ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

    ලංකාවෙ ක්‍රිකට්.....

    images

    දැන් නම් ඒ ගැන කතා කරන්න දෙයක් නැති තරම්

    මේ අද කතා කරන්න යන්නෙ ලංකාවෙ තිබුන SLPL තරඟාවලිය ගැන.මේ වගේ දෙයක් සංවිධානය කරන්න තිබුනෙ කොහොම ද?අපි අපේ දෙයින් හරි ප්‍රයෝජනය ගත්තද?

    2Q==

    හරියට T20 තරඟාවලියක් තියන්න තිබුනෙ කොහොම ද?

    අපිටම එපා කරපු අපේම දේ...සමාවෙයල්ලා මේකට අපේම දේ කියන්නත් බෑ.මේක තනිකරම ඉන්ඩියන් කොපියක් තියන්නෙ අපේ එවුංගෙ වල අපේ එවුන්ම බහුතරයක් සෙල්ලම් කරලා උනාට මේකෙ ලා ලා ඔක්කොමම වගේ ඉන්ඩියන් කාරයෝ.ඇයි අපිට එක වගේ අපේ රටේ අපේ එවුන්ගෙන්ම මේ වගේ තරඟාවලියක් හදන්න බැරි.පිටරටටම අපේ කණ්ඩායම් විකුණනවා වෙනුවට ඒ අයගෙන් අනුග්‍රහය විතරක් අරගෙන අපේම සංවිධායකයොංගෙන් තරඟාවලියක් හදාගන්න

    sri%20lanka-cricket-interim-committee.jpg

    එන්න හරියට නම් මේ වගේ දෙයක් කරන්න තිබුනෙ කොහොම ද? පොඩි සැළසුමක් හදමු.මේ මගේ අදහස

    අපේ එළකිරි යෙ කාට හරි සමහරවිට මේ අදහස එළියට දාන්න පුලුවන් වෙයි.කට්ටිය සෙට් උනොත් කරන්න බැරි දෙයක් නෑ.ලෝකෙම උනත් පෙරළන්න පුලුවන්

    එහෙනම් බලමු අපිට කොහොමද මේක සංවිධානය කරන්න තිබුනෙ කියලා.
    ලංකාවෙ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියෙ 20යි 20 තරඟාවලිය තමයි මෙහෙම අපේ අය තරඟාවලිය විදියට සංවිධානය කරලා තියෙන්නෙ.මේ වන විට කණ්ඩායම් 7ක තරඟාවලියක් උනත් ඉදිරියේදි ලංකාවෙ සියලුම පළාත් නියෝජනය කරමින් පළාත් 9 අන්තර් පළාත් තරඟාවලියක් පැවැත්වෙන බවයි හි ලේකම් නිශාන්ත රණතුංග මාධ්‍ය සාඛච්ඡාවක පවසා සිටියේ.

    මේ වන විට ලෝකයේ ජාත්‍යන්තර 20යි 20 තරඟාවලි සියල්ලක්ම පාහේ City based ක්‍රම යටතේ සැකසී ඇති අතර ලෝකය තුළ පළාත්/ප්‍රාන්ත සියල්ලක්ම ආවරණය කළ හැකි පරිද්දෙන් පැවැත්වෙන එකම ජාත්‍යන්තර 20යි 20 තරඟාවලිය මෙයයි.නමුත් ගැටලුව ඇත්තේ මෙය නාමිකව පමණක් සියලුම පළාත් නියෝජනය වීමයි

