ලංකාවේ බොන එක!!!

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    අපේ ඇත්තටම බොනවා කියන එක වෙනම සංස්කෘතියක්.

    මම ගොඩ වෙච්චි කිසිම රටක නොදැකපු එකක්.

    හැම රටකම වගේ බාර් ලයිසන් එකක් ගන්න එච්චර අමාරු නෑ. සිංගප්පූරුවේ, එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ අරක්කු බියර් නිකම්ම ගන්න තියෙන්නේ කඩේ. වෙන බඩුවක් වගේම.
    සීමා තියෙනවා වයසට. වයස අඩුයි වගේ නම් අයිඩෙන්ටිය ඉල්ලලා බලනවා. සිංගප්පූරුවේ නම් ඒ ඕනම කඩේක අරක්කු විකුණන එක රෑ 10 ට නවත්වනවා.
    ඕනේ නම් ඔය Uber වගේ ඕඩර්කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්.

    අරක්කු කියන්නේ විශේෂ අවසරයක් ගන්න ඕන, අමුතුම කඩ වල, යකඩ වැටවල් ගහගෙන , පොඩි ජනේලෙකින් , තග දාන්න පුළුවන් මිනිස්සු දාලා විකුණන භාණ්ඩයක් නොවෙයි. ඒ රට වල ඒක නිකම්ම පාරිභෝගික භාණ්ඩයක්. කන නොකන, බොන නොබොන එක මිනිස්සුන්ගේ වැඩක්.

    එංගලන්තයේ යන යන ගෙවල් හැම එකකම වගේ වෙනම හදපු බාර් එකක් තියෙනවා. ඕන වෙලාවක විවිධ විස්කි වර්ග, වයින් වර්ග, බියර්, සයිඩර් ඕන එකක් ගෙදර තියෙනවා. අල්ලපු ගෙදර අංකල් ගේ කාමරයක් පුරෝවලා ලෝකයේ විවිධ රටවල හදපු බියර් වර්ග වල හිස් බෝතල් වලින්. Collection එකේ බියර් වර්ග 450ක්. මමත් ගිහින් දුන්නා ලයන් බියර් බෝතල් දෙකක් මෙහෙ කඩේකින් අරගෙන. බාර්, පබ්, ක්ලබ් ඕන තරම්. ඒත් අරක්කු කියන එක කාටවත් ප්‍රශ්නයක් වෙලා දකින්න නෑ.

    සිංගප්පූරුවේත් වයසකම අංකල්ලා කීපදෙනෙක් ඇරුණම සවුත්තු වෙන්නම බීලා ඉන්නවා දැකලා නෑ කවුරුත්. දවසක් මම මුල් කාලේ එහේ පබ් එකක් ළඟින් යනකොට ඒකේ පොඩ්ඩක් බිබි හිටපු කෙනෙක් මගේ ඇඟේ හැප්පුනා. මාත් පොඩ්ඩක් ගැස්සුනා දැන් වලියට එයි කියලා. ඒ මනුස්සයා පස්සේන් ඇවිත් පින්සෙන්ඩු වෙලා සොරි කිව්වා. සෑහෙන්න බයෙන් කාට හරි. මට කාලයක් යන කොට තේරුණේ ඒ බය වුනේ ඒ රටේ ඉන්න එකම චණ්ඩියාට කියලා. ඒ තමයි නීතිය.

    මතට තිත කියලා ලොකුවට අපි කතා කලාට, මතට තිත තියපු එකම රටක් වත් ලෝකයේ නෑ. සෞදි අරාබියෙත් අරක්කු නැතිව ඇති. නමුත් වෙන මත් වර්ග තියෙනවා. නීති දාලා මත නතර කරන්න බෑ කියලා සෞදියෙම ගිහින් කසිප්පු පෙරාගෙන බිව්ව අපේ රටේම කොල්ලො සාක්කි කියයි. ඒ නිසා මේ මතට තිත කියන දේ බොරුවක් පමණයි. ඒහෙම කියපු අයම ලංකාවේ ලොකුම අරක්කු මුදලාලිලා කුඩු මුදලාලිලා තමන් ළඟින් තියාගෙන ආරක්ෂා කරන්නේ.

    ලංකාවේ බාර් පර්මිට් එකක් දැන් විකිණෙන්නේ කෝටි 8,9 කට වගේ. අවුරුදු 5කට බාර් පර්මිට් 350 ක් විතර ලංකාවේ නිකුත් කරනවා. මංත්‍රී වරු 225 යි නේ. අපි කවුරුත් දන්නවා දේශපාලන බලය මගීන් තමයි ඔය පර්මිට් එක ගන්න පුළුවන්. බලන්නකො ටවුම් වල් මිනිස්සුන්ගෙන් අහලා, බාර් වල අයිතිකාරයෝ ඒ පළාතේ මංත්‍රීලා. සමහරු මාසෙකට ලක්ෂ 10 කට විතර කුළියටත් දෙනවලු ඔය පර්මිට් එක. එහෙම කිරීම තුලින් අරක්කු වෙළඳ පොළ පිරිසකට පමණක් සීමා කරලා. ඒ නිසාම ඒ වෙළඳපොළ නිදහස් වෙළඳපොළ තරඟයට නෑ. ඒකමයි ඔය අගුපිල් වගේ බාර් තියෙන්නේ. තරඟයක් නෑ.

    පර්මිට් දාලා, නීතී දාලා , බැනලා ඔක්කොම කරලා දැන් අපේ රටේ අරක්කු බීම අඩුයි ද? කවුරු හරි අඩු කරල ද?
    නෑනේ. අපි තාම ඒක පුද්ගල අරක්කු පරිභෝජනය අතින් ඉහළ රටක්. අපේ එවුන් හොඳට බොනවා කියලා අපි දන්නවා. බෝතලයක් ගෙනත්, මේසයක් මැද තියා ගෙන , වටේ ඉඳගෙන, අඩිය පේනකං බොනවා. බඩු මදි කියලා හොයන්නත් යනවා. මොන පාටියක් දැම්මත්, මරණයක්, දානයක්, වෙඩිමක්, ට්‍රිප් එකක්, වන්දනාවක්, පිංකමක් ඕන එකක්. අපේ එවුන් බොනවා.

    දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෙත් අරක්කු මුදලාලිලානේ. ඩීඑස් ගේ ඉඳලා නිදහස ලැබෙන කොටම පාර්ලිමේන්තුවේ එන්නෙත් අරක්කු වලින් පෝසතුන් වෙච්චි අය. දැනටත් ඒක සත්‍යයක්. රටේ ඉන්න ලොකුම අරක්කු මුදලාලිලා පාර්ලිමේන්තුවේ. ඡන්ද කාලෙට බොන්නම දීලමයි ඡන්දය ගන්නෙත්.
    ඒ නිසා අපියි අරක්කුයි අතර තියෙන්නේ ලොකු නෑ කමක්. ඒ නිසා මේ පොටෝ එකට බැනලා වැඩක් නෑ.

    අපිට බීම සම්බන්ධයෙන් තියෙන්නේ වෙනම සංස්කෘතියක්. අපි ඒ සංස්කෘතිය හරියට විද්‍යාත්මකව අධ්‍යනය කරලා නෑ. ඒ නිසා අපි ගන්න තීන්දු තීරණ වැරදියි.
    අනික බොන එක පුද්ගලික තේරීමක්. ඒකට මැදිහත් වෙන්න රජයකට හැකියාව තියෙන්නේ සමාජයට එය හානි කරනවා නම් පමණයි. නමුත් පර්මිට් දීලා , ඒ බිස්නස් එක දේශපාලකයන්ටම තියා ගෙන ඉන්න එක, අරක්කු වලට තඩි බදු ගහන එක හැරුණම, අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කැමති මිනිස්සු හොඳට බොනවා නම්.
    ඒක උන්ගේ ආදායම සහ ඡන්දය !
    😌


    චියර්ස් !
    පැතුම් කර්නර්

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අපේ උන් කිසි දෙයක් එන්ජෝයි කරන්න දන්නෑ. උන් කරටි කැඩෙන්න ගැහුවත් ගහන්නෙ ඒක එන්ජෝයි කර කර රස බල බල. අපි උට්ටිගෙ පුටාලා කටේ තියන් අමුවෙන් ගහලා ඇඟේම හලාගන්නවා. හරිම කුජීතයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ලංකාවේ උන් බොනවා වැඩි කිව්වට අපිට වඩා බොන රටවල් ඕන තරම් තීනවා


    ආණ්ඩුව සුරාබදු කියල ලොකු බද්දක් ඕවගෙන් ගන්න නිසා ටිකක් උස්සල තියෙන්නේ. හැබැයි බොන එකා බෙබා
    අනිත් එක ලංකාවේ තියෙන්නේ තාම සුද්දගෙ කාලේ නීතියඕවට
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරෙන ජාතියක් නේ

    මාත් මුල් කාලේ සුරාබදු එකට පැනගන්න පොඩි try එකක් දුන්නා ඒකෙ එවුන් තමා හොදටම කරන්නෙ

    අපේ උන් කිසි දෙයක් එන්ජෝයි කරන්න දන්නෑ. උන් කරටි කැඩෙන්න ගැහුවත් ගහන්නෙ ඒක එන්ජෝයි කර කර රස බල බල. අපි උට්ටිගෙ පුටාලා කටේ තියන් අමුවෙන් ගහලා ඇඟේම හලාගන්නවා. හරිම කුජීතයි.

    ඒ මචන් හොද බඩු ගනන්. jD එහෙම 12k විතර ඉතින් කොහෙද හොද බඩු බොන්නෙ
    ගල තමා එකම පිහිට
    ------ Post added on Sep 17, 2021 at 10:40 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඒ මචන් හොද බඩු ගනන්. jD එහෙම 12k විතර ඉතින් කොහෙද හොද බඩු බොන්නෙ
    ගල තමා එකම පිහිට
    ඒක ඇත්ත :yes::yes:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,670
    113
    Suddo Awurudu ganan research karala taste eka ganna saha preserve karanna eka eka tricks daala hadala meheta ewana liquor ekata coca cola,sprite,tonic daala denna puluwan serama punishments deela thamai mehe ekaala liquor bonne.
    Sudda dannawa nam meheta ewanneth naha owa.aparade neh uge mahansiya.
     
    • Like
    Reactions: ITGuy25

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Suddo Awurudu ganan research karala taste eka ganna saha preserve karanna eka eka tricks daala hadala meheta ewana liquor ekata coca cola,sprite,tonic daala denna puluwan serama punishments deela thamai mehe ekaala liquor bonne.
    Sudda dannawa nam meheta ewanneth naha owa.aparade neh uge mahansiya.
    Etakota suddo shandy karannema nedda?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලු සුද්දො රටම කාල තමා ගියේ..ඵහෙන් කලවම් හැත්තක් බෝ කරා මෙහෙන් මුලින් අරක්කු නිකන් දීල බේබද්දො බිහි කරා..උන් දන්නව අපේ පරයොන්ට කිසිම ලිමිට් ඵකක් නෑ කියලා.අද අපේ පරයොන්ට අැඟේ අමාරුව යවා ගන්නත් අරක්කු කසිප්පු ඕන.අැටකිචි කොල්ලොන්ට බියර්,ගංජ ඕන..පාහර බලු සුද්දො..ඕකුන්ට සාප වෙනව මේ රටට කරපු අපරාදෙට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අපේ උන් කිසි දෙයක් එන්ජෝයි කරන්න දන්නෑ. උන් කරටි කැඩෙන්න ගැහුවත් ගහන්නෙ ඒක එන්ජෝයි කර කර රස බල බල. අපි උට්ටිගෙ පුටාලා කටේ තියන් අමුවෙන් ගහලා ඇඟේම හලාගන්නවා. හරිම කුජීතයි.
    මේකනන් ඇත්ත
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩියි. ඒකයි හම්බෙන සොච්චමත් වියදම් කරලා පැයකට හරි බීල ප්‍රශ්ණ අමතක කරන්න දඟලන්නෙ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    me kathavata ekagai. amuwen gahanavada, karati kadenna gahanavada mokuth anith unta adala nahane. boruvata adarsa pata danne nathuva bona ekata gedaratama genna gena bonna denavanam me godak prasna adu venava.