ලංකාවේ ඊයේ 40,000 පමණ covid ආසාදිතයින්?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ වනවිට ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් ආසාදිතයින්ට සාපේක්ෂව ලොව පුරාම කොරෝනා මරණ වාර්තාවන්නේ අඩුවෙනි.
    උදාහරණ ලෙස ආසාදිතයින් ලක්ෂ දෙකහමාරක් පමණ ඊයේ ප්‍රංශයෙන් වාර්තාවූ අතර මරණ සිදුව ඇත්තේ 127 කි. එනම් මරණ සියයට 0.05 කි.
    ජර්මනියේ ලක්ෂයක් ආසාදිතයින් වාර්තාවෙද්දී මරණ 45 කි.එනම් මරණ සියයට 0.045 කි.
    නමුත් ලංකාවේ ආසාදිතයින් 1056 ක් වාර්තාවෙද්දී මරණ 20 ක් සිදුව තිබේ. එනම් සියයට 2 ක් පමණ මියගොසිනි.මෙම තත්වය අසාමාන්‍ය වනවා සේම අසාදිතයින් සංඛ්‍යාව නිවැරදිද යන්න ගැන සැකයක්ද මතු කරයි.
    ශ්‍රී ලංකාව හා සමාන ආසාදිත අගයන් ඊයේ වාර්තාකළ උස්බෙකිස්තානයේ ආසාදිත 1104 කට මරණ 3 කි. ඩොමිනිකන් ජනරජයේ ආසාදිත1221 ට මරණ 4 කි. ඇල්බේනියාවේ ආසාදිත 939 ට මරණ 5 කි.

    ප්‍රංශයේ අගය සලකන්නේ නම් ලංකාවේ ඊයේ 40000 පමණ ආසාදිතයින් සිටිය යුතුය.
    කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යා අගයන් නිවැරදි නොවන බවට මීට කාලයකට පෙර විවිධ චෝදනා මතුවූ අතර මේ හේතුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ පුටුද මාරු විය.

    https://www.gossiplankanews.com/2022/01/covid19-sri-lanka.html
     
    • Haha
    Reactions: Xi Jinping

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oka thama nokiyana aeththa...thava ape vena ratavalata vada date rate vedi gathiyak tibba august idan
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේකයි මචං සීන් එක.. ලංකාවෙ මම දන්න තරමින් report වෙන්නෙ PCR positive ගාණ විතරයි, antigen ගාණ report වෙන්නෙ නෑ (සමහර විට මම වැරදි ඇති) ඒ වගේම හිතන්න ඔයාගෙ පවුලෙ 04 දෙනෙක් ඉන්නවා.. ඔයා පොසිටිවු වෙනවා.. හැබැයි ඔයාගෙ විතරයි antigen කරන්නෙ.. පවුලෙ අනිත් අයගෙ antigen කරන්නෙ නෑ.. එතකොට රෝගීන් වාර්තා වීම කෘතිමව අඩු කරල පෙන්නන්නෙ.. මම දන්නෑ එහෙම කරන්නෙ ලෝකෙට අඩු සංඛ්‍යාවක් පෙන්නන්න ඕනි නිසාද (දොකද සංචාරක කර්මාන්තයට එහෙම පහර වදිනව නෙ), ඩොලර් ප්‍රශ්ණෙ නිසා antigen kits එහෙම ගේන්න තියෙන අමාරුව නිසා ද කියල...
     
    • Like
    Reactions: gnilukshi

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    අහන අහන හැම ඵකාටම කොවිඩ්..නාමල්ට ලැජ්ජ වෙන නිසා දැන් ඔමික්‍රෝන් අාසාදිතයෝ කියන්නෙ නෑ..පුදුම රටක් මේක නම්..

    පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි වාර්තා වේ.

    අද (31) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ දැරිය කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කොවිඩ් රෝගය වැලඳුණු දරුවන් 25 දෙනෙකු පමණ ඇතුළත් වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    "අපිට ඊයේ දිනයේ දී වාර්තා වුණා, මාරවිල ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගැහැණු දරුවෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට. සම්පූර්ණ තොරතුරු අපිට තාම ලැබුණේ නෑ. යම්කිසි ප්‍රමාණයකට තරබාරු දරුවෙක් බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් අපි කරුණු සොයාගෙන යනවා. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා දෙමාපියන්ගෙන් තවමත් අවුරුදු 12ට අඩු පිරිසට එන්නත ලබාදෙන්නේ නෑ. එම දරුවන් මේ වනවිට පාසල් යනවා. රට විවෘතව පවතිනවා. දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන්න. ඒ මාරවිල අපි හිතන්නේ, රෝහලට ඇතුළත් කර එක දිනක් ඇතුළත මියගොස් තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් රෝහල්ගත වෙන්න පුළුවන් නම්, ඒ වෛද්‍යවරු පරීක්ෂා කර බලලා තීරණය කරයි නිවෙස්ගත ප්‍රතිකාර ද නැතිනම් සංකූලතා තියෙනවා නම් යම් ප්‍රතිකාර ලබාදීම සඳහා. කිසිම කෙනෙක් රෝහලට යන්න බයවෙන්න එපා. රෝහල් පරිසරය ඉතාම සුරක්ෂිතව සුදානම් කරලා තියෙනවා."

    ප්‍රශ්නය - අවුරුදු 12ට අඩු අයට එන්නත් ලබාදෙන්නේ නැහැ. මියගිය දරුවාට වෙනත් රෝග තිබිලා නැත්නම් ඇති ආරක්ෂාව කුමක් ද?

    "ලෝකයේ සමහර රටවල්වල අවුරුදු 5ට වඩා වැඩි පිරිස්වලට මේ එන්නත ලබාදෙනවා. අපි තව සුළු කාලයක් මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. මේ දරුවන්ට ලබාදීම පිළිබඳ යම් යම් ගැටලු සිදුවෙනවා ද කියලා. මේවා අලුත් එන්නත් වර්ග. එම නිසා එවැනි අධ්‍යයනයකින් පසුව තමයි අපි දරුවන්ට ලබාදීමට සුදානම් වෙන්නේ. මේ වෙද්දි අපි ඒ අධ්‍යයනය කරනවා. ඒ කටයුතු හමාර වු පසුව වෙනත් රටවල මේ වයස් කාණ්ඩයට එන්නත ලබාදීමෙන් ගැටලුකාරි තත්ත්වයක් ඇති වෙන්නේ නැත්නම්, අපේ දරුවන්ටත් මේ එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා."

    ප්‍රශ්නය - දැරිය මියයෑමට හේතුව නියමිත කාලයේ දී රෝහල් නොකිරීම ද හේතුව ?

    "ඔව් ඇත්තටම ඒ පිළිබඳ අපි තාම පරීක්ෂණ කරනවා. ඊයේ දිනයේ දී තමා මේ දරුවා මියගියේ. ඒ නිවෙස්වලට ගිහින් පරණ ප්‍රතිකාර සටහන් සියල්ලම පරීක්ෂා කරන්න ඕනේ. අද දිනයේ දී ඒ පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව ලැබේවි. කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ දී අනුව දරුවා කොවිඩ් නියුමෝනියා තත්ත්වය තිබු බවට වාර්තා වෙනවා. එක දවසක් තුළ එතරම් ප්‍රමාණයක් නියුමෝනියාව වර්ධනය වීමට හැකියාවක් නෑ. අපිට ලැබුණ තොරතුරු අනුව මීට පෙර දරුවාගේ දෙමාපියන්ටත් මේ රෝගය වැලඳී තිබෙනවා."
     
    • Sad
    Reactions: ElaBaba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මේකයි මචං සීන් එක.. ලංකාවෙ මම දන්න තරමින් report වෙන්නෙ PCR positive ගාණ විතරයි, antigen ගාණ report වෙන්නෙ නෑ (සමහර විට මම වැරදි ඇති) ඒ වගේම හිතන්න ඔයාගෙ පවුලෙ 04 දෙනෙක් ඉන්නවා.. ඔයා පොසිටිවු වෙනවා.. හැබැයි ඔයාගෙ විතරයි antigen කරන්නෙ.. පවුලෙ අනිත් අයගෙ antigen කරන්නෙ නෑ.. එතකොට රෝගීන් වාර්තා වීම කෘතිමව අඩු කරල පෙන්නන්නෙ.. මම දන්නෑ එහෙම කරන්නෙ ලෝකෙට අඩු සංඛ්‍යාවක් පෙන්නන්න ඕනි නිසාද (දොකද සංචාරක කර්මාන්තයට එහෙම පහර වදිනව නෙ), ඩොලර් ප්‍රශ්ණෙ නිසා antigen kits එහෙම ගේන්න තියෙන අමාරුව නිසා ද කියල...
    මුන් ඒ දවස් වල පොසිටිව් වෙන ගානවත් හරියට දුන්නෙ නෑනේ. උන්ට කැමති ගනන්නෙ දුන්නෙ. කෘතිමව අඩු කිරිලි ගැන කවර කතාද බන්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ලංකාවේ දැන් මැරෙන ගණනින්, වැක්සීන් කරපු ප්‍රමාණය හා නොකරපු ප්‍රමාණය අතර වෙනස කීයක් වගේද නැත්නම් මැරෙන්නේ වැක්සීන් නොකරපු අය විතරද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @ruchira55 බිල්ල මවන ගමන්ම බිල්ලගෙන් බේරෙන්ඩ නම් නොමිලේ ලැබෙන බේත විදගන්ඩ කියලත් දාපන් බන්, හෙන ගැහෙන් නැ එකෙක් හරි වැක්සීන් එක ව්දගනි..

    මුන් ඒ දවස් වල පොසිටිව් වෙන ගානවත් හරියට දුන්නෙ නෑනේ. උන්ට කැමති ගනන්නෙ දුන්නෙ. කෘතිමව අඩු කිරිලි ගැන කවර කතාද බන්
    පොසිටිවු උන ගාන දැනගෙන උබ ගේ මුල්ලෙ ඉදල මොනා කරන්ඩද ?????🤭🤭🤭
    ------ Post added on Jan 31, 2022 at 3:01 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකයි මචං සීන් එක.. ලංකාවෙ මම දන්න තරමින් report වෙන්නෙ PCR positive ගාණ විතරයි, antigen ගාණ report වෙන්නෙ නෑ (සමහර විට මම වැරදි ඇති) ඒ වගේම හිතන්න ඔයාගෙ පවුලෙ 04 දෙනෙක් ඉන්නවා.. ඔයා පොසිටිවු වෙනවා.. හැබැයි ඔයාගෙ විතරයි antigen කරන්නෙ.. පවුලෙ අනිත් අයගෙ antigen කරන්නෙ නෑ.. එතකොට රෝගීන් වාර්තා වීම කෘතිමව අඩු කරල පෙන්නන්නෙ.. මම දන්නෑ එහෙම කරන්නෙ ලෝකෙට අඩු සංඛ්‍යාවක් පෙන්නන්න ඕනි නිසාද (දොකද සංචාරක කර්මාන්තයට එහෙම පහර වදිනව නෙ), ඩොලර් ප්‍රශ්ණෙ නිසා antigen kits එහෙම ගේන්න තියෙන අමාරුව නිසා ද කියල...

    අනිත් රටවල එහෙම හැම එක්කෙනාම ගණන් කරනවද??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @ruchira55 බිල්ල මවන ගමන්ම බිල්ලගෙන් බේරෙන්ඩ නම් නොමිලේ ලැබෙන බේත විදගන්ඩ කියලත් දාපන් බන්, හෙන ගැහෙන් නැ එකෙක් හරි වැක්සීන් එක ව්දගනි..

    Pfizer වැක්සීන් එක ඔමික්‍රොන්වලට වැඩ කරන්නෙ නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pfizer වැක්සීන් එක ඔමික්‍රොන්වලට වැඩ කරන්නෙ නෑනෙ.
    උබ දන්නවද පොන්ස් දොස්තරලටත් වඩා???නොදන්න මගුල් පතුරවල බිල්ලො මවන්ඩ එපා පොන්නයො..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ දන්නවද පොන්ස් දොස්තරලටත් වඩා???නොදන්න මගුල් පතුරවල බිල්ලො මවන්ඩ එපා පොන්නයො..

    ඔන්න පුලුවන් නම් ගූගල් ට්‍රාන්ස්ලේටරේ දාලවත් කියවපන්. පයිසර් කොම්පැනිය කියන්නෙත් එන්නත එලියට දාන්නෙ මාර්තු මාසෙ කියල. නන්දසේනය මේ ලබ්බක් හමුදාව දාල ගස්සනව

    Pfizer CEO says omicron vaccine will be ready in March​

    Published Mon, Jan 10 20228:38 AM ESTUpdated Mon, Jan 10 202210:49 AM EST

    https://www.cnbc.com/2022/01/10/cov...s-omicron-vaccine-will-be-ready-in-march.html
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අනිත් රටවල එහෙම හැම එක්කෙනාම ගණන් කරනවද??
    මම දන්න තරමින් ඒ රටවල් වල විනිවිදභාවය තියෙනවා... ඔයා දන්න තව රටවල් තියෙනවද (දකුණු ආසියානු රටවල් ඇරෙන්න) එහෙම ගණන් නොකරන?