ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්....
ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක් සාදා දෙයි.
කොළඹ නැව් තටාකාංගනය විසින් ඉන්දියාවේ ලක්ෂද්වීප් දුපත් සඳහා විශාල මගී නෞකාවක් ඉදිකර භාරදී ඇත. මගීන් 400 ක් සහ භාණ්ඩ ටොන් 250 ක් ප‍්‍රවාහනය කළ හැකි මෙම නෞකාව නෝර්වේ සමාගමක් විසින් සැලසුම් කර ඇති අතර, මුළුමනින්ම ඉදිකරනු ලැබූයේ කොළඹ නැව් තටාකාංගනයයි.
මගී නෞකාවේ මැදිරි පන්ති 3 ක් යටතේ ඉදිකෙරෙන අතර මුළුමනින්ම වායු සමීකරණය කෙරෙනවා. මේ ආකාරයේ නෞකා 2 ක් ලක්ෂද්වීප් දිවයින් සඳහා ඉදිකිරීමටයි සමාගම ගිවිසුම් ගෙන ඇත්තේ. මෙම නෞකා ඉන්දියාවේ - කොචින් සහ ලක්ෂද්වීප් දිවයින් අතර මගී ප‍්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි.