අපි දන්න කෙනෙක්ට ඩිප්‍රෙශන් ඇවිත් හොදටම සනීප උනා
රූමි රූබන් තමයි ප්‍රසිද්ධම හැබැයි අරයා පෙන්නුවෙ වෙන කෙනෙක්ට, නම මතක නැහැ. මොකද රූමි රූබන් ප්‍රසිද්ද නිසා ලෙඩ්ඩු වැඩියි, ඒක නිසා එක ලෙඩෙක් වෙනුවෙන් ගොඩක් වෙලාව ගන්න බැහැ කියලා කරාපිටිය හොස්පිටල් එකේම වැඩ කරන කෙනෙක් කිවුවා ඒකයි
කරාපිටිය හොස්පිටල් එකේ මානසික ලෙඩ් වලට සුපිරිම අය කීප දෙනෙක්ම ඉන්නවා කියලා ඒ දවස් වල අපි හොයද්දි දැනගන්න ලැබුනා
ඔය අසනීප වලට දවසක් වත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න ගන්න ඕන, ඉකමන් වෙන තරමට නිට්ටාවටම සනීප වෙන්න තියන චාන්ස් එක වැඩියි. මොකද ගොඩක් මානසික අසනීප කියන්නෙ මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන වගේ සීන් එකක් ඒක ගොඩක් කල් ගියාම මොලේට වෙන බලපෑම් පර්මනන්ට් වෙනවා එතකොට නිට්ටාවට සනීප කරන්න බැහැ, දිගටම බෙහෙත් බොන්න වෙනවා