ලංකාවෙ දේශපාලනේ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ දේශපාලනේ

    ලංකාවේ දේශපාලනේ මෙච්චර චාටර් වෙන්න හේතුව, රටක් විදියට අසාර්ථක වෙන්න හේතුව මම දකින විදියට.

    අපේ රටේ දේශපාලනය කරන්නෙ ඒකට සුදුසු අය නෙමෙයි. මම කැටගරි 5ක් දැකල තියනව ප්‍රබුද්ධ දේශපාලනයට නුසුදුසු උනත් දේශපාලනය කරන.

    1. මැරමෝඩ දේශපාලකයින්
    මුන්අතමයි ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ. අපෙගමේ හිටිය මැර පවුලක්. උන් පොඩිකාලෙ සෙල්ලම් කලේ අපිත් එක්ක. ඉතින් අපි හොඳටම දන්නව උන්ගෙ හැටි. උන්ට ඕනෙ කොහේ ගියත් එක වෙන්න. ළමා සමාජෙ හරි කමක් නෑ උන්ට ඕනෙ භාණ්ඩාගාරික හරි සභාපති හරි. වෙන එකෙක්ට ගියොත් ඌ එක්ක මල. ඌ අනිව ගුටි කනව. උන් ඇමති සම්බන්ධතා වලින් ගියා ජපානෙ. එකෙක් යන්තන් ආට් කරල A/L වැඩ දෙකක් පාස් ඌව දාගත්ත මීටර් කියවන්න ලංවිමට. මම දන්න දෙයක් උන් පට්ටම ආත්මාර්ථකාමී යි. ඒවගේම පාලනයක් නෑ මෝඩයි. ආවේගශීලියි.. සල්ලි හොයන්න ඕන දෙයක් කරයි. දැන් ලොකු එකා චන්දෙ ඉල්ලල ප්‍රාදේශීය සභා මන්ත්‍රී. මුලින්ම ක්‍රිකට් ටූනමන්ට් එකක් ඕගනයිස් කරල කොල්ලොන්ට බොන්න දීල තමයි චන්ද කරන්න කොල්ලො හොයා ගත්තෙ. මුන්ගේ චරිත ලක්ෂණ බැලුවොත් මහින්දානන්දලාට වෙල්ගමලාට හරීන්ලාට මර්වින්ලාට හරියටම ගැලපෙනව. උන් ආත්මාර්ථකාමී යි, වේගශීලියි, කුහකයි, රටට මොකක් උනත් තමන්ගෙ ප්‍රතිරූපෙ තමන්ගෙ වාසිය ගැන හිතන්නෙ. උන්ට පොඩි බලයක් ලැබුනාම ඉක්මනටම ඔළුව ඉදුමගන්නව. එන්නෙ පහල මධ්‍යම පාන්තික හෝ දුප්පත් පවුල් වලින්. ඒ වගේ පවුල් වලින් එතනට යන්න ඉතින් මැර කම් ජඩකම් නැතුව බෑ. ඉඳල හිටල සල්ලි තියන පවුල් වලින් එනව.

    2. උගත් නූගත් දේශපාලකයන්
    මුන් ගොඩක් ඉහල මධ්‍යම පාන්තික හරි ධනවත් පවුල් වල උන්. ගොඩක් උන් ලෝ වගේ ඩිග්‍රි එකක් කරල ලෝයර් වෙලා නැතඝගදේශපාලනය පටන් ගන්නව. ඒත් මම දැකල තියන දෙයක් උනුත් දේශපාලනයට සල්ලි වියදම් කරල ඇවිල්ල ආවට පස්සෙ දූශිත වීමෙ සම්භාවිතාව වැඩියි. පවුලේ අය දේශපාලනේට එහෙන් මෙහෙන් ගෑවිලා නිසා දේශපාලනය කරන්න එනව. මුන් ටයිකෝට් ඇඳන් උගතෙක් බුද්ධිමතෙක් වගේ තමයි රඟන්නෙ. ඒත් අර පලවෙනි කැටගරිය තරම්වත් මොලයක් නෑ. උන් වැඩක් කරගන්න බැරි ඕගනයිසින් පවර් නැති සල්ලි නැත්තම් ලොඳත් නැති කටින් විතරක් ගේම ගහන ඩයල්. උන් ඇත්තටම උගතුන් නෙමෙයි. ලෝ කොලේජ් ගිහින් නීති කටපාඩම් කරල උගතෙක් වගේ රඟනව විතරයි. උන් ගොඩක් වෙලාවට එදාවේල ටුවර්ස් දේශපාලකයො. සුජීව විජේදාස හර්ෂ වගේ උන්.