    :yes::yes::yes::yes::yes:
    ඒ කියන්නෙ සබරගමුව,රජරට,උතුර ,නැගෙනහිර,ඌව යන පළාත්වල නියෝජනය කරනා ක්‍රීඩකයන් මෙහි නොමැති වීමයි.යමෙකුට එම පළාත් වල ක්‍රිකට් වලින් ඉහල තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් නොමැති බවට තර්ක කළ හැකියි.නමුත් ගැටලුව ඇත්තේ එම පළාත් වල ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිනීමට අවස්ථාව සපයා දී ඇත් ද යන්නයි.මා කලකට ඉහත දී ඌව පළාතේ පාසල් ක්‍රීඩකයන් ක්‍රිකට් පාත්වේ වැඩසටහනක් මගින් පුහුණුව ලබනවා රූපවාහිනියෙන් නැරඹුවා.හොඳ ජවයකින් යුතුව හොඳ පන්දු යැවීමේ ඉරියව් සහිතව පන්දු යවන ක්‍රීඩකයන් රාශියක් එහි සිටියා.නමුත් ඔවුන් එතනින් ඉදිරියට පැමිණීමක් පේන්නට නැහැ.මෙවන් පාසල් 19 පහල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු හෝ අදාල පළාත් කණ්ඩායමට ක්‍රීඩා නොකලත් එම කණ්ඩායම් සංචිතයේ හෝ සිටීනම් ජාත්‍යන්තර පුහුණුකරුවන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් යටතේ ඉදිරියටම පැමිණීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් ගැටලුව ඇත්තේ මෙවැන්නක් මෙහිදී සිදු නොවීමයි

    :(:(:(

    මොවුන්ගේ ඇති දෙවන දුර්වලතාව සංවිධානයයි
    මේ වගේ තරඟාවලියක් දවස් 2ක තුනකින් හෝ මාසයකින් දෙකකින් සංවිධානය කරන්න බෑ.මේ සඳහා හොඳ සැලසුමක් තියෙන්නත් ඕන.ඒවගේම ක්‍රිකට් වලට ආදරේ නැති එකෙක්ටත් මේක කරන්න බෑ කීයටවත් ම
    මෙවැනි තරඟාවලියක් සංවිධානය කරනකොට ප්‍රධාන වෙන්නෙ ප්‍රේක්ෂක ආකර්ෂනය ලබා ගැනීම.ඒ නිසාමයි විදෙස් ක්‍රීඩකයන් තරඟාවලියට එක් කර ගන්නෙ.කොටින්ම කියනව නම් සංවිධායක මණ්ඩලය ක්‍රීඩකයොන්ගෙ Jersey එකේ ඉඳලම Planning කරන්න ඕන.උදාහරණයකට European Soccer Leagues බලන්න

    අපේ එවුං සංවිධානයෙදි කරේ බල්ලගෙ වැඩේ බූරුවට දුන්නා වගේ එකක්.කාගෙ කවුද කියලා දන්නෙ නැති කොහෙන්ද ආපු Somerset Entertainment Ventures කියලා විදෙස් ආයතනයකට Organizing එක කරන්න කියලා වැඩේ බාර දුන්නා.අන්තිමට අවුරුදු 15ක ගිවිසුමක් කොහොමද වැඩේ නේ??:eek::eek:
    SLPL එකෙන් ආදායම් ලැබෙන ප්‍රධානතම ක්‍රමය තමයි Broadcasting Deal එක.අපේ අය කොච්චර ලෝබ නැතුව බෙදනව ද කියනව නම් වලින් එන ආදායමෙන් හරි අඩක්ම කිසි කතා කිරිල්ලක් නොකර SEV එකට දුන්නා.අන්තිමට මේකෙන් වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙ කොහේවත් නැති එවුන් ටිකක්.ඒ අතින් බලනකොට අපේ මිනිස්සු මැච් බලන්න නොයන එක සාධාරණයි.

    අපේ කණ්ඩායම් උනත් අලෙවි වෙලා තිබුනෙ සුළු පටු ගානකට නෙමෙයි.IPL එකට සාපේක්ෂව පහල අගයක් ගත්තත් සාමාන්‍යයෙන් හොඳ වටිනාකමකට තමයි අලෙවි වෙලා තිබුනෙ.එතනිනුත් බාගයක් SEV එකට දෙන්න වෙනවා ගිවිසුමේ හැටියට.කොහොම හරි ඉතින් ක්‍රීඩකයොන්ගෙ ගෙවන්නත් ඕන ඒ කණ්ඩායම් මිලදී ගත්ත අය තමයි.Matches වල ටිකට් විකුණලා ලැබෙන ආදායමෙනුත් කොටසක් විතරයි Franchise ownersලට හම්බවෙන්නෙ.SLPL එකට ආවෙ කී දෙනාද කියලා කට්ටියම දන්නවා ඇති නෙ?මැච් දෙක 3ක් ඇරුනම එක pavillion එකක් fill කරන්න කට්ටිය හිටියෙ නෑ.මෙහෙව් එකේ ආයෝජකයෙක් කණ්ඩායමක් පාඩු ලබනවා කියලා දැන දැනම මිල දී ගන්නෙ අහවල් එකට ද කියලා හිතන්න පුලුවන් ද?
    යටි කූට්ටු වැඩක් යනවා කියලා හිතන්න ඒ සාධකේම ප්‍රමාණවත් නේ ද?

    :eek::eek::eek:

    Last edited:
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    දැන් හැරෙමු වැඩේ පැත්තට.T20 Rankings එළියට දාපු දවස් ව්ල ඉඳලම අපි ලෝකෙ දෙවැනි හොඳම කණ්ඩායම.මේ වන විට අපි තමයි ලෝකෙ හොඳමT20 කණ්ඩායම.ව්‍යාපරිකයෙක්ගෙ ඇහින් බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝකෙ මාකට් වෙන ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලම පාහේ ඉන්නවා.ඒ අතර ඩිල්ෂාන් ,මාලින්ග,මහේල,සංගා,මැතිව්ස්,තිසර ප්‍රධානයි.මේ වගේ ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කරන තරඟාවලියකට වෙනමම ලා හොයන්න ඕන ද?
    මම මේ Franchise System එකට නම් විරුද්ධයි.අපිට ඉන්ඩියන් කාරයෝ මෙහෙට සෙල්ලම් කරන්න එන්න්නෙ නැතුව කරේ බලු වැඩේ වුනාට උං කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.ආතක් පාතක් නැති සමාගමකින් කරන තරඟාවලියක් ගැන විශ්වාසය තියන්නෙ කොහොම ද? ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ වෙලාවෙ කරේ තමන්ගෙ ක්‍රීඩකයන් රැක ගන්න එක.
    :D:D

    දැන් උඹලා අහයි එහෙම නම් Franchise system එකක් නැතුව කොහොමද සල්ලි හොයා ගන්නෙ කියලා.අපි Franchise System කියන ක්‍රමය එන්නෙ IPL එකෙන්ම යි.එකවර ලොකු ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමය යටතේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු වල සුරක්ෂිත බව ගැන එච්චර විශ්වාසයක් තියන්න බෑ.
    මම මේ වන විටත් ඉතා ඉහලින් අගය කරන තරඟාවලියක් තමයි ඕස්ට්‍රෙලියාවේ Big Bash League තරඟාවලිය.නමුත් එය පාලනය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය බාහිර පාර්ශවයක් උදව් කර ගන්නෙ නෑ.ඒ කියන්නෙ Franchise system එකක්.ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල සුරැකීමට බැඳී සිටින්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයමයි.නව තාක්ෂණය මෙන්ම විවිද නව අංග (American football තරඟාවලි ආදියෙන් ලබා ගත් නව ප්‍රේක්ෂකයන් අද්දවා ගැනීමේ ක්‍රම)

    මෙම තරඟාවලියක සැළස්ම ම වසරකට දෙකකට පෙර සැකසිය යුතුයි.එමගින් පහසුවෙන්ම අනුග්‍රාහකයන් සොයා ගත හැකියි.අනුග්‍රාහකයන් මගින් කණ්ඩායම් නඩත්තු කිරීමේ මෙන්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගෙවීම් ද සිදු කළ හැකියි

    තරඟාවලි පිළිබඳ විධිමත් ප්‍රචාරණ ක්‍රම භාවිතා කළ යුතු අතර.වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ක්‍රීඩාංගන වෙතට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.(හම්බන්තොට ගැන නෙමෙයි):lol:

    Sri Lanka Premier League ඇහුව ගමන්ම කොපියක් කියලා එක වසරෙ පොඩි එකෙක්ට උනත් තේරෙනවා.අපි වෙනසක් කරන්න ඕන අපේම කියලා 20යි 20 තරඟාවලියක් සංවිධානය කරනව නම්.උදාහරණයක් විදියට Premier Elevens හෝ Lions Cup T20 වැනි නමක් යොදාගන්න තිබුනා කියන එක මගේ අදහස.මීට වඩා හොඳ නමක් හොයා ගන්න තිබුනා නෙට් එකෙන් හරි එක එක්කෙනාගෙ අදහස් ගත්ත නම්.

    Z
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    අනෙත් කරුණ විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙක් එක් කණ්ඩායමකට වැඩියි කියලයි මට හිතෙන්නෙ.ඉන්ඩියන් කාරයො කරන හැම දේම එකට එක කරන්න ගිහින් තමයි අපි ඔලුව ඇන ගන්නෙ.ඕස්ට්‍රේලියානු 20යි 20 තරඟාවලියේ ඉන්න තරම් හොඳ Back up players ලා අපිට නැති උනත් ඉන්ඩියන් කාරයොන්ට වඩා හොඳ T20 playersලා නම් අපිට ඉන්නවා.ප්‍රායෝගිකව විදෙස් ක්‍රීඩකයන් 3 දෙනෙක් යොදා ගැනීම තමයි හොඳම විසඳුම.

    අර්ජුන සර් ඉන්න කාලෙ පවත්වපු Five Elevens තරඟාවලිය මීට වඩා ක්‍රමවත් කියලයි මම දකින්නෙ.වැඩි ආදායමක් නොලැබුනාට කිසි කෙනෙක්ට අඩු පාඩුවක් නැතුව තරඟාවලිය පැවැත්වුනා.කොපියක් නෙමෙයි.හොඳ Brand Name එකක් තිබුනා.

    මේ දේ හරියට කර ගත්තොත් අපිට මින් ලැබෙන ආදායමෙන් අන්තර්පළාත් සිව් දින ක්‍රිකට් තරඟාවලිය මෙන්ම එක්දින ක්‍රිකට් තරඟාවලියද නියමාකාරයට හොඳ විදෙස් ක්‍රීඩකයන් සහිතව සංවිධානය කර ගත හැකියි

    අමාරුවෙන් ටයිප් කරේ.රෙප් නැතුවට කමක් නෑ.බලලා දිග වැඩියි කියලා කොමෙන්ටුවක් නොදා යන්න එපා
    :sorry::sorry::sorry:

    මේ මගේ අදහස.

    සංවාදයට විවෘතයි
    images

    • Like
    Reactions: deshanshashi

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;14097345 said:

    ඒ කියන්නෙ සබරගමුව,රජරට,උතුර ,නැගෙනහිර,ඌව යන පළාත්වල නියෝජනය කරනා ක්‍රීඩකයන් මෙහි නොමැති වීමයි.යමෙකුට එම පළාත් වල ක්‍රිකට් වලින් ඉහල තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් නොමැති බවට තර්ක කළ හැකියි.නමුත් ගැටලුව ඇත්තේ එම පළාත් වල ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිනීමට අවස්ථාව සපයා දී ඇත් ද යන්නයි.මා කලකට ඉහත දී ඌව පළාතේ පාසල් ක්‍රීඩකයන් ක්‍රිකට් පාත්වේ වැඩසටහනක් මගින් පුහුණුව ලබනවා රූපවාහිනියෙන් නැරඹුවා.හොඳ ජවයකින් යුතුව හොඳ පන්දු යැවීමේ ඉරියව් සහිතව පන්දු යවන ක්‍රීඩකයන් රාශියක් එහි සිටියා.නමුත් ඔවුන් එතනින් ඉදිරියට පැමිණීමක් පේන්නට නැහැ.මෙවන් පාසල් 19 පහල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු හෝ අදාල පළාත් කණ්ඩායමට ක්‍රීඩා නොකලත් එම කණ්ඩායම් සංචිතයේ හෝ සිටීනම් ජාත්‍යන්තර පුහුණුකරුවන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් යටතේ ඉදිරියටම පැමිණීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් ගැටලුව ඇත්තේ මෙවැන්නක් මෙහිදී සිදු නොවීමයි

    :(:(:(

    උබේ කටේ මසුරන් දාන්ඩ ඕනි මල්ලී ,,,
    සල්ලි සල්ලි සල්ලි ,,,,
    ඔච්චරයි අපේ උන්ට ඕනි
    කොටින්ම සංවිධායකවරුනුත් මුදලට මුල්තැන දී
    සල්ලිවලට යටවී අහවරයි.
    ලංකාවේ සිද්දවෙන හැමදේකදිම වගේ හැමකෙනාම තමන්ට ලොකුම කුට්ටිය කඩාගන්ඩයි දැගලුවේ.
    නවක ක්‍රීඩකයන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ ගාන බේරිලා.
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ;);)
    [/CENTER]

    :yes::yes::yes:

    අනිවා අයියේ!අපේ එවුං ඒ වෙලාවෙ ලාබෙට වැඩ කරනව මිසක් ඔය ගැන තේරුමක් නෑ උන්ට

    :)
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ක්‍රිකට් පාලක කමිටුව මේක දැක්කොත් උබව ගන්නව එක්කෙ උපදේශක තනතුරට​, එල එල එල කිරි එකේ එලකිරි කොල්ලට​ :D:D:D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් පාලක කමිටුව මේක දැක්කොත් උබව ගන්නව එක්කෙ උපදේශක තනතුරට​, එල එල එල කිරි එකේ එලකිරි කොල්ලට​ :D:D:D:D

    Aniva :yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලින් බම්ප් එක දැම්මේ කියෙව්වේ නෑති නිසා :P.කතාව ඇත්ත:yes:.slpl එක වුනත් තනිකරම ipl එකේ copy එකක්:eek:.ඉන්දියාව model එකක් කරගෙන ලංකාව cricket ඒවගේ කරන්න හදනවාද කියලා හිතෙනවා වෙලාවකට:(හැමදේට මුල වෙලා තියෙන්නේ ගසාකැම තමා:eek:.මේවා හදන්න නම් මුලින්ම ක්‍රිකට් වලට ආදරයකරන පිරිසක් ක්‍රිකට් පාලක මන්ඩලයට පත්විය යුතුයි:yes:.නෑත්තම් උබ කියපුවා කිසිම එකක් කරන්න හම්බවෙන්නේ නෑ:no:.හොද ලිපියක් මේ වගේ ඒවාට comment අඩුයි කොහමත්:D ගනන් ගන්න එපා දිගටම ලිපි දාන්න;).
     
    :yes::yes::yes:ela ela ayye! aniwa
     
    • Like
    Reactions: NUWAN BUWA
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    කියන්න අමතක උන දෙයක් Sponsorsලා හොයා ගන්න ඕන නම් Franchise Ownersලාම Sponsorsලා විදියට මෙයට එක් කර ගන්න පුළුවන්.අපේ ලංකාවෙ ආයතන වලටත් මෙමගින් අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
    :yes::yes:
    ලංකාවෙ හැකියාව තියෙන පුද්ගලයින් බොහෝමයක් ඉන්නවා.ලංකාව තුළ දීම Coverage එක(HD /non HD) හරියට අපේ අයම එක් කරලා කරගන්න පුලුවන් නම් අපිට එය නියමිත ප්‍රමිතියක් ඇතිව සිදූ කරලා International broadcastersලාට සපයන්න පුලුවන්.මෙතන දි තියෙන වැදගත් කම SLPL එකට වැඩි වාසියක් ගන්න පුලුවන් එක විතරක් නෙමෙයි රටේ හැකියාව තියෙන තරුණයින්ට රැකියාවක් මෙන්ම දීර්ඝ කාලීනව වැඩි ආර්ථික ප්‍රතිලාභ ගන්න පුලුවන්.
    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙ මේ වන විට ක්‍රියාත්මක වෙන්නෙ මීට සමාන ක්‍රමයක්.:sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14100464 said:

    අනිවා මචං ලංකාවේ හොද Sport channel එකක් වත් නෑනේ :no: channel 2 ක් තිබ්බට හැමදේම CSN එකට නේ :( , MTV Sport වලට හැකියාවත් තිබ්බත් කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ , නමුත් CSN colombo night race cover කරපු විදිහට උන්ට SLPL cover කරන්න බැරිත් නෑ :no: කැමරා වගේ දේවල් කුලියට නේ ගන්නේ:yes: ESPN එකට දීලා Cover & broadcast right තව අවුරුදු 2 කි වලංගු නේ ඊට පස්සේ Bid කරයි ඒවෙනකොට SLPL ජනප්‍රිය වෙලා තිබ්බොත් හැකියාව තිබ්බත් ලංකාවේ channel එකකට Cover right ගන්න වෙන්නේ නෑ:no: ESPN කීය හරි දීලා ගන්නවා :yes:හොර පාරෙන් CSN එකට දුන්නොත් තමා :D
     
    අනිවා බං ඕක තමයි ලංකාවෙ තියෙන ප්‍රශ්නෙ.වෙන නාලිකාවකට ඔලුව උස්සන්න දෙන්නෙ නැහැ.මුංගෙ මහ විහිලු නීති තියෙන්නෙ?
    මුලින්ම කිව්වා රජයෙ නාළිකා වලට විතරයි දෙන්නෙ කියලා
    පස්සෙ ලොක්කගෙ පුතා චැනල් එක දැම්මම ක්‍රීඩාවටම වෙන්වූ නාලිකාත් ඔට්ටුයි ලු
    ඕකට ගේමට එකෙන් චැනල් එකක් විදියට කරාට පස්සෙ ඒවා ඔට්ටු නෑ.
    අර එක වසරෙ පොඩි එවුන් ක්‍රිකට් ගහනව වගේ
    :lol::lol:
    ඉන්දියාවෙ මැච් එකක් යනකොට ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් එකෙන්ම මුලින් සංවිධානය කරලා තමයි එළියට දාන්නෙ.ඒකටම කියලා උංගෙ වෙනම සෙට් එකක් ඉන්නවා මම හිතන්නෙ. දැන් මේ දවස් වල පෙන්නපු England Tour එක බැලුවම කොච්චර හොඳට ඒ වැඩේ කරලා තියෙනවද කියලා තේරෙනවා.අපිට Indian හොඳ දේ මෙහෙටත් ගන්න පුළුවන් නම් ලොකු ලාබයක් ගන්න පුළුවන්.

    ටික වෙනම ම සල්ලි වලට ගත්තත් මලයා අපිට වසරක දි හරියට Organize කරොත් ලැබෙන ලාබයෙන් ඒක Cover කරන්න ඇහැකි
    :yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14102105 said:
    අනිවා බං ඕක තමයි ලංකාවෙ තියෙන ප්‍රශ්නෙ.වෙන නාලිකාවකට ඔලුව උස්සන්න දෙන්නෙ නැහැ.මුංගෙ මහ විහිලු නීති තියෙන්නෙ?
    මුලින්ම කිව්වා රජයෙ නාළිකා වලට විතරයි දෙන්නෙ කියලා
    පස්සෙ ලොක්කගෙ පුතා චැනල් එක දැම්මම ක්‍රීඩාවටම වෙන්වූ නාලිකාත් ඔට්ටුයි ලු
    ඕකට ගේමට එකෙන් චැනල් එකක් විදියට කරාට පස්සෙ ඒවා ඔට්ටු නෑ.
    අර එක වසරෙ පොඩි එවුන් ක්‍රිකට් ගහනව වගේ
    :lol::lol:
    ඉන්දියාවෙ මැච් එකක් යනකොට ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් එකෙන්ම මුලින් සංවිධානය කරලා තමයි එළියට දාන්නෙ.ඒකටම කියලා උංගෙ වෙනම සෙට් එකක් ඉන්නවා මම හිතන්නෙ. දැන් මේ දවස් වල පෙන්නපු එක බැලුවම කොච්චර හොඳට ඒ වැඩේ කරලා තියෙනවද කියලා තේරෙනවා.අපිට Indian හොඳ දේ මෙහෙටත් ගන්න පුළුවන් නම් ලොකු ලාබයක් ගන්න පුළුවන්.

    ටික වෙනම ම සල්ලි වලට ගත්තත් මලයා අපිට වසරක දි හරියට Organize කරොත් ලැබෙන ලාබයෙන් ඒක Cover කරන්න ඇහැකි
    :yes::yes:

    අනිවා උන්ට ඔය ටික තේරෙන්නේ නැති එක නේ පුදුමේ :yes::yes::yes: