ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Hay, I don't agree with the points that the OP gave, except "පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක." I can justify other points: these are cultural things that we need to maintain to emphasize our identity; there are similar weird customs available in almost all countries.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara

    සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම.​


    මෙන්න මේක තමයි. සමහර රෙස්ටොරන්ට් වල සේවකයො සේවකයො කතා කරන්නෙත් සිංහලෙන්. ආපු උන් සෙට් එක උන් උන් කතා කරන්නෙත් සිංහලෙන්. හැබැයි ඕඩර් එක දාද්දි විතරක් English. සුද්දොත් ඇවිත් වචනෙ වචනෙ හරි සිංහලෙන් කියන්න බලනව මිනිස්සුන්ට. Class maintain කරන්න කරන දෙයක් කියන එක ඇරෙන්න වෙන explanation එකක් නෑ.

    තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
    අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.

    ------ Post added on Sep 14, 2023 at 2:31 AM
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා වයස 27යි බදින්නත් ඉන්නේ. තාම ගෙදර මිනිස්සුන්ට හොරෙන් බොන්නේ. බීලා බීලා අන්තිමේ මුළු ඇඟම සෙන්ට් ඉහගෙන ගෙදර යන්නේ. විලි ලැජ්ජයි 🥴
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
    අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.

    ------ Post added on Sep 14, 2023 at 2:31 AM
    ඉන්නෙ අම්මගෙ ගෙදර නම්, අම්මගෙන් අහන්න වෙනව
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.​


    මෙන්න මේකට සාපේක්ෂව අඩු මනාප ප්‍රමාණයක් දීලා තියෙන එක :lol: ඒකෙන් තේරෙනවා ඒත් තාම තේරිලා නෑ කියලා :rofl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    1. මොන මගුල කරන්න ගියත් නැකත්, හදහන් බැලීම
    2. ණය වෙලා හරි නෑදෑ පරපුරට කන්න දීලා මගුල ගැනීම

    වේඩින් වලට තමයි කොල්ලෝ හම්බකරපු පිච්චියම යන්නේ. කෙල්ලොන්ට නම් හෙවල් වලින් වියදම් කරනවනේ
    එතකොට ඉතින් ගෙයක් හදන එක වාහනයක් ගන්න එක හීන තමයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    වේඩින් වලට තමයි කොල්ලෝ හම්බකරපු පිච්චියම යන්නේ. කෙල්ලොන්ට නම් හෙවල් වලින් වියදම් කරනවනේ
    එතකොට ඉතින් ගෙයක් හදන එක වාහනයක් ගන්න එක හීන තමයි
    එක එකාගෙ කතන්දර අහගෙන පොඩියට වෙඩින් එක ගන්නත් ගට තියෙන්න ඕනෙ. ගෑනිගෙන් සල්ලි ගන්න පුළුවන් උනා කියල ගන්න ඕනනම් නෑ. උන්ගෙන් අරන් ජීවිත කාලෙම කොන්ද කඩන් ඉන්න වෙන්නෙ. ඒ නිසා පොඩි ලෝන් එකක් දාල පොඩියට සරලව ගත්තම ෂේප්. එක එකා කතන්දර කියයි ඒත් අවුරුද්දකින් ඕව අමතකයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පහල තියෙන එකේ අව්ල මොකක් ද ?

    සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    ඒක යන උංගෙ කැමැත්ත නෙ, අකමැති උං යන්නෙ නෑ
    අනික තනියම ට්‍රිප් යන උං ඕන තරං ලන්කාවෙ ඉන්නව