    3. පාරම්පරික දේශපාලකයන්
    වැඩිය විස්තර ඕනෙ නෑනෙ. දේශපාලනයෙ නම තිබ්බ පරම්පරාව කින් එනවනම් මොකෙක් උනත් කමක් නෑ. චතුර වගේ මානසික රෝගියෙක් උනත් කමක් නෑ. රනිල් මහින්ද චන්ද්‍රිකා මේ කැටගරි එකේනෙ. මේ කැටගරි එකෙන් පොඩි හරි සම්භාවිතාවක් තියනව හොඳ එකෙක් එන්න ඒත් තාමනම් නෑ. රනිල සෙට් වෙනව උඩ කිව්ව 2 ට මහින්ද සෙට් වෙනව 1ට. චන්ද්‍රිකා වෙනම කැටගරි එකක. :rofl:

    4.ජනප්‍රිය චරිත
    උයෝව් උයෝව්... උයෝව්.... රන්ජා. මේ ගැන ලියන එකත් තේරුමක් නෑ.

    5. බ්‍රේන්වොෂ් වෙච්ච අලිගිල්ල දිවුල්
    උඩ ඉන්න උන් උන්ට හරි හම්බකරගන්නව කියමුකො. මුන් කොහෙටවත් වැඩක් නෑ. ගොඩක් ඉන්නෙ ඉගෙනගත්ත උන්. ඒත් තමන්ව කවුරුහරි බ්‍රේන්වොෂ් කරනව කියල තේරුම් ගන්නවත් මොළයක් නොතිබ්බ උන්. උගත් මෝඩයෝ කියන එකේ සංකේතයක්. කන්නන්ගරගෙ පිහිටෙන් ඉගෙනගෙන චේගුරා සමරන උන්. උන් දන්නෙ සංවර්ධන ව්‍යාපෘති නතර කරන්න රට කරන උන්ට වැඩේ අමාරු කරන්න විතරයි. මුන් රටේ අධ්‍යාපන පද්ධතියටත් හානියක්. මුන් පවතින්නෙ දුප්පතුන්ගෙන්. රටේ දුප්පතුන් වැඩිවෙන තරමට මුන්ට චන්දත් වැඩියි.මුන් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ මාක්ස් ලෙන්න් කියල අලි වගයක් මුන්ගෙ ඔළු ගිලල. මුන් කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

    ඇයි මෙතනින් එහා හොඳ එකෙක්වත් හොයාගන්න නැත්තෙ.
    මමනම් පලවෙනි හේතුව විදියට දකින්නෙ මනාප චන්ද ක්‍රමය. දෙවනි එක අධ්‍යාපන ක්‍රමයේ දුර්වල තාවය. O/L වලින් පිටවෙන උන්ට තාක්ෂණික අධ්‍යාපනය අනිවාර්ය කලානම් හරි. එහෙම උනානම් උන් පෝස්ටර් ගගහ පාරෙ යන්නෙ නෑ.උගත් + බුද්ධිමත් + අවංක + හොඳ පෞෂයක් තියන එකම එකෙක්වත් මම පාර්ලිමේන්තු වෙ දැකල නෑ. විභාග දෙපාර්තමේන්තුව වත් මැදිහත් වෙලා IQ , Apitude and Attitude ටෙස්ට් එකක් තියල psycho check කරල ( නාසිසම් උන්ව කපල ) මුන්ට චන්දෙ ඉල්ලන්න දෙන්න බැරි ඇයි.

    උඹලා අඳුනගත්ත මේ වගේ තව කැටගරි තියනවද. Everyone has a bias. තමන්ගෙ හිතේ බයෑස් ගතිය පාලනය කරල උත්තරයක් දෙමු බලන්න.:angry:

    සංවාදයට විවෘතයි.

    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කැටගරි එක කොහොම වෙතත් අපි බලමු මෙ කැටගරීස් ටික නිර්මාණය වෙන්න හෙතුවක් වෙච්ච දෙශපාලඥයක් අයිති වෙන කැටගරි එක ?
    ඒ කිව්වෙ මාස්ටර් කැටගරි එක ?

    සුද්දා රට දාලා ගියායින් පස්සෙ මෙ රට බාරගත්ත අය කවුද ?

    දෙමළ අයගෙ නායකත්වය නම් මන් අවබොධෙකින් කතාකරන්න තරම් දැනුවත් බාවයක් නැහැ. ඒත් මෙ රටෙ නායකත්වයට පත්වෙච්ච සිංහල අය ගත්තොත්

    සෙරම වාගෙ වලව් හිමි සුද්දාගෙ සපත්තු ලෙව කාගෙන හිටිය පරපුරවල් වල උන්.

    අනෙක් පැත්තට මේ ඉන්න වලව් උන්දලාගෙ පවුල් වලින් ඡන්දෙ ඉල්ලාපු ගොඩාක් උන් ඔය කියන උගත් මට්ටමෙ උන්,Royal කොලීජියට, සෙන් තොමස් එකට ගිය,කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වලින් නීතිය හදාරපු උගත් ඇත්තො
    ඒත් මොකද කලෙ ඒ අය?
    ඒ අයගෙ නූමනා තීරණ නිසා නෙමෙද පස්සෙ කාලෙ හොරුන්ට ,නූගතුන්ට, උගත් මොට්ටයන්ට පාර්ලිමෙන්තු එන්න අවස්ථාව ආවෙ?

    දැන් මේ මාස්ටර් කැටගරි එකට අයිති වෙන උන් ජනප්‍රිය ධාරාවෙ නැහැ. (මහින්ද වලව්වක් තිබ්බ තමා, ඒත් මේ කැටගරි එකෙ නෙමෙ හේතුව ඔනි නම් කියන්නම් )

    දැන් මේ මාස්ටර් කැටගරි එකෙ උන් තමා තිරය පිටුපස ඉඳන් සෙල්ලම් කරන්නෙ,
    ජනප්‍රිය ධාරාවෙ උන් නටන්නෙ මේ මාස්ටර් කැටගරි එකෙ හිටිය දේශපාළුවන්ගෙ පවුල් වලට ලඟින් හෝ දුරින් හො නෑකම් කියාපු හිතවත් කම් පාපු අය

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැටගරි එක කොහොම වෙතත් අපි බලමු මෙ කැටගරීස් ටික නිර්මාණය වෙන්න හෙතුවක් වෙච්ච දෙශපාලඥයක් අයිති වෙන කැටගරි එක ?
    ඒ කිව්වෙ මාස්ටර් කැටගරි එක ?

    සුද්දා රට දාලා ගියායින් පස්සෙ මෙ රට බාරගත්ත අය කවුද ?

    දෙමළ අයගෙ නායකත්වය නම් මන් අවබොධෙකින් කතාකරන්න තරම් දැනුවත් බාවයක් නැහැ. ඒත් මෙ රටෙ නායකත්වයට පත්වෙච්ච සිංහල අය ගත්තොත්

    සෙරම වාගෙ වලව් හිමි සුද්දාගෙ සපත්තු ලෙව කාගෙන හිටිය පරපුරවල් වල උන්.

    අනෙක් පැත්තට මේ ඉන්න වලව් උන්දලාගෙ පවුල් වලින් ඡන්දෙ ඉල්ලාපු ගොඩාක් උන් ඔය කියන උගත් මට්ටමෙ උන්,
    ර්‍ඔයල් කොලීජියට, සෙන් තොමස් එකට ගිය,කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වලින් නීතිය හදාරපු උගත් ඇත්තො
    ඒත් මොකද කලෙ ඒ අය?
    ඒ අයගෙ නූමනා තීරණ නිසා නෙමෙද පස්සෙ කාලෙ හොරුන්ට ,නූගතුන්ට, උගත් මොට්ටයන්ට පාර්ලිමෙන්තු එන්න අවස්ථාව ආවෙ?

    දැන් මේ මාස්ටර් කැටගරි එකට අයිති වෙන උන් ජනප්‍රිය ධාරාවෙ නැහැ. (මහින්ද වලව්වක් තිබ්බ තමා, ඒත් මේ කැටගරි එකෙ නෙමෙ හේතුව ඔනි නම් කියන්නම් )

    දැන් මේ මාස්ටර් කැටගරි එකෙ උන් තමා තිරය පිටුපස ඉඳන් සෙල්ලම් කරන්නෙ,
    ජනප්‍රිය ධාරාවෙ උන් නටන්නෙ මේ මාස්ටර් කැටගරි එකෙ හිටිය දේශපාළුවන්ගෙ පවුල් වලට ලඟින් හෝ දුරින් හො නෑකම් කියාපු හිතවත් කම් පාපු අය

    :yes: මුන් තමයි එක අතකින් රටේ ගොඩක් දේ කොන්ට්‍රෝල් කරන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes: මුන් තමයි එක අතකින් රටේ ගොඩක් දේ කොන්ට්‍රෝල් කරන්නෙ.
    ඔව් මොකද මුන්ට දැන් මිනිස්සු අතර ජනප්‍රියත්වයක් නැහැ එච්චරම. පරපුරෙ නම කියලා පම්පොරි ගහලා දිනාගන්න තරම් ඡන්ද පදනමක් නැහැ.

    මේ මාස්ටර් කැටගරි එකෙ ඉන්න අන්තිම කෙනා රනිල් වික්‍රමසිංහ වෙන්නත් පුළුවන්. දැන් මිනිහාගෙත් කාලෙ හරි ජනප්‍රිය ධාරාවෙන් අයින් වෙන්න.
    මිනිහා ඉස්සරහට කරන්නෙ තිරය පිටුපස නාට්‍ය ලියන එක.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් මොකද මුන්ට දැන් මිනිස්සු අතර ජනප්‍රියත්වයක් නැහැ එච්චරම. පරපුරෙ නම කියලා පම්පොරි ගහලා දිනාගන්න තරම් ඡන්ද පදනමක් නැහැ.

    මේ මාස්ටර් කැටගරි එකෙ ඉන්න අන්තිම කෙනා රනිල් වික්‍රමසිංහ වෙන්නත් පුළුවන්. දැන් මිනිහාගෙත් කාලෙ හරි ජනප්‍රිය ධාරාවෙන් අයින් වෙන්න.
    මිනිහා ඉස්සරහට කරන්නෙ තිරය පිටුපස නාට්‍ය ලියන එක.

    චන්ද්‍රිකා එහෙම කලා 2015
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    චන්ද්‍රිකා එහෙම කලා 2015
    yes we all know it

