුමක් එක්ටා එක. GSP+ එක ගැන චරිත සහතික දෙන මෙතුමා එක්ටා එක ගැන කියන්නේ නැ. ඒ ගිවිසුම ගැන මිනිස්සුන්ට කරුනු කියන්නේ නැතුව දැනට ෆීල්ඩ් එක දුවන GSP+ එක විවේචනය කරන එක රටේ ආර්තිකයට හොද නැ. කවුරු මොනව කිව්වත් ලන්කාව දුවන්නේ ගැනු රට ගිහින් හම්බකරන වහල් මුදලිනුයි, මේ ගාමන්ට් බිස්නස් එකෙනුයි. අද වෙනකන් අපි හොදයි කියන රශියන් උන් අපේ ගාමන්ට් ගන්නේ නැ. ලන්කාවෙ උන් මැරිගෙන බනින ඇමෙරිකන් උන් තමා මේන් එක්ස්පොටර් අපේ. එහෙම තියෙද්දි GSP+ එක ලොකු අවස්තාවක්, මොකද ඉස්සරහට‍ ඇමෙරිකන් කොටා එක ශුවර් නැ.

    අනිත් රටවල සමාජ යහපැවැත්තම ගැන යුරෝපා සංගමයට තියෙන කැක්කුම මොකක්ද? ආර්තික ගිවිසුමක් නන් ආර්තික ගිවිිසුමට අදාල දේ නැතුව වෙන වෙන වැල බයිලා ගහන එකෙන්ම තේරෙනවා ඔතන වෙන දේශපාලනික අරමුණක් ඇතුව යුරෝපා හවුල ක්රියාත්මක වෙනව කියල.

    මහින්දයා තමයි මුලින්ම එක්ටා එක අත්සන් කරන්න බැහැ කියල නොකර හිටි‍යෙ 2012. අනික මහින්දලාගේ කණ්ඩායම තමා එක්ට එක ගැන ‍මේ වෙනකන් ජනතා මතයක් හදන්න කටයුතු කරල තියෙන්න. එහෙම තියාගෙන ආන්ඩුවත් දැන් කියනව එක්ටා එකක් අත්සන් කරල නෑ කියල. ඉතින් මහින්දයා මොන කරන්න සද්ද ‍නොකර ඉන්නවා ඇරෙන්න. එක්ට අත්සන් කරන්න යනකොට ‍පොර සුදුසු තීරනේ ගනීවි.

    දැනටමත් අපේ ගාමන්ට් වලට බංග්ලාදේශ් වගේ රටවල් එකක් තරග කරන්න බැරි මට්ටමකට ඇවිල්ල තියනෙවා. එහෙව් එකේ අපි ගාමන්ට් වලින් එහාට ගිහින් කරන්න ඕනි මොනාද කියල හිතන්න ඕනි දැන්....
     
    • Like
    Reactions: funkyguy89

    එහෙම ගන්නේ නැ බන්. ලන්කාව උනතෙහෙමයි. අඩුවට හම්බුනා කියලා කිසි දෙයක් ඉම්පොට් කරන්නේ නැ මානව හිමිකම් කඩවෙන රටවලින්. බ්ලඩ් ඩයමන්ඩ් ගැන අහලා තියෙනවද? ඒකතෙහෙමයි, කන්ෆ්ලික්ට් වලින් ෆන්ඩ් වෙන ඩයමන්ඩ්ස් කොච්චර අඩුවට හම්බ උනත් ඉම්පොට් කරන්න තහනම්. ඒ වගේ තමා යුරොපෙට අතුලු වෙන බාණ්ඩවලට සහන ලබ දෙන්න නම් සමාජ යහපැවැත්ම ගැන උන් බලනවා. සදාරනය්යිනේ බන් ඒක. ඒකෙන් උන්ට වඩා අපිටනේ බන් හොද. ලන්කාවේ යහ පැවැත්මක් තියෙනව කියලා. දැන් වෙන වැඩවලට ඈයේ ශුවර් නැ GSP+. මෙහෙ මාද්යකාරයොන්ට බනිනවා, මිනිස්සුන්ට කෙලොනවා, මාටියා ගහනවා. ඒ නිස ඔය GSP+ එකත් වැඩිකල් ශුවර් නැ මේ විදියට ගියොත්. නමුත් ඔක ගොඩක් ලාබයි බන්. අපිට චයිනීස් උන් එක්ක කම්පටිශන් එකක් දෙන්න බැ බන් ඔක නැතුව. බන්ගලි උන් ගොඩ ගියේ ඔකෙන්. ඔක නැතුව මාස් ප්‍රඩක්ශන් යුරොප් දාන උන් එක්ක අපිට හැරෙන්නවත් බැ.