මෙහෙම දෙයක් තියෙනවා .මුලින්ම මම මෙහෙම කියන්නම් .බුදුහාමුදුරුවන්ට තම උපන් දේශය වෙච්ච කිඹුල්වත් නුවරට වඩින්න කියලා අරාධානා ලැබුණා .ඒ ආරාධනාව ලැබිලා උන්වහන්සේ වැඩියායින් පසු ප්‍රකාශ කලේ "උපන් ගමෙන් හමන සුලඟත් මට සැපයකි "කියලා. ඉතිං ඒ වගේ තමා මචං කොච්චර රට ගියත් කොච්චර ලොකු ලොකු දේවල් දැක්කත් මේ රටේ ඉන්න ඔබත් මමත් ඇතුලු හැම කෙනාටම උපන් රටෙන් ලැබෙන මඳසුළඟත් මහත් සැපයක් .ඒ කියන්නේ තමන්ගේ රට තරම් රටක් නැහැ .ඒත් ගැටළුව වෙලා තියෙන්නේ සිල්ලර වෙච්ච ගෝලියකරණ සමාජයෙන් විසි නොවී බේරී ඉන්න නම් අවශ්‍ය කරන සමහරක් දේවල් ලඟාකර ගැනීමට ශ්‍රීලංකාවේ රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම .ඔය ගොඩාක් රට රැකියා යන අයගේ අරමුණ තමා හොඳ ගෙයක් හදාගන්න .තව සමහරු රට යන්නේ ගේ හදන්න ගත්ත ලෝන් එක ගෙවාගන්න,තව සමහරු තමන් ගත්ත යාන් වාහන වල ෆිනෑන්ස් එක ගෙවාගන්න(පිට රට යන දෝස්තරලා ,ඉංජිනේරුවෝ ඇතුළු හැම කෙනාම ) .ඔන්න ඔය වගේ නානාප්‍රකාර දේවල් වෙනුවෙන්.නැතුව ආසාවකට නෙමේ .හැබැයි සමහරු ඒක පෙන්නන්නේ නැහැ .මොකද ලැජ්ජාවට .ලංකාවේ තියෙන එකම අවුල තමා දේශපාලනය .මොකද ජරාජීර්ණ දේශපාලන ක්‍රමවේදයනිසා රටේ ඉන්න එවුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ .ඒ නිසා තමා ඔය ගොඩාක් එවුන් ගාව මනුස්ස කම නැත්තෙ .මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා .යුද්දේ තිබ්බ කාලේ දැන් තියෙනවට වඩා හොඳට රට තිබුනා මචංලා .ඒ කිව්වේ මිනිස්සුන්ගේ ගතිගුණ තිබුණා .සිංහල අවුරුද්ද එනවා කිව්වාම මාර කික් එකක් තිබුනා .වෙසක් එකට තරඟෙට කූඩු හැදුවේ .ඒත් යුද්ධෙන් පස්සේ නිදහස කියලා එකක් හැදුනට ඔය කලින් කිව්ව එක හැඟීමක් වත් මට හරියට දැනුනේ නැහැ .ඒ වගේම ඉස්සර අපේ අනාගතය ගැන නිකමට හරි සැළැස්මක් තිබුණා .ඒත් දැන් අනාගතය ගැන ආසාවකටවත් හරි හමන් තීරණයක් ගන්න බැහැ .මොකද දේශපාලනික හේතු නිසා රට කුජීත වෙලා .ඒ වගේම අපේ රටේ ඉස්සර ගුනාත්මක ජනමාධ්‍ය භාවිතයක් තිබුණා .ඒත් දැන් බලපන් චැනල් වලයි පත්තර වලයි මොනවද තියෙන්නේ ?මේ වගේ දේශපාලනය නිසා නිර්මාණය වෙච්ච අප්සට් හේතු නිසා රට සහ එහි මිනිස්සුන්ගේ මනස ජරාජීර්ණ වෙලා තියෙන්නේ .ඔය හේහුව නිසා තමා මිනිස්සු පිට රට යන්නේ .මොකද යුද්ධෙන් පස්සේ රටේ පිබිදීමක් ඇති උනා නම් මෙච්චර මිනිස්සු රට යන්න පොර කන්නේ ඇයි .
ඒ වගේම තමා ඔය උඹලා පිට රටවල් ගැන හිතන් ඉන්න දේවල් වලින් 50% වත් මෙව්වයෙ නැහැ .ඇවිල්ලාම බලන්න ඕනේ .ෆැන්සි දේවල් වලට පිට රටවල් වල ඕනේ තරම් නිදහස තියෙනවා .ඒත් ජීවිතේ කියන්නේ ඒ දේවල් නෙමේ නේ ? ඉතිං ඒ දේවල් අතින් ගත්තොත් ලංකාව සිරා .ඒත් මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ .
ඒ වගේම තමා ඔය උඹලා පිට රටවල් ගැන හිතන් ඉන්න දේවල් වලින් 50% වත් මෙව්වයෙ නැහැ .ඇවිල්ලාම බලන්න ඕනේ .ෆැන්සි දේවල් වලට පිට රටවල් වල ඕනේ තරම් නිදහස තියෙනවා .ඒත් ජීවිතේ කියන්නේ ඒ දේවල් නෙමේ නේ ? ඉතිං ඒ දේවල් අතින් ගත්තොත් ලංකාව සිරා .ඒත් මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ .



