සින්දු ගැන කතාවට නම් යම් දුරකට එකඟ වෙනව. ඉන්දු ආර්ය භාෂා වල හැටියක් නිසාද මන්ද අපිට මනෝමූලික දේවල් ගැන ලස්සනට ලියන්න පුලුවන් පද්‍ය හැටියට. බෙන්ගෝල් සාහිත්‍යය එහෙම බලන්න, ඒ නිසා වෙන්න ඇති සිංහල වලටත් ඒක ඉන්හෙරිට් වෙලා තියෙනව.
මම කම්පෙයා කලේ ඉංග්‍රීසි එක්ක විතරයි. ආදරේ වගේ මාතෘකා වලට එද්දි ඉතාලි, ලතින් ඇමරිකානු ලිරික්ස් වලට අලගු තියන්නවත් බෑ අපිට. ගද්‍ය අතින් ඉංග්‍රීසි ගොඩක් ඉදිරියෙන් ඉන්නව.
මුතුගල ෆිල්ම් ගැන කිව්ව එක අහද්දි මට මතක් උනේ දකුණු ඉන්දියානු, කොරියන් සිනමාවට කෝචෝක් කරන අය. ආට් එන්ජෝයි කරන්නත් තමන්ට ඉස්පාසුවක් තියෙන්න එපැයි. If you don’t know, you don’t know.
ඕක මචන් සාහිත්‍ය/කලා නිර්මාන එහෙම කල්චර් එකත් එක්ක එන දෙයක්, තමන්ගෙ කල්චර් එකේම නිර්මාණ ඒ කල්චර් එකේ අයට ෆීල් වෙනවා හොඳට. ඒක නිසා අපිට ඇමරිකින් උන්ගෙ romance එහෙම නිකන් අටිෆිශල් කොයි වෙලෙත් සෙස් ම තමයි මොන මගුලක්ද කියලා හිතෙනවා, ඇමරිකන් උන්ට අපේ romance මේ මොන childish නාඩගමක්ද කියලා හිතෙනවා ඇති, අපේ රෝමැන්ටික් ඩයලොග් එහෙම උන්ට හෙන cringe වගේද දන්නෙත් නැහැ
තව සිරා උදාහරනයක් දෙන්නං, ඔය english joke ගොඩක් ඒවට අපිට හිනා යන්නෙ නැහැනේ, ඒ වගේ තමයි
Example,
What is the best thing about the Switzerland
I don't know, but the flag is a big plus
කියන දේ හොඳට තේරෙනවා, මේක literal අයිඩියා එකෙන් නෙමෙයි කියන්නෙ කියලත් දන්නවා ඒත් මේකට අපිට හිනා යන්නෙ නැහැනෙ, ඒ වගේ තමයි. අනෙක් කලා නිර්මාණත්.
අපේ කල්චර් එකට ලඟින් යන ඒව හොඳයි සුපිරියි වගේ අපිට පේනවා, මේක කාගෙ කාගෙත් කල්වර් එකට සාපේකශයි