ලංකාවේ පන්සලක් - ශ්‍රී නාගල රජමහා විහාරය
https://web.facebook.com/ssrik/phot...0482448782324/681919648638603/?type=3&theater
තව ෆොටෝ ටිකක් තියනවා .. කැමති අය බලන්න
ඉස්සුවේ මගේ page එකකින්

![]()
![]()
![]()
මොරගොල්ලාගම හා මඩගල්ල අතර නිකවැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නාගල රජ මහා විහාරය අතිශය මනරම් පින් බිමකි. සුවිසල් කඳු ගැටයක් පා මුල අඹතුරු සෙවණක පහස ලබනා මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බව කියැවේ. කලක් නටබුන්ව පැවැති මෙම විහාරය පසුකාලීනව එළි පෙහෙලි කොට අංග සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කොට ඇත. මෙහි ඉපැරණි විහාර ගෘහය දක්නට ලැබෙන්නේ නිකවැව කඳු මධ්‍යයේය. දාගැබ බෝධීන් වහන්සේ හා තවත් විහාර ගෘහයක්ද සෙල් ලිපි රැසක් ද කඳු පාමුල දක්නට ඇත. හැවැන්තැන්නේගම ශ්‍රී සුමනසාර හිමි, හැවැන්තැන්නේ ගම ශ්‍රී ධම්මරතන හිමි, කන්දේගම සුමනසාර හිමි ආදි කර්තෘවරයාණන් වහන්සේලාගෙන් පෝෂිතව සංවර්ධනය වුනු මෙම විහාරය නාමළුව රජ මහා විහාර සංඝ පරම්පරාවෙන් පැවැත එන්නකි.
ඉපැරණි බිතු සිතුවම් , නටබුන් හා සෙල්ලිපි අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උදෙසා වත්මන් විහාරාධිපති දළදාගම ධම්මසිද්ධි හිමියෝ ඉමහත් වෙහෙසක් දරති. අතීත ආගමික පුරාවෘතයක නටබුන් රැසකින් පිරි මෙම විහාරය කෙරෙහි බලධාරින්ගේ අවධානය වඩාත් යොමු විය යුතුව ඇත.
https://web.facebook.com/ssrik/phot...0482448782324/681919648638603/?type=3&theater
තව ෆොටෝ ටිකක් තියනවා .. කැමති අය බලන්න
ඉස්සුවේ මගේ page එකකින්






