ලංකාවේ ජනගහණය මිලියන 10කට අඩු වෙන ලකුණු...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවේ ජනගහණය හරි අඩක් වනු ඇති බවට පසුගිය වර්ශයේ ප්‍රකාශයට පත්වූ The Lancet Medical Journal සඟරාව පවසනවා

    ලෝක ජනගහණ ප්‍රවණතාවයට අනුව ඉදිරියේදී එම තත්වය ඇතිවිය හැකි බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.

    මේ ඒ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි පළව තිබු සටහනක් පහතින්.

    ලංකාවෙ වර්තමාන ජනගහනය මිලියන 22යි. ඒක අනාගතයේ දවසක මිලියන දහයට බහියි කිව්වොත් විශ්වාස කරනවද?
    මේ තොරතුර සඳහන් වෙන්නෙ The Lancet Medical Journal හි පසුගිය වර්ශයේ ප්‍රකාශයට පත්වූ ලෝකයේ රටවල් 195ක ජනගහන ප්‍රවනතා පිලිඹද විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇසුරින් සකස්කල වාර්තාවක.

    https://www.thelancet.com/.../PIIS0140-6736(20.../fulltext
    http://www.healthdata.org/sri-lanka

    මේ වාර්තාවට අනුව ලංකාවෙ ජනගහනය 2030 වගේ කාලෙදි මිලියන 23ක උපරිමයට ලඟා වෙනව.

    එයින් පසුව වසරකට ලක්ශයකින් දෙකකින් පමණ ලෙස ක්‍රමික ජනගහනය අඩුවීමකටයි අපි යන්නෙ. "Fertility, mortality, migration, and population scenarios for 195 countries and territories from 2017 to 2100: a forecasting analysis for the Global Burden of Disease Study" නමින් ලොව වටා විද්‍යාර්ථීන් 24 දෙනෙක් එක් වෙලා සකස් කල මේ සංකීර්ණ වාර්තාව ලංකාව ගැන පමණක් සකස් කල වාර්තාවක් නෙවෙයි.

    එය ලෝක සෞඛ්‍ය සහ සංක්‍රමණික ප්‍රවනතා ජනගහනයට, ආයු අපේක්ෂාවට සහ ආර්ථික සංවර්ධනට කරන බලපෑම පිලිඹද ගැඹුරු විශ්ලේෂණයක්. ලංකාව ඒ වාර්තාවට ඇතුලත් තවත් එක් රටක් පමණයි.

    මේ වාර්තාව ප්‍රකාශයට පත්කල Lancet Medical Journalය විශ්වාසදායී කීර්තිමත් ප්‍රකාශණයක් වුවත් එයට විවේචන නැත්තෙ නෑ.

    ඒ නිසාම ලංකාවේ නිදහසින් පසු ජනගහන වෙනස්වීම පිලිඹද අති සරල විශ්ලේෂණයක් කරන්න වෙනව Lancet වාර්තාව විද්‍යාත්මක සාධක මත කරන ප්‍රවනතාව හඳුනාගත ගැනීමට.

    1948 නිදහස ලැබෙනවිට අපේ රටේ ජනගහනය මිලියන 7යි
    1960 දි ජනගහනය මිලියන 10 වෙනව
    1980 දි ජනගහනය මිලියන 15 යි
    2000 දි ජනගහනය මිලියන 19 යි
    2020 දි ජනගහනය මිලියන 21.5
    2030 දි ජනගහනය මිලියන 23 වන බවට අනුමාන කරනව,..ඒක තමයි උපරිමය Lancet වාර්තාවට අනුව.
    1960 - 1980 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 5
    1980 - 2000 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 4
    2000 - 2020 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 2.5
    1980න් පසු අපි කොහොමත් ඉන්නෙ ක්‍රමිකව අඩුවන වර්ධනයක.. පුංචි පවුල රත්තරංනෙ.

    2020 - 2030 වසර දහයෙ ජනගහන වර්ධනය මිලියන 0.5ක් ලෙසයි අනුමාන කරන්නෙ.

    එතනින් පස්සෙ පටන් ගන්නෙ ගෙවෙන හැම දශකයකටම මිලියන 2-3 අතර ප්‍රමාණයකින් රටේ ජනගහනය අඩුවීම. එහෙම අඩුවෙමින් ගිහින් 2100 දි ජනගහනය මිලියන 10ට බහිනව. ඒක 1960දි අපේ රටේ සිටි ජනගහනය.

    එවක රටේ වනගහනය 40%ට වැඩියි. ඒ නිසාම පරිසරයට ආදරය කරන මිනිස්සු මේ ජනගහනය අඩුවීමේ ප්‍රවනතාවයේ යම් සාධනීයතාවක් දකියි.

