ලංකාවට_ගිය_කලක්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ලංකාවට_ගිය_කලක්

    ***මචන්ලා මේක මම මේ දාන්නේ හිතේ ඇතිඋන දුක හින්දා මිසක් කිසිම දේශපාලන ප්‍රශ්නයක් හින්දා නම් නෙවෙයි. මෙහෙම ගියොත් මේ රටේ අනාගතය කොහොම වෙයිද කියල අපිට හිතා ගන්ඩවත් බැරිවෙයි.***

    ***මේක කියවන්ඩ කම්මැලියි වගේ නම් රතුපාට කරලා තියන ටිකවත් කියවන්ඩ***


    මාදු ගඟ ගලනවා සත්තයි...
    ඒත් අප දුටු ඇත්ත තිත්තයි!




    නෙත ගැටෙන සෑම ඉසව්වක්‌ දෙසම ඕනෑකමින් බැලුවේය. සියල්ල
    වෙනස්‌ වී ඇත. එදා දුටු මාදු ගඟේ සුන්දරත්වය අද නොපෙනේ. කාලකණ්‌ණි කාපාලුවන් මාදු ගඟත්
    දැන් වනසමින් සිටිති.

    ඇතැම් දූපත් සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇති සේය. තවත් දූපත් ගොඩ කර විශාල ගොඩනැඟිලි
    ඉදිකර ඇත. මාදු ගඟ මැද සිට අපි ආයාසයෙන් බලා හිඳිමු. දකින දසුනින් සිත් මණ්‌ඩිය මහ
    වේදනාවකින් පිරී යන්නේය.

    රටේ වටේම ඇති පෞරාණික ස්‌ථාන මෙන්ම වන උද්‍යාන, අභයභූමි අමු අමුවේ විනාශ කරන මෙවැනි
    යුගයක මාදු ගඟට මේ වින්නැහියක්‌ නොවුණා නම්ය පුදුමය. දැන් ඒ කරුමක්‌කාර කතාවත් අපටම
    මෙසේ පෙළගස්‌වන්නට සිදුව ඇත.

    සියවස්‌ ගණනාවකට වඩා පැරැණි දූපත් භූමියක්‌ බැකෝ යන්ත්‍ර දමා සූරා සම්පූර්ණයෙන්ම එක
    මට්‌ටමකට සමතලා කර ඇත. ඒ මත ගොඩනැඟිලි කිහිපයක්‌ ද ඉදිකර තිබේ. තවත් ගොඩනැඟිලි
    කිහිපයක්‌ ඉදිවෙමින් ද පවතී. දූපතට පිවිසුම් මාර්ගය සිමෙන්ති ගඩොලෙන් නිම කර පිඟන් ගඩොල්
    ඇතිරූ පඩිපෙළකි. ගෙදර වත්තේ කඩුල්ල වෙනස්‌ කරනවාටත් වඩා වැඩේ සරලය.

    'ටයිල් ඇතිරූ පඩි පෙළ ඔස්‌සේ අපි ඉහළට පිය මැන්නෙමු. පඩි පෙළ දෙපස සුන්දර මල් වැටකි. ඉහළට
    ගිය තැන තණකොළ වැවූ මිදුලකි. අපි ඒ තණබිස්‌සෙ සිට 'බඹර චක්‍ර' කෑ උන් සේ එකතැන
    කරකැවුණෙමු. අදහා ගැනීමටවත් නොහැකිය. තණ බිස්‌ස මතම අපි ගල් වීමු. ඈතට විහිදී යන
    අන්නාසි වගාවකි. බැලු බැලු දෙසින් නෙත ගැටෙන්නේ ඉදුණු අන්නාසි පඳුරුය. අන්නාසි සුවඳින් ලේ
    නහර පිනා යන්නේය. එහෙත් අති රමණීය මේ විරල පරිසරයට කර ඇති හානිය දකින විට සුවඳින් පිනා
    ගිය ලේ නහර රත් වී හිස පොඩි කර දමන්නාක්‌ සේ වේදනාවකින් තැවෙන්නේය. ඒ සමගම මඟ
    පෙන්වන්නකු සේ මේ ගමනට එක්‌ වූ එක්‌ තරුණයකු අප අතර තිබූ නිහඬියාව බිඳිමින් මුව විවර
    කළේය.

    "මේක තමයි සර් මාදු ගඟේ තියෙන දෙවැනි ලොකුම දූපත. මේකට කියන්නේ 'මීරලදූව දූපත' කියලයි.
    අක්‌කර පනහකට වැඩියි. ඉස්‌සර මේ දූපතේ මහා විශාල ගස්‌ තිබුණා. ඒ ගස්‌ දැන් මැරිලා. දැනුත් ඔය
    තැනින් තැන වේලිච්ච ගස්‌ පේන්න තියෙන්නෙ. ඔය ගස්‌ නිකම්ම මැරුණා නෙමෙයි. ඕනකමෙන්
    මැරුවා. ලොකු ගස්‌ කපන්න තහනම් නිසා ඒ ගස්‌වල මුල් හිල් කරලා ඇසිඩ් වක්‌කරලාලු. ඊට පස්‌සෙ
    තමයි බැකෝ ගෙනත් දූපත සුද්ද කළේ. මේක කරන්නේ මේ පැත්තෙම හෝටල් අයිතිකාරයෙක්‌.
    එයාගේ තාත්තගේ හෝටලය තමයි අර කොළ පාටට පේන්නෙ..."

    තරුණයා ඈතින් පෙනෙන තවත් දූපතක විශාල ගොඩනැඟිලි සමූහයක්‌ පෙන්නුවේය. එතැන සංචාරක
    හෝටලයක්‌ලු. වසර ගණනාවකට පෙර ඉදිකර ඇති එම හෝටලයේ අයිතිකරු 'මීරලදූව' දූපත වනසන
    කාපාලුවාගේ පියාලු. එසේ නම් ඒ කාපාලුවාගේ වරදක්‌ නැත. ඒ කාපාලුවා තම පියා නොගිය මඟ
    නොගියා නම් නොට්‌ටිගේ පුතා වන්නේය. මාගේ සිතට එසේ සිතුවිලි ගලා එද්දී අපි අන්නාසි වගාව
    අතරින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ගියෙමු. අපගේ හඬ නොඇසෙන්නට වෙන කිසිදු මිනිස්‌ හඬක්‌
    නොඇසුණු ඒ පාළු මූසල වත්තෙන් එක පාරටම ගොරහැඬි හඬක්‌ ඇසිණි. ක්‍ෂණයෙන් අපි හඬ රැව්
    දෙන ඉසව්වට නෙත් යොමු කළෙමු.

    "උඩට එන්න එපා... පහළට බහින්න... බහින්න..."

    දැස්‌ නළලට ගත් මිනිසෙක්‌ එසේ කියමින් මන්න පිහියක්‌ උස්‌සාගෙන අප සිටින දෙසට වේගයෙන් දුව
    ආවේය.

    සරොම් කඩමල්ලක්‌ ඇඳ උඩු කය නිරුවත්ව සිටි ඔහුගේ ශරීර කූඩුව එළියට පැනීමට ඔන්න මෙන්න
    සේය. දැස්‌ ගිලී වැහැරී ගිය ඒ මුහුණ බියෙන් කෝපයෙන් වෙව්ලමින් තිබිණි.

    "යන්න මහත්තයා පහළට... මේ වත්ත ඇතුළට කාවවත් ගන්න එපා කියලයි අපේ මහත්තයා කියලා
    තියෙන්නෙ" කේඩෑරි මිනිසා කෝපය පාලනය කර එසේ කීවේය.

    මහත්තයා කාටවත් වත්ත ඇතුළට එන්න දෙන්න එපා කියන්නෙ ඇයි...?

    "ඒක මම දන්නෙ නැහැ මහත්තයා. මට කියපු දේ මම කරනව"

    හරි... හරි... අපි ආවේ මේ වත්තෙ ලස්‌සන බලන්න. අංකල්ට ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ...

    දැන් වත්ත බැලුවානෙ මහත්තයෝ මෙතනින් පහළට බහින්න...

    අන්නාසි සුවඳේ බැහැ... අපිට අන්නාසි ගෙඩි ටිකක්‌ ගන්න බැරිද?

    අපෝ බැහැ මහත්තයෝ... මේ වත්ත වටේට කැමරා හයි කරලලු තියෙන්නෙ. මම විතරක්‌ නෙමෙයි
    වත්තෙ වැඩ කරන තව අය ඉන්නවා. ඒ අය එහා පැත්තෙ පොල් වළවල් හාරනවා. මහත්තෙලට
    අන්නාසි දෙනවා කවුරුහරි දැකලා හරි මේ කැමරාවකට අහුවෙලා හරි අපේ මහත්තයා දැනගත්තොත්
    එහෙම මම ඉඳල ඉවරයි.

    අක්‌කර කීයක විතර අන්නාසි වගා කරලා තියෙනවද...?

    මම නම් ඕවා හරි හැටි දන්නෙ නැහැ මහත්තයෝ... ඔය අක්‌කර විසි පහක විතර අන්නාසි දාලා
    තියෙනවා කියන්නේ... මහත්තෙලට ඕවා වැඩක්‌ නැහැනේ. අනේ මහත්තයෝ මෙතැනින්
    යන්නකෝ... ඔහු අප ඉදිරියේ පින්සෙන්ඩු විය.

    අංකල් අපිව පන්න ගන්න හදන්නෙ ඇයි... පොඩ්ඩක්‌ මේ පඩියෙන් වාඩි වෙලා කතා කරමුකෝ...?

    "මහත්තයෝ මම අසරණ මනුෂ්‍යයෙක්‌. මගේ ජොබ් එක මේ වත්ත මුර කරන එක. මගේ ජොබ්
    එකත් නැති කරන්නද මහත්තෙලා හදන්නෙ. මම කිව්වනේ මේ වත්තට කාවත් ගන්න එපා කියලයි
    තියෙන්නෙ කියලා. අපේ මහත්තයා හරි වසයි. ඔය මහත්තෙලව වත්ත ඇතුළට ගත්තා කියලා
    දැනගත්තොත් මට නම් විසුමක්‌ වෙන එකක්‌ නැහැ"

    පොල් වළවල් කපනවා කිව්වේ වත්තේ ඉතුරු ඉඩේ පොල් හිටවන්නද?

    ඔව්... ඔව්...

    මේ දූපතේ තිබුණු ලොකු ගස්‌වලට මොකද වුණේ...?

    ඒවා මැරිලා ගිහින්....

    නිකම්ම...?

    මම දන්නෙ නැහැ මහත්තයෝ කොහොම මැරුණද කියලා... අනේ සර්... මට පව් නොදී මෙතැනින්
    යනවද... ඔහුගේ වචන තරමක්‌ දඩබ්බර විය. මුහුණට රුදුරු පෙනුමක්‌ ආරූඪ විය. එහෙත් අප
    නොසැළිණි.

    වත්තට ලයිට්‌ අරගෙන තියෙන්නේ කොහෙන්ද?

    එහා පැත්තෙ ගඟ හිනී හරියෙන් තමයි ලයිට්‌ අරගෙන තියෙන්නෙ...

    මේක දූපතක්‌ නේ කොහොමද මෙහෙම වගා කරන්නෙ...?

    මේ වත්ත අපේ මහත්තයා සල්ලිවලට අරගෙන... දැන් හෝටලයක්‌ හදන්නයි යන්නෙ...

    ඇත්තද... එහෙම නම් අපි ගිහින් එන්නම් අංකල්....

    අනේ හොඳයි මහත්තයෝ.... පරිස්‌සමින් යන්න කෝ...

    ඒ අසරණ මිනිසා කුලියට වත්ත ආරක්‍ෂා කරන මුරකරුවෙකි. එමෙන්ම ඔහු මේ විනාශයේ දිග පළල
    තේරුම් ගැනීමට තරම් දැන උගතෙක්‌ද නොවේ. මේ අසරණ මිනිසාට දොසක්‌ කීමට අපේ දිව
    නොනැමේය.

    සොබාදහම පවා කම්පනය කරවන මේ විනාශය කර තිබෙන්නේ බළපිටිය ප්‍රදේශයේ සංචාරක
    හෝටලයක්‌ පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයෙකි. එනම් ඒ කාපාලුවන් මේ දූපත සමතලා
    කිරීමට බැකෝ යන්ත්‍ර ගෙනැවිත් ඇත්තේ ද මාදු ගඟ ඔස්‌සේමය. ගොඩනැඟිලි ඉදිකිරීමට අමුද්‍රව්‍ය
    ගෙන යන්නේ ද මාදු ගඟ ඔස්‌සේය. සියල්ල සිදුවෙමින් තිබෙන්නෙ එළිපිටමය. එසේ නම් මධ්‍යම
    පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, පොඩි හූවටත් දුවගෙන යන පරිසර සංවිධානවලට මේ
    දූපත්වලට වන මහ විනාශය ඇස නොගැටෙන්නේ ජාතියේ කරුමෙකටය. මුදල බලය ඉදිරියේ කටවල්
    වැසෙන බව සැබෑය. අපේ රටේ පොදු ධර්මතාවය ද එයයි. එසේ නම් මාදූ ගඟේ දූපත්වලට සිදුවෙමින්
    තිබෙන්නේද එයමද?

    මාදු ගඟේ දූපත්වලට සිදුවෙමින් තිබෙන වින්නැහිය ගැන සැක හැර දැනගැනීමට නම් සුදුසුම පුද්ගලයා
    බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. අපි ඒ මහතාව හමු වී 'මීරලදූව දූපතේ' සිදුවෙමින් තිබෙන
    විනාශයන් ගැන විමසා සිටියෙමු. අප නැගූ ප්‍රශ්නවලට සභාපතිතුමා ඉතාම බුද්ධිමත්ව මෙසේ පිළිතුරු
    දුන්නේය.

    "මම දන්නවා ඒ දූපතේ අන්නාසි වගාවක්‌ කරනවා කියලා. ඒක සින්නක්‌කර ඔප්පු සහිත ඉඩමක්‌. ඔය
    වගා කරන මිනිස්‌සු ඒ දූපත සල්ලිවලට අරගෙන. ඒකෙ ඇති වරදක්‌ නැහැ"

    එහෙම වෙන්න බැහැනේ සභාපතිතුමා... මාදු ගඟ කියන්නේ අභය භූමියක්‌. දූපත්වල අයිතිය රජයේ
    හෝ පෞද්ගලික කෙනෙක්‌ට වෙන්න පුළුවන්. නමුත් ඒ දූපත්වල පරිසරය වෙනස්‌ කරන්නට කාටවත්
    අයිතියක්‌ නැහැ...? අපේ පැනයට සභාපතිතුමාගේ මුහුණ රතු වී ඉවසීමේ දොරටුව පෙරළාගෙන විත්
    මෙසේ පිළිතුරු දුන්නේය.

    "මාදු ගඟේ දූපත්වල අයිතිය තියෙන්නෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිට. මධ්‍යම පරිසර අධිකාරිය හරි
    වනජීවී දෙපාර්තමේන්තුව හරි මොන තීරණය ගත්තත් ඒ තීරණ අවසානයේ ක්‍රියාත්මක කරනවද නැද්ද
    තීරණය කරන්නෙ මමයි. මට ඒ දූපත්වල ඕනැ දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා. ඒ නිසා මගේ
    ඥතියකුට, හිතවතෙකුට ඒ දූපත්වලට ඕනැ දෙයක්‌ කරන්න මට අවසර දෙන්න පුළුවන්..."

    ඒ කියන්නෙ මීරලදූව දූපතේ අන්නාසි වගා කරන්නේ සභාපතිතුමාගේ ඥතියෙක්‌....?

    "නැහැ මගේ මිත්‍රයෙක්‌...."

    කතාව යසයි. සභාපතිතුමාගේ කටේ මසුරම් පොදියක්‌ දැමිය යුතුය. මෙවැනි කතා දෙසවනේ පිළිරැව්
    දෙන විට සිත් මණ්‌ඩිය මහා මූසල කාලකණ්‌ණි වේදනාවකින් දැවී යන්නේය.


    මීරලදූව යනු මාදු ගඟෙ දූපත් අතරින් විනාශ වූ එක්‌ දූපතක්‌ පමණි. තවත් දූපත් තිහකට ආසන්න
    ප්‍රමාණයක්‌ ගොඩකර හෝ සමතලා කර ගොඩනැඟිලි ඉදිකර තිබේ. එසේ දූපත්වල පවත්වාගෙන ගිය
    ඇතැම් සංචාරක හෝටල් වනජීවී දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක්‌ කර ද තිබේ. එසේ තහනමට
    ලක්‌ වූ ගොඩනැඟිලි පිහිටි දූපත් දෙකකට ද අපි ගියෙමු. එකක්‌ නයිනදූව දූපතය. අනෙක අප්පලදූව
    දූපතය. දැන් ඒ ගොඩනැඟිලි වල්වැදී ගොස්‌ පාදඩයන්ගේ රජදහනක්‌ බවට පත්ව ඇත. උපත් පාලන
    කොපු, හදිසි ගැබ් ගැනීම් වළකාලන ඖෂධ ඇසුරූ බහලුම්, කාන්තා යට ඇඳුම් වැනි තවත් බොහෝ
    අබලි ද්‍රව්‍ය ඒ ගොඩනැඟිලි තුළදී අපේ නෙත ගැටිණි. තිරිසන් මිනිසුන් වෙසෙන මෙවැනි මජර
    සමාජයක අතහැර දැමූ ගොඩනැඟිල්ලකින් එවැනි දෑ හමු නොවුණා නම්ය පුදුමය. එය අතුරු කතාවකි.

    නයිනදූව දූපතේ තිබූ සංචාරක හෝටලය මෙන්ම අනෙකුත් දූපත්වල තිබූ ගොඩනැඟිලි වනජීවී
    දෙපාර්තමේන්තුවේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ උදහසට ලක්‌ වෙන්නත්, මීරලදූව දූපතේ අන්නාසි
    වගාව මෙන්ම අනෙකුත් දූපත්වල ඇති සංචාරක හෝටල් රාජ උදහසට ලක්‌ නොවෙන්නත් හේතුව අපි
    නොදනිමු. බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කියන පරිදි ඒ දූපත්වල ඇත්තේ රජදරුවන්ට දැහැසිකම්
    කරන වන්දිබට්‌ටයන්ගේ ගොඩනැඟිලිද යන්න සැකයකි.

    කෙසේ හෝ මේ වැනසී යන්නේ අපේ රටේ තෙවැනි රුම්සා තෙත් බිම ලෙස පිළිගැනෙන මාදු ගඟේ
    සුන්දර කඩොලාන පරිසරයයි. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙත් සිත් පිනා යන සංචාරක පරාදීසයකි.
    ඉන්දීය සුරූපී නිළි ඓශ්වර්යා රායි වරක්‌ ඉන්දීය පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ඇයගේ ජීවිතේ ගිය
    සුන්දර තැන ශ්‍රී ලංකාවේ මාදු ගඟ බවය. ලෝක ප්‍රසිද්ධ තරු එසේ මාදු ගඟ ගැන අති වර්ණනා කරද්දී,
    අපේ රටේ නරුමයෝ ප්‍රසිද්ධියේම මාදු ගඟේ දූපත් දූෂණය කරමින් සිටිති. එහෙත් මන්දබුද්ධිකකමත්
    ඉක්‌මවා යන නොතේරුම්කමක්‌ ඇති මිනිසුන් දේශපාලනය කරන රටේ මේ අපරාධයන් ගැන කාට නම්
    කියම්ද? පුන පුනා මෙවැනි කාලකණ්‌ණි විනාශයන් ගැන ලියන අපත්, කියන දේ අසා නිරුත්තරව
    සිටින ඔබත් සැබෑම කරුමක්‌කාරයෝය. එහෙත් වෙන නම් කරන්නට දෙයක්‌ නැත. මේ ලැබෙමින්
    තිබෙන්නේ අප වැපිරූ බීජවලම සරුසාර අස්‌වැන්නය.


    - තරංග රත්නවීර ඡායාරූප කමල් ශ්‍රී ලියනගේ
    ඉරිදා දිවයින 30/06/2013
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    chater seen eka.
    ow ban :(

    serama kiyewwa, awalammu
    palath sabhaa pradeshiya saba kiyana reddassawal 2 nisaa thama rata balu welaa thiyanne

    okun pass karanna onene project ekak karannanam. ballige puthaala :angry:

    mama ooka divainene kiyewwa ban ude..matath epama epa una :(
    tfs

    mewa dakkahama apema thama le pichchenne.
    mona pakshe unath lankawe deshapalene gananam katha karala wadak na
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙවන් දේවල් මමත් මීට පෙර ලංකාවේ දැක ඇත.. කටුනායක් කොලබ හයිවේ එක හදන වෙලාවේ ඒ හයි වේ එක ගිය පාරටත් ඔය වගේ විශාල කඩොලාන සහිත කුරුල්ලන්ගේ රජදහනක් බදු ප්‍රදේශයක් (මුතුරාජවෙල) විනාශ උනා.. රටේ සංවර්ධනයත් ස්වභාව දහම රැකෙන පරිදි වැඩ කිරීමත් අපිනම් ලෝකයේ අනන්තවත් දැකතිබෙනවා.. ලංකාවේ කරන්නේ විනාශයක්ම තමයි...
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    watath niyarath goyan kanawa kiyanne oka thama...!!!!!!

    rep +7
    ow ban sira kathawa

    මෙවන් දේවල් මමත් මීට පෙර ලංකාවේ දැක ඇත.. කටුනායක් කොලබ හයිවේ එක හදන වෙලාවේ ඒ හයි වේ එක ගිය පාරටත් ඔය වගේ විශාල කඩොලාන සහිත කුරුල්ලන්ගේ රජදහනක් බදු ප්‍රදේශයක් (මුතුරාජවෙල) විනාශ උනා.. රටේ සංවර්ධනයත් ස්වභාව දහම රැකෙන පරිදි වැඩ කිරීමත් අපිනම් ලෝකයේ අනන්තවත් දැකතිබෙනවා.. ලංකාවේ කරන්නේ විනාශයක්ම තමයි...
    මේ මිනිස්සු හිතන්නේ අද ජීවත් වෙන එක ගැන, අනාගතයක් ගැන හිතන් නැ
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    "එහෙත් මන්දබුද්ධිකකමත්
    ඉක්‌මවා යන නොතේරුම්කමක්‌ ඇති මිනිසුන් දේශපාලනය කරන රටේ මේ අපරාධයන් ගැන කාට නම්
    කියම්ද"

    මේ විස්තර කරලා තියෙන්නේ ලංකාවේ සිද්දවෙන වංචා දුෂණ සිද්දිධාමයක එකම එක පැතිකඩක් විතරයි, රටේ හැම තැනම වංචාවෙන් දුෂණයෙන් පිරිලා ඒ හැම තැනකම මුලිකත්වය අරගෙන ඒවා මෙහෙයවන්නේ කාලකන්නි දේශපාලකයෝ. මේවගේ අය පත් කරන්නෙත් රටේ ඉන්න මිනිස්සුම තමයි මොකද වංචාකාරය කවුද හොඳ කෙනා කවුද කියල තේරුම් ගන්න තරම් දේශපාලන අවබෝධයක් ගොඩක් අයට අඩුයි තව ගොඩක් අය අරක්කු බෝතලෙයි බත් පැකට් එකයි දෙන කෙනටනේ චන්දෙ දෙන්නේ ඒ වගේම ව්‍යවස්ථාවෙනුත් දේශපාලකයෝම රැකෙන විදිහේ වගන්ති ගොඩක් තියනවා... ජනතාවාධි වයවස්ථාවකුයි වෙනරටවල වගේ දේශපාලන අවබෝධය තියන චන්දදයකයොයි බිහිවුනේ නැත්නම් රට ගැන තවත් කතා කරන්න දෙයක් ඉතුරුවෙන එකක් නැහැ. ආණ්ඩු වෙනස් වෙනස් කරට වැඩක් හැම දේශපාලන පක්ෂෙම බහුතරයක් ඉන්නේ වංචාකාරයෝ තමයි.