ලංකාවේ පන්සලක් - ශ්‍රී නාගල රජමහා විහාරය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලංකාවේ පන්සලක් - ශ්‍රී නාගල රජමහා විහාරය


    b8aE4uC.png


    fF9dIDi.png


    9MBPkiB.jpg


    මොරගොල්ලාගම හා මඩගල්ල අතර නිකවැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නාගල රජ මහා විහාරය අතිශය මනරම් පින් බිමකි. සුවිසල් කඳු ගැටයක් පා මුල අඹතුරු සෙවණක පහස ලබනා මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බව කියැවේ. කලක් නටබුන්ව පැවැති මෙම විහාරය පසුකාලීනව එළි පෙහෙලි කොට අංග සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කොට ඇත. මෙහි ඉපැරණි විහාර ගෘහය දක්නට ලැබෙන්නේ නිකවැව කඳු මධ්‍යයේය. දාගැබ බෝධීන් වහන්සේ හා තවත් විහාර ගෘහයක්ද සෙල් ලිපි රැසක් ද කඳු පාමුල දක්නට ඇත. හැවැන්තැන්නේගම ශ්‍රී සුමනසාර හිමි, හැවැන්තැන්නේ ගම ශ්‍රී ධම්මරතන හිමි, කන්දේගම සුමනසාර හිමි ආදි කර්තෘවරයාණන් වහන්සේලාගෙන් පෝෂිතව සංවර්ධනය වුනු මෙම විහාරය නාමළුව රජ මහා විහාර සංඝ පරම්පරාවෙන් පැවැත එන්නකි.

    ඉපැරණි බිතු සිතුවම් , නටබුන් හා සෙල්ලිපි අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උදෙසා වත්මන් විහාරාධිපති දළදාගම ධම්මසිද්ධි හිමියෝ ඉමහත් වෙහෙසක් දරති. අතීත ආගමික පුරාවෘතයක නටබුන් රැසකින් පිරි මෙම විහාරය කෙරෙහි බලධාරින්ගේ අවධානය වඩාත් යොමු විය යුතුව ඇත.

    15078543_681919648638603_2174926336236046172_n.jpg



    15036563_681919235305311_8653881568954082345_n.jpg


    15073471_681919368638631_8007735584339824811_n.jpg


    15056397_681919385305296_5499481934236167670_n.jpg


    15055669_681919405305294_5853636175525310433_n.jpg


    15078771_681919435305291_4817519045482328560_n.jpg


    15032283_681919481971953_2989465856341404271_n.jpg


    15037178_681919605305274_4927554769098449494_n.jpg


    14639690_681919688638599_986022726982228565_n.jpg

    https://web.facebook.com/ssrik/phot...0482448782324/681919648638603/?type=3&theater

    තව ෆොටෝ ටිකක් තියනවා .. කැමති අය බලන්න

    ඉස්සුවේ මගේ page එකකින් :P:P
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    අඩේ ... මඩගල්ලේ කී පාරක්නම් ගිහින් තියෙද... මේ ගැන දැනගෙන හිටියේ නැ නෙහ් ...