    නමුත්; රටක ජනගහනය කියන්නෙ නිකම්ම නිකං හිස් ඔලුගෙඩි ටිකක් නෙවෙයි. ඒක රටේ ශ්‍රම බලකාය. එය රටකට තියෙන වටිනාම සම්පත. එනිසා රටක් ලෙස අපට අනාගත ජනගහන ප්‍රවනතා පිලිඹද ගණන් හැදීමක් තිබිය යුතුයි. අපේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව මේ කරුණු සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේශණ්‍යක් කල යුතුයි. අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙ තීරණවලට මේ අනාගත ජනගහන ප්‍රවනතා බලපෑමක් විය යුතුයි.

    මෙම The Lancet Medical Journal වාර්තාවට අදාල ජනගහනය ප්‍රවණතා අධ්‍යයනය කොරෝනා වසංගතයට පෙර කල එකක්.

    කොරෝනා වසංගතය හේතුවෙන් සමාජයට එල්ලවූ බලපෑම් සහ වර්තමාන ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ අපේ සමාජය මුහුණදෙන දරුණු කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ ජනගහන අඩුවීම තවත් වේගවත් වෙනව මිසක් හොඳ වෙන්න නම් හේතුවක් නෑ.

    ලංකාවෙ ජනගහනයේ අඩුවීමට විවිධ හේතුන්ගේ බලපෑම මේ වාර්තාව පෙන්වා දෙනව.

    එයින් වැඩිම බලපෑමක් එල්ල කරන්නෙ පවුලක සිටින දරුවන් ප්‍රමාණය අඩුවීම. රටක ජනගහනය වර්ධනය වෙන්න නම් එක් පවුලක් දරුවන් දෙදෙනෙකුට වඩා හදන්න වෙනව. ඒත් ලංකාවෙ බොහෝ දෙමාපියන් එක දරුවෙක් හදාගන්නෙත් බොහොම අමාරුවෙන් දහදුක් විඳල. ඒ එක දරුවත් කොහේ හරි රටකට පිටත් කිරීමයි ඔවුන්ගේ එකම සිහිනය.

    ඕස්ට්‍රේලියාවෙ හිටපු මුදල් අමාත්‍ය පීටර් කොස්ටෙලෝ තුන්වන දරුවෙක් හදන දෙමාපියන්ට දිරි දීමනාවක්(baby bonus) ප්‍රකාශ කරල කිව්වෙ රට වෙනුවෙනු තුන්වන දරුවෙක් හදන්න (have one for mum, one for dad and one for the country)කියල. ලංකාව වගේ රටක දරුවන්ට කිරිපිටි ටික දෙන්න බැරිව, පාසල් පද්ධතිය පනගන්වගන්න බැරිව, විභාග ප්‍රශ්ණපත්‍ර ටික පෙලපොත් ටික අච්චු ගහගන්න බැරිව කොහොමද ජනගහන වර්ධනයක් ගැන හිතන්නෙවත්.

    අවාසනාවකට ‍රටක් ලෙස අපි ගමන්කරමින් ඉන්න වැඩිහිටි ජනගහනය විශාල වන සමස්ත ජනගහනය කුඩාවන අනාගතයක් දෙසටයි. ඒත් ඒ ගැන කතා කරනව, සංවාද කරනව, විවාද කරනව හැර පිලියමක් අපට මේ මොහොතේ නම් නෑ.

    Source
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවේ කළු සුද්දෝ ඒ කාලේ ලංකාවේ කරපු සුද්දගෙ වැඩ ගැන පාරම්බෑවට පේනවනේ උන් රට කරන කාලේ ලංකාවේ ඉඳල තියෙන්නේ මිලියන 6-7යි..😅
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    WillingRegalIndochinesetiger-max-1mb.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි රාජපක්ෂලා පටන් ගත්තෙ. ලොකු කාලයක් ඉන්න දෙයක් නෑ කන්න නැතුව දැනටම මැරිච්ච අය ඉන්නවනේ.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ කළු සුද්දෝ ඒ කාලේ ලංකාවේ කරපු සුද්දගෙ වැඩ ගැන පාරම්බෑවට පේනවනේ උන් රට කරන කාලේ ලංකාවේ ඉඳල තියෙන්නේ මිලියන 6-7යි..😅
    සින්හලු අඩු කරන්න මැලේ හම්බ රාජපක්ශලා ගහපු ගේම නේ :LOL:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඕකේ පොඩි අවුලක් තියෙනවා නේ 🙄හම්බ ජනගහන වර්ධන වේගය ගැන කිසි සඳහනක් නෑනේ කොහොමද එහෙම වෙන්නේ උන් සත්තු වගේනේ බෝකරන්නේ බල්ලෝ බළල්ලු පැටව් ගහනවා වගේනේ ජාතක කරන්නේ.
     
    • Like
    Reactions: Any.key and NRTG