ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...
මැතිවරණ පරාජයත් සමග තවදුරටත් ලංකාවේ සිටීමට නොහැකි බවත් එම නිසා දිවයිනෙන් පිටත්ව යා යුතු බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ප්රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණය පරාජය වීමත් සමගම තම ස්වාමියාටත් තමාටත් රටේ තිබූ පිළිගැනීම ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇය ෆොන්සේකා මහතාට පෙන්වා දී තිබේ. ඊයේ (27) සිනමන් ලේක් සයිඞ් හෝටලයේ සිටියදී ඇය මේ බව ජෙනරාල්වරයාට ප්රකාශ කරමින් හඩා වැටී ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තමා කොතරම් කීවද එය ගණනකට නොගැනීම පිළිබඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සිය සැමියාට දෝෂාරෝපණය කර ඇති බව හෝටලයේ සිටි සේවකයන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. මේ අතර සරත් ෆොන්සේකා මහතා ද මේ අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත්ව අනෝමා ෆොන්සේකා මහත්මියට බැණ වැදී ඇති බව ද වාර්තා වෙයි.