    let see on next election

    perhaps Ranil may let MY3 and his new allies to rule for next one and half year until 2020 presidential election because one and half year is too enough to decline popularity of Rajapaksa's gang and raise respect towards UNP and it's next presidential candidate
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    රොහාන් පල්ලෙවත්ත දේශපාලනයට එන්නේ මොන කැටගරි එකෙන්ද?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රොහාන් පල්ලෙවත්ත දේශපාලනයට එන්නේ මොන කැටගරි එකෙන්ද?
    රොහාන් පල්ලෙවත්ත,නාගානන්ද වගෙ අය,
    රට ගැන හැඟීමකින් ජනප්‍රිය ධාරාවෙ දෙශපාලනයට එරහිව පැමිණ ජනප්‍රිය ධාරාවෙ දෙශපාලනයෙ දුර්වල පිළිවෙතට විසඳුම් තිබෙන්නෙ තමන්ගාව පමණක් බව අඟවා කරළියට එන අය
    සිද්ධාලේප මුදලාලි හෙට්ටිග්ගොඩ උන්නැහෙ මතකද ? අන්න ඒ කැටගරි එකෙ කෙනෙක්. පල්ලෙවත්ත කියනවා රටෙ ණය ගෙවන්න පුළුවන් කියලා
    නාගානන්ද කියනවා දූෂණය නැති කරන්න පුළුවන් කියලා
    හෙට්ටිගොඩ ඒ කාලෙ කිව්වා යහපත් සමාජයක් හදන්න පුළුවන් තමන්ට කියලා.
    ඉතිං මේ අය තාවකාලික ජනප්‍රියත්වයක් ලබාගෙන එක ජනපති සටනකින් පචවෙලා යන අය
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    deshapalakayo witharak nemeyi raten bagayakma miharak. balapan dan oya udgoshana, rali, resweem walata ena moda senaga. munta wadakuth na, ratata wadakuth na. me wage ewun maraka dammath kamak na. un me maha polawatath barak. arakku kalayi bath packet ekayi ganna kunuharpa kiyagena pare kaa gagaha yana miharak wada wela giya dawasata rate sanwardane gana katha karamu
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රොහාන් පල්ලෙවත්ත දේශපාලනයට එන්නේ මොන කැටගරි එකෙන්ද?

    ජනප්‍රිය රැලි විතරයි. රැල්ල වෙරලට ගැහුවම නැතිවෙලා යනව
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    :yes: මුන් තමයි එක අතකින් රටේ ගොඩක් දේ කොන්ට්‍රෝල් කරන්නෙ.

    තෝ දාර හූ.එන්.පි, ගොන්බිජ්ජෙක් නේද?
    ඔය වගේ ටෝක් ලියාගෙන ඇවිල්ලා හොරෙන්ම රනිලගේ සරම අස්සේ රිංගන එකෙක් නේද?
    තොපි වගේ රටට ආදරේ නැති කැටගරි හද හදා ඉන්න වල් පාහරයෝ "ටොමී ඉජූ ඉජූ "කිව්වම නකුට වනන් එන්නේ. නජුට වනන්...

    බය්යෙක් වීම ආඩම්බරයි පොන්සි ජේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තෝ දාර හූ.එන්.පි, ගොන්බිජ්ජෙක් නේද?
    ඔය වගේ ටෝක් ලියාගෙන ඇවිල්ලා හොරෙන්ම රනිලගේ සරම අස්සේ රිංගන එකෙක් නේද?
    තොපි වගේ රටට ආදරේ නැති කැටගරි හද හදා ඉන්න වල් පාහරයෝ "ටොමී ඉජූ ඉජූ "කිව්වම නකුට වනන් එන්නේ. නජුට වනන්...

    බය්යෙක් වීම ආඩම්බරයි පොන්සි ජේ

    Jeppange aththa kiwwa witharai menna Fake ekak hadan ewilla parana ewath udata gannawa :rofl: :rofl:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    Jeppange aththa kiwwa witharai menna Fake ekak hadan ewilla parana ewath udata gannawa :rofl: :rofl:

    තෝ ජෙප්පෙක් නම් තොට මතක් කරන්නම් තොපේ අතීතය.

    තොපි වගේ ලාකඩ පොන්සියො ආයුධ අරන් ගම් වල ඉන්න එවුන් රවට්ටලා පොලිසි වලට ගහලා පටන් ගත්තු ත්‍රස්තවාදේ පාඩුව අදටත් දරාගන්න බෑ.. ට්‍රාන්ස්ෆෝමර් ගිණිතියලා, රටේ මිනිස්සු දර සෑයවල්වල ගිණි තිබ්බ තොපි වගේ උන්ට මිනිස් ජීවිතයක අගය තේරෙන්නේ නෑ...
    පාහරයො තොපි තමා හිමිජ්ජො වගේ මේකෙ ඉඳල අර කයිවාරු බල්ලොන්ට මනාප දාන්නේ... හූ එන්පියේ ටොමියා තමා තෝ. ගැලපෙන්න නම දාගෙන