ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    බස් වල කොන්දෝ බස් එක යන දිහාව කිය කියා කෑගහන එක. පාරේ හිටපු එකෙක්ට ඕනිනම් යනවා මිසක් උ කෑගැහුවට ඒ දිහාවට යන්න හිතෙනවද ?
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    CAB බුක් කරාම cashද cardද කියල ඇහීම
    සී(z)රෝ ඩබල් සෙවන් 077 නෝට් ඩබල් සෙවන් කියල කීම
    අල්ලපු ගෙදර ගෑණි /මිනිහ එක්ක තමන්ගේ සහකරු සසැදීම
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    තමන් තමන්ට කැමති විදියට කන්න ඕන. පිටරට එවුන් කොයි වෙලෙත් මස් කනවා. අපේ වුන් කොයි වෙලෙත් බත් කනවා. අවුලක් නෑ

    අදින ඇදුම් කාලෙට සාපේක්ෂයි. 80 දශකේ ඇදුම් දැන් නැහැ. දැන් තියෙන ඒවත් ඉස්සරහට වෙනස් වෙයි.


    ඉස්කෝල කෙස් එක නම් මිනිස්සුන්ගේ වරදක් කියන්නත් බැහැ. ආණ්ඩුවෙන් ඔවට හොඳ සිස්ටම් එකක් හදලා හැමෝටම සමානව ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕන. අම්මලා බලන්නේ කොයි වෙලෙත් ළමයාට හොඳ දේ දෙන්න. අනිත් එක දැන් ඉගෙන ගෙන නැත්නම් සාවයිව් වෙන්න බැහැ. ඉතින් ටියුෂන් යවන්න වෙනවා. රැල්ල වගේම මිනිස්සුන්ට වෙන විසදුමක් නැහැ.

    ඉංග්‍රීසි එක නම් ගොන්.


    වයසත් එක්ක ළමයි හදන එක හිතන්න වෙනවා. හේතු දෙකක්. කෙල්ලට ඔසප් නවතින්න කලින් ළමයෙක් දෙන්නෙක් හදා ගන්න වෙනවා. දෙවැනි එක වයස් පරතරය. කොල්ලෙක් 30දී ළමයෙක් හැදුවොත් ළමයාට 20 වගේ වෙනකොට තාත්තාට 50ක්. ළමයාගේ තරුණ කාලෙදි තාත්තා වයසයි. ඉතින් ප්‍රශ්න.


    බස් නම් ගොන්. මෝඩිෆයි වෙනයි බස් එකේ පන්සල් කෝවිල් අටෝ ගන්න එක වෙනයි.


    මිනිස්සු ආගම් වලට කොහොමත් නැඹුරුයි. සුද්දෝ පල්ලි යනවා අපේ අය පන්සල් යනවා. පල්ලිය බලේ අල්ලන් හිටපු කාලෙ ඉවරයි. දැන් පන්සල් බලේ අල්ලන කාලේ. එක පොලිටිකස් ගේමක්. දේශපාලකයෝ ඡන්දෙ ගන්න පන්සල් පස්සේ යන එක ඉවර වෙන්න ලඟයි.


    ලවුඩ් ස්පීකර් නම් සාපයක්. තරග විභාග කැම්පස් විභාග ඉන්ටවිව් වගේම නයිට් ශිෆ්ට් කරලා නිදා ගන්න එන එවුන්ට යක්ෂයා අවේශ වෙනවා.

    අනිත් උන්ගේ පුද්ගලික දේවල් ඕන නෑනේ.



    ට්‍රිප් යන එක නම් අවුලක් නැහැ. එක එක සංස්කෘති වල ගෝලීය බලපමත් එක්ක ඕක වෙන්නේ. මිනිස්සු කාලා බිල සිංදුවක් කියලා නටලා ඇවිදින එක නෝමල්. පරිසරයට හානියක් නොකර වටේ ඉන්න අයට සත්තුන්ට වදයක් නැත්නම් මේක අවුලක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,876
    113
    බඳින්නේ නැද්ද කියල අහ අහ වාත වෙන එක.
    ඒක නන් ඉතින් අහනව ඇත්තෙ අහල පහල උන්ට උන්ගෙ දුවල පරිස්සන් කරගන්න ඕනි නිසා වෙන්න ඇති.

    මේ දාල තියෙන ඒව අයින් කරාම සින්හලු සින්හලු වෙන්නෙ නෑ. අච්චුවකින් එලියට ගත්ත වගේ තියෙයි.
    ------ Post added on Sep 14, 2023 at 2:08 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    හොඳට සිංහල පුළුවන් දෙපාර්ශවයක් ඉංග්‍රීසියෙන් මීටින් එකක කතා කිරීම


    හොඳට සිංහල පුළුවන් දෙපාර්ශවයක් අමාරුවෙං ඉංග්‍රීසියෙන් කතා කිරීම :rofl: :rofl: :rofl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පාරේ චූ කරන එක
    පොලිටික්කො හොරා කන එක
    පිරමීඩ වගේ මගෝඩි වලට අහුවෙන එක(අපි හරි කම්මැලි ජාතියක් )
    තුන් වේලට මොනවා හරි කාලා අවුරුද්දේ මාස දොළහම වැඩ කරන එක. ගොඩක් රටවල් මාස 11වැඩ මාසයක් අඩුම නිවාඩු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    pinto kiyane kauda ban
    378785765_611034037892037_335660461891654321_n.jpg